Ads 468x60px

home

Tuesday, 29 April 2014

291.මැරෙන්න කළින් පාවිච්චි කරලා තියෙන්නම ඕන අපූරු ගැජට් 15ක්.


මැරෙන්න කළින් පාවිච්චි කරලා තියෙන්නම ඕන අපූරු ගැජට් 15ක්.




අන්තර්ජාලයේ සැරිසරන ඔබට නොයෙකුත් ආකාරයේ ගැජට් හමුවෙලා ඇති. නමුත් බොහෝමයක් අලුත් නිර්මාණ සාමාන්‍ය ජනතාවට දැරිය හැකි තරමට වඩා මිලෙන් අධිකයි. එසේ නමුත් පහතින් දැක්වෙන්නේ ඔබට පහසු මිලකට මිලදී ගත හැකි අමුතු අමුත් ගැජට් ටිකක්. මේවායින් බොහෝමයක් ඔබට තෑගි ලෙස ඔබේ මිතුරෙකුට හෝ පෙම්වතා/පෙම්වතියට ලබා දෙන්නටත් පුළුවනි.

1. Zipmark Bookmark Book Page

රතු, නිල් කොළ වර්ණවලින් ලබාගත හැකි අපූරු bookmark එක Peleg විසින් නිර්මාණය කර ඇත. මිලදී ගැනීම සඳහා පිවිසෙන්න.


2. Two Person Umbrella

ඔබ ඔබේ පෙම්වතාට හෝ පෙම්වතියට තෑග්ගක් දෙන්නට යමක් සොයනවා නම් මෙය හොඳ විසඳුමක්. පුද්ගලයින් දෙදෙනකුට එකවර ගමන්කළ හැකි මේ අපූරු කුඩය මිලදී ගැනීම සඳහා පිවිසෙන්න.



3. Logitech K810 Illuminated Keyboard

මේ අලංකාර යතුරුපුවරුව bluetooth හරහා උපකරණ රාශියකට සම්බන්ධ කළ හැක. backlit පහසුකම ඇති නිසා ඔබට අඳුරේදී වුවත් පහසුවෙන් භාවිත කළ හැක. මේ keyboard එක මිලදී ගැනීම සඳහා පිවිසෙන්න.

4. Tree Branch Headphone Splitter

ඔබ ලස්සන සින්දුවක් අසා සිටින විට ඔබේ මිතුරාටත් ඒ ගීතය අසන්නට දෙන්නට සිතුනු අවස්ථා ඕන තරම් ඇති. මේ සරල උපකරණය මඟින් විවිධ ear phones හෝ head phones 3ක් හරහා එකවර සංගීතය ශ්‍රවණය කළ හැක. මිලදී ගැනීම සඳහා පිවිසෙන්න.

5. Pivot Power Mini

එක් පුද්ගලයෙක් භාවිත කරන ගැජට් ප්‍රමාණය කෙමෙන් වැඩිවත්ම එකවර උපකරණ කිහිපයක් චාර්ජ් කිරීම සඳහා අවශ්‍ය වන අවස්ථා ඔබට නිතර ඇති වනු ඇති. මේ අපූරූ ඒ වගේම හකුලා කුඩා කළ හැකි උපකරණයෙහි ඔබට සාමාන්‍ය විදුලි outlet 2කුත් USB outlet 2කුත් ඇත. මිලදී ගැනීම සඳහා පිවිසෙන්න.

6. mStand For MacBook

MacBook සඳහාම විශේෂයෙන් නිමවා ඇති මේ සිසිලක පද්ධතිය සහිත ඇලුමිනියම් ආධාරකය නිසා ඔබට ලැප්ටොප් පරිගණකයද ඩෙස්ක්ටොප් පරිගණකයක් ලෙස භාවිත කළ හැකි වේ. මිලදී ගැනීම සඳහා පිවිසෙන්න.

7. Star Wars Cufflinks

Star Wars හි හෙල්මටයක් වැනි මේ කමිස අත්අල්ලු (Cuff-links) මිලදී ගැනීම සඳහා පිවිසෙන්න.

8. Zaryadkus USB Wall Outlet
USB outlets 4ක් සහිත මේ චාජරය පහසුවෙන් ඔබගේ බිත්ති විදුලි කෙවෙනි හා සම්බන්ධ කළ හැකි අතර ජංගම දුරකථන රඳවා තැබීමටත් පහසුයි. එකවර උපකරණ කිහිපයක් සම්බන්ධ කළ හැකි වීමද, උපකරණ රඳවා තැබීමට මේසයක් සෙවීමට අවශ්‍ය නොවීමද මෙහි වාසියකි. මිලදී ගැනීම සඳහා පිවිසෙන්න.

9. Ice Age MacBook Decal

ඔබ MacBook හිමියෙක් නම් ඔබේ Apple සලකුණ අලංකාර කරගන්න අපූරු, ඒ වාගේම ගුණාත්මක ස්ටිකරයකි. මිලදී ගැනීම සඳහා පිවිසෙන්න.

10. Hinoki Memo Cube


අපූරු සටහන් පොතක් වන මෙය ජපානයේ නිපැයුමකි. ඔබගේ මේසය මත අලංකාර ලී කොටයක් වැනි notebook එකකට ඉඩ ඇත්නම් මිලදී ගැනීමට පිවිසෙන්න.

11. Glif Plus


සාමාන්‍ය tripod එකක් මත ඔබේ ජංගම දුරකථනය රඳවා තැබිය නොහැකියි. නමුත් මේ අපූරු සරල උපකරණය හරහා ඔබට ඔබේ ජංගම දුරකථනයෙන් වඩා හොඳ තත්වයේ ඡායාරූප ගැනීම සඳහා අවස්ථාව ලැබෙනු ඇත. මිලදී ගැනීම සඳහා පිවිසෙන්න.

12. Gun Mug By ChilliChilly


තුවක්කුවක ට්‍රිගරයක් සහිත කෝපි කෝප්පයකි. මිලදී ගැනීම සඳහා පිවිසෙන්න.

13. Cable Fondler

ඔබ ජංගම දුරකථන හෝ ටැබ්ලට් පරිගණක වැනි උපකරණ කිහිපයක් භාවිත කරන කෙනෙක් නම් ඔබේ මේසයේ කේබල් වලින් පිරිලා ඇති. ඒ ප්‍රශ්ණයට විසඳුමක් ලෙසයි මේ උපකරණය නිපදවා ඇත්තේ. මිලදී ගැනීම සඳහා පිවිසෙන්න.



14. Romo Robot For Smartphone


මේ පුද්ගලික රොබෝව නිපදවා ඇත්තේ iPhone එකක් ප්‍රධාන කරගෙනයි. ඒ වාගේම හුරුබුහුටි පෙනුමත්, වේගවත් බවත්, පහසු බවත් නිසා ඉක්මනින්න ප්‍රචලිත වූ උපකරණයකි. මිලදී ගැනීම සඳහා පිවිසෙන්න.

15. Cube Laser Virtual Keyboard


Bluetooth හරහා ඔබේ පරිගණකයට, ටැබ්ලට් පරිගණකට හෝ ජංගම දුරකථනයට සම්බන්ධ කළ හැකි ලේසර් කිරණ හරහා මේසය මතට පරිගණක යතුරුපුවරුව ප්‍රක්ශේපනය කරන මේ උපකරණය ප්‍රයෝජනවත් උපකරණයකි. මිලදී ගැනීම සඳහා පිවිසෙන්න
සදා ජය​...


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



 
-