Ads 468x60px

home

Showing posts with label CAR. Show all posts
Showing posts with label CAR. Show all posts

Thursday 19 February 2015

882.වාහනයක් ගන්න පත්තරේ ඇඩ් බලනවද?


වාහනයක් ගන්න පත්තරේ ඇඩ් බලනවද?



මෝටර් වාහන විකිණීම සඳහා පලකරන ලුහුඬු දැන්විමක් ගත් විට එහි සීමිත වචන සංඛ්‍යාවක් මගින්, විකිණීම සඳහා පවතින වාහනයේ සෑම තොරතුරක්ම ඉදිරිපත් කිරීමට දැන්වීම පල කරන්නා  උත්සුක වෙයි. මෙහිදී දැන්වීම පලකරන්නා හෙවත් මෝටර් වාහනය විකුණාගැනීමට බලාපොරොත්තු වන තැනැත්තා ඒ සඳහා විවිධ කෙටි නම්, ඉංග්‍රීසි වචන හා මෝටර් වාහන හා සබැඳුන විශේෂ වචන භාවිත කරයි. මේ උත්සාහය මෝටර් වාහන පිලිබඳ එතරම් පරිණත දැනුමක් නොමැති, මෝටර් වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන, මෝටර් වාහන පිලිබඳ උනන්දුවක් ඇති ඔබ සියලු දෙනාටම ඉහත කී වචන පිලිබඳව දැනුම ඔබට ලබා දීමටයි.
 පහත එක් එක් මාතෘකා මගින් එම වචන හා ඒ යටතේ ඇති කෙටි සටහනෙන් එවායේ තෙරුම් දක්වා ඇත.

1. බ්‍රෑන්ඩ් නිව් (Brand new)



යම් මෝටර් රථයක් විකුණන අවස්ථාව වන විටත් එය නිෂ්පාදන සමාගමෙන් නිකුත් කරන විට තිබූ තත්වයෙන්ම පවතින වාහන හැඳින්වීමට මෙය භාවිත වේ. බොහෝ විට බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථ වෙලඳපොලට නිකුත් කරනු ලබන්නේ එම මෝටර් රථය නිෂ්පාදනය කරනු ලබන සමාගම විසින්ම ය. නමුත් ලංකාවේ එවැනි බොහෝමයක් සමාගම් පිහිටා නොමැති බැවින් එම සමාගම් වල බලයලත් අලෙවි නියෝජිතයන් හරහා, තැරැව්කරුවන් (සමාගමේ බලයලත් අවසරය නොමැති මෝටර් වාහන ගෙන්වන ආයතන ) හරහා මෙම වාහන ලංකාවේ වෙලෙඳපොලට පැමිණේ.

2. රීකන්ඩිශන් වාහන (Reconditioned Vehicles)

මෝටර් රථ නිෂ්පාදන සමාගමකින් මෝටර් රථයක් නිෂ්පාදනය කල පසු එය ලංකාවට ගෙන ඒමට පෙර යම්කිසි කාලයක් භාවිත කර (මෙම කාල පරාසය දින කිහිපයක සිට අවුරුදු 2ක් 3ක් දක්වා විය හැකිය.) නැවත එම මෝටර් රථයේ දෝෂ නිරාකරණය කර, ලංකාවට ගෙන එන මෝටර් රථ රීකන්ඩිශන් මෝටර් රථ ලෙස හඳුන්වනු ලබයි. මෙම වාහන බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථ වලට සාපේක්ශව මිලෙන් අඩුය. ජපානයෙන් ආනයනය කල  සමහර මෝටර් රථ වල බඳෙහි ජපාන අකුරු හෝ සංකේත ඔබ දැක ඇති. මෙසේ මෙවැනි සංකේත තිබෙනුයේ රීකන්ඩිශන් මෝටර් රථ වලයි.


 3. අන් රෙජිස්ටර්ඩ් (Un-Registered)-ලියාපදිංචි නොකල


ඕනෑම මෝටර් වාහනයක් මහාමාර්ගයක ධාවනය කිරීමට නම් මෝටර්  වාහනය සුදුසු ධාවන තත්වයක පැවතිය යුතු වනවා මෙන්ම, මෝටර් වාහනය හා එය පදවන රියදුරු වරයාද එම වාහනය මහාමාර්ගයක ධාවනය කරවීමට නීතිමය වශයෙන් ද සුදුසුකම් ලබා තිබිය යුතුය. මේ ආකාරයට මෝටර් වාහයනයක් මහාමාර්ගයක ධාවනය කිරීමට නම් සපුරාලිය යුතු මූලික සුදුසුකම් දෙකක් පවතී. ඒ එම මෝටර් වාහනය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ (DMT-Department of Motor Traffic) ලියාපදිංචි කර තිබිය යුතු වීම හා එම මෝටර් වාහනයට රක්ෂණ සහතිකයක් තිබීම වේ. මේ අනුව ලියාපදිංචි නොකල වාහනයක් මහාමාර්ගයක ධාවනය කල නොහැකිය. එමනිසා පාරිභෝගිකයෙක් මෝටර් වාහනයක් මිලදී ගත් විගස එම මෝටර් වාහනය තමාගේ හිමිකාරීත්වය යතතේ ලියාපදිංචි කලය යුතු වේ. දැන්වීම් වල ලියාපදිංචි නොකල වාහන ලෙස දැක්වෙනුයේ එසේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකල මෝටර් වාහන වේ. මෙරටට ගෙන්වන සෑම බ්‍රෑන්ඩ් නිව් හා රීකන්ඩිශන් වාහනයක්ම පලමු වරට වෙලඳපොලට ඉදිරිපත් වන විට ලියාපදිංචි නොකල තත්ත්වයේ පවතී. මීට අමතරව මහාමාර්ගයේ ධාවනය නොකර විශේෂ අවශ්‍යතාවකට භාවිත කරන ලද (මෝටර් රථ ධාවන තරඟ සඳහා, මෝටර් රථ ප්‍රදර්ශන සඳහා) මෝටර් වාහන මෙම වර්ගයට ඇතුලත් කල හැකිය.

