ගැහැණුන් වෙනුවෙන්ම නිපදවූ ජංගම දුරකථනයක්
චීන ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන Meitu සමගම විසින් කාන්තාවන් වෙනුවෙන්ම නිමැයූ අපූරු ජංගම දුරකථනයක් එළිදක්වා තිබෙනවා. Meitu 2 ලෙසින් හඳුන්වා ඇති මේ ජංගම දුරකථනයේ විශේෂත්වය වන්නේ එහි selfie (තමන්ගේම ජායාරූප) ගැනීම සඳහා ඇති ඉදිරිපස කැමරාව 13MP කැමරාවක් වීමයි. එනම් මේ ජංගම දුරකථනයේ 13MP කැමරා 2කින් යුක්ත අතර කාන්තාවන් වැඩි වශයෙන් තමන්ගේම ජායාරූප ගැනීම සඳහා වැඩි නැඹුරුවක් ඇති නිසාවෙන් ඉදිරිපස කැමරාව සඳහාද හොඳ තත්වයේ කැමරාවක් යොදාගෙන ඇති බවයි පැවසෙන්නේ.
MediaTek octa-core 1.7Ghz processor ප්රොෙසසරයකින් පණගැන්වෙන් මෙහි 2GB මතක ධාරාතාවක් ඇති අතර MeiOS නම් එම සමාගමේම android සංස්කරණයක් මෙහෙයුම් පද්ධතිය ලෙස භාවිත වේ. කාන්තාවන් වෙනුවෙන්ම නිර්මාණය කර ඇති නිසා මේ ජංගම දුරකථනය අනෙකුත් උසස් තත්වයේ OnePlus හෝ Xiaomi Mi3S වැනි ජංගම දුරකථන හා සසඳන කළ එතරම් හොඳ නොවූවත් කාන්තාවන් අතරනම් බොහෝ සෙයින් ජනප්රිය වනු ඇති බවයි පැවසෙන්නේ. එමෙන්ම කාන්තාවන් ප්රිය කරන වර්ණ වන සුදු හා රෝස පැහැයෙන් නිමවා ඇති මේ ජංගම දුරකථනයේ මෘදුකාංගද කාන්තාවන්ගේ රුචිකත්වය අනුව රෝස මල්, බබල්ස් හා හාර්ට්ස් වලින් හැඩගන්වා ඇත.
සදා ජය.....
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.