Ads 468x60px

home

Wednesday, 12 November 2014

682.පණ මෙන් වටින ඇස් දෙක ආරක්ෂා කරගන්න කරුණු කිහිපයක්


පණ මෙන් වටින ඇස් දෙක ආරක්ෂා කරගන්න කරුණු                                     කිහිපයක් 




    (1) ඔබ අව්කණ්නාඩි භාවිතා කරනවනම් අනිවාර්යෙන් සොයාබලා නිවැරදි උසස් ගුණාත්වයකින් යුතු අව්කණ්නාඩි දෙකක් මිලදි ගන්න. අඩුවට පෙමන්ට් එකේ තියෙන එවා කිසිම ගුණාත්වයකින් නෙමෙයි නිර්මාණය කරලා තියෙන්නේ.


(2) කෙළින්ම ඉර දිහා හෝ ඉර පරාවර්තනය වෙමින් ඇස දෙස දිස් වෙන දෙවල් දිහා බලන්න එපා එහිදි ලෝකු හානියන් ඇසට අප නොදැනුවත්වම වෙනවා.( කාර්වල විදුරුවලින් පොලිශින් කරලා තියෙන ලෝහ වලින් එන හිරු කිරණ ජලය මගින් පරාවර්තනය විම.)
(3) කළුවරේදි ගිනිදැල් හෝ ෆ්ලැෂ් ලයිට් දිහා බලන්න එපා ඉන් ලැබෙන ආලෝකයෙන් වැඩ කරන්න මෙක ගොඩාක්ම හානි වෙන දෙයක් අපි නොදැනුවත්ම.( සමහර අය රෑට විදුලි බල්බය ගිහාම ටෝර්ච් භාවිතා කරනවා ෆෝන් වල ෆ්ලැශ් ලයිට් එහෙම විහිළුවට අනිත් අයගේ මුණට අල්ලනවා එවිට එකවර කළුවරේ ලැබුණ ආලෝක කිරණ පමාණය වැඩි නිසා ඇස් දෙකට දරාගන්න බැරිවෙනවා.)
(4) පුලුවන් සෑම අවස්තාවකම මාස 6 කට සැරයක් තමන්ගේ ඇස් Doctor කෙනෙක් ලවා පරික්ෂා කර ගන්න.
(5) ඇස් සෙක වියලිනම්, රතු වෙලානම්, කසනවානම්, කදුළු ගලනවානම්, දොස්තර මහත්තයෙක් ලවා පරික්ෂා කර Eye Drops භාවිතා කරන්න. සියළුම වාගේ ෆාමසි වල මෙය මිලදි ගන්න තියෙනවා. වැඩි මුදලක් වැය වෙන්නේ නෑ
(6) නිතරම පරිගණකය, රූප වාහිණිය සමග වැඩ කරනවානම් ආරක්ෂිත කියා පිළිවෙත් අනුව වැඩ කරන්න. ( මොනිටර් එකක් දුරින් හිද වැඩ කිරිම,Brightness Controlling අඩු කර වැඩ කිරිම, මොනිටරයේ එළිය පෙරා ඇස වෙක එවන අදුරු විදුරු භාවිතා කිරිම, computer eyeglass භාවිතය, පරිගණක මෙසය හා රූපවාහිණිය හිරු එළිය ඇස වෙත පැමිණෙන කවුළු ජනේල අසලින් නොතැබිම.)
(7) පොත් සගරා පත්තර ආදිය කියවිමේදි එකාකාර ආලෝකය ඇති පරිසරයක අකුරු කියවන්න. මද අදුරේ කොහෙත්ම කියවිම ඇසට කරගන්න ලොකුම හානියක්.( ඒ වගේම අපි පොත සහා ඇස අතර ඔයාට පැහැදිලිව අකුරු පෙනෙන තැනක තබා අකුරු කියවිය යුතුයි. සමහරක් අය නිදා ගන්න ඇදට ගිහින් පොත බිම තියා තමන් ඇදේ සිට සැහැල්ලුවෙන් සිට පොත් කියවනවා එහිදි වෙන්නේ ඇසට අවශ්‍ය පෙනිම හරියට හසු නොවිම තුල ඒ සඳහා ඇස හුරු විමයි.)
