අධ්‍යන කටයුතු සදහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීම
අධ්‍යන කටයුතු සදහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීම සැලකිල්ලෙන් කලයුතු කාර්යකි. ගුවන් විදුලි යන්ත්‍රය හෝ රූපවාහිනිය යන්ත්‍රය ඉදිරිපස සිට ඉගෙනීමේ කටයුතුවල නිරත වීම බෙහෙවින් බාධාකාරී විය හැක. නිතර සෙනග ගැවසෙන ස්ථාන හෝ එබදු ස්ථාන වලට මුහුණලා ඇති ස්ථානවල සිට අධ්‍යන කටයුතුවල නිරත වීමද බෙහෙවින් අහිතකර වීමට ඉඩ ඇත. මේ නිසා අධ්‍යන කටයුතු සදහා තෝරා ගන්නා ස්ථානය බාධා රහිත එකක් වීමට අධ්‍යන කටයුතු වල නිරත වන්නන් වගබලා ගත යුතුය.
කෙනෙකුගේ අවධානය ඉක්මනින් යොමු වියහැකි හෝ ඊට බාධා පැමිණිය හැකි ඡයාරූප,පින්තූර හෝ විසිතුරු භාණ්ඩ තමා අධ්‍යන කටයුතු වල නිරතවන ස්ථානයේ හෝ ඒ අවට දර්ශන පථයෙන් ඉවත්කර තැබීමද ඵලදායි වන්නේය. එසේම අධ්‍යන කටයුතු සදහා එකම ස්ථානයක් තෝරා ගැනීමද ඵලදායි වන්නේය. අවට පරිසරයේ තමාට සමීප බවක් හා හුරු පුරුදු බවක් එහිදී නිරන්තරයෙන්ම ඇතිවේ.නිතර නිතර අලුත් ස්ථාන වල අධ්‍යන කටයුතුවල නිරත වීමට යාමේදී අදාළ ස්ථානයට හුරු වීමටද කිසියම් කාලයක් ගතවන බැවින් බලාපොරොත්තු ප්‍රතිඵල නොලැබී යාමට පුළුවන. එබැවින් ශාරීරික වශයෙන් හෝ මානසික වශයෙන් බාධාකාරී හෝ අසහනකාරී ස්ථානයන් අධ්‍යන කටයුතු සදහා තෝරා නොගැනීමට වගබලා ගතයුතුය.
ශරීරයට වෙහෙසක් ඇති නොවන ආකාරයට ඉගෙනුම් කටයුතු සිදු කිරීමට පහත පරිසර තත්ත්ව බෙහෙවින් වැදගත්වේ.
1. බාධාවලින් තොර නිශ්ශබ්ධ පරිසරයක්
2. උෂ්ණත්වය අඩු සිසිල් සුවපහසු පරිසරයක්
3. හොදින් ආලෝකය ලැබෙන පරිසරයක්
4. පිරිසිදු වාතය හොදින් ලැබෙන පරිසරයක්
5. ඔබ වඩාත් ප්‍රිය කරන ආකාරයට සැකසු පරිසරයක්
ඔබ අධ්‍යන කටයුතු සිදුකරන කාමරයේ ඔබගේ ආත්ම විශ්වාසය වර්ධනය කරන දෑ පෙනෙන සේ තබාගන්න.ඒ සදහා පහත සදහන් දෑ යොදාගන්න
1. අධිෂ්ඨානය වර්ධනය කරවන ප්‍රකාශ සහිත දැන්වීම් බිත්තියේ අලවා ගන්න
2. ඔබ සහතික,පදක්කම් හා කුසලාන දිනා ඇත්නම් ඒවා ඔබට පෙනෙන සේ තබා ගන්න
3. ඔබ යම්කිසි ජයග්‍රහණයකින් ලබාගත් ඡයාරූපයක්,තිබේනම් විශාල කොට රාමුකර ඔබේ කාමරයේ තබා ගන්න.
4. ඔබගේ ජයග්රහණයකදී ලැබූ සිහිවටන හෝ සමරු ඵලක තිබේනම් ඒවා ඔබට පෙනෙන සේ තබාගන්න.
5. ඔබ විසින් සකස් කරගත් ස්වයං යෝජනා ඔබ පාඩම් කරන ස්ථානයේ ඔබට පෙනෙන සේ තබා ගන්න
ඔබ ඉගෙනීමේ කටයුතු සිදුකරන පරිසරයේ වර්ණය ඔබගේ මතකය හා මනසේ ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපාන බව අනාවරණය වී ඇත.තමන් ඉගෙනීමේ කටයුතු සිදු කරන කාමරයේ බිත්තිවල ලා කහ හෝ ලා තැබිලි පැහැයට හුරු වර්ණයක් තිබීම වඩාත් සුදුසුවේ.
