Showing posts with label OTHER. Show all posts
Showing posts with label OTHER. Show all posts
Sunday, 4 December 2016
Sunday, 31 July 2016
Thursday, 14 July 2016
Friday, 1 July 2016
Sunday, 5 June 2016
1097.අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද? ගොඩක් දෙනෙක් අහපු දෙයක් තමයි, ඒ නිසා හිතුවා ඒ ගැනත් ටිකක් කථාකරන්න.අපි මිට කලින් ලිපියෙන් කථාකලේ කොහොමද නිවරදීව payple ගිණුමක් හදගන්නෙ කියලා.දැන් ඔයාලා payple එක හදාගෙනනෙ ඇත්තේ, හදාගත්තෙ නැති අය මෙතනින් ගිහින් හදාගන්න, paypleගැනත් තව තියනවා කථාකරන්න ඒවා අනෙකුථ් ලිපි අතර තුර කථාකරමු එහෙනම් අපි වැඩේට බහිමු.
මේ ලිපි පෙල සමග ඔබ අපසමග සිටියොත් ඔබට හොද ආදායම් මාර්ගයක් ස්තිරවශයෙන්ම ලබගන්න පුලුවන්, හැබැයි නිකන් ඉදන් නම් සල්ලිහොයන්න බෑ,ට්කක් මහන්සි වෙන්න වෙනවා.
අපි මේ ලිපි පෙලින් සෑම අස්සක් මුල්ලක් නෑරම ක්ථාකරන්න බලාපොරොත්තු වෙනවා,ඒ නිසා මේ ලිපි පෙල මග හරින්න එපා.අන්තර්ජාලයෙන් මුදල් උපයනක්‍රම ගොඩක් තියනවා. ඒනිසා ඔයාට ගැලපෙන ක්‍රමය තොරාගෙන ඒ හරහා මුදල් උපයන්න මහන්සිගන්න.එසේ නොමැතිඋවහොත් ඔබට මෙය ඒපාවනු නොවනු මානයි.මුලික වශයෙන් ඔයටික තමයි කියන්න තියෙන්නේ.
අපි මිටකලින් adfly ගැන ලිපියක් කලා ඒක බැලුවෙ නැති අය මෙතනින් ගිහින් බලන්න.ඒකත් හොදට මුදල් උපයන්න පුලුවන් තැනක්.
අපි මේ ලිපි පෙලින් සෑම අස්සක් මුල්ලක් නෑරම ක්ථාකරන්න බලාපොරොත්තු වෙනවා,ඒ නිසා මේ ලිපි පෙල මග හරින්න එපා.අන්තර්ජාලයෙන් මුදල් උපයනක්‍රම ගොඩක් තියනවා. ඒනිසා ඔයාට ගැලපෙන ක්‍රමය තොරාගෙන ඒ හරහා මුදල් උපයන්න මහන්සිගන්න.එසේ නොමැතිඋවහොත් ඔබට මෙය ඒපාවනු නොවනු මානයි.මුලික වශයෙන් ඔයටික තමයි කියන්න තියෙන්නේ.
අපි මිටකලින් adfly ගැන ලිපියක් කලා ඒක බැලුවෙ නැති අය මෙතනින් ගිහින් බලන්න.ඒකත් හොදට මුදල් උපයන්න පුලුවන් තැනක්.
අන්තර්ජාලයෙන් මුදල් උපයනහැටි ක්‍රම 4ක් 5ක් ඉතාපැහැදිලිව සිංහලෙන් කරන video එකක් තියනවා ඒක මෙතනින් ගිහින් බලන්න එකනම් ගොඩක් වැදගත් වේවි.
මේම ක්‍රමත් ඔබට හරිගියේ නැත්නම් රැදි සිටින්න තව දේවල් තියනවා ඉදිරි ලිපිවලින් අපි ඒ ගැන කථා කරමු.
