Ads 468x60px

home

Showing posts with label laptop. Show all posts
Showing posts with label laptop. Show all posts

Thursday, 11 June 2015

986. Shift , Ctrl keys වැඩ කරන්නේ නැතුව ගියොත්?


Shift , Ctrl keys වැඩ කරන්නේ නැතුව ගියොත්?







අපේ පරිගනකය නිතර​ භාවිතා කරන විට එහි නිතර ප්‍රයෝජනවත්වන key එකක් වැඩ නොකරන විට එය මාරු කිරීමට විශාල මුදලක් වැය වෙනවා. පරිගනකයක භාවිතා කරන keys වලින් අඩුවෙන්ම භාවිතා කරන key එකක් විදියට Caps Lock key එක හදුන්වන්න පුලුවන්.
ඒ නිසා caps lock key එක වෙනුවට Shift , Ctrl වැනි key එකක් මාරු කරගන්නා ආකාරය පහත දක්වා ඇත.



මේ සදහා "Keaboard mapping Registry tweaks" download කල යුතුය.

මෙතනින් බා ගන්න​.

Image result for download gif




1. Change Caps ToControl.reg
             මෙමගින් සිදු වන්නේ caps lock key එක Ctrl key  එකක් බවට පත් වීමයි.

2.Change Caps ToShift.reg
             මෙමගින් සිදු වන්නේ caps lock key එක Shift key  එකක් බවට පත් වීමයි.

3. KillCapsLock.reg
           මෙමගින් සිදු වන්නේ Caps Lock හි ක්‍රියාකාරීත්වය නතර කිරීමයි.

4.DisableKeyboard Remap
        මෙමගින් අප වෙනස් කල වෙනස්කම් නැවත යථා තත්වයට පත්වේ..




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Monday, 30 March 2015

932.VGA card එක රැකගන්නා ආකාරය..

VGA card එක රැකගන්නා ආකාරය..

Image result for vga card for pc

 VGA card එක කියන්නෙත් වර්තමානයේ පරිගනකයක තියන ප්‍රධාන වැදගත් කොටසක්. එහෙම කියන්න හේතුව තමා මේ වෙනකොට Computer gaming, graphic designing වගේ දේවල් කරන අය  වැඩිවෙලා තියනවා. ඉතින් ඒ අයට ගොඩක් වැදගත් දෙයක් තමා VGA card එකක් කියන්නේ. මේ අයට තමන්ගේ VGA Card එකේ කල් පැවැත්ම , ක්‍රියාකාරීත්වය (performance)ගොඩක් වැදගත්.

  VGA Card එකක කල් පැවැත්ම , ක්‍රියාකාරීත්වය (performance)යන දේ වලට කෙලින්ම බලපාන කාරණයක් තමා එය පමණ ඉක්මවා රත්වීම නැත්තම් තේරෙන විදිහට කියනවා නම් 

overheat වීමයි. ඉතින් VGA card එකක්  overheat වීමට බලපාන කරුණු එකින් එක සලකා බලමු.




1.Heat sink එකෙහි දුහුවිලි තැන්පත් වීම.

    මේ දේත් අපි වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැති දෙයක්.දූවිලි කියන්නේ ඉතාමත් හොඳ තාප පරිවාරකයක්. ඒ නිසා Heat sink එකේ දූවිලි බැදුනාම තාපය පිට කිරීම මන්දගාමී වෙනවා.ප්‍රතිපලය තමා 

GPU එක පමණ ඉක්මවා රත්වීම. ඉතින් මාස කිහිපයකට වරක් වත් කුඩා පින්සලකින්  Heat sink එක පිරිසිදු කිරීමෙන්  VGA card එහි ක්‍රියාකාරීත්වය දිගු කාලයක් හොඳ මට්ටමක පවත්වාගෙන 
යන්න පුළුවන්.



