Internet Explorer දෝෂ සහිතයි. මිලියන ගණනක් පරිගණක අනතුරේ !
මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම විසින් නිකුත් කරන වෙබ් බ්‍රව්සරය වන Internet Explorer මෘදුකාංගය හරහා ස්වයංක්‍රීයව විවිධ හානිකර වැඩසටහන් ක්‍රියාත්මක වන ආකාරයේ දෝෂයක් අනාවරණය වී ඇත. මේ දෝෂය සෑම version එකක් සඳහාම බලපානු ඇති අතර මේ ලිපිය ලියන මොහොත වන තෙක් හානිය වලක්වාගැනීම සඳහා විසඳුමක් වාර්තා වී නැත.
ලොව පුරා Internet Explorer භාවිත කරන්නන්ගෙන් වැඩි පිරිසක් Windows XP මෙහෙයුම් පද්ධතිය භාවිතාකරන්නන් වන අතර, මයික්‍රොසොෆ්ට් සමාගම මේ වන විට වින්ඩෝල් එක්ස්පී සඳහා updates නිකුත් කිරීම නවතා ඇති නිසා මේ දෝශය විසඳීම අපහසු වී ඇති බව කියැවේ.
ඒ අනුව මින් ඉදිරියට අන්තර්ජාලය භාවිත කිරීම සඳහා Google Chrome හෝ Mozilla Firefox වැනි වෙනත් වෙබ් බ්‍රව්සරයක් භාවිතා කරන මෙන්ද Windows XP මෙහෙයුම් පද්ධතිය Windows Vista, Windows 7 හෝ Windows 8ට upgrade කරන මෙන්ද මයික්‍රොෙසාෆ්ට් සමාගම ඉල්ලා සිටී.
සදා ජය......
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.