________________
Friday, 3 June 2016
1095.වැදගත් විදියට desktop එක හදාගන්න
08:37
COMPUTER TRICKS, FREE, OTHER, SOFTWARE
වැදගත් විදියට desktop එක හදාගන්න
ගොඩක් අයගේ desktop ඉතින් icon,file,folders වලින් පිරිලනෙ තියෙන්නෙ එකට හේතුවකුත් තියෙනවා මොකද අපි ගොඩක් වෙලාවට file,folders එහෙම copy කරන්නෙ desktop එකටනේ එක ලේසිත් එක්කනේ ඒ වුනට හැමොම කැමති desktop එකේ icon අඩු කරගන්න ඉතින් ඒ නිසා desktop එකට file copy කරන්න පොඩ්ඩක් කැමති නෑ ඉතින් එකට විසදුමක් විදිහට තමයි මේ software එක හදල තියෙන්නෙ ගොඩක් අය මෙක ගැන දන්නවත් ඇති මේ software එකෙන් කරන්නෙ desktop එකෙ තියෙන file,folders,icon වෙන්කරන එක ඒ වගේම එවා හ0ගන්නත් පුලුවන් mouse point එක ගෙනිච්චම එවා දිස්වෙනවා ඉතින් ඒ නිසා අපිට file desktop එකේ save,copy කරන්න පුලුවන් . එහෙනම් මෙන්න software එක
active කරන්නෙ මෙහෙමයි මුලින්ම ඔයා download කරගනිපු file එක extract කරන්න file එක ඇතුලේ ඇති Keymaker & Patch කියල එකක් එක open කරන්න, ඊලගට setup එක open කරලා install කරගන්න දැන් කලින් open කරපු Keymaker & Patch කියන එකේ pach කියන එක select කරන්න ඊට පස්සෙ save license select කරන්න
ඒ වගේම තමයි මේකෙන් desktop එක ලස්සන කරගන්නත් පුලුවන් එවා කරන්නෙ desktop එක right click කරාම තියෙන configure fences කියන එකෙන් එත් මට හැමදේම කියන්න බැ ඔයා ඒවා කරලා බලන්න මම කියන්නම් කොහොමද ඔකේ icon,folders,file හ0ගන්නේ කියලා වැඩි දෙයක් නැ මේ pic එක බැලුවම තෙරුම් ගන්න පුලුවන්
_____________________
Labels:
COMPUTER TRICKS,
FREE,
OTHER,
SOFTWARE
Monday, 15 February 2016
1087.Folder එකක පාට Change කරමු.
Folder එකක පාට Change කරමු.
අපේ Computer එකේ අපිට ඕන විදියට Folder වලට Color එකක් දාන විදිය තමයි මේ ලිපියෙන් කියන්නේ
අපිට මේකට ඕන වෙන්නෙ පුංචි Software එකක්
මෙතන Click කරලා Software බාගන්න. 1.41MB පුංචි Software එකක්
1 පියවර :- දැන් ගත්ත Software එක Install කරගන්න.
2 පියවර :- Install කර ගත්තට පස්සෙ Folder එකක් Right Click කරන්න.
3 පියවර :- ඊට පස්සෙ Colorize කියලා තියනවා ඒක උඩට ගියාම අපිට අවශ්‍ය කරන පාට තෝරගන්න තියනව.
දැන් අපි Color එක දාගත්තට පස්සෙ අපිට ඉස්සෙල්ලා තිබ්බ විදියට හදාගන්න ඕන වුනොත් එම Box එකේ තියනවා Restore Original Color කියලා ඒක Select කරාම අපේ තිබ්බ විදියටම Folder එකේ පාට වෙනස් වෙනවා
අපිට ඔය Colorize එකේ තියන පාටවලට අමතරව ඕකෙ Colors..... කියන එකෙන් තමන්ට කැමති පාටක් දාගන්න පුලුවන්.
මේ තියන Screen Shot එක බලාගෙන හරි කරන්න වැඩේ ලේසී.
මේ තියෙන්නෙ Colors... කියන Option එක අපට ඕන Color එක දාගන්න පුලුවන් මේක භාවිතා කරලා.
පොඩි වැඩක් තියෙන්නෙ මේකෙ කරලම බලන්න කස්ටිය.
______________
Saturday, 13 February 2016
1086.Facebook එකේ Pokes කියන්නේ මොනවද ?
Facebook එකේ Pokes කියන්නේ මොනවද ?
අපේ Facebook Page එකට යාලුවෙක් Message එකක් දාල තිබුණේ Facebook එකේ Pokes කියන්නේ මොනවද කියල.Facebook පාවිච්චි කරන හැමෝටම වැදගත් වේවි.දිගට පහළට කියවන් එන්නකෝ.
මුලින්ම Pokes වලට කෙටි නිර්වචනයක් මෙන්න.
Facebook භාවිතා කරන්නෙක් විවිධ හේතූන් මත (උදා:-Hello කීමට,අවධානය දිනා ගැනීමට ) තවත් Facebook භාවිතා කරන්නෙකු Poke කරයි.