2.Thermal Grease

   Grpahic Processor එක මගින්  Heat sink එක වෙත තාපය සන්නයනය කරන්නේ Grpahic Processor එක මත ආලේප කරනලද ඉතා තුනී විශේෂිත 

ආලේපයකින්.එය Thermal Grease/Paste/Gel ලෙස හදුන්වනවා. Heat sink එක ගැලවූ විටකදී මෙම ආලේපය ඉවත්ව යන්න ඉඩ තියනවා.  ඒ වගේ වෙලාවක කරන්න තියෙන්නේ 

වෙළඳපලේ ඉතා අඩු මිලකට ලබාගන්න තියන මේ Thermal Grease මිලදීගෙන අදාළ ස්ථානයේ පමණක් ඉතාම සියුම් ස්තරයක්  ආලේප කරන එක.
සැ.යු.- Thermal Grease පමණ ඉක්මවා ආලේප කිරීමෙන් ද තාප සන්නයනය අඩු වෙන බැවින් ඉතාම සියුම් ස්තරයක් පමණක් ආලේප කල යුතුය.


3.Over clock
  processor එකෙහි සාමාන්‍ය සංඛ්‍යාතය(frequency)ට වඩා වැඩි සංඛ්‍යාතයකින් එය ක්‍රියාකරවීමට සැලැස්වීම  Over clock කිරීම ලෙස හදුන්වන අතර මෙසේ කිරීමෙන්ද ග්‍රැපික් 

ප්‍රොසෙසරය රත්වීම වැඩි කරයි.හැකි තරම් Over clock කිරීමෙන් වැලකි සිටීමෙන්ද එහි ආයුකාලය දීර්ග කරගත හැකිවනු ඇත.

**VGA drivers ලබා ගැනීමේදී අදාළ නිෂ්පාදක සමාගමේ (Nvidia/ATI)නිල වෙබ් අඩවියෙන්ම ලබාගැනීමෙන් VGA card එකෙහි performance උපරිම තත්වයෙන් 
පවත්වාගෙන යාමට හැකිවනු ඇත. ඊට හේතුව driver update එකක් නිකුත් කල සැනින් එය ප්‍රථමයෙන් ඇතුලත් වන්නේ එම නිල වෙබ් අඩවියේ බැවිනි.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




- -
මෙතනින් යන්න​

Tuesday, 24 March 2015

926.Softwares නැතුව Windows 7 genuine කරමුද?

Softwares නැතුව Windows 7 genuine කරමුද?




ඔන්න windows 7 පාවිච්චි කරන අයටයි මේ Trick එක...කිසිම Software එකක් නැතුව ලේසියෙන් Windows genuine කරගන්න පුලුවන්...එහෙනන් වැඩේ කරල බලමු...



Windows Key + R ඔබන්න...
ඊටපස්සෙ 'Run' box එක එනවා,එකේ CMD කියල Type කරන්න...
ඊටපස්සෙ OK ඔබන්න...
*CMD එක Administrator විදිහට Run කරන්න...

CMD එකේ SLMGR -REARM කියල Type කරල Enter කරන්න...



 තත්පර 10 විතර ඉන්න
ඊටපස්සෙ පහළ තියෙනව වගේ Message එකක් එයි...



ඊටපස්සෙ PC එක Restart කරන්නයි තියෙන්නෙ



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -


මෙතනින් යන්න​

Saturday, 21 February 2015

886.keyboard එකෙන් දාන windows 7 වැඩ කිඩ

keyboard එකෙන් දාන windows 7 වැඩ කිඩ 


අද  කියන්න​ යන්නේ windows 7 වලට අදාල keyboard එකේ shortcuts සහ tricks ගැන.ගොඩක් අය මේ ගැන දන්නෙ නෑ.එහෙනම් අපි වැඩේ පටන් ගමු. 

[Windows] + [Spacebar]
දැනට open වී ඇති සියලු window නැතිවී desktop තිරය වෙත පිවිසේ.

