Showing posts with label TECHNOLOGY NEWS. Show all posts
Showing posts with label TECHNOLOGY NEWS. Show all posts
Sunday, 23 October 2016
Tuesday, 9 February 2016
1084.දුරකථනයේ අන්තර්ජාල පහසුකම නොමැති විට Google Maps භාවිතා කරන්නේ මෙහෙමයි.
00:47
FREE, FUN, LESSON, OTHER, TECHNOLOGY, TECHNOLOGY NEWS
දුරකථනයේ අන්තර්ජාල පහසුකම නොමැති විට Google Maps භාවිතා කරන්නේ මෙහෙමයි.
Google සමාගම මේවන විට ඔවුන්ගේ Maps app එකට අලුත්ම අංගයක් එකතු කරල තියනවා. දැන් සිතියමේ තමාට අවශ්‍යය කොටස් offline ලෙස භාවිතා කිරීමට download කරගන්න පුළුවන්. ඔබේ දුරකථනයේ mobile data හෝ wi-fi නැති අවස්ථාවලදී වුවත් දැන් මේ app එක භාවිතා කිරීමට හැකි වෙනවා. මේ අංගය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් නම් නොවෙයි. මීට පෙරත් අන්තර්ජාලය නොමැති විට ටික වේලාවක් සිතියමේ පෙර භාවිත කල ප්‍රදේශයන් දර්ශනය වුනා. නමුත් දැන් turn-by-turn driving directions සහ සිතියමෙහි ඇති ව්‍යාපාරික ස්ථාන පිලිබඳ තොරතුරුත් අන්තර්ජාලය නොමැතිව ලබා ගත හැකියි.
මේ අංගය භාවිතා කරන්නේ මෙහෙමයි,
මුලින්ම ඔබේ දුරකථනයෙහි Google Maps නොමැතිනම් එය install කරන්න. ඊට පස්සේ ස්ථානයක් search කරන්න. ඔබ සෙවූ ස්ථානයෙහි තොරතුරුත් සමගින් Download බටනයකුත් දක්නට ලැබේවි.මීළඟට කුමන ප්‍රදේශයද download කරගන්නට අවශ්‍යයද යන්න ඔබෙන් විමසනවා. ඔබට download කරගන්නට හැකි තනි සිතියම් කොටසක උපරිම ධාරිතාවය මෙගා බයිට් 2500 ක් වනවා. නමුත් එකම ස්ථානයෙහි සිතියම් කොටස් කිහිපයක් වුවද download කරගන්නට පුළුවන්.
download කිරීමට යොමු කල සිතියම කොටසට නමක් දෙන්න. පසුව සිතියම් කොටස download කිරීම ආරම්භ වේවි.
මෙලෙස ඔබ download කරගන්නා සිතියම් කොටස් “Your Places” විකල්පය ඔස්සේ ලබා ගන්නට පුළුවන්.
යම් කිසි අවස්ථාවක අන්තර්ජාල සම්බන්ධතාවය නොමැති වූ විට මේ app එක ස්වයංක්‍රියව offline mode එකට පිවිසෙනවා.
______________
Labels:
FREE,
FUN,
LESSON,
OTHER,
TECHNOLOGY,
TECHNOLOGY NEWS
Thursday, 24 September 2015
1053.cyber attacks කරන්නේමෙන්න මෙහෙමයි ....
08:16
BAD, FUN, Hackin, OTHER, TECHNOLOGY NEWS
cyber attacks කරන්නේමෙන්න මෙහෙමයි ....