දැන් පොඩි අදහසක් එන්න ඇති.ඔයාට වෙන කෙනෙක්ව Poke කරන්න ඕන නම් මේ විදියට කරන්න.මේකෙ තියෙන වැදගත්කම තමයි Friendsලව වගේම Friend නොවන අය පවා Poke කරන්න පුලුවන්.
ඔහොම කවුරුහරි ඔයාව Pokes කළොත් ඔයාට මෙන්න මේ වගේ Message එකක් පට ගාල ඒවි.
ඇතැම් අයට මේක කරදරයක් හන්ද Pokes ගැන දන්න ඒ වගේම ඒක කරදරයක් අය Pokes Block කරලයි තියෙන්නේ.ඔයාටත් ඕන නම් වෙන වෙන අය ඔයාව Poke කරන එක නවත්තන්න මේ විදියට Block කරන්න පුලුවන්.
තවත් කෙනෙක්ව Poke කරන්නේ කොහොමද?
ඔයාට Poke කරන්න ඕන කෙනාගේ Account එකට ගිහින් මේ විදියට කරන්න.
Poke කරන එක නවත්තන්නේ කොහොමද?
කොටින්ම කියුවොත් Poke කරන එක නවත්තන්න තියෙන එකම ක්‍රමේ ඔයාව Poke කර කර කරදර කරන කෙනාව Block කරන එක ඒක ඉතින් දැනටමත් දන්නවා ඇති.ඒත් දන්නේ නැති කට්ටිය ඉන්නවනම් මෙන්න.
ඉබි ලොක් ලකුණ උඩ Click කරල How do I stop someone from bothering me කියන එක Click කරල ඔයාට Block කරන්න ඕන කෙනාගේ Name එක හරි E-mail එක හරි දෙන්න.
නැත්නම් Block කරන්න ඕන කෙනාගෙ Account එකට ගිහිල්ලා මෙන්න මේ විදියට කරන්න.
එයාව Block කරා කියල එයා දැනගන්නේ නෑ.
ඔයාට ආපු සේරම Pokes බලන්නේ මෙහෙමයි.
Facebook Account එකට Log වෙලා මෙන්න මේ Address එකෙන් Poke Page එකට යන්න පුලුවන්.එතනින් යවපු Pokes බලාගන්නත් පුලුවන්.
facebook.com/pokes
____________
Tuesday, 9 February 2016
1084.දුරකථනයේ අන්තර්ජාල පහසුකම නොමැති විට Google Maps භාවිතා කරන්නේ මෙහෙමයි.
00:47
FREE, FUN, LESSON, OTHER, TECHNOLOGY, TECHNOLOGY NEWS
දුරකථනයේ අන්තර්ජාල පහසුකම නොමැති විට Google Maps භාවිතා කරන්නේ මෙහෙමයි.
Google සමාගම මේවන විට ඔවුන්ගේ Maps app එකට අලුත්ම අංගයක් එකතු කරල තියනවා. දැන් සිතියමේ තමාට අවශ්‍යය කොටස් offline ලෙස භාවිතා කිරීමට download කරගන්න පුළුවන්. ඔබේ දුරකථනයේ mobile data හෝ wi-fi නැති අවස්ථාවලදී වුවත් දැන් මේ app එක භාවිතා කිරීමට හැකි වෙනවා. මේ අංගය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් නම් නොවෙයි. මීට පෙරත් අන්තර්ජාලය නොමැති විට ටික වේලාවක් සිතියමේ පෙර භාවිත කල ප්‍රදේශයන් දර්ශනය වුනා. නමුත් දැන් turn-by-turn driving directions සහ සිතියමෙහි ඇති ව්‍යාපාරික ස්ථාන පිලිබඳ තොරතුරුත් අන්තර්ජාලය නොමැතිව ලබා ගත හැකියි.
මේ අංගය භාවිතා කරන්නේ මෙහෙමයි,
මුලින්ම ඔබේ දුරකථනයෙහි Google Maps නොමැතිනම් එය install කරන්න. ඊට පස්සේ ස්ථානයක් search කරන්න. ඔබ සෙවූ ස්ථානයෙහි තොරතුරුත් සමගින් Download බටනයකුත් දක්නට ලැබේවි.මීළඟට කුමන ප්‍රදේශයද download කරගන්නට අවශ්‍යයද යන්න ඔබෙන් විමසනවා. ඔබට download කරගන්නට හැකි තනි සිතියම් කොටසක උපරිම ධාරිතාවය මෙගා බයිට් 2500 ක් වනවා. නමුත් එකම ස්ථානයෙහි සිතියම් කොටස් කිහිපයක් වුවද download කරගන්නට පුළුවන්.
download කිරීමට යොමු කල සිතියම කොටසට නමක් දෙන්න. පසුව සිතියම් කොටස download කිරීම ආරම්භ වේවි.