4. රෙජිස්ටර්ඩ් (Registered)-ලියාපදිංචි කල

මෝටර් වාහනය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරිමෙන් පසු විකුණන වාහන මෙම වර්ගයට අයත් වේ. මෙහිදී මෙවැනි මෝටර් වාහනයක් මිලදිගත් පසු මිලදීගත් තැනත්තා විසින් එම ලියාපදිංචි කල වාහනයේ හිමිකාරත්වය තමන් වෙතට පවරා ගැනීම කල  යුතු වන අතර නැවත අලුතින් වාහනයක් ලෙස ලියාපදිංචිය සිදු කල නොහැක. මෝටර් වාහනයට ලියාපදිංචි අංකයක් (උදා:- WP DD-1234 ආකාරයේ) ලැබෙනුයේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කල පසුවයි. එබැවින් වාහනයේ ඉදිරිපස හා පසුපස දැක්වෙන ලියාපදිංචි අංකය මගින් අදාල වාහනය ලියාපදිංචි කල වාහනයක්ද නැතිද යන්න හඳුනා ගත හැකිය.

5. 4WD

4(Four) Wheel Drive යන්න කෙටි කිරීමෙන් මෙම වචනය නිර්මාණය වී ඇත. ජීප් රථ හා පික්-අප් (pick-up) රථ පිලිබඳ දැන්වීම් වලදී මෙම වචනය භාවිත වේ. මෙමගින් පැවසෙනුයේ එන්ජිමේ බලය වාහනයේ රෝද හතරටම යොදවමින් ධාවනය කල හැකි මෝටර් රථයක් යන්නයි. සාමාන්‍යයෙන් මෝටර් වාහන වල එන්ජිමේ බලය සැපයෙනුයේ වාහනයේ ඉදිරිපස රෝද යුගලයට හෝ පසුපස රෝද යුගලයට පමණි. නමුත් ජීප් රථ , පික්-අප් රථ වල පසුපස රෝද දෙකෙන් පමණක් මෙන්ම රෝද හතරටම එන්ජිමේ බලය යොදමින් ධාවනය කල හැකිය. මේ හේතුව නිසා මෙම වාහන මඩ සහිත පාරවල් වලද කිසිම අපහසුතාවයක් නැතිව ගමන් කරයි. යම් වාහන මාදිලියක 4ව්ද් පහසුකම සහිත හා එම පහසුකම නොමැති යන දෙවර්ගයටම අදාලව එම මාදිලියේ වාහන නිෂ්පාදනය කර තිබිය හැකිය. එම අවස්ථාවන් වලදී 4WD පහසුකම සහිත වාහන වල මිල 4WD පහසුකම රහිත වාහනයේ මිලට වඩා මඳක් වැඩි වේ.

6. පවර් ස්ටයරිං (Power Steering)

රියදුරාගේ පහසුව සඳහා වාහනයේ සුක්කානම් පද්ධතිය සමග සම්බන්ධව පැමිණෙන තාක්ශණයක් ලෙස මෙය හාඳුන්වා දිය හැකිය. නවීන වාහන සෑම එකකම පාහේ මෙම පහසුකම ලබා දී තිබේ. මෙමගි සුක්කානම හැරවීමේදී සුක්කානම කරකැවිය යුතු වට ගණන අඩු කර දෙන අතර, සුක්කානම හැරවීමට යෙදිය යුතු ආයාසයද අවම කර දෙයි.

7. ෆුල් ඔප්ශන් (Full option)

 වාහනයේ අඩංගු පහසුකම් පිලිබඳ හැඳින්වීමට මෙය භාවිත කරයි. මෙහිදී වාහනයේ පහත පහසුකම් තිබෙන බව මෙම වචනය දැක්වීමෙන් අදහස් කෙරේ.