Hackinternet අවකාශය නිරන්තරයෙන් අවදියෙන් තිබෙන්නෙකි. ඒ නෙක ආකාරයේ ධනාත්මක තොරතුරු ඔබමොබ ගලා යාම සදහාම පමනක් නොව රිනාත්මක ආකාරයේ සයිබර් ප්‍රහාරයන් ද නිරන්තරයෙන් ඔබ මොබ ගලායාමද ඇතුලුවය. “digital cold war” ලෙසට හදාරන්නන් මෙම තත්වය නම්කරන්නට පෙලබෙන්නේ පුද්ගල මට්ටමේ සිට ආයතනිකව පමනක් නොව විටක රාජ්‍ය මට්ටම දක්වා මෙම ඔබ නොබ වන තොරතුරු පරහවන්ද නිරන්තරයෙන් සිදුවන බැවිනි. විටක ඒවා තොරතුරු සොරාගන්නට වන විට විටක ඒවා වෙබ් සේවාවක් අඩපනකරන්නට වනු දැකිය හැක. ගැටලුව වඩාත් සමීපව හදාරන්නන් පෙන්වා දෙන්නේ US, China, මෙන්ම European රටවල් වෙතට මෙම පහරදීම් ඉලක්ක වනු බහුලවතමම දැකිය හැකි බවකි ipviking අඩවිය වෙතට පිවිසෙන්නෙකුටද සජීවීව මෙම සයිබර් ප්‍රහාරයන් ගලා යන යුරු දැකගන්නට දැන් අවස්ථාව තිබේ. එම අඩවිය ඔස්සේ වඩාත් සංක්‍රිය IPs මිලියන පහක් ඔස්සේ ගලා යන 150 terabytes දත්ත ප්‍රමනයක් සමග මෙම නිරූපනය සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
මෙතනින් ගිහින් බලන්න
________________________
-
-
Labels:
BAD,
FUN,
Hackin,
OTHER,
TECHNOLOGY NEWS
Saturday, 1 August 2015
1019.අනාගත අයිතිය
07:40
TECHNOLOGY, TECHNOLOGY NEWS, අනම් මනං, ලොව වටා, වැදගත්
අනාගත අයිතිය
දිනෙන් දින අලුත්වන ලොකයේ අලුත් අලුත් දේවල් නවලෝකයට සැම මොහොතකම එකතු වන වර්තමාන අපට සිතාගත නොහැකි ලෙස වෙනස් වේ.ඒ අතරින් තොරාගන්නා නව තාක්‍ෂනික මෙවලම් 17ක් ගැනයි අද ලිපිය.මෙම නව නිපැයුම් අප අනිවාර්‍යයෙන්ම අනාගතයේදී ප්‍රයෝජනයට ගනිවී.
මෙතනින් ගිහින් බලන්
විවෘත වන පිටුවේ තප්පර පහකට පසු දකුනුපස ඉහල අති skip button එක click කරන්න.
Labels:
TECHNOLOGY,
TECHNOLOGY NEWS,
අනම් මනං,
ලොව වටා,
වැදගත්
Monday, 27 July 2015
1015.Stable වීඩියෝකරණයට පුංචි ගැජට් එකක්
08:58
TECHNOLOGY NEWS, අනම් මනං
Stable වීඩියෝකරණයට පුංචි ගැජට් එකක්
අද අපි ඔයාල හඳුන්වා දෙන්න යන්නේ smooth විදියට වීඩියෝ කරන්න පුළුවන් ගැජට් එකක්. PocketSHOT නමින් හඳුන්වන මෙම උපකරණය, handheld විදියට වීඩියෝකරණයේ යෙදෙන කෙනෙකුට භාවිත කරන්න පුළුවන් සුපිරි නිෂ්පාදනයක්. කැමරාව අතින් අල්ලාගෙන රූපගත කිරීමේදී සිදුවන සෙලවීම්, ගැස්සීම් අවම කිරීම සඳහා මේ උපරණය භාවිත කල හැකි අතර ඒ සඳහා වැඩි මහන්සියක් දැරීමට සිදුවන්නේත් නැහැ.
ඒ වගේම වෘත්තීමය වශයෙන් භාවිත කරන උපකරණ ඉතාමත් මිලෙන් අධික වුවත් මේ උපකරණය යොදාගනිමින් ඊට ආසන්න තත්වයේ සුපිරි නිර්මාණ, අඩු මුදලකින් වැඩි කාර්්‍යක්ෂමතාවයකින් යුතුව සිදුකරගත හැක.
