Ads 468x60px

home

Showing posts with label error. Show all posts
Showing posts with label error. Show all posts

Thursday 20 August 2015

1032.අපි කියන හැම දෙයක්ම හොරෙන් අහන් ඉන්න GOOGLE

අපි කියන හැම දෙයක්ම හොරෙන් අහන් ඉන්න GOOGLE 

Image result for google voice
අද කියල දෙන්න යන්නේ ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් දෙයක්.මේ අපි හැමෝටම ගොඩාක් දේවල් දෙන ගූගල් එකේ හොර වැඩක්  .


ඔයාලා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න ක්‍රෝම් බේස් වෙබ් අත්රික්සුවක් (BROWSER) භාවිතා කරනවානම් හිතන්න වෙනවා මේ ගැන. මුලින්ම ඔයාලා ඔයාලගේ බ්‍රව්සර් එකේ මෙන්න මේ විදියට ලින්ක් එක ගහලා මේ පිටුවට යන්නකෝ. chrome://voicesearch/ 



මේකේ audio capture is allowed, කියන එකේ YES නම් ගූගල් එක ඔයාලා කියන  දේ අහගෙන ඉන්නේ.... If it says that audio capture is allowed, and that a microphone is detected, then there's a good chance that your PC is listening to you. 

මේකට ගිහින් ඕක අයින් කරගන්න



_________________________



මෙතනින් යන්න​

Thursday 6 August 2015

1023.Windows 7 වල ගැජට් හරියට පෙන්නන්නේ නැද්ද?

Windows 7 වල ගැජට් හරියට පෙන්නන්නේ නැද්ද?

Image result for Desktop Gadgets

ඔයාලා Windows 7 වල Desktop Gadgets පාවිච්චි කරනවද? පාවිච්චි කරනවනම් සමහර වෙලාවට මතුවෙන ප්‍රශ්ණයක් ගැන තමා අද අපි කතා කරන්න යන්නේ. 

ඉතින් සමහර වෙලාවට මේ Windows 7 ගැජට් පෙන්නන්නේ නැතුව යනවා. පෙන්නුවත් කලුපාට, හිස් අවකාශයක් විතරයි පෙන්නන්නේ. ඒවගේ ඇතුලත් තොරතුරු මොනවත් පෙන්නන්නේ නෑ. බලන්නකෝ පහල රූප ටික. ඔය එවැනි අවස්ථා වලින් කිහිපයක්.


Gadgets not Displaying Correctly in Windows 7


 ඉතින් මේ වගේ දෙයක් ඔයාලටත් වුනොත් මොකද කරන්නේ? අන්න ඒකට විසදුමක් තමා දැන් මම කියලා දෙන්න හදන්නේ. 

කොහොමද මේ ප්‍රශ්ණය විසද ගන්නේ ?

බයවෙන්න එපා බොහෝම පහසුයි මේක විසද ගන්න.  පහලින් ඔයාලට පියවර සහිතව කියලා දෙනවා. පිළිවෙලට වැඩේ කරගන්න. මුලින්ම මේ වැඩේ කරන්න ඉස්සර වෙලා ඔයාලට පොඩි දේවල් කිපයක් කියන්න තියනවා.




  • මේ වැඩේ කරන්න ඉස්සර වෙලා මුලින්ම ඔයාලා Administrator Account එකට Log වෙලා ඉන්න ඔනේ.






  • ඒ වගේම ඔයාලා 3rd Party Firewall Program එකක් Install කරලා තියනවනම්, මුලින්ම ඒකේ Settings චෙක් කරලා බලන්න වෙනවා. මොකද සමහර Firewall වලින් මේ ගැජට් Block කරනවා.

  • 3rd Party Firewall Program එකක් කියන්නේ, සාමාන්‍යයෙන් Windows Install කරනකොට එකෙන්ම Install වෙන (default) Firewall එකකට අමතරව ඔයාලා අලුතෙන් Internet එකෙන් Firewall Programe එකක් අරගෙන Install කරනවනම් ඒක හදුන්වන්නේ 3rd Party Firewall Program එකක් ලෙසයි.



ඉහත සදහන් කල දේවල් පරික්ෂාකරලා බලලා මේ පියවර ටික පිළිවෙලට කරගන්න..

