Ads 468x60px

home

Showing posts with label ජිවිතයට ඔවදනක්. Show all posts
Showing posts with label ජිවිතයට ඔවදනක්. Show all posts

Friday 6 March 2015

904.සම මත අයිස් තැවරිමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභයන්.


සම මත අයිස් තැවරිමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභයන්.
Image result for ice cube on face

    ස්කින් අයිසින් ලෙස හදුන්වන මෙම රුපලාවන්‍ය ක්‍රියාකාරකම මගින් සමේ පෙනුම වැඩිදියුණු කරගන්නට හැකියාවක් තිබෙන නිසා රුපලාවන්‍ය විශේෂඥයින් බොහෝ කාලයක් තිස්සේ මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරනවා. කොරියානු රුවැත්තියන් ඔහුන්ගේ සම අලංකාරවත් කර ගැනිම සඳහා භාවිතා කරන ප්‍රසිද්ධ ක්‍රමයක් විදිහට මෙය හඳුන්වන්න පුලුවන්.

සෞඛ්‍ය විශේෂඥයින් විශ්වාස කරන පරිදි සම මත අයිස් තැවරිමෙන් මෙම පහත තිබෙන සෞඛ්‍ය ප්‍රතිලාභයන් ලැබෙනවා.

* සම නැවත ප්‍රාණවත් කර ගැනිම.

* සම රැළිවැටිම වලක්වාලීම.

* කැළැල් වලට සහා කුරුලෑ වලට එරෙහිව සටන් කිරිම.

* රුධිර සංසරණය වැඩිදියුණු කරමින් සෞඛ්‍ය සම්පන්න වර්ණයක් සමට ලබාදීම.

උදේ සහා සන්ධ්‍යා කාළයේදී සිදුකරනු ලබන මෙම ප්‍රතිකාරය මගින් ලැබෙන තවත් සෞඛ්‍ය ප්‍රතිලාභයන් කිහිපයක් පිළිබඳව පහතින් දැක ගන්නය පුලුවන්.

(1) සිනිදු සමක්.

සම මත අයිස් තැවරිමෙන් සම තද ස්වභාවයකට පත්වන අතර තෙල් සහා අපවිත්‍ර දෑ හේතුවෙන් විශාලනය වි ඇති මුහුණේ ඇතැම් කොටස් හැකිලිමක්ද සිදු කරනවා.තවද සමේ වර්ණය සකස් කරමින් සම සිනිසු එකක් බවටද පත් කරනවා.

(2) රුධිර සංසරණය වැඩි දියුණු කිරිම.

සම මත අයිස් තැවරිමෙන් රුධිරය සංසරණය වැඩිදියුණූ කරගන්නට පුලුවන්. රුධිර නාල සංකෝචනය කරමින් සම මතුපිට යැවෙන රුධිර ප්‍රමාණය අවම කිරිමට අයිස් වලට හැකියාව තිබෙනවා. ප්‍රදාහය සහා ඉදිමුන් තත්වයන් සඳහා එය ඉතාමත් ප්‍රයෝජනවත්. මෙම අයිස් ප්‍රතිකාරයට ප්‍රතිචාර දක්වන ශරිරයේ පිළියම් කරන ලද ස්ථානයට උණූසුම් රුධිරය යෑවිම වේගයෙන් සිදු කරනවා.

(3) ඉදිමුනු ඇස් සඳහානම් ඉතාමත් යෝග්‍යයි.

ඉහත සඳහාන් කළ පරිදි ඉදිමුන් තත්වයක් අවම කිරිමට අයිස් වලට හැකියාව තිබෙනවා. එයින් ඇස් යට ඇති ඉදිමුණු ගතියද මේම ප්‍රතිකාරය මගින් අවම කරගන්නට පුලුවන්.

(4) සම මත අයිස් තැවරිමෙන් රැළි වැටුණු සම සැහැල්ලු කර ගන්නට පුලුවන්.
ඒ වගේම සම නැවත රැළි වැටිමේ ක්‍රියාවලියද අඩපන කර ගැනිමට හැකියාව තිබෙනවා.

(5) කැළැල් පලුදු සහා කූරුලෑ පාලනය කිරිම.

මුහුණේ ඇති ඉදිමුන් ගතිය වගේම රතු ගතියස මෙම ප්‍රතිකාරය මගින් පාලනය වෙනවා. එම නිසා කුරුලෑ ගතිය සඳහා මෙය සාර්ථක ප්‍රතිකාරයක් බව මතක තබා ගන්න. අලුතෙන් කුරුලෑවක් මතුවන විට මෙම ප්‍රතිකාරය භාවිතා කරන්න. එමගින් ඉදිමුම සහිත දැවිල්ල ඇතිවිම අවම කරගන්නට පුලුවන්. තවද කුරුලෑවල ප්‍රමාණය අවම කරගැනිමට හැකියාව තිබෙනවා.

ඒ සඳහා ඔබ කළයුතු වන්නේ කුරුලෑව ඇති ස්ථානය මත අයිස් කැටයක් තප්පර කිහිපයක් තබාගෙන සිටිම පමණයි. එම ස්ථානය හිරිවැටෙන තුරුම අයිස් කැටය තබාගෙන ඉන්න. මේ විදිහට සෑම රාත්‍රියකම ප්‍රතිකාරය සිදුකරන්න. මෙම ප්‍රතිකාර ක්‍රමය ඉතාමත් පහසුවෙන් කරගන්නට පුලුවන් උදැසනින් හෝ සන්ධ්‍යා කාලයේදී එය සිදු කරන්න.