මෙලෙස ඔබ download කරගන්නා සිතියම් කොටස් “Your Places” විකල්පය ඔස්සේ ලබා ගන්නට පුළුවන්.
යම් කිසි අවස්ථාවක අන්තර්ජාල සම්බන්ධතාවය නොමැති වූ විට මේ app එක ස්වයංක්‍රියව offline mode එකට පිවිසෙනවා.
______________
Labels:
FREE,
FUN,
LESSON,
OTHER,
TECHNOLOGY,
TECHNOLOGY NEWS
Sunday, 17 January 2016
1083.පිට රටකට යන්න කලින් එහේ වියදම දැනගන්න ක්‍රමයක්
පිට රටකට යන්න කලින් එහේ වියදම දැනගන්න ක්‍රමයක්
යාලුවෙනේ වෙන රටකට job එකක් කරන්න හරි study කරන්න යන අපේ යාලුවන්ට වැදගත් පෝස්ට් එකක් තමයි මේක .
මේකට තියෙනවා හැමදාම වගේ update වන නියම website එකක්..
මේ site එකෙන් ඔයාට පුලුවන් එහෙදි ජීවත් වෙන්න යන මුදල් වගේම එහේ දැනට පවතින දේශපාලනික වතාවරනය සහ එහෙ පවතින සමාජ වාතාවරනය ගැන දැනුවත් වෙන්න.. ඔය හොයන රටේ health service එක වගේම පරිසරය දුශිතද නැතිද යන්න වගත් ඔයාට පුලුවන් දැන ගන්න.....
උදාහරණයක් ලෙස කිව්වොත්....
01. වායූ දූශන ප්‍රතිශතය.
02.පානීය ජලයේ ගුනාත්මක භාවය
වගේ දේවලුත් ඔයාට පුලුවන් බලා ගන්න...
දැන් ඉතින් කාගෙන්වත් අහා අහ ඉන්නෙ මොකටද රටකට යන්න.. ඔයාම බලලා හොදද නැත්ද කියලා ඔයාටම තීරනය කරන්න පුලුවන්නේ......
මේකේ මුලින්ම අපිට අවශ්‍ය Town ඒකෙ නම search කරන්න ඕනේ.
ඊට පස්සේ අපිට අවශ්‍ය එක එක categories අනුව අපිට වෙන වෙනම මේ දේවල් හොයන්න පුළුවන්.
මේ විස්තර වලින් අපිට ඒ ඒ රටවලදී කොච්චර වියදමක් යනවද කියලා දළ වශයෙන් කියන්න පුළුවන් වෙනවා.
ඔයාට මේක ගැන sure එකක් නැත්නම් colombo කියලා search කරලා බලන්නකෝ...
______________
Wednesday, 13 January 2016
1081.data cabale නැතිව File Transfer කරන්නේ මෙහෙමයි
07:57
CONVERT, FREE, FUN, INTERNET SPEED, OTHER, PHONE TRICKS, SOFTWARE
data cabale නැතිව File Transfer කරන්නේ මෙහෙමයි
Zapya File Transfer for Winodws PC / Android / IOS
ස්මාර්ට් පෝන් භාවිතා කරන්නට මෙය හොද ඇප් එකක් වන්නට පුලුවන් android / apple phone එකේ තිබෙන photos videos සහ අනෙකුත් files ඉක්මනින් හුවමාරු කරගන්න මේ ඇප් එකට පුලුවන්
ඔයාලා දන්නවා ඇති ඇපල් දුරකථන වලින් files වෙනත් උපාංග සමග දත්ත හුවමාරැ කරගන්න නොහැකියි නමුත් මේ මගින් WiFi මගින් android මගින් files ඉතා ඉක්මනින් හුවමාරැ කරගන්න පුලුවන්
අනෙකුත් filesTransfer මුදුකාංග සසදා බැලිමෙිදි 10mbps වෙිගයක් මෙි ඇප් එක සතුවිම විශේෂයෙන් දැක්විමට පුලුවන් film වුවද ඉතා ඉක්මනින් පරිගනකයට හෝ දුරකතනයකට හුවමාරු කර ගැනිමට පුලුවන්
මෙය WiFi hots-port එකක් විදිහටත් පාවිචිචි කරන්න පුලුවන්
android උපාංග සදහා
apple උපාංග සදහා
computer සදහා
Labels:
CONVERT,
FREE,
FUN,
INTERNET SPEED,
OTHER,
PHONE TRICKS,
SOFTWARE
Tuesday, 5 January 2016