1. මුලින්ම ඔයාලා Notepad එක Open කරගන්න. ( Start → All Programs → Accessories → Notepad)

2. ඊටපස්සේ මම ඔයාලට පහල කොඩ් වගයක් දීලා තියනවා. ඒ ටික Copy කරලා මේ Notepad එකට Paste කරන්න.

taskkill /im sidebar.exe /f
regsvr32 /s msxml3.dll 
regsvr32 /s scrrun.dll
regsvr32 /s jscript.dll
regsvr32 /s atl.dll
Regsvr32 /s "%ProgramFiles%\Windows Sidebar\sbdrop.dll" 
Regsvr32 /s "%ProgramFiles%\Windows Sidebar\wlsrvc.dll"
reg delete "HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Internet Settings\Zones" /f 
"%ProgramFiles%\Windows Sidebar\sidebar.exe" 


3. දැන් අපි මේක Save කරගන්න ඔනේ. File → Save As ගිහින්, මොකක් හරි නමක් දීලා මේක .bat කියන File Format එකට Save කරගන්න.

උදාහරණයක් විදිහට මම Save කරනවා ResetG.bat කියලා.

ResetG.bat



4. මේ Save කරගත්ත File එක Right Click කරලා Run as Administrator කියන එක Click කරලා මේක Run කරන්න.

5. ඊටපස්සේ command prompt එක Open වෙලා Close වෙලා යයි. ඒ කියන්නේ මේ File එක Run වෙනවා.

6. මේ වැඩේ ඉවරවුනහම Computer එක Restart පාරක් දාන්න.



මේ කරලත් හරිගියේ නැත්නම් මේ Gadgets ටික Uninstall කරලා ආපහු Install කරන්න.



- -
මෙතනින් යන්න​

Wednesday 5 August 2015

1022.පරිගණකය පිරිසිදු කර වේගවත් කරන JetClean නොමිලේම අරගන්න​

පරිගණකය පිරිසිදු කර වේගවත් කරන JetClean නොමිලේම අරගන්න​


Image result for JetClean

පරිගණකයෙන් දිගින් දිගටම වැඩ කරන විට වින්ඩෝස් රෙජිස්ට්‍රියේ නියමිත පිළිවෙල වෙනස් වන්නට පුළුවන්. එසේම මෙහෙයුම් පද්ධතියේ තවකාලිකව ෆයිල් රැස්වීම මෙන්ම web browser වල අනවශ්‍ය මෙන්ම තාවකාලික ෆයිල් රැස් වන්නත් පුළුවන්. මේ නිසා කාලයත් සමග පරිගණකයේ වේගය අඩු වෙයි.


මෙම දෝෂ සමනය කර පරිගණකයේ කාර්යක්‍ෂමතාව එලෙසින්ම පවත්වාගෙන යන්නට system cleaner වර්ගයේ වැඩසටහන් යොදා ගනී. JetClean යනු එවැනි වැඩසටහනකි.

මේ video එකේ සියලුම දේවල් සදහන්වෙනවා




JetClean Software



Serial key එක ලබාදීමට පෙර internet connection එක disable කරන්න.

JetClean Serial Key

Image result for download icon gif


විවෘත වන පිටුවේ තප්පර පහකට පසු දකුනුපස ඉහල අති skip ad button  එක click කරඔබට අදාල පිටුවට සම්බංද විය හැක​





- -
මෙතනින් යන්න​

Thursday 30 July 2015

1018.Browser Hijacker Virus ඉවත් කරන හැටි

Browser Hijacker Virus ඉවත් කරන හැටි

Image result for Browser Hijacker Virus


Web browser එකට සම්බන්ධ වී ක්‍රියාත්මක වන නොයෙකුත් වර්ගයේ malware වැඩසටහන් දැන් පැතිරෙමින් තිබේ. Browser hijacker කියා හදුන්වන්නේ මේවායි. නොමිලේ දෙන පරිගණක ක්‍රීඩා සහ ඇතැම් software download කරන විට හෝ update කරන විට මෙම browser hijacker වැඩසටහන් web browser එක සමග බැදේ.

මේවා web browser එකට සම්බන්ධ වූ විට, අප search කරන දේවල් සොයන්නට විවෘත වෙන්නේ අපි කවදාවත් බාවිතා කළ සුපුරුදු search engine එකෙන් නොව malware වෙතින් සපයන අමුතු නම් ඇති web පිටුවකි. මේවා පෙනුම අතින් උසස් වැඩසටහන් දෙන ඒවා මෙනි. එවිට ඉන් search කරන්නට නිතැතින්ම පෙළබේ. මෙසේ මෙම search engine එක භාවිතා කර යම් දෙයක් සොයා ගත් විට ඊට සම්බන්ධ මාතෘකා දැක්වෙන විවිධ දැන්වීම් එයි. එමෙන්ම අලුත් ටූල් බාර් එකක්ද web browser එක මත පෙන්වයි.