1) පළමුව හොදින් මුහුණ පිරිසිදු කරන්න.

2) සිනිදු රෙදිකැබැල්ලක් යොදා ගනිමින් අයිස් කැබලි එකක් හෝ දෙකක් ඔතා ගන්න.

3) අයිස් දියවිමෙන් රෙදි කැබැල්ල තෙත් වන විට මුහුණේ තැවරිම ආරම්භ කරන්න.

4) අයිස් කැබලි සහිත එම පොට්ටනිය මුහුණේ සෑම ස්ථානයකම මඳ වේලාවක් තබාගෙන ඉන්න. මේ විදිහට මුළු මුහුනේම අයිස් තවරා ගැනිම සිදුකරන්න.

5) පසුව රවුමට අයිස් පොට්ටනිය මුහුණේ පුරා ගෙන යන්න. නිකටේ ප්‍රද්‍ෙශයෙන් ආරම්භ කොට නළල දක්වාම මෙය සිදුකරන්නේනම් ඉතාමත් හොඳ ප්‍රතිපල ලබාගන්නට පුලුවන්. ඇස් යට ප්‍රදේශය සඳහා විශේෂ අවධානයක් යොමු කිරිමට මතක තබා ගන්න.

6) අවසාන වශයෙන් සිදු කල යුත්තේ මොයිච්චරයිසර් ක්‍රිම් විශේෂයක් සමේ ආලේප කර ගැනිමයි.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Sunday 1 March 2015

897.ඇග විතරද හදාගන්නේ ඇයි මොලය හදාගන්නේ නැද්ද​?


ඇග විතරද හදාගන්නේ ඇයි මොලය හදාගන්නේ නැද්ද​?

Image result for Hack Your Brain
තරුන අය ජිම් එකකට ගිහින් ඇග හදාගන්න දැන් ගොඩක් දෙනෙක් පුරුදුවේලා තියෙන්නේ ඒක හොද දෙයක් ,ඒ වගේම අපේ වැදගත්ම ඉඳ්‍රිය හදාගන්න ජිම් ගිහින් බැ ඒ කියන්නේ මොලය​..නමුත් අපිට exercise කරල මොලය වර්දනය කරගන්න පුලුවන්.

මේ සදහා භාවිතාකල හැකි විවිද ක්‍රියාකාරකම් අද දකින්න් පුලුවන්.මේ අතරින් ප්‍රදාන තැනක් ගන්නmemory games ගැන අද කථා කරන්න හිතුවේ. 
මෙම memory games play කිරිම මගින් ඔබගේ
  • මතකය වර්ධනය කරගන්න පුලුවන්
  • මොලයේ ක්‍රියාකරිත්වය වැඩි කරගන්න් පුලුවන්
  • තර්ක කිරිමේ හැකියාව​
  • තේරුම් ගැනිමේ හැකියාව 
  • යමක් ග්‍රහනය කරගැනිම වැනි ආදි බොහොමයක් හැකියාවන් වර්දනය කරගැනිමට පුලුවන්.


මෙමෙ memory games play කිරිම ආරම්භයේදි ඔබගේ තත්වයත් එය දිගින් දිගටම playමගින් ඔබගේ ඇතිවන වෙනසත් ඔබටම අත් විදින්න පුලුවන්...

පහලින් ඒ වගේ ලොකයේ ජනප්‍රිය memory games  කිහිපයක් ලබාදිලා තියනවා උත්සාහ කරල බලන්න​..

Image result for go button gif



Image result for go button gif



Image result for go button gif



Image result for go button gif



Image result for go button gif

තව ඕනනම් මෙතනින් ගිහින් බලන්න​



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Friday 27 February 2015

894.සර්පයෙකු දෂ්ට කළ විටෙක නොකළ යුතු දේ…



සර්පයෙකු දෂ්ට කළ විටෙක නොකළ යුතු දේ…
Image result for indian cobra fangs


සර්පයෙකු දෂ්ට කළ විටෙක නොකළ යුතු දේ තවමත් සිදුවන බව සමාජය තුළ පැහැදිලිව දැකිය හැකිය. එබැවින් මේ පිළිබඳව දැනුවත්ව සිටීම ඉතාම වැදගත් වෙයි. සර්ප දෂ්ටනයකින් වැළකී සිටීම ඉතාම වැදගත් කරුණකි. නිතරම සර්ප දෂ්ටන වළක්වා ගැනීමට කටයුතු කරන්න.

* රාත්‍රී කාලයේදී ගමනක් යන විට, එළිමහනේ ගැවසෙන විට විදුලි පන්දමක් භාවිතා කරන්න.

* නැතහොත් කෝටුවකින් හෝ කොළ අත්තකින් ‍පොළොවට තට්ටු කරමින් ශබ්ද නැගෙන සේ ඇවිදයන්න. එවිට ඒ අසල ගැවසෙන සර්පයෝ ඔබ මගහැර යති.

* නිතරම හොඳින් කකුල් වැසෙන සපත්තු හෝ බූට්ස් පැළඳගන්න.