 [Windows] + [D] desktop 
තිරය පෙන්වීම සහ සැඟවීම 

[Windows] + [Home] 
select කරන ලද windows minimized කර දැක්වීම.

Image result for [Windows] + [Home]

[Windows] + left arrow OR [Windows] + right arrow 
කවුළු half size එකට පත්වී තිරයේ වමට හා දකුණට වීම 

[Windows] + up arrow OR [Windows] + down arrow 
windows උපරිම විශාලත්වයට පත්වීම සහ නැවත යථා තත්වයට පත්වීම 

[Windows] + [SHIFT] + up arrow OR [Windows] + [SHIFT] + down arrow
 සිරස් අයුරින් කවුළු උපරිම විශාලත්වයට පත්වීම සහ නැවත යථා පරිදි සකස් වීම

 [Windows] + [Tab] 
තිරය මත විවෘත කර ඇති කවුළු ත්‍රිමාණ ආකාරයට පෙන්වීම

 [Alt] + [Ctrl] + [Tag] + left/right/up/down arrow 
විවෘත කර අැති කවුළු තිරය මත shortcut ඒකක් ආකාරයට දැක්වීම


 [Alt] + [Tab] 
ඉහත ආකාරයටම shortcut එකක් තිරය මත පෙන්වීම 

[Windows] + [1] THROUGH [Windows] + [9] 
task bar හි ඇති icon 1 සිට 9 දක්වා විවෘත කරවීම 
[Windows] + [Ctrl] + [1] THROUGH [Windows] + [Ctrl] + [9] [Windows] + [SHIFT] + [1] THROUGH [Windows] + [SHIFT] [9] ඉහත පරිදිම ඇති icon ඉතා ඉක්මනින් විවෘත කරවීම

 [Windows] + [Alt] + [1] THROUGH [Windows] + [Alt] + [9] අදාල icon වල jump list විවෘත කරවීම 

[Windows] + [P] 
දැනට ක්‍රියාත්මක වන තිරය අදාල පරිදි තේරීමේ මෙනුව 



[Windows] + [+] OR [Windows] + [-] 
තිරය මත විශාලකය ක්‍රියාත්මක වීම.මෙමඟින් තිරය මත අදාළ ස්ථාන ළං කර බැලිය හැකි වේ





[Ctrl] + [Alt] + [D]
 තිරය මත docked mode ක්‍රියාත්මක වීම.mouse cursor ක්‍රියාත්මක වබ ප්‍රෙද්ශය වෙනම ඉහලින් දක්වයි

 [Ctrl] + [Alt] + [L] 
තිරය මත lens mode ක්‍රියාත්මක වේ 

[Ctrl] + [Alt] + [F] 
lens mode හා docked mode වලින් ඉවත් වීම

 [Ctrl] + [Alt] + [I] 
invert colors ඇති කිරීම 

[Windows] + [Esc]
 විශාලක අවස්ථාවෙන් ඉවත් වීම 




[Windows] + [G] 
desktop gadgets මතු කර පෙන්වීම

 [Windows] + [X] 
Windows Mobility Center දියත් කිරීම.




මෙය ලැප්ටොප් භාවිතා කරන්නන්ට වැදගත් වන මෙනුවකි. ඉහත tricks සහ shortcuts ඔබත් අත්හදා බලන්න.පරිඝණකය නිතර භාවිතා කරන ඔබට මෙම tricks වැදගත් වේවි.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Sunday, 1 February 2015

850.ඔබේ එල් සී ඩී මොනිටරය ලෙඩද?ඔබම චෙක් කර ගන්න

ඔබේ එල් සී ඩී මොනිටරය ලෙඩද?ඔබම චෙක් කර ගන්න
ගොඩක් අය එල් සී ඩී,එල් ඊ ඩී මොනිටර් වලට මාරු වුනා.ඉතිං ඔය මොනිටර් කාලයත් එක්ක ලෙඩ වෙනවා.Is My LCD OK සොෆ්ටුවෙන් මොනිටරේ ලෙඩද බලාගන්න පුලුවන්.ඔයාගෙ ලැප්ටොප් එකත් මේකෙන් චෙක් කරගන්න පුලුවන්.

