පර්යේෂණයක් සඳහා සාමාන්‍යවැසියන් ලක්ෂ 2කගේ නිරුවත් ඡායාරූප හොරකම් කරලා
2008 වර්ෂයේ සිට 2012 දක්වා පැවති දැවැන්ත පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා මිලියන ගණනක් Yahoo සාමාජිකයින්ගේ වෙබ් කැමරා වල සටහන් වූ ඡායාරූප අනවසරයෙන් ලබාගත් බවට බ්‍රිතාන්‍ය විමර්ශණ ආයතනය (GCHQ) වෙත චෝදනා එල්ලව සිටිනවා. වාර්තාවන පරිදි 2008 හි මාස 6ක පමණ කාල සීමවක් තුලදී මිලියන 1.8ක පමණ පිරිසකගේ ඡායාරූප වෙබ් කැමරා හරහා ලබාගෙන ඇති අතර ඒවා අතුරින් 3% ත් 11%ත් අතර ප්‍රමාණයක් නිරුවත් හෝ ලිංගික දර්ශණ ඇතුලත් ඒවා වන බවද නිමානය කොට ඇත. ඒ අනුව ආසන්න වශයෙන් ලක්ෂ 2ක පමණ පිරිසකගේ පුද්ගලික දර්ශණ මේ ජායාරූප ගොන්නට ඇතුලත් වනවා. මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ මුහුණේ ඉරියව් හඳුනාගැනීමේ තාක්ෂණය දියුණු කිරීමේ පර්යේෂණ කටයුතු වලට වන නමුත් මෙලෙස පුද්ගල අවසරයකින් තොරව ඡායාරූප ලබාගැනීම ආන්දෝලනාත්මක සිදුවීමක් වී තිබෙනවා. එය අන්තර්ජාල භාවිතකරන්නන්ගේ පුද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමකි.
“A WHOLE NEW LEVEL OF VIOLATION OF OUR USERS’ PRIVACY.”
එමෙන්ම Guardian වෙබ් අඩවිය පවසන පරිදි මෙම ඡායාරූප එක්කාසු කිරීමේ වැඩසටහනට ඇමරිකානු ආරක්ෂක ඒජන්සියේද ( US National Security Agency ) සහය ලැබී ඇති අතර සෑම විනාඩි පහකටම වරක් බ්‍රිතාන්‍ය රාජ්‍ය විමර්ශණ ආයතනයේ (GCHQ) දත්ත ගබඩා වෙත යොමු කර තිබෙනවා. Optic Nerve ලෙසින් හැඳින්වෙන මේ පර්යේෂණ වැඩසටහන අපරාධකරුවන් පිළිබඳ තොරතුරු එක්කාසු කිරීම වැනි බ්‍රිතාන්‍ය ආරක්ෂාව සම්බන්ධ ව්‍යාපෘතියකි. එමෙන්ම මේ Optic Nerve ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ආරක්ෂක ඒජන්සියේ ( NSA ) හි සහායද ලැබී ඇති නිසා මේ ජායාරූප හා දත්ත ඇමරිකානු රජයට ද විවර වීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බව පැවසේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධ අදහස් දක්වමින් Yahoo සමාගමෙන් නිළධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ මේ කිසිදු සිදුවීමක් සම්බන්ධයෙන් Yahoo සමාගමේ මැදිහත් වීමක් නොමැති බව යි.
සදා ජය.......
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.