* අපරීක්ෂාකාරී ලෙස හුඹස්වලට ගස්බෙනවලට අත දැමීමෙන් වළකින්න.

* නිවස අවට ඇති දර ගොඩවල්, දර කොට, ගල් ගොඩවල්, කසළ ගොඩවල් යට සර්පයන් සැඟවී සිටිය හැක. මේවා ඉවත් කර අවට පරිසරය පිරිසිදුව තබන්න.

* සමහර සර්පයන්ට පහර දුන් විට උන් මියගියා සේ වැතිර සිටී. එබැවින් මිය ගියාසේ සිටින සර්පයෙකුට වුවද පණ තිබිය හැකි බැවින් උන් අතින් ඇල්ලීමෙන් වළකින්න.

* සර්පයන් යනු අප ජීවත්වන ෙජෙවමය පරිසරයේම කොටසකි. එනිසා උන් මරා දැරීම පරිසර අසමතුලිත බවට හේතුවකි. එනිසා අප කළ යුත්තේ මිනිසුන්ට හානිදායක නොවන පරිසරයකට උන් මුදාහැරීම පමණි.

කිසියම් අවස්ථාවකදී සර්පයෙකු දෂ්ට කළහොත්

* රෝගියා අධික ලෙස බියවී ඇත්නම් බිය තුරන් කරන්න. අධික ලෙස බියපත් වීම තත්ත්වය උත්සන්න වීමට හේතුවකි.

* හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇත්නම් හනිකට කෘත්‍රිම ස්වසනය ලබාදෙන්න.

* දෂ්ට කළ ස්ථානය නොසොල්වා තබන්න.

* දෂ්ට කළ ස්ථානය සබන් යොදා ගලා යන ජලයෙන් සෝදන්න.

* රෝගියා පැළඳ සිටින ආභරණ ඉවත් කරන්න.

* හැකි ඉක්මනින්ම රෝහලකට රැගෙන යන්න.

නොකළ යුතු දේ

* දෂ්ට කළ ස්ථානයට මුඛය තබා ඉරීම හෝ එම ස්ථානය කැපීම කරන්න එපා.

* තුවාලයට පහළින් හෝ ඉහළින් වෙලුම් යොදා තද කිරීමෙන් වළකින්න.

* නස්න කිරීමෙන් වළකින්න.

* මධ්‍යසාර, තැඹිලි වතුර, පලතුරු යුෂ, ‍පොල් කිරි වැනි කිසිවක් බිමට දීමෙන් වළකින්න.

* ඇස්ප්‍රින් අඩංගු ඖෂධ වර්ග දීමෙන් වළකින්න.

ඔබට මේ ගැන කිසියම් වූ තොරතුරක් අවශ්‍ය නම් ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය අමතන්න. -- 0112 – 686 143 හෝ 0112 – 69 1111 – දිගුව 2430

ශ්‍රී ලංකා ජාතික රෝහ‍ලේ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Friday 13 February 2015

871.ලෝක සෞඛය සංවිධානය ප්‍රකාශයට පත් කල මිනිස් මොළයට හානිවිය හැකි නරක පුරුදු 10 ක්


ලෝක සෞඛය සංවිධානය ප්‍රකාශයට පත් කල මිනිස් මොළයට හානිවිය හැකි නරක පුරුදු 10 ක්
Image result for human body brain

අපි නොදැන නොහිත කරන පුංචි පුංචි දේවල් නිසා අපේ මොළය ට හානි වෙනවා කියල දන්නවද..මේ විදියට දවසින් දවස සිද්ධ වෙන හානි නිසා ඔයාගේ මොළයෙන් ගොඩක් වැඩ ගන්න අමාරු වෙනවා.මේ වගේ මොළයට හානි වෙන්න පුළුවන් නරක පුරුදු 10 ක් ලෝක සෞඛය සංවිධානය ප්‍රකාශයට පත් කරලා තියෙනවා.බලන්න මේ පුරුදු වලින් කීයක් ඔයා ලඟත් තියෙනවද කියල.

1. උදේ අහාර නොගැනීම
ලොකු පොඩි ගොඩක් දෙනෙක්ට දැන් උදේ අහාරය ගන්න එක මග ඇරෙනවා. ඉස්කෝලේ යන දුල පුතාලට නම් හුඟක් වෙලාවට දහවල් විවේක කාලය ලැබෙනකම් උදේ ආහාරය ගන්න ලැබෙන්නේ නෑ.මේ නිසා උදේ ඉගෙන ගන්න දේවල් තේරුම් ගන්න, මතක තියා ගන්න මොළයට අවශ්‍ය පෝෂක නොලැබී යනවා. එයින් මොළයට හානි සිදු වෙන්න පුළුවන්.

2. වැඩිපුර අහාර ගැනීම
ඕනෑම දෙයක් ඕනවට වැඩිය ඕන නැහැ කියනවනේ.අන්න ඒ වගේ අහාර නොගෙනම සිටීම විතරක් නෙවේ, වැඩිපුර අහාර ගැනීමත් හොඳ නැහැ. මේ නිසා මොළයට ලැබෙන රුධිර සැපයුම අඩු වෙනවා.