      පොර්ටබල් නිසා ‍ඉන්ට්‍රෝල් කරන්න අවශ්‍ය නෑ.ක්ලික් කරලා F1,F2..බට්න් වලින් චෙක් කර ගන්න.චෙක් කරන ආකාරය විස්තර ඔක්කොම සොෆ්ටුවෙම දීල  තියෙනවා.විවිධ වර්ණ පරාස,ක්ෂණික වෙනස්වීම් වලට ඔබේ මොනිටරය ඔරොත්තු දෙනවාද, යන්න බලාගන්න පුලුවන්.අලුතින්මොනිටරයක් ගන්නා විට මෙය මගින් චෙක් කරලා ගන්නව නම් ගොඩක් හොදයි.එහෙනම් බා ගෙනම බලන්නකෝ.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Wednesday, 28 January 2015

842.ඔයාගේ HARD DISK එක මැරෙන දවස බලාගමුද ???

ඔයාගේ HARD DISK එක මැරෙන දවස බලාගමුද ???



මේකෙන් වන්නේ ඔයාගේ පරිගණකයේ hard disk එකෙක් life time එක හෙවත් ජිවිත කාලය බලාගැනීමයි. 
මෙක බලලා කලබල වෙන්න එපා. කැමති අය විතරක් බාගෙන බලන්න​.

හරි එහෙනම් පහලින් මෘදුකාංගය බාගන්නකො


ඕනන පහල ආකාරයට තමා life time එක පෙන්නන්නේ 




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




- -
මෙතනින් යන්න​

Thursday, 22 January 2015

830.ලැප්ටොප් එකේ බැටරිය ආරක්‍ෂා කරගන්න විදිය​

ලැප්ටොප් එකේ බැටරිය ආරක්‍ෂා කරගන්න විදිය​
ගොඩක් වෙලාවට ලැප්ටොප් පරිගණක පාවිච්චි කරන අය හිතනවනේ කොහොමද බැටරිය ආරක්ෂා කරගන්නේ, කොහොමද වැඩිපුර කාලයක් භාවිතා කරන්නේ කියලා. බැටරියේ ආරෝපිතාව එහෙමත් නැත්නම් චාර්ජ් එක ජංගම දුරකථන වලට වගේම ලැප්ටොප් පරිගණක වලටත් උවමනාම දෙයක්. ඉතිං ඒකට පොඩි පොඩි ක්‍රම ටිකක් තියෙනවා. ඉතිං වැදගත්ම වන ක්‍රම ටික තමයි ඔයාලට අද කියන්න යන්නේ. ගොඩක් අය මම දැක්කා බුකියේ කියල තිබුනා ලැප් එකේ බැටරිය ආරක්ෂා කරගන්න හැටි. හැබැයි ඒවගෙන් සමහරක් තියෙන විදිහට කරොත් බැටරියක් අලුතෙන් ගන්න එක හොඳයි කියල හිතෙයි. හරි ඉතිං වැඩි කතා බතා ඕනි නෑනේ. මාතෘකාවට බහිමුකෝ.