මෙම malware ඇති web browser එකක් හරහා අන්තර්ජාලයෙන් අප සොයා බලන දේ ගැන තොරතුරු malware නිපදවුවන්ට ලබා දෙයි. මෙවැනි browser hijacker  වැඩසටහන් anti virus වැඩසටහන් වලට පවා සමහරවිට හසු නොවේ. එසේම වෙනත් browser plugin වැඩසටහන් මෙන් uninstall කිරීමටත් සමහර විට නොහැකි වේ. එනිසා මේවා පරිගණකයෙන් ඉවත් කළ යුත්තේ අප විසින්මය.

මේවා ඉවත් කිරීමට මුලින්ම web browser එකේ options වෙත පිවිසිය යුතුය. දැන් එහි ඇති home page ටැබ් එක තුලින් home page එක ලෙස www.google.lk වැනි සාමාන්‍ය search engine එකක් ලබා දිය යුතුය. එමෙන්ම web browser එක තුල url සටහන්ව ඇති තැන් සොයා ඒ තැන්වල ඇති අප නොදන්නා url මකා ඉවත් කළ යුතුය. එමෙන්ම add-ons තුලින් තේරී ඇති plugin අතරින් ටුල් බාර් plugin සියල්ල ඉවත් කළ යුතුය.


දැන් malware එක නැවත activate වීම නතර කළ යුතුය. 

1. මෙය කිරීමට windows key + R යතුරු ඔබන්න. 

2. ඉන් පසුව run ඩයලොග් box එක විවෘත වේ. එහි "msconfig" ලෙස type කර ok කරන්න. 

3. මෙවිට msconfig box එක විවෘත වෙයි. එහි ඇති start up ටැග් එක select කරන්න. 


මෙහෙයුම් පද්ධතියට ප්‍රවේශ වූ විට ඉබේම ක්‍රියාත්මක වන සියලු file මේ තුල පෙන්වයි. ඒවා අතරින් නිශ්චිතව හදුනා ගත නොහැකි වැඩසටහන් තෝරා disable කළ යුතුය. 



Windows 8 හිදී නම් start up ටැග් එක select කළ පසුව task manager වෙත යොමු වෙයි. ඒ තුලින් අනවශ්‍ය වැඩසටහන් disable කළ යුතුය.






මීලගට command prompt එකට පිවිසිය යුතුය. මේ සදහා පෙර පරිදිම windows key + R යතුරු ඔබන්න. ඉන් පසු cmd ලෙස type කර ok කරන්න. දැන් command prompt එක වෙතට පිවිසෙයි.

1. මුලින්ම ඒ තුල "del %temp%\*.exe /s /q" යන විධානය ලබාදෙන්න. එවිට temp folder එක තුල ඇති සියලු exe file මැකී යයි. එවැනි file නැත්තම් ඒ බව කියන පණිවිඩයක් පෙන්වයි. සාමාන්‍යයෙන් මෙතන වැදගත් exe file නැති බැවින් දෝෂයක් ඇති වන්නේ නැත.

2. ඉන් පසු කලින් විධානය දුන් ලෙසම "del %temp%\*.dll /s /q" යන විධානය ලබාදී temp folder එක තුල ඇති සියලු dll file ද මකා දැමිය යුතුය. එවැනි file නැත්තම් ඒ බව කියන පණිවිඩයක් පෙන්වයි.



දැන් පරිගණකය restart කරන්න. එවිට සියලු malware ඉවත්ව තිබෙනු පෙනේවි. 


- -
මෙතනින් යන්න​

Tuesday 28 July 2015

1016.ඔබගේ Internet Account Hack කරලා, ඔබට කරගන්න දෙයක් නැද්ද ?

ඔබගේ Internet Account Hack කරලා, ඔබට කරගන්න දෙයක් නැද්ද ?

Image result for Internet Account Hack

Facebook හා වෙනත් Social Networks සම්බන්දයෙන් හෝ Internet එකේදි ඔබට අකටයුත්තක් සිදුවී ඇත්නම් වහාම ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට  පැමිණිලි කරන්න.

The Sri Lanka Computer Emergency Readiness Team | Coordination Centre (Sri Lanka CERT|CC)



උදාහරණ ලෙස..