1076.Windows 7 බාවිත කරන පරිගණකයක් Mac OS සහිත Apple පරිගණකයක් කරමු
Windows 7 බාවිත කරන පරිගණකයක් Mac OS සහිත Apple පරිගණකයක් කරමු
ඔයාලා දන්නවා ඇති Apple පරිගණක වල භාවිත කරන Max OS එක අපගේ සාමාන්‍ය පරිගණක වලට භාවිත කිරීමට නොහැකි බව, මෙහෙම වෙන්නෙ Apple සමාගම අකමැතියි තව මෘදුකාංග අනෙකුත් OS සමග ක්‍රියාකරවීමට,
ඔයාලා දන්නවා ඇති Apple පරිගණක වල භාවිත කරන Max OS එක අපගේ සාමාන්‍ය පරිගණක වලට භාවිත කිරීමට නොහැකි බව, මෙහෙම වෙන්නෙ Apple සමාගම අකමැතියි තව මෘදුකාංග අනෙකුත් OS සමග ක්‍රියාකරවීමට,
වැඩි දෙනෙක් භාවිත කරන Windows 7 Mac OS එක විදිහට පාවිච්චි කරන්න කැමති ඇති, ඔයාලා කැමති අයට දාගෙන බලන්න පුළුවන්, බැළු බැල්මට මුල්න්ම OS එක හරියට හොයාගන්නත් බැරි තරම් විදිහට වෙනස් ඇත්තෙන්ම, Mac OS එකේ පෙනුම එහෙම් පිටින්ම.
ඔබත් කැමති නම් පහලින් 32bit සහ 64bit සදහා සහය දක්වන Mac OS X Lion එක Download කරගන්න පුළුවන්, ඔබගේ කොම් එකේ Windows 7 Version එක අනුව Install කරගන්න....මෙම Skin Pack එක ඔබ Install කිරීමෙන් අනතුරුව Uninstall කරගැනීමේ හැකියාව තිබෙනවා, පහල ලින්ක් වලින් අදාලා Skin Pack එක Download කරගන්න.
64bit
other
____________
Saturday, 2 January 2016
1075.වැදගත් ඊමේල් ලිපිනයක් හදාගමු
වැදගත් ඊමේල් ලිපිනයක් හදාගමු
ඊමේල් කියන නම දැන් කාටවත් අලුත් දෙයක් නෙමෙයි.ඔබ වැඩ කරන අයතනයේ ඊමේල ලිපිනය,ඔබගේ පුද්ගලික ඊමේල් ලිපිනය,ඔබගේ ෆේක් ඊ මේල් ලිපිනය ඒ සියල්ලම බොහෝ විට ඇත්තේ Gmail, yahoo, Hotmail යන උප නාමයන් ගෙන් අවසන් වන ගිනුම් නේද.
මේම උප නාමයන් දැන් පොදුවේ භාවිතාවන නිසා නිතර අන්තර්ජාලය තුල සැරිසරන ඔබට එය ගැලපෙන්නේ නැති වෙන්න පුලුවන්. නැතහොත් ඔබට අවශ්‍ය උපනාමය සහිත ඔබගේ ගිනුම මේ වනවිටත් වෙනත් පුද්ගලයෙක් සදාගෙන වෙන්න පුලුවන්,නැතිනම් ඔබගේ වෘතිය අනුව ඔබට මෙම උපනාමයන් නොගැලපෙන්න පුලුවන්.
yourname@doctor.com
ඔබ ග්‍රැෆික් ඩිසයින් ආශිතවනම් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@graphics.com
සංගිත ආශිතවනම් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@music.com
පරිගනක ආශිතවනම් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@computer.com
ඔබ ඇමරිකාවේ සිටින ලෙස පෙන්වීමටනම් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@usa.com
ඔබා සාමනය්‍ය පුද්ගයෙක් නම් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@mail.com
යානාදි වෘතියන් හා බැදි වැදගත් ඊමේල් ලිපිනයක් දැන් ඔබටත් නොමිලේම හදාගන්න පුලුවන් පහලින් ගිහින් රේගිස්ටර් වෙලා කැමති විදියකට professional ඊමේල් ලිපිනයක් හදාගන්න.
මෙතනින් යන්න
_______________
Thursday, 31 December 2015
1074.ඩිජිටල් කැමරාවක Mode Dial උපාංගය නිවැරදිව භාවිතා කරමු.