වඅඩි විස්තර සඳහා පිවිසෙන්න: PowerSHOT
- -
Labels:
TECHNOLOGY NEWS,
අනම් මනං
Monday, 18 May 2015
974.නිතරම පැනලා යන ඉන්ටර්නෙට් ලිමිට් එකට විසදුමක්
08:23
INTERNET HELP, SOFTWARE, TECHNOLOGY NEWS
නිතරම පැනලා යන ඉන්ටර්නෙට් ලිමිට් එකට විසදුමක්
ලිමිටඩ් කනෙක්ෂන් භාවිතයෙන් ඉන්ටර්නෙට් යන අපේ සහොදරයන්ට වැදගත් පොඩි ටූල් එකක්.මේකේ නම Networx.
මේක Freeware එකක්.ඒක නිසා ඇක්ටිව් කරන්න ක්‍රැක් කරන්න ඕනනෑ...
ඉන්ටර්නෙට් ස්පීඩ් එක මැන ගන්න පුළුවන්
මෙතෙක් භාවිතා වුනු දත්ත ප්‍රමාණය මැන ගන්න පුළුවනු
මේ වාරයේ
අද දවසේ
මාසයේ වශයෙන්
ක්වොටා එකක් ගන්න පුළුවන්
IP Trace කරන්නත් පුළුවන්
ඔන්න ඉතින් මේ මෙසේරම කරන එක මෙතනින් ගන්න පුළුවන්..
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.
-
-
දාගෙනම යන්න.
Labels:
INTERNET HELP,
SOFTWARE,
TECHNOLOGY NEWS
Saturday, 16 May 2015
972.මෙම Flash drive එකතැනක අලවා දත්ත හුවමාරු කළ හැකි සියුම් උපාංගයකි
18:48
FUN, Hardware, NEWS, OTHER, TECHNOLOGY, TECHNOLOGY NEWS
මෙම Flash drive එකතැනක අලවා දත්ත හුවමාරු කළ හැකි සියුම් උපාංගයකි
පරිගණක උපාංග අතර තොරතුරු හුවමාරු කර ගනු පිණීස flash drive යොදා ගන්නා විට මතු වෙන අපහසුතා කිපයක්ම තිබේ. Flash drive එක නියමිත slot එකට සම්බන්ද කළ යුතු විම, එය භෞතික වශයෙන් තරමක් ලොකු උපාංගයක් වීම (data stick වලට සාපේක්ෂව) හා දැනට සොයාගෙන ඇති badUSB නමැති දෝෂය යනාදීයයි. මේ අපහසුතා මග හරවගෙන පරිගණක අතර දත්ත හුවමාරු කළ හැකි නව උපාංගයක් ඉන්දියාවේ Aditi Singh සමග Parag Anand යන දෙදෙනා නිපදවා තිබේ. එය ඩේටාස්ටිකීස් (dataSTICKIES)ලෙස හැදින්වෙයි.
dataSTICKIES හරියට විවිධ සටහන් ලියා මතක් වෙන්නට පෙනෙන තැනක අලවා තබන කඩදාසි තීරු (sticky notes) මෙන් සැහැල්ලු ඒවාය. එහෙත් ඒ හැම තිරුවක්ම ඉලෙක්ට්‍රෝනික් උපාංගයකි. එය තනා තිබෙන්නේ අවාරණ (protective layer) දෙකකට මැදි කළ ග්රැෆින් තට්ටුවක් (graphene layer) යොදා ගෙනය.
ග්රැෆින් යනු වානේ මෙන් සිය ගුණයක් ශක්තිමත් පරමාණුවක මට්‌ටම දක්වා තුනී කළ හැකි, කෘතිම රසායන ද්‍රව්‍යයකි. සියුම් ග්රුෆින් තට්ටුවක දත්ත විශාල ප්‍රමාණයක් රදවා තබන්නට පුළුවන. මෙම ඩේටාස්කිට්ස් පටියක කෙළවර සන්නායක තට්ටුව (conductive layer) තිබේ.
මෙම තීරුවක 32GB දක්වා තොරතුරු රැදවිය හැක. තොරතුරු රැදවූ මෙවැනි තීරුවක් එහි ඇති මැලියම් මගින් යම් තැනක ඇලවූ විට, flash drive එකක් usb port එකට සම්බන්ධ කළ විටදී මෙන් දත්ත හුවමාරු කළ හැක. ඒ අතරම මෙවැනි dataSTICKIES කිහිපයක් එකිනෙකට ඇලවීම මගින් එහි ධාරිතාවයද වැඩි කර ගත හැකිය.