3. දුම් පානය
මේ නිසා මොළයට බහු විද හානි සිදු වෙන්න පුළුවන්.තමන් දුම් පානය නොකලත් වෙනත් කෙනෙක් දුම් පානය කරද්දී ඒ දුම අග්‍රාහනය කිරීම (අක්‍රීය දුම් පානය) නිසාත් මෙය සිද්ද වෙන්න පුළුවන්.ඒ විතරක් නෙවේ මදුරු දඟර දුමත් සිගරට් 52 ක දුම තරම් ප්‍රබලයි කියල සොයාගෙන තියෙනවා.

4. සීනි සහිත අහාර වැඩිපුර ගැනීම
අපේ දුල පුතාල පැණි රස කන්න හුඟක් කැමතියිනේ.. හැබැයි ඉතින් වැඩිපුර සීනි අහාරයට ගැනීම නිසා ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් වගේ වැදගත් පෝෂක ලැබීම අඩු වෙනවා.මෙය මොලයේ වර්ධනයට අහිතකරයි.

5. වායු දුෂණය
මේ නිසා ශරීරයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩු වෙනවා.මොළය තමයි ශරීරයට ලැබෙන ඔක්සිජන් වලින් 20%ක්ම භාවිතා කරන්නේ.මොළයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබී යාමෙන් එයට හානි සිදු වෙනවා.

6.අඩු නින්ද
මොළයට අවශ්‍ය විවේකය ලැබෙන්නේ නින්දෙන්.පාඩම් කරන දේ මතක තියා ගන්න, විසඳුනේ නැති ගැටළු විසඳන්න නින්ද අපිට වටිනම දෙයක්. නින්ද මදි උනාම මතක සෛල මිය යනවා.

7. නින්දේදී හිස ආවරණය කර ගැනීම
ඔයත් සමහර විට ඔලුවේ ඉඳල පොරවගෙන නිදාගන්න පුරුදු වෙලා ඇති.මෙය ඉතාමත් නරකයි.මොකද ඒ නිසා නින්දේදී අපි ප්‍රශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් වායුවම අයෙත් ආශ්වාස කෙරෙනවා.එතකොට මොළයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබී යාම නිසා මොළයට හානි වෙනවා.

8. අසනීපයෙන් සිටින විට මොළය වෙහෙස කිරීම
අසනීප අවස්ථා වල පාඩම් කිරීම,මොලය වෙහෙසවා වැඩ කිරීම
නිසා මොළයේ කාර්යක්ෂම බව අඩු වෙනවා වගේම හානි සිදු වෙන්නත් පුළුවන්.

9. ප්‍රබෝධාමත් සිතිවිලි අඩු වීම
හොඳ සිතිවිලි මොළය පුහුණු කරවන්න හොඳම ක්‍රමයයි.නිතරම කල කෙරුණු ඍනාත්මක සිතිවිලි වලින් සිටීම නිසා මොළයේ ක්‍රියාශීලිත්වය අඩුවෙනවා

10. අඩුවෙන් සිතීම
යන්ත්‍රයක් වුනත් හොඳින් වැඩ කරන්නේ එයින් වැඩ ගන්න කොටයි.මොළයත් ඒ වගේ.
නිතරම තමන් ඉගෙන ගන්න දේ ගැන අහන දකින දේ ගැන ප්‍රශ්න කරමින් බුද්ධිමය සංවාද ඇති කර නොගැනීම මොළයේ කාර්යක්‍ෂම බව අඩු කරනවා.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Monday 9 February 2015

863.දියවැඩියාව පරදවන්නට නම්

දියවැඩියාව පරදවන්නට නම්



දියවැඩියාව යනු රුධිරයේ සීනි වැඩිවීමයි. රුධිර සීනි මට්ටම පාලනය කරනු ලබන්නේ අග්න්‍යාශයේ නිපදවන ඉන්සියුලීන් හොමෝනය මගිනි. ඉන්සියුලීන් හෝමෝනයේ ඌණතාවය නිසා හෝ ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය මදිකම නිසා දියවැඩියා තත්වය ඇති වේ.
 දියවැඩියා රෝගය පාලනයට රෝගියාගේ කැපවීම අත්‍යාවශ්‍ය වේ. දියවැඩියා රෝගී තත්වය නිට්ටාවට සුව කල නොහැක. නමුත් මනා රුධිර සීනි පාලනය මගින් දියවැඩියා රෝගීන්ටත් සාමාන්‍ය දිවි පෙවතක් ගත කළ හැක. දියවැඩියාව ඇති රෝගියකුට සෑම අවස්ථාවේදීම අසනීප තත්වයක් ශරීරයට නොදැනුනද රුධිර සීනි පාලනය නොකලහොත් විනාශකාරී සංකුලතා ඉක්මණින් ඇති විය හැක. එනම් වකුගඩු රෝග, පෙනීමේ දුබලතාවය, සහ ලිංගික අප්‍රාණිකත්වය, ක්ලාන්තය ආදී රෝගී ලක්ෂණ වේ.