  • ඔබගේ නමින් වෙනත් Facebook Account එකක් ඇත්නම්,
  • ඔබගේ Facebook Account එක Hack කරලා කියලා දැනෙනවනම්,
  • ඔබගේ Email එක Hack කරලා කියලා දැනෙනවනම්,


ආදි දේවල් සහ ඔබට සිදුවී ඇති අකටයුතු සම්බන්දයෙන් පැමිණිලි කරන්න.

ඒ වගේම මම ඔබට කිවයුතු කරණා කීපයක් ඇත. මේ කාරණා ඔබට කියන්නේ මෙවැනි දේවල් වලින් ආරක්ෂාවීමටයි.


  • ඔබ කිසිම කෙනෙකුට ඔබගේ Password එක දෙන්න එපා. (අඩුම තරමේ හොදම යාළුවට,අම්මට තාත්තටවත්)
  • නොදන්නා Facebook apps Install කරගන්න එපා.
  • ඔබගේ Phone Number එක Facebook එකේ දාන්න එපා.
  • Facebook එකේ තිබෙන Security Option ක්‍රියාත්මක කරන්න.
  • ඔබ නොදන්නා කිසිම කෙනෙක් එක්ක වැඩිය කතාවට යන්න එපා.
  • ඒවගේම මේ කරුණ තමයි බෝහෝම වැදගත්.ඒ තමයි කවුරුහරි ඔබ Online ඉන්නවිට ඔබත් එක්ක Chat කරන්න *ඇවිත් ඔබට Link එකක් දුන්නෝත් "ඔයා මේකට ගිහිල්ලා Facebook Account එකෙන් Log වෙන්නකෝ" කියලා. කවදාවත් ඒ වැඩේ කරන්න එපා. මොකද ඔයා බැරිවෙලාවත් ඒ Link එකට ගිහිල්ලා Log වුනොත්, මෙයා Hacker කෙනෙක්නම් ඔයාගේ Facebook Password එක මෙයාට හොයාගන්න පුළුවන් වෙනවා.



මේ ආකාරයට ඔබව අපහසුතාවයට පත්වෙන ඕනෑම කටයුත්තකදි පහතින් දක්වා ඇති ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි කරන්න. ඒවගේම මෙවැනි දේවල් ආයේ නොවෙන්නත් වගබලාගන්න ඕන.

මේ පැමිණිලි පිලිබදව ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ,අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව හා සම්බන්දවයි වැඩ කරන්නේ. ඒ නිසා මෙවැනි හොරු අහුවුනොත් දෙන දඩුවම ගැන අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවයි තීරණය කරන්නේ.


Address : Room 2-119A, BMICH, Bauddhaloka 
Mawatha,Colombo 07, Sri Lanka

Tel : +94 11 269 1692
+94 11 269 1064
+94 11 267 9888

Fax : +94 11 269 1064

E-Mail : slcert@cert.gov.lk

Web Site : Sri Lanka CERT|CC

- -
මෙතනින් යන්න​

Sunday 26 July 2015

1014.Android Phone එකෙන් Delete උන File ආපහු Recover කරමුද

Android Phone එකෙන් Delete උන File ආපහු Recover කරමුද 
             අපේ Android Phone පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන තවත් සොෆ්ට්වෙයා එකක්. මේකෙන් පුලුවන් අපේ  Android Phone එකෙන් Delete කරපු SMS text messages and contacts , Photo & Video Formats ආපහු Recover කරගන්න. අනික Recover කරගන්න ඕණ එකේ Preview එකක් පෙන්වන නිසා අපිට ඕණ කරන එක හරියටම Recover කරගන්න පුලුවන්. මේ සොෆ්ට්වෙයා එක Samsung , HTC
LG, Motorola , Sony , Huawei , ZTE වර්ගයේ Android Smart Phone වලට සහය දක්වනවා



මේ තියෙන්නේ මේකෙන් කරගන්න පුලුවන් වැඩ ටිකක්.







සොෆ්ට්වෙයා එක Download කරන්න ඉස්සෙල්ලා ඔයාගේ දුරකතන මාදිලිය මෙයට සහය දක්වනවද කියලා මෙතන්ට ගිහින් බලාගන්න.

මෘදුකාංගය install කිරිමට පෙර internet disconnects  කරන්න​
 මෙතනින් බාගන්න.



System Requirements

  • Supported OS: Windows 8 (64&32 bits)/Windows 7 (64&32 bits)/Vista (64&32 bits)/XP (32 bit)
  • CPU: 1 GHz (32 bit or 64 bit)
  • RAM: 256 MB (1028 MB Recommended)
  • Hard Disk: 1 GB or more


බාගෙන ඉවරවෙලා සාමාන්‍ය විදිහට Install කරගන්න.