01. තිරයේ දීප්තිමත් බව සකසන්න (Screen Brightness)

තිරයේ එහෙමත් නැත්නම් ස්ක්‍රීන් එකේ දීප්තිමත් බවට ගොඩක් වෙලාවට චාර්ජ් එක වැයවෙනවා වැඩියි. ඉතිං ඔයාට පුලුවන් ඉර එළිය හෝ වැඩි දීප්තිමත් තැනක් ඇති තැනක ඔයා වැඩ කරනවනම් දීප්තතාව නැත්නම් Brightness එක 10% වගේ සකසන්න. ඒ වගේම තමයි ඔයා වෙන වැඩක් කරන්නෙ නැතිව සිංදු විතරක් අහනවනම් ඔයාට පුලුවන් Screen එක වහලා දාන්න. ඒ කියන්නේ අපි desktop පරිගණක පාවිච්චි කරද්දී ඔය සිංදු දාල කොහාට හරි යද්දී Monitor එක off කරලා යන්නේ. අන්න ඒ වගේ ලැප්ටොප් පාවිච්චි කරන අයටත් පුලුවන් Screen එක off කරන්න. ඒකට තියෙන්නේ පොඩිම පොඩි ගැජට් එකක්. මෙතන click කරලා ගැජට් එක බාගන්න. ඊට පස්සේ තියෙන්නේ ඔයා වැඩක් කරන්නෙ නැති වෙලාවට ඒ software එක open කරන්න විතරයි. එතකොට Display එක off වෙනවා. මවුස් එක හරි යතුරු පුවරුවේ අකුරක් හරි එබුවනම් ආයෙත් screen එක on වෙනවා. මේ වැඩේ power saver දාලත් පුලුවනි. නමුත් මේකෙන් මුලු screen එකට එන මුලු power එකම නවත්වනවා. 

02. වැඩකට නැති පරිගණකයේ ඉබේම ක්‍රියාත්මක වන වැඩසටහන් නවත්වන්න

සමහරක් software තියෙනවා windows ආරම්භ වෙනවාත් සමඟම ආරම්භ වෙන වැඩසටහන්. ඉතිං මේවාගෙන් බොහොමයක් දේවල් වැඩකට නැති දේවල්. ඒ කියන්නේ එතරම් අවශ්‍ය නැති දේවල්. අවශ්‍ය උනාම විවෘත කරගන්න පුලුවන් දේවල්. මොකද මේ වැඩකට නැති දේවල් මඟින් ප්‍රොසසර් එකේ වේගය සහ රැම් එකේ ධාරිතාවය වැඩි වෙනවනේ. එතකොට ඒවාට බොරුවට වැයවෙන charge එක රැකගන්න පුලුවන් ආරම්භයේදීම ඒ වැඩසටහන් ඉවත් කිරීම මඟින්.

03. අන්තර්ජාලය භාවිතා කරන්නෙ නැති වෙලාවට කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න

සමහරක් වෙලාවට මේ අපි පාවිච්චි කරන අන්තර්ජාල සම්භන්ථය හේතුවෙන් පරිගණකයේ චාර්ජ් එක අඩුවෙන්න පුලුවන්. ඒ වගේම ගොඩක් දුරට මේ හේතුව වෙන්නෙනම් Wireless අන්තර්ජාල සම්භන්ධතාවය පාවිච්චි කරන අයටයි. මොකද Wi-Fi  හේතුවෙන් මේ කනෙක්ෂන් එකට වැඩි බලයක් ලැබෙනවා. ඒ මොකද කියල දන්නවනේ. කනෙක්ෂන් එක search වෙද්දී වැඩි බලයක් ලබා ගන්නවනේ. ඉතිං කරන්න තියෙන හොඳම දේ තමයි ඔයා වෙන වැඩක යෙදිල ඉන්නවනම් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න.