මෙම dataSTICKIES එකකින් දත්ත හුවමාරු කළ හැකි විශේෂ ස්තරයක්ද (ODTS – Optical data tansfer surface) තනා තිබේ. එය පාරදෘශ්‍යය. ස්ටිකරයක් මෙන් පරිගණක මොනිටරයේ, මොනිටරය වටා ඇති පෙදෙසේ, smartphoneයේ යනාදී ඕනෑ තැනක එය අලවා විදුලි සම්බන්ධය ලබා දිය හැක. දැන් මේ ODTS එක මත අලවන data stick එකෙහි ඇති දත්ත පරිගණකය හෝ වෙනත් දත්ත භාවිතා කෙරෙන උපකරණයක් වෙත ලබා ගන්නට පුළුවනි.
තුනී ප්ලාස්ටික් තීරුවක් සේ පෙනෙන data sticky, විවිධ පැහැයෙන් නිමැවීය හැක. එසේ ම එහි මතුපිට ඕනෑ දෙයක් ලියා තබන්නට පුළුවන. එනිසා ප්‍රමුඛතාව අනුව note තබාන්නක් මෙන් sticky note වල ඇති තොරතුරු හදුනාගන්නට නම් දිය හැක. එසේම මෙම note ගණනාවක් අට්ටියක් සේ ලග තබා ගන්නට පුළුවනි. හරියට flash drive 100ක් 200ක් ලග තබා ගත්විට මෙන් ඉන් ප්‍රයෝජන ගන්නට පුළුවන. මෙම data stickies තාක්ෂණය සම්පුර්ණයෙන්ම අත්හදා බලා හමාරය. එහි ප්‍රයෝගික දෝෂ නැත. වානිජ වශයෙන් නිෂ්පාදනය කරන විට flash drive වලට වඩා ඉතා අඩු මිලට ලබාදිය හැක.
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.
දාගෙනම යන්න.
Labels:
FUN,
Hardware,
NEWS,
OTHER,
TECHNOLOGY,
TECHNOLOGY NEWS
Friday, 15 May 2015
971.Windows 8 වල Dot Net Framework 3.5 Internet නැතුව Install කරමු....
08:18
COMPUTER TRICKS, error, FREE, Hardware, INTERNET SPEED, TECHNOLOGY NEWS
Windows 8 වල Dot Net Framework 3.5 Internet නැතුව Install කරමු....
පලවෙනි ක්‍රමය...
Net Framework 3.5 කියන එක Windows 8 වලට ආවේණික දෙයක්...මේක නැතුව ඕගොල්ලන්ට සමහර software install කරන්නත් බෑ..සමහර softwares වල crack දාන්නත් බෑ Net Framework 3.5 කියන එක ඉල්ලනවා....
ඉතින් එකට විසදුම් 2ක් තියෙනවා ඉස්සෙල්ලම කියල දෙන්නන් Net Framework 3.5 Internet නැතුව Install කරන විදිය...
මේකට අපිට ඕනේ වෙනවා Windows 8 DVD එකක්..
පියවර..
1.ඉස්සෙල්ලම Windows 8 DVD drive එකට දාගෙන ඉන්න..
2.ඊට පස්සේ ඔයාගේ mouse point එක desktop එකේ අයිනට අරන් ගියාම එන එකේ search එකේ C අකුර ගැහුවම CMD එක පෙන්නනවා එක run as administrator දීලා ඕපන් කරගන්න...පල්ලෙහා පින්තූරේ තියෙන්නේ...
3.දැන් ඔය පල්ලෙහා තියෙන command එකේ ඔයාගේ DVD ROM එකේ drive letter එක දීලා ඒක command prompt එකට දාලා enter කරන්න....මගේ නං drive letter එක h ඔයාලගෙත් ඒක නං මේක copy කරලා paste කරන්න....
