Ads 468x60px

home

Sunday, 4 May 2014

300.Windows 7 වල ඇඩ්මින් ගිණුම ඇක්ටිව් කරමු.


Windows 7 වල ඇඩ්මින් ගිණුම ඇක්ටිව් කරමු.



සමහර මෘදුකාංග රන් කරන්න ඕනෙ Run as Administrator විදියට.
සමහර folder access කරන්න බෑ.

ඔබ මොහොතකටවත් සිතුවාද ඒ ඇයි කියලා? ඔබ ලොග් වුනේ ඇඩ්මින් ගිණුමෙන්නෙ? 

වින්ඩෝස් වලදි නියම(genuine) ඇඩමින් ගිනුම ඩිසේබල් වෙලයි පවතින්නෙ. ඔබ බාවිතා කරන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය install කිරීමේදි සාදනු ලැබූ අනෙක් ඇඩමින් ගිණුමයි. අපි බලමු කොහොමද මේක enable කරගන්නෙ කියලා.

Computer රයිට් ක්ලික් කොට Mange වෙත පිවිසෙන්න.
දැං පහත පරිදි වම්පස තීරුව දිගහරින්න.
Local Users and Groups > Users



දැං ඔයාට දකුණු පසින් පේනවා ඔයාගෙ පරිගණකයෙ තිබෙන ගිණුම් ටික. ඊතල සලකුනක් තිබෙන්නෙ enable නොවූ ගිණුම් වලයි.

මීලඟට Administrator මත රයිට් ක්ලික් කොට Properties යන්න. පසුව Account is disabled යන්නට දමා ඇති හරි සලකුණ ඉවත් කර ok කරන්න.


දැං ඊතල සළකුණ ඉවත් වී ඇති අතර Administrator ගිණුම ක්‍රියාත්මකය.
ඔබට අවශ්‍යය නම් නැවත Administrator මත රයිට් ක්ලික්කොට Set Password > proceed වෙත යාමෙන් Administrator ගිණුම වෙත ආරක්ෂක මුර පදයක්ද ලබාදිය හැක. දැං පරිගණකය Log off  කර Administrator වෙත පිවිසිය හැක.

මෙහිදී ඔබට අළුත්ම ඩෙස්ක්ටොප් එකක් ලැබෙන අතර පෙර ඩොකුයුමන් සෙටිං නැත (Game saves, other saves) නැවත Computer Manage වෙත ගොස් ඔබගේ පරණ ගිණුම මත රයිට් ක්ලික් කොට එය රිමූ හෝ ඩිසේබල් කල හැක. රිමූ කිරීමෙන් යූසර් ඩොකියුමන්ට්, ඩෙක්ස්ටොප් සෙටිං නොමැතී වී යයි. එබැවින් අවශ්‍යය දේ වෙනත් ස්ථාන වලට කොපිකොට තබා ගැනීම ගුණය.

සදා ජය​.........


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-