22:44
FUN, Hardware, OTHER, TECHNOLOGY
ඩිජිටල් කැමරාවක උපාංගය නිවැරදිව භාවිතා කරමු.
අලුත් අවුරුද්දේ පලමු ලිපිය ඔයලට ගොඩක් වැදගත් වේවි.වැදගත් කරුනු ගොඩක් තියනවා සම්පුර්න ලිපියම කියවන්න.
(රූප විශාල කර බැලිම සදහා ඒ මත click කරන්න.)
ඉහත රූපයේ පෙන්වන්නේ නිකොන් කැමරාවක Mode Dial උපාංගයයි. ඔබේ ඩිජිටල් කැමරාවේත් මෙවැනිම මුහුණතක් තිබෙන්නට පුලුවන. කැමරාවේ ඉතාම වැදගත් වැඩකොටසක් සිදුකරන මෙම ඩයලයේ ක්‍රියාකාරිත්වය පිලිබඳව නිවැරදි දැනුමක් තිබීම ඔබගේ කැමරාවෙන් ඉතා හොඳ තත්වයේ ඡායාරූප ලබාගැනීමට අත්‍යාවශ්‍ය වේ.
M A S P අකුරුවලින් දක්වන්නේ කුමණ ක්‍රියාකාරිත්වයන්ද?
M හෙවත් Manual Mode
මෝඩ් ඩයලය කරකවා Manual Mode තෝරාගත් විට කැමරාව සියලුම ස්වයංක්‍රිය ක්‍රියාකාරිත්වයන් ගෙන් මිදී භාවතා කරන්නාට අවශ්‍ය ආකාරයට සියලුම settings, එනම් කැමරාවේ නාභිගත කිරීම (focus), ශටරයේ වේගය (shutter speed), ආලෝක තව්වේ (aperture) ප්‍රමාණය, ISO අගය, ස්වේතාලෝක සීරුමාරුව (white balance), ආලෝක නිරාවරණ සීරුමාරුව (exposure value) වැනි සියලුම තෝරාගැනීම් හා සීරුමාරු සිදුකිරීමේ අවස්ථාව ලබාදෙයි.
මැනුවල් මෝඩ් ආකාරයෙන් හොඳ ඡායාරූප ගැනීම සඳහා කැමරාවේ තාක්ශණික හැකියාවන් හා ඡායාරූපකරණයේ සිද්ධාන්ත පිලිබඳව සෑහෙන දැනුමක් තිබිය යුතුය.
A (Av) හෙවත් Aperture Priority Mode
ඇපචර් යනු, කැමරාවේ කාචය හරහා එන ආලෝකය, සෙන්සරය වෙත යාමේදී පසුකරන සිදුර හෙවත් ආලෝක තව්වයි. මෙම සිදුරේ විශාලත්වය අනුව ලැබෙන ඡායාරූපයේ යම් යම් වෙනස්වීම් සිදුවෙයි. Aperture Priority ආකාරය තෝරාගත්විට කැමරාව, භාවිතා කරන්නා හට ඇපචර් අගය තෝරා ගැනීමට ඉඩ දෙන අතර, තෝරාදෙන ඇපචර් අගයට අනුරූප වන ආකාරයට ශටරයේ වේගය (shutter speed), ආලෝක නිරාවරණ සීරුමාරුව (exposure value) ස්වයංක්‍රීයව සකසා ගනියි.
ඡායාරූප ශිල්පීන් Aperture Priority ආකාරය භාවිතා කරන්නේ ඔවුන් ගන්නා ඡායාරූපයේ Depth of Field (DoF) අඩු වැඩි විය යුතු ආකරය අනුවයි. Depth of Field හෙවත් ඡායාරූපයේ ඈතින් ඇති වස්තූන් පවා පැහැදිලිව සටහන් වීම හෝ නොවීම කැමරාවේ ඇපචර් සිදුරේ විශාලත්වය අනුව තීරණය වේ. උදාහරණයක් ලෙස මල්වත්තක ඡායාරූපයක් ගන්නාවිට එම මල්වත්තේ ඡායාරූපයට හසුවන සියලුම ස්ථාන එකලෙස පැහැදිලිව පෙනිය යූතුය, එනම් Depth of Field තිබිය යුතුය. මේ සඳහා කුඩා ඇපර්චරයක් (කුඩා සිදුරක්) තිබෙන ආකාරයට ඇපර්චර් අගය සැකසිය යුතුය.