දියවැඩියා රෝගයට බලපාන හේතු


  • ආරය
  • මානසික ආතතිය
  • තරබාරුකම
  • අධික ආහාර අනුභවය හා ව්‍යායාම අඩු වීම
  • ගර්භනී කාලයේ දියවැඩියාව ඇති වු මව්වරුන්
  • උපත් බර අඩු දරුවන්


 දියවැඩියා රෝග ලක්ෂණ


  • පිපාසය
  • නිතර නිතර ඇති වන කුසගින්න
  • තොල කට වියළීම
  • රාත්‍රී නින්දෙන් අවදි වී මුත්‍රා පහ කිරීම හා මුත්‍රා කරන වාර ගණන වැඩි වීම
  • ශරීරයේ බර කෙටි කාලයකදී අඩු වීම
  • තෙහෙට්ටු ගතිය


රෝග විනිශ්චය පරීක්ෂණ

        1.  නිරාහාර රුධිර පරීක්ෂාව (Fasting Blood Suger )
                        එනම් රාත්‍රී කාලයේ පැය 12 ක කාලයක් නිරාහාරව සිට රුධිරය පරීක්ෂා කීරීම
                        සාමාන්‍ය අගය 65 – 105 dl/mg
         2.  ආහාර ගෙන පැය දෙකකට පසු රුධිර සීනි මට්ටම පරීක්ෂාව (Post Parandial Blood Suger )            සාමාන්‍ය අගය 140 dl/mg
         
 3.  GTT (Glucose Tollerace Test)ග්ලුකෝස් දැරීමේ හැකියාව පරීක්ෂා කිරීම

දියවැඩියා රෝග විනිශ්චය කිරීමේ රුධිර සීනි මට්ටම




 ගර්භණී තත්වයේ ඇති වන දියවැඩියාව

ගර්භණී අවස්ථාවේ දී දියවැඩියාව ඇති වු අයටද ඉදිරි වසර 10 – 20 අතර වාරයේ දෙවැනි ඛාණ්ඩයේ දිවැඩියාව ඇතිවීමේ අවදානමක් ඇත. ගර්භණී මව්වරුන් 5% - 10%  ත් අතර ප්‍රමාණයක් දෙවැනි ඛාණ්ඩයේ දියවැඩියා රෝගීන් බවට පත්වීමේ අවදානමක් ඇත. එම අවධියේ දිවවැඩියාව ඇති මව්වරුන්ට බිහිවන දරුවන් , 15% - 25% අතර පළමු ඛාණ්ඩයේ දියවැඩියාව සෑදීමේ අවදාමක් ඇති අතර ගබ්සා වීමේ අවදානම හා උපදින දරුවන් විකලාංග වීමේ අවදානමද ඇත.

 ගර්භණී අවස්ථාවේදී රුධිර ප්‍රමාණයන්(රෝග විනිශ්චය පරීක්ෂණ)
          
 1. නිරාහාර රුධිර පරීක්ෂාව (Fasting Blood Suger )
                                    92 mg/dl
            2. ආහාර ගෙන පැයකට පසුව
                                    180 mg/dl
           3. ආහාර ගෙන පැය 2 කට පසුව
                                    153 mg/dl

ගර්භණී අවස්ථාවේදී දියවැඩියාව ඇත්දැයි පරික්ෂා කළයුතු මව්වරුන් වන්නේ

(පලමු පුර්ව සායනයේදී මෙම පරීක්ෂාවන් කල යුතුය.)
 ස්ථුල ශරීරය ඇති අය
පෙර අවස්ථාවලදී ගබ්සාවලට ලක් වු අය
ගර්භණී අවස්ථාවේදී, පෙර දියවැඩියාවෙන් පෙලුනු අය
වැඩි උපත් බර සහිත දරුවන් ඇති මව්වරුන්
 දියවැඩියා ඉතිහාසක් ඇති මව්වරුන්



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Saturday 7 February 2015

860.වතුරයි මිපැණියි හිස්බඩ පානය කිරිමෙන් ලැබෙන වාසි

වතුරයි මිපැණියි හිස්බඩ පානය කිරිමෙන් ලැබෙන වාසි


මානව ශිෂ්ටාචාර පහලවිමටත් ප්‍රථම මිනිසා අනුභවකරනු ලැබු අතර මිපැණි ද දැකගන්නට තිබුනා. ඒ වගේම පෝෂක පදාර්ථයන් රැසක්ම ලබාදෙන මිපැණි අනුභව කිරිමෙන් විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභයන් රැසැක්ම ලැබෙනවා. ජලය සමග මිපැණී මිශ්‍රකොට පරිභෝජනය කිරිමෙන් බොහෝමයක් ලෙඩරෝග සුවකරගන්නට හැකියාවක් තිබෙන බව වැඩි දෙනෙක් දන්නේ නැහැ.

අවශ්‍ය කරන ද්‍රව්‍ය


  • ඇල් වතුර කොප්පයක්
  • මිපැණි තේ හැන්දක්


සදාගන්නා ආකාරය

ඇල්වතුර කොප්පයට මිපැණි ඒකතු කොට හොඳින් කලවම් කරන්න. ඒම මිශ්‍රණයේ සියයට 30 ක් පමන මිපැණි අන්තර්ගතයි නම් එහි ඝනත්වය රුධිර ප්ලාසාම වලට සමාන විය යුතුයි. මෙලෙස සාදාගන්නා මිපැණි වතුර වල අන්තර් ගත මිපැණි වඩාත් හොඳින් ශරිරයට අවශෝෂණය වෙනවා.ඉන් විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභයන් රැසක්ම ඔබට ලැබෙනවා.