තමන් පාඩම් කරන ස්ථානයට ආලෝකය ලබාගැනීමට සුදුසුවන ආකාරය කුමක්දැයි දැන ගැනීමත් වැදගත්වේ.දකුණත හුරු වූවෙකුගේ ඉගෙනීමේ කටයුතු කරන මේසයට ආලෝකය ලැබිය යුත්තේ තමන්ගේ වම පැත්තෙනි.වමත හුරු වූවෙකුගේ ඉගෙනීමේ කටයුතු කරන මේසයට ආලෝකය ලැබිය යුත්තේ තමන්ගේ දකුණු පැත්තෙනි.කිසිම විටෙක තමන්ගේ මුහුණ දෙසට ඉදිරියෙන් ආලෝකය ලැබීමට සලස්වන්න එපා.
කාමරයේ භාවිතාවන විදුලි බුබුල 40W එකක්නම් එය තමන්ගේ ඉගෙනීමේ කටයුතු සිදුකරන මේසයට වඩා එක මීටරයක් පමණ ඉහලින් තිබියයුතු වෙනවා එම විදුලි බුබුල 60W එකක්නම් එය මීටර් එක හමාරක් ඉහලින් තිබියයුතු වෙනවා.100W විදුලි බුබුලක්නම් එය 2m පමණ ඉහලින් තිබිය යුතු වෙනවා.තමා ඉගෙනීමේ කටයුතු සිදුකරන කාමරයේ ප්‍රතිදීප්ත විදුලි බුබුලක් තිබේනම් එය මේසයට 2.5m ඉහලින් පවතින 40W බල්බයක් සුදුසු වෙනවා.
අවශ්‍ය දේ තෝරා ගන්න.අනවශ්‍ය දේ ඉවත් කරන්න
තමන් ඉගෙනීමේ කටයුතු සිදු කරන මේසය මත හා ලාච්චු තුළ දැනට භාවිතා නොකරන පොත්,පැරණි පොත්,පෑන්,පැන්සල්,රූල් යනාදී දෑ තෝරාගන්න.අවශ්‍යම දේ තෝරා ගැනීමට හා අනවශ්‍ය දේ ඉවත් කිරීමට නිතරම වගබලා ගන්න.
අවශ්‍ය සැම දෙයක්ම පහසුවෙන් ගත හැකිසේ තබන්න
පොත්පත් ක්රමානුකූල පිළිවෙලට මේසය හා පොත් රක්කවල තබා ගන්න. කවකටු පෙට්ටි,කටුවැඩ කිරීම සදහා කොළ,පෑන්,පැන්සල් වෙන වෙනම ඔබේ ඉගෙනීමේ කටයුතු කරන මේසය මත හොදින් අස්පස් කර පහසුවෙන් ගත හැකි ආකාරයට තබා ගන්න. කතුරු,ගම්බෝතල්,කාඩ්බෝඩ් යනාදී අතිරේක දෑ වෙනම ස්ථානයක ඔබට පහසුවෙන් සොයාගත හැකිසේ පෙනෙන තැන්වල තබාගන්න ඉගෙනීම සදහා අවශ්‍යවන සෑම උපකරණයක්ම තැබීම සදහා නිශ්චිත ස්ථානයක් වෙන් කර එම ස්ථානවල එම උපකරණවල නම් ලියා අලවා තබන්න .
කාර්ය අවසානයේදී අදාළ දෑ හොදින් තබාගන්න
යම්කිසි ඉගෙනීමේ කටයුත්තක් සදහා යොදා ගනු ලැබූ උපකරණ නැවත ප්‍රයෝජනයට ගත හැකිවන අයුරින් සුරක්ෂිත කොට අදාළ ස්ථානයේ නැවත තබන්න.කපා ඉවත්කළ කඩදාසි වැනි දෑ ඉවත්කර කාමරය හොදින් අස්කර පිළිවෙලකට තබාගැනීම කලයුතුය.
තමන් විසින්ම තමාගේ කටයුතු පරීක්ෂා කර බලන්න
දිනකට කොපමණ වෙලාවක් පාඩම් කරන්නේද යනාදී ඉගෙනීමේ කටයුතු තමන් සිදුකරන ආකාරය පරීක්ෂාකර බලා අඩුපාඩු සකස් කර ගැනීමට පුරුදු වන්න ඒ සදහා ඉහත සදහන් කළ කරුණු තමන් කොතරම් දුරට අනුගමනය කරනවාද යන්න පිළිබද පරීක්ෂා කර බලන්න. සතියකට එක වරක් හෝ එසේ තමන් විසින් තමන්ගේ ඉගෙනීමේ කටයුතු පරීක්ෂා කර බලන්න ඒ සදහා යොදා ගත හැකි ප්‍රස්තාරයක් පහත දක්වා ඇත. දිනපතා තමන් පාඩම් කරන පැය ගණන මෙම ප්‍රස්ථාරයේ සටහන් කරන්න සතිපතා අලුත් ප්‍රස්තාරයක් සකස් කරන්න
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.