මේ තියෙන්නේ මේකෙන් Recover කරගන්න Support කරන Format ටික.

Photo :- JPG, TIFF/TIF, PNG, BMP, GIF

Video :- MP4, 3GP, AVI, WMV, ASF, FLV,RM/RMVB, M4V, 

MOV, 3G2, SWF, MPG

මෙහෙමයි වැඩේ කරගන්නේ.















මේකෙන් වැඩ ගන්න හැටි අපැහැදිලියි වගේ නම් මෙතන්ට ගිහින් බලන්න.

එහෙනම් ඉතින් වැඩේ ඉවරයි.... ඔයාලගෙත් Android Device එකෙන් Delete උන ගොනු නැවත Recovery කරගන්න උත්සාහයක් දාලා බලන්න..

මෘදුකාංගය ලබාගැනිමට විවෘත වන පිටුවේ තප්පර පහකට පසු දකුනුපස ඉහල අති skip button  එක click කරන්න​.



මෙතනින් යන්න​

Wednesday 15 July 2015

1006.µTorrent , BitTorrent වල තියන Ads Bar එක 1 Click අයින් කරමු.

µTorrent , BitTorrent වල තියන Ads Bar එක 1 Click අයින් කරමු.


Image result for µTorrent , BitTorrent ADD



පොඩි Trick එකක් ගෙනාවා. අපි හැමෝම Torrent Download කරනවනේ. ඉතින් ගොඩ දෙනෙක් Torrent Download කරන්න බාවිතා කරන්නේ µTorrent හෝ BitTorrent  මෘදුකාංගයනේ.

ඉතින් පාවිච්චි කරන කට්ටිය දන්නවා ඇතිනේ මේ  අලුත් µTorrent , BitTorrent Version වල තියන  කරදර Ads Bar දෙකක් තියනවා. ඉතින් අද කියන්න යන්නේ කොහොමද මේ µTorrent හෝ  BitTorrent මෘදුකාංගයේ තියන Ads Bar එක Disable කරගන්නේ කියලා.
මේ ක්‍රමයේදි වෙනදා කරනවා වගේ Option >> Preferences >> Advanced ගිහින් Setting හද හද ඉන්න අවශ්‍ය නෑ. දෙන සයිට් එකට ගිහින් 1 Click එකක් දෙන්නකෝ. මේක වෙන්නේ JavaScript එකක් හරහා.



මේ තියෙන්නේ කරදර  Ad Bar එක.






මෙන්න මේ සයිට් එකට යන්න.

Image result for go button


Sorry mac users, windows only
 Pimp my uTorrent literally requires just one click to disable the ads on Windows clients. There is nothing to install as the page uses JavaScript to communicate with uTorrent. 

 ගිහිල්ලා  " PimpMyuTorrent " කියන Button එක ක්ලික් කරන්න.




ක්ලික් කරලා මෙන්න මේ වගේ msg එකක් එයි Bit Torrent එක Access කරන්නද කියලා ඒක " Yes " කරන්න.




Yes කරලා ඉවරවෙලා  µTorrent , BitTorrent එක Taskbar එකෙන් Exit කරලා නැවත Torrent Software එක  Open කරගන්න.

Now shut down µTorrent (right click the tray icon and select exit), restart it and enjoy your pimped µTorrent!









Restart කරලා බලන්නකෝ Ad Bar ටික තියනවද කියලා.








- -
මෙතනින් යන්න​

Thursday 11 June 2015

986. Shift , Ctrl keys වැඩ කරන්නේ නැතුව ගියොත්?


Shift , Ctrl keys වැඩ කරන්නේ නැතුව ගියොත්?







අපේ පරිගනකය නිතර​ භාවිතා කරන විට එහි නිතර ප්‍රයෝජනවත්වන key එකක් වැඩ නොකරන විට එය මාරු කිරීමට විශාල මුදලක් වැය වෙනවා. පරිගනකයක භාවිතා කරන keys වලින් අඩුවෙන්ම භාවිතා කරන key එකක් විදියට Caps Lock key එක හදුන්වන්න පුලුවන්.
ඒ නිසා caps lock key එක වෙනුවට Shift , Ctrl වැනි key එකක් මාරු කරගන්නා ආකාරය පහත දක්වා ඇත.



මේ සදහා "Keaboard mapping Registry tweaks" download කල යුතුය.