DISM /Online /Enable-Feature /FeatureName:NetFx3 /All /LimitAccess /Source:h:\sources\sxs
enter කරලා ටික වෙලාවකින් The Operation complete successfully kiyala වැටෙයි එතකොට හරි
දෙවන ක්‍රමය...
මේක තමයි දෙවෙනි ක්‍රමය...මේකත් ලේසි ක්‍රමය
පියවර.....
1.control panel එකට ගිහින් programs and features යන්න ගිහින් Turn Windows Features on or off එකට යන්න එකට ගිහින් පල්ලෙහා පින්තූරේ වගේ .NET Framework 3.5 (includes .NET 2.0 and 3.0) කියන එක උඩ mark කරන්න..
දැන් ok දෙන්න එතකොට නිකන්ම download වෙනවා....
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.
දාගෙනම යන්න.
Labels:
COMPUTER TRICKS,
error,
FREE,
Hardware,
INTERNET SPEED,
TECHNOLOGY NEWS
Wednesday, 15 April 2015
948.අන්ධ බව නැති කිරීමට නව උපකරණයක්
20:07
TECHNOLOGY, TECHNOLOGY NEWS
අන්ධ බව නැති කිරීමට නව උපකරණයක්
තාක්ෂණය ලෝකයේ නව පෙරලියක් ඇති කරමින් ඉදිරියටම ඇදෙන මේ යුගයේ තවත් එක විශිෂ්ට නිර්මාණයක් ලෙස මෙය හඳුන්වා දිය හැක. මෙමගින් මිනිසුන් ලෝකය දුටු ආකාරයේ විශාල වෙනසක් ඇති කිරීමට සමත්වනවා පමණක් නොව ඇතැමුන්ට නැති වූ පෙනීම නැවත ලබාදීමටද සමත්වන බව දැනගන්නට ලැබෙනවා. ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන්ව ඇති පරිදි “eSight තාක්ෂණය ඇසුරෙන් උපැස් යුවලක් කැමරාවකට සම්බන්ධ කර , තිර තාක්ෂණය සහ නවතම පරිගණක තාක්ෂණය ඇසුරෙන් එසැනින් සජීවී දර්ශන ලබා දීමට කටයුතු කරනවා”. එමගින් දෘෂ්‍යාබාධිත පුද්ගලයන් හට අහිමි වූ පෙනීම නැවත ලබා දීමට හැකි වනවා. තමන් දකින සජීව රුප තමන් කැමති පරිදි හැසිර වීමට ඇති හැකියාව මෙහි ඇති තවත් එක් සුවිශේෂිතාවයකි. තමන් දකින රුප රාමු අවශ්‍ය පරිදි තීව්‍ර කර ගැනීම, විශාල කර ගැනීම, සහ තවත් වෙනස් කම් මගින් තමන්ට ග්‍රහණය වන රූප පැහැදිලිව දැක බලා ගැනීමට පුළුවන්. “eSight මගින් පැහැදිලි පෙනීමක් ලබා දෙනවා පමණක් නොව මිනිසුන්ට තමන්ගේ පෙනීම කැමති ලෙස හැසිරවීමට ඇති ඉඩ ප්‍රස්තාව ද වැඩි කරයි” යනුවෙන් සඳහන්ව තිබිණ.
eSight තාක්ෂණයට සමකල හැකි වෙනත් පිලියමක් වර්තමාන ලෝකයේ දී අපට හමුවන්නේ නැත. එබැවින් ඔබත් අන්ධ බවින් පෙළෙන්නේ නම් හෝ යම්කිසි ප්‍රබල දෘෂ්‍යාබාධයකින් පෙළෙන්නේ නම් මේ පිලිබඳ අවදානය යොමු කිරීම වැදගත් වේවි. මේ තාක්ෂනය දැනට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට නම් වාර්තා වන්නේ නැති වුනත් ලෝකයේ මේවගේ දේවලුත් තියනවා කියල දැනගෙන ඉන්න එක වටිනවා.
මොහොතකට මේ වීඩියෝව නරඹන්න. මේ නව උපකරණයෙන් සාර්ථක ප්‍රතිපල අත් කර ගත් කිහිපදෙනෙකු ගැන ඔබටම බලාගන්න පුළුවන්.