එම සොඛ්‍ය ප්‍රතිලාභයන් අතරින් වඩාත් ජනප්‍රියතම ප්‍රතිලාභයන් කිහිපයක් තමයි මේ ඔබ පහතින් දකින්නේ.

* බඩවැල් වල ඇති විෂ තැන්පතු ඉවත් කරමින් සම්පුර්ණ ශරිරයම පිරිසිදු කරනවා.

* ප්‍රතිදිලිර, ප්‍රතිබැක්ටිරියා සහා ප්‍රතිවෛරස ගුණයක් එහි තිබෙනවා.

* රාත්‍රි කාලයේදී ඇති වෙන පාලනය කළ නොහැකි මුත්‍රා කිරිමේ අවශ්‍ය තාවයට සඳහා මෙය ඉතාමත් හොඳ විසදුමක්. වකුගඩු වල ජලය මිපැණි විසින් අවශෝෂණය කර ගෙන එහි ක්‍රියා කාරිත්වය පහසු කරනවා.

* ආහාර ජිර්ණ මාර්ගයේ වර්ධනය වන පරපොෂිතයින් පිරිසිදු කරමින් රුධිර වහනය සිදුවිම වළක්වනවා.

* ඔබේ සම දිප්තිමත්, මෘදු, තරුණ එකක් බවට පත් කරනවා.

* ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණූ කරමින් සෙම්ප්‍රතිශ්‍යාව සහා 
ක්ලොමප්‍රදාහය සඳහා සහනය සලසනවා.

* පෙනහළු තුල දැකගත හැකි සෙම ආදිය තුරල් කරනවා.

ආරම්භයෙදී ඔබේ ඉන ප්‍රදේශය තරමක් මහත් වි තිබෙනවා ඔබට දැකගන්නට ලැබේවි. එය ඔබ වද විය යුතු තත්වයක් නොවයි. fecal sediments ඉදිමිම්ම සහා මෘදුවිම හේතුවෙන් තමයි එම තත්වය ඇතිවෙන්නේ. මෙම තත්වය සිමිත කාලයක් දක්වා පවතින අතර පසුව ඉන ප්‍රදේශයේ පෙනුම ටික දිනකින් යතා තත්වයට පත් වෙනවා.

පරිභෝජනය කරන ආකාරය

වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගැනිම සඳහා මෙම පානය උදෑසන හිස්බඩින් පානය කලයුතුයි. මෙය වේගයෙන් පානය කලයුතු බවද හොඳින් මතක තබා ගන්න. අවශ්‍ය නම් නින්දට යෑමට පෙරද මෙය පානය කරන්නට පුලුවන්.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -

මෙයDeepHE අඩවියේ ඵලවු ලිපියක් වන අතර,මුල් කතුවරයාට සම්පුර්න ස්තුතිය හිමිවිය යුතුය​
මෙතනින් යන්න​

Friday 30 January 2015

846.ලොවක් පුදුම කරමින් 26134000 අදිකව නැරබු යාචකයාගේ සන්වේදි video ව​

ලොවක් පුදුම කරමින් 26134000 අදිකව නැරබු යාචකයාගේ සන්වේදි video ව​



කුසගින්නට දනවත් අයගෙන් කැම ඉල්ලද්දි එය නොලැබෙද්දි එත් දුප්පතා තමන්ගෙන් බඩගින්නට කෑම චුට්ටක් ඉල්ලපු කෙනාත් එක්ක කෑම එක බෙදාගන්න දෙපාරක් හිතුවේ නැහැ..
අන්තිමට බඩගින්නට කෑම ඉල්ලුව තමන් කව්ද කියල යාචකයට කියද්දී ඔහුගේ ඇස් වලට කඳුළු උනපු හැටි බලන්න..





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Thursday 29 January 2015

843. නොදුටු ඔබේ ඇස

 නොදුටු ඔබේ ඇස



ඇස් වලින් බොරු කරන්න බෑ කියල අපි කතාවක් අහල තියනවා. ඒ වගේම තමයි අපේ ඇස් දෙකෙන් අපේ ඇඟ ඇතුලේ තියන ලෙඩ රෝග ගැනත් යම්තාක් දුරකට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හර්දයබාධ , දියවැඩියාව , අධි රුධිර පීඩනය ආදී ලෙඩ රෝග මෙන්ම ජාන විකෘති විම නිසා ඇති වන ලෙඩ රෝග වලින් 1/3ක් ම ඇස හා සම්බන්ධ බවට සොයාගෙන තිබේ. ශරීරයෙ පෝෂණ ඌනතා සහ අභ්‍යන්තරයේ ඇති ආසාත්මිකතාවයන් පිළිබඳව ද යම් කිසි නිගමනයන්ට එලඹ්මට ද හැකියාවක් තිබේ. ඇසෙහි විවිධ කොටස් මගින් විවිධ රෝග නිර්ණය කරගැනීමේ හැකියාව පවතී.
අක්ෂි විශේෂඥයන් පවසන අන්දමට ඇස යනු අපගේ අභ්‍යන්තර ශරීරය පිරික්සිය හැකි විවරයකි.බොහෝ විට වෛද්‍යවරුන් අන්වීක්ෂ භාවිතයෙන් ඇස පරීක්ෂා කොට මෙම රෝග ලක්ෂණ හඳුනා ගනී. මානසික ආතතිය වැනි තත්ත්ව යටතේ ද ඇසෙහි විවිද වෙනස්කම් දැකිය හැකි වේ. ඇසෙහි ඇති තවත් එක් විශේෂත්වයක් නම් මෙම රෝග ලක්ෂණ ශරීරයේ වෙනත් ස්ථාන වල මතු වීමට පෙරම ඇස් පරික්ෂා කිරීමෙන් හඳුනාගත හැකි වීමයි.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -


මෙතනින් යන්න​

Tuesday 20 January 2015

825.මූදල් ඉතිරි කරන්නට සරල ක්‍රම 30 ක්



මූදල් ඉතිරි කරන්නට සරල ක්‍රම 30 ක්


දිනපතාම භාණ්ඩ මිල ඉහළ යෑමත් සමගම ගෙදර වියදමත් ඉහළ යෑම ස්වභාවිකවම සිදුවන්නකි. එයින් සිදුවන්නේ අපට යම් මූදලක් ඉතිරි කිරීම අසීරු වීමයි. රජයකට බැණ වැදීම හැරෙන්නට වියදම් ඉහළ යෑමේදී අපිට කළ හැකි දෙයක් නොවේ යැයි අපි සිතන්නෙමූ. වියදම් ඉහළ යද්දී ඔබ මෙම සරල ක්‍රම තිහ අනූගමනය කළොත් වියදමට යම් සහනයක් ලැබිය හැකි මූදල් ඉතිරියක් කළ හැකි වේ.

1. උපයන මූදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සූදුසූම දෙය වන්නේ වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනූව සියලු දේ කිරීමය.

2. තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න.

3. දකින දකින දේ මිළදී ගැනීමේ පූරුද්දක් වෙයි නම් මිළදී ගැනීම් ලැයිස්තුවකට අනූව කටයූතු කරන්න. ”සේල්” යැයි සඳහන් ස්ථානයන්ට යෑමෙන් වළකින්න.

4. මිළ අධික දේ වෙනූවට එයට සමාන වූ විකල්ප භාණ්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මූදල් ඉතිරිය අධ්‍යනය කරන්න.

5. පිටතින් ආහාර ගැනීම හැකි තරමින්ම අඩූ කර පවූලේ සැමට ආහාර නිවසේදීම සකස් කරන්න.

6. කඩපිළට හෝ කඩ මණ්ඩියට යද්දී කුසගිනි සහිතව නොයන්න. එවිට අනවශ්‍ය රසකැවිලි සඳහා මූදල් වැය වේ.

7. ගෘහනියක නම් හැකි තරමින් නිවසේම රැඳී සිටීමට උත්සාහ කරන්න. එවිට අනවශ්‍ය වියදම් මඟ හැරේ. සාප්පූ සවාරි යෑම සීමා කරන්න. සැමවිටම අනවශ්‍ය ලෙසින් මූදල් වැය වන්නේ නිවසින් පිටතට ගිය විටදීය.

8. සැමවිටම රැකියාවක් තෝරා ගනිද්දි වැටූප වැඩිම ස්ථානය තෝරාගන්න.

9. ක්‍රෙඩිටි කාඩ් භාවිතය හැකි තරමින් සීමා කරන්න. ඒ සමගම මාසික බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවන්න. හැකිතරමින් ක්‍රෙඩිටි කාඩ්වල මූදල් ගෙවා නිමා කරන්න. නොමැතිනම් ඔබට අනවශ්‍ය ලෙසින් පොලිය ගෙවීමට සිදු වේ.

10. සැමවිටම මූදල් වියදම් කිරීමට පෙර සැලසූමක් සකස් කරගන්න. ඒ තුළින් යම් ප්‍රමාණයක් ඉතිරි කළ හැකි මාර්ග අධ්‍යයනය කරන්න.

11. අවම වශයෙන් මසකට රුපියල් 1000 ක්වත් ඉතිරි කිරීමට සැලසූමක් යොදන්න. ඒ සඳහා උපයෝගි කරගත හැකි මාර්ගය වන්නේ නිතර භාවිත නොකරන ගිණූමක යම් මූදලක් තැන්පත් කිරීමය.

12. මේ සඳහා ඔබ මඳක් දුරින් පිහිටි බැංකුවක අලුත් ගිණූූමක් අරඹා එයින් නිකුත් කරන ්ඔඵ හෝ ක්‍රෙඩිටි කාඩ් මිළදී නොගන්න. එවිට පහසූවෙන් මූදල් ගැනීමට නොහැකි වීමෙන් මූදල් ඉතිරි වේ. තවද නිශ්චිත දිනයකදී වැටූපෙන් සියයට පහක් හෝ ඉතිරි කිරීමට උත්සාහයක් දරන්න. එම මූදල් නිශ්චිත දිනයකදී බැංකුවට බැර කළ යූතු වීමෙන් එය අනිවාර්යෙන්ම සිදු වේ.

13. වැඩිපූර මූදල් ළඟ තබා නොගන්න. අවශ්‍ය මූදල් පමණක් බැංකුවෙන් ලබා ගන්න.

14. මූදල් යළි ලැබීමට හැකි ආයෝජනයකට මූදල් යොදවන්න. එය සූළු ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් වූවද කම් නැත.

