Laptop එකක් ගනිද්දි මේ ගැනත් බලන්න
අපි ඉතින් ගොඩක් වෙලාවට බලන්නෙ අපි ගන්න යන laptop එකේ කතා කරගත්තු විදිහට RAM, Processing Speed, VGA, Disk Space වගේ දේවල් තියනවද කියලනෙ. ඊට අමතරව බලන්න ඕන තව දෙයක් තියනව. ඒ තමයි laptop එකේ LCD/LED screen එක.
මේ screen එකේ අපිට පේන්නෙ නැති තරම් කුඩාවට කළු, සුදු හෝ වෙනත් පැහැයක් ගන්නාවූ ලප තියෙන්න පුළුවන්. මේවට කියන්නෙ Dead/Stuck Pixel කියල. අපි මේක ගැන සැලකිලිමත් වෙන්න ඕන ප්රධානම හේතුව තමයි, මේවගේ ලප (Dead Pixel) එකක් දෙකක් තිබුනට අපිට අලුත් screen එකක් warranty යටතේ හම්බවෙන්නෙ නැති එක. එහෙම අලුත් එකක් දෙන්නනම් ගොඩක් වෙලාවට අඩුම තරමින් Dead Pixel 5ක් වත් තියෙන්න ඕන. මේක laptop brand එක අනුව වෙනස් වෙන දෙයක්.
ඔයා ගන්න යන laptop එකේ Dead Pixel තියනවද කියල බලන්න පුළුවන් ලේසිම විදිහ තමයි wallpaper එකට සුදු පාට පින්තූරයක් සහ කලු පාට පින්තූරයක් දාල හොඳින් පරීක්ෂා කරන එක. මේ web site (UDPixel) එකේ තියන පොඩි software එකෙන් ඒ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්. මෙතුවකට ඔයා මේ ගැන නොදැනුවත් උනානම් දැන් අරගෙන බලන්න.Install කරන්න ඕන නැති නිසා laptop එක ගන්න වෙලාවට Flash Drive එකක දාගන ගිහින් run කරල බලන්න තියෙන්නෙ.
මෙතනින් බාගන්න:
ඊට අමතරව මේ web site එකට (Dead Pixels Test) ඒ වෙලාවෙම ගිහිනුත් හොඳ පරීක්ෂාවක් කරගන්න පුළුවන්. අමාරුවෙන් සල්ලි හොයාගන laptop එක ගත්තට පස්සෙ දුක් වෙනවට වඩා හොඳට පරීක්ෂා කරල ගන්න එක හොඳයිනෙ.