Framed 2.0 – මේ තවත් එක් ඩිජිටල් පින්තූර රාමුවක් නෙවෙයි
ඩිජිටල් පින්තූර රාමු (Digital Photo Frames) කියන්නේ වෙළඳපලට අලුත් දෙයක් නම් නෙවෙයි. සමහරවිට දැනටත් ඔබේ මේසය උඩ පසුගිය සති අන්තයේ නිවාඩුවේදී ගත්ත ඡායාරූප එකින් එක පෙන්වන ඩිජිටල් පින්තූර රාමුවක් තිබෙන්නට පුළුවන්. ඒත් අපි ඒ වගේ ඩිජිටල් පින්තූර රාමුවක් බිත්තියක එල්ලන කලා කෘතියක් බවට පත්කරන පුළුවන් කියලානම් හිතුනේ නෑ නේද? නමුත් දැන් Framed 2.0 නමින් හඳුන්වන TV එකක ප්‍රමාණයේ ඩිජිටල් පින්තූර රාමු නිසා එය ඇත්තක් බවට පත් වෙලා. සාමාන්‍ය ඡායාරූප වෙනුවට ඩිජිටල් කලාකෘති දර්ශණය වන මෙහි විශේෂත්වය වන්නේ Framed 2.0 හරහාම ඔබට ලොව පුරා වෙසෙන අති දක්ෂ කලා නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ සැනින් ඔබේ බිත්තිය අලංකාර කරගන්න යොදාගන්න පුළුවන් වීමයි.
Kickstarter වෙබ් අඩවිය හරහා පසුගිය සඳුදා Crowdfund සඳහා එළිදැක්වුණු මේ නව නිර්මාණය, සිය ඉලක්කය වන $75 000ක මුදල එක්කාසු කරගැනීමට ගතවූයේ පැය 5කටත් අඩු කාලයකි. එය මේ වනවිට $240 000කට අධික මුදලක් එක්කාසු කරගෙන ඇත.
ප්‍රමාණ 3කින් ලබාගත හැකි මේ ඩිජිටල් රාමුවේ අඟල් 24 රාමුවක් සඳහා $399ක මුදලක් ද, අඟල් 40 රාමුවක් සඳහා $15000ක මුදලක් ද, අඟල් 55 රාමුවක් සඳහා $10 000 ක මුදලක් ද වැය කිරීමට ඔබට සිදුවනු ඇත. කෙසේ නමුත් මෙය තවමත් වෙළඳපළට නිකුත් කර නොමැති අතර වෙළඳපළට නිකුත් වන මුදල මීට වඩා වැඩි වනු ඇතැයි පැවසේ.
1080p Full HD IPS තිරයක් සහිත මේ රාමුව අංශක 180 දක්වා සෑම කෝණයකින්ම පැහැදිලිව නැරඹිය හැක. මීට අමතරව තිරය සම්පූර්ණ ස්පර්ශ සංවේදී වන අතර චලන වලට සංවේදීව ප්‍රතිචාර දැක්වීමට සමත්ය.
මීට අමතරව iOS app එක හරහාද Frame 2.0 හි වෙනස්කම් සිදුකළ හැකි අතර AirPlay හරහා ගීත වාදන කරන speaker එකක් ලෙස භාවිත කළ හැක. Hardware specs සලකන විට Quad Core 2.4 GHz CPU එකක් ද, 802.11 b/g/n wifi සම්බන්ධතාවක් ද, 720p කැමරාවක් ද, මයික්රෆෝනයක් හා Stereo Speaker එකකින්ද සමන්විතයි.
මේ නව නිර්මාණයේ සම නිර්මාතෘවරයා මාධ්‍ය වෙත පවසා සිටියේ මේ තාක්ෂණික නිර්මාණයට වඩා ඒ සමඟ සම්බන්ධ වන නිර්මාණකරුවන් හා ඒ සමඟ ගොඩනැඟෙන සමාජය වඩා වැදගත් බවයි