මෙතනින් බා ගන්න​.

Image result for download gif




1. Change Caps ToControl.reg
             මෙමගින් සිදු වන්නේ caps lock key එක Ctrl key  එකක් බවට පත් වීමයි.

2.Change Caps ToShift.reg
             මෙමගින් සිදු වන්නේ caps lock key එක Shift key  එකක් බවට පත් වීමයි.

3. KillCapsLock.reg
           මෙමගින් සිදු වන්නේ Caps Lock හි ක්‍රියාකාරීත්වය නතර කිරීමයි.

4.DisableKeyboard Remap
        මෙමගින් අප වෙනස් කල වෙනස්කම් නැවත යථා තත්වයට පත්වේ..




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Tuesday 9 June 2015

985.Pen එකේ ඔක්කොම file කාටවත් ගන්න බැරි වෙන්න delete කරන්න.

Pen එකේ ඔක්කොම file කාටවත් ගන්න බැරි වෙන්න delete කරන්න.
Image result for delete key
සමහර වෙලාවට සමහර අයගේ පුද්ගලික දේවල් pen drive එකකින් delete කළත් recovery software දාලා ආයෙත් ගන්න පුළුවන්කියනදේ රහසක් නෙමෙයිනේ. එත් ආයේ කවදාවත්ම ගන්න බැරි වෙන විදියට delete කරන්නත් පුළුවන්. එකට මේ software එක බාගන්න ඕන.


මෙතනින් ගන්න
Image result for download gif

දැන් මේ විදියට කරන්න
  • software එක open කරගන්න.
  • advanced tool යන්න.
  • sheared file click කරන්න.
  • add file කරන්න.
  • delete කිරමට අවශ්‍ය file ටික දෙන්න.  

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Sunday 24 May 2015

977.පරිගනක anti virus වැඩ සටහනකින් තොරව pen drive එක මගින් පැමිනෙන virus සොයා විනශ කිරිම

anti virus වැඩ සටහනකින් තොරව pen drive එක මගින් පැමිනෙනvirus සොයා විනශ කිරිම


ඔබට ඔබ භාවිත කරන pen drive එක මගින් පැමිනෙන virus මහත් හිසරදයක්ද?මෙන්න ඒසඳහා කලහැකි හොදම විසදුම.කිසිදු පරිගනක වැඩසටහනක් අවශ්ය නොවේ.එතරම් විශාල කර්යයක් නොවේ.

පලමුව my computer ඕපන් කරගන්න

පසුව tools ගොස් folder option වෙත යන්න

එහි ඇති view ටැබ් එකට පිවිසෙන්න.


එහි පහලින් අති show hidden files and folders යන්න මත ක්ලික් කරන්න්.


පසුව ඊට පහලින් ඇති hide extensions for know files යන්න මත ක්ලික් කරන්න


පසුව ඊට පහලින් ඇති hide protect operation system files(recommended) යන්න මත ක්ලික් කරන්න


දැන් apply කොට ok කරන්න
දැන් ඔබගෙ pen drive එක shift button එක press කරගෙන පරිගනකයට අතුලත් කරන්න

shift press කරනුයේ auto run එක නැවතිම සදහය(තත්පර කිහිපයක් ඔබගෙන සිටින්න)

දැන් my computer තුල ඇති folder button එක ක්ලික් කරන්න

එහි ඇති list එක මගින් ඔබගේ pen එකට පිවිසෙන්න(කිසිවිටකත් කෙලින්න්ම පෙන් එක ඔපන් කොට පිවිසීමෙන් වලකින්න)


දැන් ඔබගෙ pen එකහි ඔබ නොදන්නා files කිහිපයක් ඇත(සමහර virus වර්ග folder හැඩයෙන් යුත් ඒවාද වෙ.)
දැන් ඔබ නොදන්නා files මකා දමන්න(මෙම files ඇත්තේ hidden කොටය)
මෙය ප්‍රධාන වශයෙන් autorun.inf හෝ ......exe නම් වලින් දැකිය හැකිය

සැ.යු:-
කිසිවිටකත් ඔබගේ පරිගනකයේ අති c:\ (c partition එකහි)ඇති hidden වු files මැකීමෙන් වලකින්න.ඊට හේතුව නම් මෙම files වින්ඩොවුස් පද්ධතියට අයත් වන files අතර එම files මැකුව හොත් ඔබගෙ පරිගනකය ක්‍රියා විරහිත වීමටද පුලුවන


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​
 
-