04. CD/DVD Drivers සහ USB Ports නවතා දමන්න

මේක කියන්නේ Touch pad පාවිච්චි කරන අයට. ඔයත් ටච් පෑඩ් පාවිච්චි කරන කෙනෙක්නෙම් වෙනත් මවුස් පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ Wireless mouse පාවිච්චි කරන්න එපා. මොකද ඒකෙන් ඔයාගෙ පරිගණකයේ ආරෝපණය අඩුවෙනවා. ඒ වගේම මේකනම් හැමෝටම වැදගත්. ඔයා ඔයාගෙ පරිගණකය පෞද්ගලිකව සාමාණ්‍ය වැඩ කටයුතු සඳහා යොදාගන්නවානම් එක CD/DVD Drive එකක් හැර වෙන එකක් සම්භන්ධ කරන්න එපා. මොකද ඒකටත් චාර්ජ් එක ගොඩක් වැයවන නිසා. හැබැයි ඉතිං ඒක කිව්වේ සාමාණ්‍ය පාවිච්චි කරන අයට හොඳේ. මොකද CD SHOP කරන අයටනම් ඒ කියමන හරිනෑ. අනික CD SHOP කරන අය ලැප් වලින් CD/DVD Write කොරන්නෙත් නෑනේ. :D ඉතිං කොහොම හරි මේ වැඩුපුර තියෙන ports,, drivers කොහොමද Disable කරන්නේ කියලත් කියල දෙන්න ඕනිනේ. පශළ පින්තූරෙ විදිහට Device Manager වලට ගිහින් පෙන්නලා තියෙන විදිහට වැඩේ කරගන්න. Device manager එකට යන්නේ Computer ---> Right Click ---> Manage ඔන්න ඔහොමයි.



05. Power Plans සකසා ගන්න

වින්ඩෝස් වල Control Panel වල තියෙන Power Saving Plans කියන එක පාවිච්චි කරලා ඔයාගෙ ලැප්ටොප් පරිගණකයේ චාර්ජ් එක ඉතුරු කරගන්න පුලුවන්.


ඒ වගේම Advanced Power Setting පාවිච්චි කරලා ඔයාට පරිගණකයේ යම් යම් දේවල් පවතින්න අවශ්‍ය වේලාවන් සකසා ගන්න පුලුවන්. මේ වේලාවන් සකසද්දී පුලුවන් අඩුම ඒ කියන්නේ අවම උපරිමය වෙලාව දාන්න උත්සාහ කරන්න.


06. Battery Optamizer Software එක පාවිච්චි කරන්න

Battery Optamizer කියන්නේ බැටරියේ ආයුෂ කාලය සහ පැවැත්ම සකසලා දෙන තවත් හොඳ මෘදුකාංගයක්. මේකෙන් ඔයාගෙ බැටරිය හොඳට පාවිච්චි කරන්න පුලුවන්. මේකෙ තියෙන Analyze කිරීම මඟින් ඔයාගෙ බැටරිය හොඳින් ක්‍රියාත්මක වීමටත්, ඔයා බලාපොරොත්තු වන කාර්යක්ෂමතාවයට යොමුවෙන්නත් ඉඩ සලසලා දෙනවා. සාමාන්නියෙන් මේ ඇනිලයිස් වීමට විනාඩි දහයක් විතර වැයවෙනවා. ගැජට් එක මෙතන ක්ලික් කරලා බාගන්න.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Sunday, 9 November 2014

678.ලැප්ටොප් එකක් අරගෙන ඇනගන්න කලින් මේක බලන්න

ලැප්ටොප් එකක් අරගෙන ඇනගන්න කලින් මේක බලන්න





  1. මගේ ලප් එක සැහෙන්න රත් වෙනවනේ 
  2. මගේ ලැප එකේ DVD එක වැඩ කරන්නේ නැනේ 
  3. මගේ ලැප් එකේ සමහර කිස් වැඩ කරන්නේ නැනේ. 
  4. මේ රෙද්දේ සෞන්ඩ් එන්නේ නැ චර චර ගානවා. 
  5. ඔන්න එකපාරටම නිල් පාට ස්කිරින් එකක් ඇවිත් යනවා. 
  6. අනේ කාලේ වනේ වාසේ දැන් ලැප් එක ඔන් වෙන්නෙම නැ. 
  7. ඉස්සර නම් පොඩ්ඩක් වෙලා පොවෙර් එකට ගහල තිබ්බම ඔන් උන
  8. දැන් එකත් නැ
  9. USB එකට මොනවා ගැහුවත් අර "උබ ගහල තියෙන්නේ හයි ස්පීඩ් එකක් අඩු ස්පීඩ් හිලට " කියන එක එනෝ
  10. ඔන්න බඩු චාර්ජ් වෙන්නේ නැ. 