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.
දාගෙනම යන්න.
- -
Labels:
TECHNOLOGY,
TECHNOLOGY NEWS
Friday, 20 March 2015
922.ලොව වේගවත්ම යතුරු පැදිය
23:48
TECHNOLOGY NEWS
ලොව වේගවත්ම යතුරු පැදිය
මේ බයික් එකට දාලා තියෙන නම තමයි Dodge Tomahawk දැනට ලොව වේගවත්ම බයික් එක වුනාට මේකට තාමත් මහා මාර්ග වල ධාවනයට බලපත්‍ර නොමැති පරීක්ෂණ මට්ටමේ පවතින බයික් එකක්. පැයට කිලෝමීටර 680ක වේගයකින් පදින්න පුළුවන් මේ බයික් එකට අශ්වබල 500ක ජවයකින් යුතුය. ලීටර 8.3ක V-10 එන්ජින් එකක් තියනවා.ඉදිරිපස හා පසුපස රෝද 2ක බැගින් අඩංගු වන අතර ඒවා එකිනෙකට ස්වාධීනව ක්‍රියාකරයි.ගියර් 2ක් පමණක් ඇති මෙහි ඉදිරිපස බ්‍රේක් පිස්ටන් ඩිස්ක් 16ක්ද පසුපස බ්‍රේක් පිස්ටන් ඩිස්ක් 8 ඇත.මෙහි ගබඩා කල හැකි තෙල් ප්‍රමාණය ගැලුම් 3.35කි.
මේ බයික් එකක් ඇමෙරිකානු ඩොලර් 555,000 වටිනා අතර එය ශ්‍රීලංකාවේ රුපියල් වලින් ලක්ෂ 800ක් පමණවේ. ආසයි නේ ? හැබැයි අවාසනාවකට මේ බයික් එක කාටවත් පැයට කිලෝමීටර 200ට වඩා වැඩි වේගෙන් ධාවනය කරන්න බැරිවෙලා තියනවා.ඒකට හේතුව වේගය වැඩිවෙනකොට පදින කෙනා සීට් එකෙන් විසිවෙලා යන්න පුලුවන් සම්භාවිතාවය වැඩීලූ. කොහොම නමුත් Dodge සමාගම මේ වෙනකොට බයික් 9ක් විකුණා අවසන්ලූ.
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.
දාගෙනම යන්න.
Monday, 2 March 2015
898.කවුරුත් බලාපොරොත්තුවෙන් සිටි Samsung Galaxy s6 එළි දක්වයි
00:59
PHONE TRICKS, TECHNOLOGY NEWS
කවුරුත් බලාපොරොත්තුවෙන් සිටි Samsung Galaxy s6 එළි දක්වයි
සෑම වසරකම Samsung සමාගම විසින් Samsung Galaxy S ඛාණ්ඩයේ, ස්මාට් ජංගම දුරකථනයක් වෙලඳ පොළට නිකුත් කරනු ලබනවා. 2014 වසරේ දී එය Samsung Galaxy S5 ලෙසින් නිකුත් කරනු ලැබුවා. 2015 වසරේදී එය Samsung Galaxy S6 ලෙසින් අද දිනයේ බාර්සිලෝනා හිදී පවත්වනු ලබන ජංගම දුරකථන ලෝක සමුලුවේ වෙළඳ ප්‍රදර්ශණයේදී (Mobile World Congress) එළිදක්වනු ලබුවා. Samsung Galaxy S6 සමගින් Samsung Galaxy S6 edge දුරකථනයද එලි දක්වා තිබේ. එම දුරකතනයේ Note Edge දුරකතනයට සමාන ආකාරයෙන් දුරකතනයේ නැවුණු Display එකක් දැකගත හැකිවේ. S6 දුරකථනයේ විශේෂත්වය වන්නේ පෙර දුරකතනයේ තිබූ ලාභදායි පෙනුමට වඩා ඉහල නිමාවක් ලබාදීමයි. ඉදිරිපස මෙන්ම පිටුපසටද Gorilla corning Glass යොදා ඇති අතර දුරකථනය වටේ Metal Frame එකක් යොදා තිබේ. මෙමගින් ඇපල් අයි ෆෝන් වලට තරඟයක් දිය හැකි ආකාරයේ නිමාවක් Samsung s6 දුරකථනයට එක්වී තිබේ.