හොඳ Depth of Field ඇති ඡායාරූපයක්. මෙවැනි ඡායාරූප ගැනීමේදී ඇපචරය කුඩා විය යුතු අතර ඒ සඳහා විශාල f-stop/f-number අගයක් තෝරාගත යුතුය. උදාහරණයක් ලෙස f/22
අඩු Depth of Field ඇති ඡායාරූපයක්. මෙහිදී නාභිගත කොට ඇති මල හැරුණකොට ගෙන අවට ඇති අනෙකුත් මල් සියල්ල බොඳවී ඇති ආකාරයට ඡායාරූප ගත වී ඇත. මෙවැනි ප්‍රථිපලයක් ලබා ගැනීමට ඇපචරයේ විශාලත්වය වැඩිවිය යුතු අතර, ඒ සඳහා කුඩා f-stop/f-number අගයක් තෝරාගත යුතුය. උදාහරණයක් ලෙස f/2
කැමරාකරණයේදී ඇපචර් අගයන් f-stops නැතහොත් f-number ලෙස හැඳින්වෙන අතර කැමරා කාචයේ, එම කාචයෙන් ලැබෙන ඇපර්චර් අගයන් 16 11 8 5.6 4 2.8 2 යනාදී ආකාරයෙන් සටහන් කර තිබෙනු දක්නට ලැබේ. පහත රූපය බලන්න.
එක් එක් f-stop/f-number අගයන් හිදී ඇපචරයේ විශාලත්වයද රූප සටහනේ දක්වා ඇත. මෙහිදී ආධුනිකයින් ව්‍යාකූලත්වයට පත්විය හැකි එක් කරුණක් නම් f-stop/f-number අගය විශාලවන විට, ඊට අනුබද්ධ ඇපචර් සිදුරේ ප්‍රමාණය (aperture size) කුඩාවන බවයි. උදාහරණයක් ලෙස f/22 අගයේදි ඇපචරයේ ප්‍රමාණය ඉතා කුඩා බව රූපසටහනෙන් ඔබට පෙනෙනු ඇත. f/2අගයේදී ඇපචරයේ ප්‍රමාණය ඉතා විශාල වේ. එනම් f-stop/f-number අගය හා ඇපර්චරයේ විශාලත්වය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතී.
කැමරා ලෙන්සයක ඉදිරියේ Focal Length හා f-stop/f-number සටහන් කොට ඇති ආකාරය
Focal Length ඇසුරින් ලෙන්සයක Optical Zoom අගය ගණනය කරගන්නා ආකාරය
18-55mm ලෙස දක්වා ඇති ඉහත ලෙන්සයේ ඔප්ටිකල් සූම් අගය කොතරම්ද? වැඩි මිලිමීටර් අගය, අඩු මිලිමීටර් අගයෙන් බෙදීමෙන් සූම් අගය ලබාගත හැකිය. එනම් 55/18=3. මෙම ලෙන්සයේ ඔප්ටිකල් සූම් අගය හෙවත් දුර ඇති වස්තූන් ලං කොට ඡායාරූප ගතකිරීමේ හැකියාව 3ගුණයකි.
Telephoto Zoom
ඉතා ඈත ඇති වස්තූන් ඡායාරූපගත කිරීමට ටෙලිෆොටෝ සූම් ලෙන්සයක් අවශ්‍යය. මෙවැනි ලෙන්සවල අගය 18-400mm වැනි අගයන් ගනී. 18-400mm. ලෙන්සයක ඔප්ටිකල් සූම් අගය : 400/18=22 වේ.
S (Tv) හෙවත් Shutter Priority Mode
Shutter Priority Mode ආකාරය තෝරාගත් විට ඡායාරූප ශිල්පියා කැමරාවේ ශටරයේ වේගය තෝරාගන්නා අතර, කැමරාව තෝරාදෙන ශටර් වේගයට අනුරූපව ඇපචර් අගය හා අනෙකුත් සීරුමාරු ස්වයංක්‍රීයව සිදුකරගනී.
ඇපචර් ප්‍රයෝරිටි ආකාරය ඡායාරූපයේ depth of field වෙනස් කිරීමට භාවතා කරනවා මෙන් ඡායාරූප ශිල්පීන්ට Shutter Priority Mode ආධාරයෙන් ශටරයේ වේගය පාලනය කිරීමෙන්ද විවිධාකාරයේ ඡායාරූපී ප්‍රථිපල (photographic effects) ලබාගත හැකියි. හොඳ කැමරාවක ශටරයේ වේගය තත්පර 30ක-60ක අවම වේගයේ සිට තත්පරයෙන් 1/4000ක් තරමේ අධික වේගයක් දක්වා සීරුමාරු කිරීමේ හැකියාව තිබේ.