කල්පනා කරලා බලනවා ඊටපස්සේ මේවා ලැප් වල එන සාමාන්‍ය ලෙඩද කියල?? එක ඇත්තද??

හොදයි මේක ගන මෙහෙම බලන්න. අපි පිට රටකින් ලැප් එකක් ගත්තොත් එකට Warranty හම්බෙනවා වගේම කිසිම ලෙඩක් නැතුව 5 Years විතර පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම පාවිච්චි කරන්නෙත් ඒ වගේ එකක්. OS එක අවරුදු 2 කින් අත තියලවත් නැ. එත් ඔයගොල්ලෝ දන්නවා ඇති අපි යුනිටි එකෙන් ගන්න ලැප් වලට වෙන දේ මොකක්ද කියල. ඔය ලැප් මොන වර්ගයේ උණත් ඕව ඔක්කොම assemble කරන්නේ චීනේ. එකේ තියන සමාගම් වලින් තම වැඩේ කරන්නේ. ඕනෙම electronic බාන්ඩයක් හදනකොට QC – Quality Controlling කියල දෙයක් තියනවා. මේක පියවර 10 -100 අතර ගානක් යනවා. ඒ ගැන වැඩි විස්තර පස්සේ වෙනම එකකින් දෙන්නම් ඔය පියවර ඔක්කොගෙන්ම සමත් ලැප්ස් තමා වෙළද පොලට දාන්න අයිතිය තියෙන්නේ.
දැන් වැඩේ වෙන්නේ මෙහෙමයි. 
අපේ යුනිටි එකේ අය අර සමාගම් එක්ක සම්බන්ද වෙලා අර QC පියවරවල් ඔක්කොගේන්ම් සමත් නොවිච්ච ලැප් අඩුගානට ගේනවා මෙහෙට.ඒ QC Fail උන කියල නැනේ හදන්න ගියපු ගාන යනවම තමා. ඒ නිසා ඒ සමාගම් කැමති කුණු කොල්ලෙට හරි ඒ බඩුව විකුණලා දාන්න . ඕවට කියනවා “Fctory Fault” එහම නැත්නම් “Value goods” කියල. ඒවා එහෙන් බිල් කරන්නේ ඉතාමත් අඩු ගානකට. ඒවගේම ඔරිගීනල් බොක්ස් එකත් එකෙන්ම දෙනවා. හැබැයි අර එල්ලගෙන යන බෑග් එක දෙන්නේ නැ. එකයි ඔයගොල්ලෝ ඩෙල් ලැප්ටොප් එකක් ගත්තාම සමහර කඩවල් වලින් හයිය වැඩි කියල HP බෑග් එකක් දෙන්නේ. අහුවෙන්න එපා ඕවට.

ඉතුරු ටික කියන්න ඕනේ නැ කියල තමා මට හිතෙන්නේ. ඔන්න ඔහොම තමා අපේ රටේ ලැප්ස් සමාගමේ විකුණන ග්නටත් වඩා අඩුවෙන් දෙන්නේ . හැබැයි මම දන්නවා SOFTLOGIC සහ Metropolitan මේ වැඩේ කරන්නේ නැ.  ඉතින් මේවගේ ගණන නම් ටිකක් වැඩියි . ඒ මොකද ඒ බඩු හොද ඒවා නිසා. 

ඔරිගීනල් කියන්නේ කොහොමද? 