(8) ඔබ කරන රැකියාව ඇසට යම් බලපෑමක් කරන්නේද ඒ සඳහා නිසි ආරක්ෂිත උපකරණ පළදින්න. ( උදාහරණ තමයි වෙල්ඩින් වැඩ කරන අය හෝ රසායනික ද්‍රව්‍ය සමග වැඩ කරන විට. ඕ කිව්වේ කෘමිනාෂක ඉසින කොට එහෙම සුළං පහරට අපේ ඇස කරා එය පැමිණෙන්න පුලුවන්. එතකොට පේන්ට් වැඩ කරන අයට එහෙම ආයේ කියන්න දෙයක් නෑනේ ඇස්දෙකේ වටිනා කම හදුනන අය මේ සදහා ලගම තියෙන් හාඩ්වෙයාර් වලින් glasses/goggles මිලදි ගන්න පුලුවන් වැඩි ගානක් වෙන්නේ නෑ අනික හැමදාටම අපිට මේවා අවශ්‍ය වෙලාවට භාවිතා කරන්න පුලුවන්.
(9) මේක ඇවිල්ලා ගංගා ඇළ දොලෙන් නාන අයට තමයි. අනිවාර්යෙන් ආරක්ෂිත කණ්නාඩි පැළද පිහිනුම් කටයුතු වල නිරත වෙන්න. ( සමහරු පුල් එකක් දැක්කොත් පැන්නා නෑවා නමුත් මේ පුල් එක හොදන්න එක එක කොලෝරින් මිශ්‍ර රසායනික ද්‍රව්‍ය එවා ඇසට ගියා කියලා ඔයා දැන ගන්නේ කාලයක් ගිහාම එතකොට කොහෙන් ආවද කියලා දන්නේ නෑ. අනිත් එක ඇළක් දැක්කොත් පැන්නා නෑවා ඇළක ගගක කොච්චරනම් අහිත කර දෙවල් තියෙනවාද කියලා අපි කියන්න ඔනා නෑ කොටින්ම සමහරු මිනි අලුත් එකතු කරන්නේ ගංගා වලට ඔවා ඇසට නොපෙනෙන කූඩා අංශු කියලා ඔයාලා දන්නවනේ ඇළක පහලින් ෆුුල් ආතල් එකේ නානවා පොඩ්ඩක් ඇළ ඉහළට ගියානම් බලන්න තිබුනා සමහරු මළ පහ කරන්නෙත් මේකේ. කසිප්පු පෙරලා අපජල පිටකරන්නෙත් මේකේ ෆැක්ට්‍රියේ කුණු ජලය ගලා යන්නෙත් මේ ජලයේ ෆුල් ආතල් එකේ එවලෙට නෑවට කාලයක් ගිහාම හිතපුවත් නැති ලෙඩ හටගන්නවා.
(10) පිරිසිදුව ඇසි දෙක සහා අවට තියා ගන්න උදේට මුහුණ සේදුවාම තියෙන පිරිසිදු කම රෑට නින්දට යනකනම තියා ගන්න ඔනා. (දුවිල්ල වාහන වල කාබන් මිශ්‍ර දුම ඇහිපිල්ලන් මත රැදෙනවා අප එවා පිරිසිදු වතුරෙන් සෝදා හරින්න ඔනා)
(11) ඇසට යම් කිසි අංශුවක් අපි කරන්නේ ඇගිල්ලෙන් අරන්දාන්න උත්සහා කරන එක අගිලි වල තියෙන නියපොතු අපිරිසිදු වෙන්න පුල්වන් ඒකෙන් වෙන්නේ අරන්දාන අංශුවට වඩා වැඩි අහිත කර විෂබිජයක් ඇතුළු විමයි. කල යුත්තේ පිරිසිදු වතුරෙන් ඇස්දෙක සෙදිමයි.
(12) මේක ගොඩාක්ම වැදගත් කාර්යයක් ඒ තමයි නිදා ගැනිම. දවසේ පැය 24 තුල වැඩිම කාර්යයක් අකණ්ඩව වැඩ කරන්නේ කවුද කියලා ඇහුව්වොත් කල්පනා කරනවා කව්ද කියලා ඒ තමයි අප නොදැනුවත්ව වැඩ කරන ඇස් දෙක. අවම වශයෙන් සම්මතයට අනුව පැය 8 ක නින්දක් ඇස් දෙකට අවශ්‍ය වෙනවා.






ලොකයේ සිදුවන අලුත්ම​,රසමුසු,විස්මිත​,තාක්ශනික සිත ධනාත්මක කරවන සියලුම දෑ ඇති...
කේලම්,කටකතා,අනුංගේ ඕපදුප​, සිත රිනාත්මක කරන දෑ නැති...
දැනුම පමන්ක්ම කේංද්‍ර ගතවු අපේ අඩවියතුල දිනපතාම ඵලවන අලුත්ම ලිපි කියවිමට, හැමදාම අපේ ලෝකයට ගොඩවන්න​...




අපේ පිටූවට like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-