Shutter Priority Mode ආධාරයෙන් ලබාගත හැකි photographic effects මොනවාද?
1] Fast shutter speed for freezing action.
ඉහත අධිවිබේධන ඡායාරූපය බලන්න. F1 ධාවන තරඟයකදී සිදුවන අණතුරක්, ඒ ඇසිල්ලේම ඡායාරූපගත වී ඇති අතර, වාහන දෙකෙහි කොටස් අහසේ රැඳී තිබෙන්නාක් මෙන් ඉතා පැහැදිලිව සටහන් වී ඇත. පැයට කිලෝමීටර් 200ක් පමණ වේගයෙන් ධාවනය වන රථ දෙකක් එකට ගැටීමකදී පවා මෙතරම් පැහැදිලිව සියලු දේ සටහන් වී ඇත්තේ ඡායාරූප ශිල්පියා ඉතා ඉහල (1/4000 පමණ) ශටර් වේගයක් සහිතව ඡායාරූපය ගෙන ඇති නිසාය. මෙවැනි freeze-action ඡායාරූප ගැනීමට Shutter Priority Mode ඉතා වැදගත් වේ.
2] Very slow shutter speed for special effect photography
ඉහත ඡායාරූපය බලන්න. රාත්‍රීකාලයේ මහා මාර්ගයක ගෙන ඇති මෙම ඡායාරූපයෙහි වාහන සටහන් වී නොමැති අතර ඉදිරියට එන වාහනවල ප්‍රධාන ලාම්පු හා විරුද්ධ අතට යන වාහනවල පසුපස රතු ලාම්පු රේඛා ලෙසට සටහන් වී ඇත. Light trails photograph ලෙස හඳුන්වන මෙම ආකාරයේ ඡායාරූප ලබාගැනීම සඳහා කැමරාව ශටර් ප්‍රයෝරිටි ආකාරයට සකස්කරගෙන ශටර් වේගය තත්පර 30ක් හෝ 60ක් දක්වා අඩුකර ඡායාරූපය ගත යුතුය.
P හෙවත් Program Mode
ප්‍රෝග්‍රෑම් මෝඩ් ආකාරයේදී කැමරාව ලැබෙන ආලෝකයට අනුව ස්වයංක්‍රීයව ඇපචර් විශාලත්වය හා ශටර් වේගය තීරණය කරනු ලබයි. ඡායාරූප ශිල්පියාට ISO අගය, ස්වේතාලෝක සීරුමාරුව (white balance), ආලෝක නිරාවරණ සීරුමාරුව (exposure value) සීරුමාරු සිදුකිරීමේ අවස්ථාව ලබාදෙයි.
Program Mode පිලිබඳව දැනගත යුතු වැදගත් කරුණක් නම් Program Mode යනු කැමරාව පූර්ණලෙස ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන (fully automatic) අවස්ථාවක් නොවන බවයි. පූර්ණ ස්වයංක්‍රීය ක්‍රියාකාරිත්වයට පත්කර ගැනීමට මෝඩ් ඩයලය AUTO ලෙස දක්වා ඇති ස්ථානය වෙත කරකැවිය යුතුය. එවිට ඕනෑම සංකීර්ණ කැමරාවක්, සරල point & shoot වර්ගයේ පොකට් කැමරාවක් මෙන්ම පහසුවෙන් ක්‍රියාත්මක කල හැකිය. AUTO අවස්ථාවේදී ඡායාරූපය ගන්නා තැනැත්තා කැමරාව එල්ලකොට ශටර්-රිලීස් බොත්තම එබීම පමණක් සෑහේ.
Scene Modes
M A S P AUTO යන තෝරාගැනීම් වලට අමතරව බොහෝ කැමරාවල මෝඩ් ඩයලයේ විවිධ අයිකන රැසක් දක්වා ඇත. Scene Modes ලෙසින් හඳුන්වන මෙම අයිකන විශේෂිත ඡායාරූප අවස්ථාවන් සඳහා කැමරාව ස්වයංක්‍රීයව සූදානම් කරන තෝරාගැනීම් පෙලකි.
Scene Modes තෝරාගන්නා ආකාරය වෙනත් ලිපියකින් සාකච්ඡා කරමු.
________________ _ ________________
Labels:
FUN,
Hardware,
OTHER,
TECHNOLOGY
Subscribe to:
Posts (Atom)