සෑම වසරකම Samsung සමාගම විසින් Samsung Galaxy S ඛාණ්ඩයේ, ස්මාට් ජංගම දුරකථනයක් වෙලඳ පොළට නිකුත් කරනු ලබනවා. 2014 වසරේ දී එය Samsung Galaxy S5 ලෙසින් නිකුත් කරනු ලැබුවා. 2015 වසරේදී එය Samsung Galaxy S6 ලෙසින් අද දිනයේ බාර්සිලෝනා හිදී පවත්වනු ලබන ජංගම දුරකථන ලෝක සමුලුවේ වෙළඳ ප්‍රදර්ශණයේදී (Mobile World Congress) එළිදක්වනු ලබුවා. Samsung Galaxy S6 සමගින් Samsung Galaxy S6 edge දුරකථනයද එලි දක්වා තිබේ. එම දුරකතනයේ Note Edge දුරකතනයට සමාන ආකාරයෙන් දුරකතනයේ නැවුණු Display එකක් දැකගත හැකිවේ. S6 දුරකථනයේ විශේෂත්වය වන්නේ පෙර දුරකතනයේ තිබූ ලාභදායි පෙනුමට වඩා ඉහල නිමාවක් ලබාදීමයි. ඉදිරිපස මෙන්ම පිටුපසටද Gorilla corning Glass යොදා ඇති අතර දුරකථනය වටේ Metal Frame එකක් යොදා තිබේ. මෙමගින් ඇපල් අයි ෆෝන් වලට තරඟයක් දිය හැකි ආකාරයේ නිමාවක් Samsung s6 දුරකථනයට එක්වී තිබේ.
මෙම ජංගම දුරකතනයේ විශේෂතා පහත වේ
- 20MP ඉදිරිපස හා 5MP පිටුපස කැමරාව. (UHD Video Record)
- S6 new fingerprint sensor
- 1600 x 2560 4k Display & 554ppi density
- Android Lollipop OS
- 32, 64 හා 128GB ලෙස මාදිලි 3 කින් නිකුත් වීමට නියමිතයි.
- 3GB RAM
- Card Slot Upto 128GB
- 4G LTE
- Nano Sim
- 5.2 inch Display
- Water resistant up to 1 meter and 30 minutes
එකතුකර ඇති අලුත් අංග
- Micro Sim වෙනුවට Nano Sim
- 2GB RAM වෙනුවට 3GB RAM
- Display Resolution එක වැඩිකිරීම සහ ppi වැඩිකිරීම. (432 සිට 554 දක්වා)
- Corning Gorilla Glass 3 සිට 4 දක්වා. (මෙමගින් Display එකෙහි සිරීම් ඇතිවීම තවදුරටත් අඩුවේ)
- 16MP Camera සිට 20MP Front camera හා 2MP සිට 5MP දක්වා පිටුපස කැමරාව.
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.
Labels:
PHONE TRICKS,
TECHNOLOGY NEWS
Monday, 16 February 2015
878.Google සමාගමේ නවතම රොබෝ බල්ලා
23:41
TECHNOLOGY NEWS, VIDEO
Google සමාගමේ නවතම රොබෝ බල්ලා
Google හිමිකම් කියන Boston Dynamics රොබෝ නිෂ්පාදන සමාගම විසින් ඔවුන්ගේ නවතම නිර්මාණයේ වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. පසුගිය වසරේ සමාගම විසින් නිර්මාණය කල “WildCat” නම් වන කකුල් හතරේ රෝබෝවගේ කුඩා ප්‍රමාණයේ වර්ෂන් එක ලෙස මෙම නව රොබෝව හැදින්විය හැකි අතර එය නම් කර තිබෙන්නේ “Spot” ලෙසයි.
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.
දාගෙනම යන්න.
- -
Subscribe to:
Posts (Atom)