අළුත් ජංගම දුරකතනනයක් මිලදීගැනිමකදි ඔබ දැනගතයුතුම දෙයක්
අද වනවිට රට තුල ව්‍යාජ දුරකථන වැහිවැහැලා යන්න ඔබට රහසක් වන්නේ නැත.ඔබ ලොකු මුදලක් දිලා දුරකථනයක් ගැනිමකදි මේ පිලිබදව දැනගෙන සිට්ම වැදගත්.අළුතින් ජංගම දුරකතන මිලදී ගැනීමට අපේක්ෂා කරන හැමදෙනාටම නොමිලේම තම දුරකතනය අනුමත එකක් දැයි ඔබ විසින්ම පරීක්ෂා කර බැලීමේ හැකියාව දැන් ලබා දීලා තියනවා.මේ සේවාව සපයන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්.
(1). අප මිලදී ගැනීමට අපේක්ෂා කරන දුරකතනය අඩංගු පෙට්ටියේ අංක 15 කින් යුත් IMEI අංකය හා TRCSL අනුක්‍රමික අංකය තිබේදැයි බලන්න.
[*#06# මඟින් IMEI අංකය ලබා ගන්නට පුළුවන්].
(2). මෙම අංකය සඳහන් දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද දුරකතනයක් දැයි තහවුරු කර ගැනීමට IMEI හිස්තැනක් IMEI අංකය සඳහන් කර 1909ට කෙටි පණිවිඩයක් [SMS]යවන්න.
[ IMEI හිස්තැනක් IMEI අංකය යොදා 1909 send කරන්න].
(3). එවිට පහත දැක්වෙන අකාරයේ පණිවිඩ දෙකෙන් එකක් ඔබට කෙටි පණිවිඩයක්[SMS] ඔස්සේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් ස්වයංක්‍රීයව එවනු ඇත.
1. Registered IMEI. TRC Reference No. DL or ML or
TRC/xxx/xxx
2. Unknown IMEI: "ඔබ type කළ IMEI අංකය"
Please contact TRCSL- Tel. 011- 2676993/4
(4). ඔබට පළමු SMS පණිවිඩය ලැබුණේනම් ජංගම දුරකතන පෙට්ටියේ අලවා ඇති TRCSL ස්ටිකරයේ සඳහන් අංකයට SMS පණිවිඩයේ සඳහන් වූ අංකය සසඳා බලන්න.අංක දෙක සමාන නම් එම දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමත එකකි.
(5). එම අංක දෙක නොගැළපුනොත් හෝ දෙවන කෙටි පණිවිඩය ලැබුණේ නම් එම දුරකතනය විසින් අනුමත නොකළ ව්‍යාජ දුරකතනයකි.එවැනි දුරකතන මිලදී ගැනීමෙන් වලකින්න.
(6). පැමිණිලි වගේම වැඩි විස්තර සඳහා
ලිඛිත: අධ්යක්ෂ ජනරාල්
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
276, ඇල්විටිගල මාවත
කොළඹ 08.
ෆැක්ස්: 011-2689341/ 011-2676993
වාචික: 011-2676933/4
සහකාර අධ්‍යක්ෂක -සංඛ්‍යාත කළමණාකරණ
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
විද්‍යුත් තැපෑල:
trives@trc.gov.lk
සහකාර අධ්‍යක්ෂක -සංඛ්‍යාත කළමණාකරණ
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
[ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිකුත් කරපු නිවේදනයක් ඇසුරෙන්]
සදා ජය.......
\
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.