15. මිතුරන් හා නෑයින්ගේ සමග තරග කිරීමට නොයන්න. මිතුරන් හා නෑයින් ජීවන විලාසිතා සමග ඔබේ ජීවිතය සසඳා නොබලන්න.

16. මූදල් ඇති විටදී මූදල් කළ හැකි යම් යම් සහතික පත් මිළදී ගන්න. එවිට පොලියත් සමගම එය නිශ්චිත කාලයකින් පසූව මූදල් කළ හැකි වේ.

17. ජංගම දුරකතන බිල හැකි තරම් අවම කරගන්න. සැමවිටම කාර්ය බහූල නොවන වේලාවන්හිදි පමණක් නිවසේ දුරකතනය භාවිත කරන්න.

18. තමාගේම මෝටර් රියෙන් හෝ පාසල් වෑන් රථවලින් දරුවන්ව පාසල් යැවීම වෙනූවට ඔවූන් බස් රථ හා දුම්රියෙන් යෑම පූරුදු කර වාර ප්‍රවේශ පත්‍රයක් ලබා දෙන්න. එවිට විශාල මූදල් ඉතිිරියකි.

19. පූවත්පත් සඟරා මිළදී ගැනීම සීමා කරන්න. සැමවිටම නිවසේ අය එයින් ප්‍රයෝජනයක් ලබන්නේදෑයි විමසා බැලීම වටී. උදාහරණයක් ලෙසින් ඇතැම් නිවෙස්වලට පූරුද්දක් ලෙසින් ඉරිදා ඉංගී්‍රසි පූවත්පත් මිළදි ගත්තද එය කිසිවෙකු නොකියවයි.

20. යම් යම් මිළදී ගැනීම්වලින් ඔබට ලැබෙන මාරු කාසි වෙනම භාවිතයකට රැස් කරන්න. සෑම මසකට වරක් එම මූදලට තවත් මූදලක් එක් කර එය බැංකුවක තැන්පත් කරන්න. ඒ සඳහා ග්‍රාමීය බැංකුවක් වඩාත් සූදුසූ වේ.

21. කඩපිළට යද්දී බෑගයක් ගෙන යන්න. එවිට අලුතින් බෑග් මිලදී ගැනීමට සිදු නොවේ.

22. ගෘහනියක් ලෙසින් ඔබේ පාවිච්චියට මෝටර් රථයක් මිළදී ගන්නේ නම් ඒ සඳහා ඉන්ධන අඩූවෙන් වැය වන වාහනයක් තෝරාගන්න.

23. වේගයෙන් රිය පැදවීම අනවශ්‍ය ලෙසින් තිරිංග තද කිරීම හා අනවශ්‍ය ගමන්බිමන් වලින් වළකින්න. සැලකිය යූතු මූදලක් ඉන් ඔබට ඉතිරි වේ.

24. මෝටර් රියෙන් යම් ගමනක් යෑමට පෙර එය සැලසූම් කරන්න. ගමන් කළයූතු මාර්ගය එම ගමනේදී ඉටූ කළ හැකි දේ ඒ සඳහා ගත වන කාලය කල්තියා සැලසූම් කිරීමෙන් සියලු කටයූතු මඟ හැරීමකින් තොරව ඉටූ කර ගත හැකි වේ. එමගින් ඉන්ධන සඳහා වැය වන මූදල් ඉතිරි කර ගැනීමට හැකිවේ.

25. මිළ අධික භාණ්ඩයක් මිළදී ගැනීමට පෙර ඒ පිළිබඳව දන්නා අයගෙන් විමසා බලන්න. එවිට ඉතා කදිම වර්ගයක් අඩූ මූදලකට ගැනීමට හැකි වේ.

26. සූබ පැතුම් පත් මිළදී නොගෙන ඒවා නිවසේ සකස් කර ගන්න. දරුවන්ගේ ඇඳුම් සාරි ආදිය ද එසේ සකස් කර ගැනීමෙන් මූදල් ඉතිරිය සේම වැඩි අලංකාරයක්ද ලැබීමට හැකි වේ.

27. විදුලි පරිභෝජනය සීමා කිරීම නිවසකට බොහෝ මූදල් ඉතිරි කර දෙන්නකි. නිවසේ විදුලි පහන් නිවා දෑමීමෙන් එක්වර ඇඳුම් මැදීමෙන් දිනකට එක්වරක් පමණක් ජල ටැංකිය පිරවීමෙන් හොටි ප්ලේටි භාවිත නොකිරීමෙන් ඔබට විදුලිබිල බෙහෙවින්ම අවම කරගත හැකිය. නිබඳවම විදුලි පහන් දල්වන ස්ථානයන්ට කතඛ බල්බ් යොදන්න. එමගින් ඔබට විදුලි බිල 10 ඃ 20 % ප්‍රමාණයකින් ඉතිරි කර ගත හැකිය.

28. නිවසේ සැමට එකවර තේ පිළියෙල කරන්න.

29. නිතරම ඉවසීමෙන් කටයූතු කරන්න. මූදල් වැය කිරීමට පෙර එය අධ්‍යනය කරන්න.

30. ආහාර ද්‍රව්‍ය, මූදල් හැකි තරමින් අවම කිරීමට උත්සාහ කරන්න.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​
 
-