Ads 468x60px

home

Showing posts with label ලොව වටා. Show all posts
Showing posts with label ලොව වටා. Show all posts

Saturday 18 June 2016

1098.අපේ ලෝකය අපේ අලුත් වැඩේ

අපේ ලෝකය අපේ අලුත් වැඩේ


අපේ ලෝකය අපි අලුත් වැඩක් පටංගත්තා,අපි අපේ youtube channel එක.දැන් ඔයාලට පුලුවන් අලුත්ම අලුත් දේවල් දැනගන්න​.අපි ගොඩක් දේවල් මේතනින් කථාකරමු. ඔබ කවදාවත් නොසිතපු දේවල් ගොඩක් අපේ channel එකින් අපි කථාකරනවා.ඉතින් ඔයාලත් අපේ channel එක subscribe කරල subscribes කෙනෙක් වෙන්න​.මුල ඉදන් සියලුම video බලන්න කියලා ආරාධණා කරනවා.ඔයාලගේ යහලුවන්ටත් මේ message එකදෙන්න​,මේක  ඉදිරියට කරගෙන යන්න ඔයාලගේ සහයෝගය අපිට ලබාදෙයි කියල විශ්වාස කරනවා. එහෙනම් අපි පලමු video  එකෙන් හමුවෙමු..... 







මෙතනින් යන්න​

Sunday 6 September 2015

1043.එන්න අපිත් එක්ක ලංකාව වටෙ රවුමක් යන්න​

එන්න අපිත් එක්ක ලංකාව වටෙ රවුමක් යන්න​

Image result for trip


ඔයාලට මතක ඇති අපි මිට කලින් ලිපියකින් ඔයාලා ලෝකේ තියන ලස්සනම් තැන් ටිකකට එක්කගෙන ගියා. 3D Virtual Tour Around the World  කියන සයිට්  එකෙන් ඔයාලා එතන ඉන්න විදියට හරව හරවා බැලුවා  ඒ ලිපිය බලපු නැති අය මෙතනින් බලන්න​.

අද අපි ඔයාලා එක්කගෙන යන්නේ ලංකාවේ ලස්සනම ලස්සන තැන් ටිකක් බලන්න​. ඔයාලට අද අපිත් එක්ක මෙන්න මේ තැන් බලන්න යන්න පුලුවන්.


  • සේරුවිල රජමහ විහාරය​
  • නිස්සංක මල්ල රාජසබා මන්ඩපය
  • ලංකාරාමය​
  • ජේතවනාරාමය​
  • කුට්ටම් පොකුන​
  • අනුරාධපුර යුගයේ මුරගල​
  • මිරිස්ස වැටිය 
  • ජේතවනාරම කෞතුකාගාරය​
  • අනුරාධපුර ථුපාරාමය​
  • අනුරාධපුර සදකඩපහන​
  • අභයගිරි විහාරය​
  • සමාධි බිදුපිලිමය​
  • රුවන්වැලිසෑය​
  • ඉසුරුමුනි විහාරයා
  • කංදේ විහාරය​
  • ගාලු කොටුව​
  • නාගදිප විහාරය​
  • බදුල්ල කදුමුදුනක් 
  • දුන්හිද ඇල්ල​
  • මුතියංගන විහාරය​



මේ සැම තැනක්ම ඔබ එතන සිටින විදියට ඔබට නැරබිය හැක​.මෙහි ඔබට ඇවිදිමටද  පුලුවන්. 