  • පවර් ස්ටයරිං
  • පවර් මිරර්ස් (Power Mirrors) :- වාහනයේ පැති කණනාඩි ස්වයංක්‍රීයව හැරවීමේ පහසුකම
  • පවර් ශටර්ස් (Power Shutters) :- වාහනයේ වීදුරු ස්වයංක්‍රීයව ඇරීමේ හා වැසීමේ පහසුකම
  • එයාර් බෑග් (Air Bag) :- වාහනයේ ගමන්ගන්නා අයගේ ආරක්ශාව සඳහා පවතින ආරක්ශක උපක්‍රමයකි.
  • වායු සමීකරණය (A/C -Air Conditioner)  

මෙම අංග සහිත මෝටර් වාහනයක් ෆුල් ඔප්ශන් වාහනයක් ලෙස හැඳින්වෙන අතර, මෙය නියමයක් නොවන බැවින් ඉහත අංග වලින් කිහිපයක් පමණක් හෝ, ඊට අමතරව තවත් පහසුකම් සහිතව පවතින මෝටර් වාහනයකටද ෆුල් ඔප්ශන් යයි භාවිත කර තිබීමට පුලුවන. 

 වාහන විකිණීම පිලිබඳ දැන්වීමක් කියවන විට එය වඩාත් අර්තවත්ව කියවා, එමගින්   ඔබගේ අවශ්‍යතාවයට, කැමැත්තට ගැලපෙන හොඳ වාහනයක් මිලදි ගැනීම සඳහා ඔබට වැදගත් වනු ඇති.

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Thursday 4 September 2014

585.BMW i8 – අනාගත පරම්පරාවේ සිහින වාහනය කෝටි 11කට !

BMW i8 – අනාගත පරම්පරාවේ සිහින වාහනය කෝටි 11කට !

 
BMW කියන්නේ ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වුණු මෝටර් රථ නාමයක්.  සිය නිෂ්පාදන වල උසස් බව නිසාම මෝටර් රථ වෙළඳපලේ හොඳ නාමයක් දිනාගන්නටත් BMW සමාගමට හැකි වුණා.

ඒ අතිවිශිෂ්ඨ මෝටර් රථ නිෂ්පාදන අතරට එක්වුනු අලුත්ම සාමාජිකවා තමයි BMW i8 කියන්නේ. බැලු බැල්මටම පෙනෙනවා ඇති නේද මේ මෝටර් රථයේ විශේෂත්වය.


පසුගිය දවසක ඇමරිකාවේදී පැවති විශේෂිත වෙන්දේසියකදී මේ BMW i8 මුල්ම මෝටර් රථ කිහිපය විකුණා දැමුනා. සාමාන්‍ය වෙළඳපල මිල මෙන් 6 ගුණයකටත් වැඩි මිලකට එහිදී මේ මෝටර් රථ වෙන්දේසි වුනා. එම වෙන්දේසිය වෙනුවෙන්ම විශේෂ වර්න සංයෝජන හා තාක්ෂණික උපක්‍රම යොදාගනිමින් නිමවා තිබූ BMW i8 මෝටර් රථය අලෙවි වුනේ ඇමරිකානු ඩොලර් 825 000කට යි. ඒ මුදල රුපියල් වලින් නම් කෝටි 11කට ආසන්න මුදලක්.

කාබන් මිශ්‍ර ඇලුමිනියම් වලින් තනා අැති මෙහි හයිබ්‍රිඩ් එංජිමට තත්පර 4.4කදී පැයට කිලෝමීටර් 100ක දක්වා වේගයක් ලබාගත හැකියි. සිය ගණනක් වූ විවිධ ධාවන විධි අතුරින් ඔබ කැමති ධාවන ආකාරයට, වේගයෙන් හා පහසුවෙන් මේ මෝටර් රථය ධාවනය කරන්න ඔබට හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ එක් බටන් එකක් එබීමෙන් ඔබට තියුණු වේගවත් ධාවන විලාශයක සිට සුවපහසු ධාවන විලාශයකට මාරුවෙන්න පුළුවන්.

ඒ වගේම පරිසර හිතකාමී මෝටර් රථයක් ලෙසත් මේ නව මෝටර් රථය හඳුන්වන්න පුළුවන්. සාමාන්‍ය මෝටර් රථයක කාබන්ඩයොක්සයිඩ් විමෝඡන අනුපාතයට වඩා අඩු කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයකුයි මේ මෝටර් රථයෙන් විමෝචනය වන්නේ.

Four Wheel Drive වාහනයක් වන මෙහි ගියර් පද්ධති 2ක් සහිත අතර ඉලෙක්ට්‍රොනික මෝටර් 3ක්ද ඇතුලත්. මීට අමතරව විදුලි බලය සඳහා කිලෝග්‍රෑම් 200ක් පමණ වන ලිතියම් අයන් බැටරියක්ද ඇතුලත්.


BMW i8 මෝටර් රථය ලබන වසරේ දී වෙළඳපලට නිකුත්වීමට නියමිත වුවත්, සාමාන්‍ය වාහන මිලදීගන්නා පාරිභෝගිකයින් අතර මේ මෝටර් රථය කෙසේ ව්‍යාප්ත වේදැයි සිතන්නට නම් අපහසුයි.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​
 
-