අංක 1 
දැන් කොහොමද ඔරිගීනල් කියල අදුරගන්නේ? එකට තියනවා ඔය හැම ලැප්ටොප් එකකම සේර්විස් ටැග කියල එකක්. එක තියෙන්නේ ලැප්ටොප් එකේ යුට පැත්තේ. එක සිරියල් නම්බර් එක කියලත් කියනවා . එක ඒගොල්ලන්ගේ වෙබ් සයිට් එකේ රේගිස්ටර් කරන්න පුළුවන් නම් එක අර විදිහේ Value Good එකක් නෙමේ. මෙන්නේ මේ උදාහරණ බලන්න 
[​IMG]

Asus
[​IMG]


Toshiba




අංක 2
ඔයගොල්ලෝ ගන්න යන්නේ ටොෂිබා ලැප්ටොප් එකක් නම් එකේ manual එකේ හෝ ඔරිගීනල් වෙබ් සයිට් එකේ තියනවා බඩුවත් එක්ක එන packing ලිස්ට් එක. උදාහරණ ලෙස බෑග් එක පවර් කේබල් එක driver DVD එක වගේ දේවල්. ඒ ඔක්කොම හම්බෙනවද බලන්න. නැත්නම් එපා කියල අපහු එන්න.

අංක 3 
හුගක් වෙලාවට ඔය ලැප් ටොප් ..... filtered websites .......... filtered websites .......... filtered websites .......... filtered websites .....න් බෑග් එක ගන්න වර්ගේ නෙමේ. මොකද අර factory එකෙන් බෑග් එක දෙන්නේ නැ. ඉතින් ඔය ගන්නේ ටොෂිබා නම් හම්බෙන්නේ HP බෑග් එකක් නම් හුගක් වෙලාවට හොද එකක් නෙමේ

අංක 4 
බලන්න ලැප්ටොප් එක එන කාර්ඩ් බෝර්ඩ් බොක්ස් එකේ තියන සිරියල් නම්බර් එකයි. ලැප්ටොප් එකේ සේර්විචේ ටැග් එකේ තියන සිරියල් නම්බර් එකයි බටර්ය් එකේ සිරියල් නම්බර් එකයි ගැලපෙනවද කියල. 



රේගිස්ටර් කරන්නේ කොතනින්ද 

HP Registration 
https://register.hp.com/americas/flo...&cc=US&lang=en

DEll 
Ask form Dealer - Metropoliton is the dealer

Asus
http://vip.asus.com/onlineregister/M...Agreement.aspx

Toshiba
https://www.toshiba.co.uk/innovation...RANTY_REG_HOME

Acer
http://support.acer.com.sg/warrantyregistration/


මේවගේ අන්තර්ජාතික වෙලදපොලේ සාමාන්‍ය මිල කොහොමද? 

Acer
http://www.newegg.com/Product/Produc...550&isNodeId=1

HP 
http://www.newegg.com/Product/Produc...-hp%20pavilion

Lenovo 
http://www.newegg.com/Product/Produc...=-1&isNodeId=1

Toshiba 
http://www.newegg.com/Product/Produc...=-1&isNodeId=1

Asus 
http://www.newegg.com/Product/Produc...=-1&isNodeId=1

මෙහේ මේවා ඔරිගීනල් ගෙන්නන අයගේ ලිස්ට් එක මෙන්න 

HP
DMS http://www.dmssw.com
DELL
Softlogic http://www.softlogic.lk
ACER
Metropolitan http://mcentre.lk
ASUS
EPSI 
APPLE 
Future world
TOSHIBA
John keells group



තීරණේ තියෙන්නේ ඔයගොල්ලෝ අතේ තමා . අඩුවෙන් දීල ලෙඩ බඩු ගන්නවද? වැඩියෙන් දීල හොද බඩු ගන්නවද ?? ලාබ බඩුවේ හිලක් තියනවා කියලත් කියමනක් තියන බව අමතක කරන්න එපා.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.
මෙතනින් යන්න​
 
-