අන්තර්ජාලයේ නවතම තාක්ෂණයක් වන VIRTUAL TOUR වලින් දේශීය හා විදේශීය උරුමයක් වන ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන නැරඹීමට මෙම වෙබ් අඩවියෙන් පුළුවන.දේශීය හා විදේශීය සංචාරකයින්ට පරීක්ක්ෂණ කටයුතු හා අධ්‍යාපනික කටයුතු සදහා වැදගත් වේ.. ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන්,රක්ෂිත , ආගමික සහ ස්තානයන් මෙම තාක්ෂණයෙන් නැරඹීමට ද හැකිවේ.මෙම වැඩසටහන Picture.lk විසින් වාණිජ අරමුණකින් තොරව ක්‍රියාත්මක කරන අතර, ඔබටත්  Picture.lk වෙත තොරතුරු සැපයීමෙන් දායක විය හැකිය

මෙතනින් ගිහින බලන්න​

Image result for click button



____________________________




මෙතනින් යන්න​

Sunday 2 August 2015

1020.දකුනු කොරියාව ඇතුලු වෙනත් රටකසිට ඔබ EMS හරහා භාංඩ තවත් රටකට යව්න්නේනම් මේ ගැනත් දැනගන්න​.

 දකුනු කොරියාව ඇතුලු වෙනත් රටක සිට ඔබ EMS හරහා භාංඩ  තවත් රටකට යව්න්නේනම් මේ ගැනත් දැනගන්න​.


රටකින් තවත් රටකට භාන්ඩ ප්‍රවාන සේවාවන් දෙස බැලිමේදි වඩා පසුවෙන් භාන්ඩ ප්‍රවානය කල හැකි එක් ක්‍රමයකි EMS සේවාව​.තවත් මෙවැනි courier සෙවාවන් තිබුනත් බොහො දෙනා උනංදු වන්නේ ems හරහා සේවාව ලබාගැනිමටයි.බොහෝ රටවල්වල මෙම සේවාව ඔනැම තැපල් හලකින් ලබාගත හැකි උවත් ලංකාව තුල ප්‍රදාන තැපල් හලවල්  පමනක් මෙම සේවාව සප​යයි.

ems මිල ගනන් සාමන්‍ය මිලට වඩා ඉහල මිලක් ගනි.භංඩයේ බර අනුව මිල තිරනය කරයි.බෙහෙත් ද්‍රවුය ,විදුලු උපකරන,සුවදවිලවුන්, battery සම්පුරනයෙන් තහනම් උවත් මෙම දේවල්ද යෙවිය හැකි courier සේවාවන් පවති.

මෙම සේවාව ගැන කෙට් හැදින්මක් ලබා දුන්නේ ,බොහෝ දෙනෙක් තමංගේ මෙම ප්‍රවහනය සදහා මෙම සේවාව ලබගැනිමට භාංඩ අදාල ස්තානයට ලබාදුන් පසු අවාසාන ලබන්න ලබාගන්නා තුරු කිසිම තොරතුරක් නොදන්නේය​. 

නමුත් ඔබ දන්නවාද ඔබ ලාබාදුන් භාංඩය ලබාදුන් මොහොතේ සිට අවසාන ලබන්නාගේ අතට පත්වන තුරු සිදුවන සැම සිදුවිමක්ම අන්තර්ජාලය හරහා බලාගත හැකි බව​.

දකුනු කොරියාව​.ඉතාලිය​,කැනඩා,මැලේසියාව​,ජපන් වැනි රට වලින් ජංගම දුරකථන ආදි විදුලි උපකරන ems හරහා සගවා එවන බවට රහසක් නොවේ.මේ හේතුවෙන් බොහෝ දෙනා තමාගේ භාංඩය ගැන වැඩි අවදානයක් යොමු කරයි.භාංඩය ප්‍රතික්ශේප උනාද​? දැන් කොහේද තියෙන්නේ?මොන ගුවන් යානයේද යන්නේ?ලබාදුන් ලිපිනය හරිද? ආදි බොහොමයක් දේවල් අපිට සැම මොහොතකම බලාගත හැක​.
මෙසේ නිරික්ශනය කල හැකි රටවල් 38කි දකුන කොරියාව ඇතුලුව​.



කොහොමද මෙහෙම බලන්නේ?

ඔබ භාංඩ යැවිමට පුරනවන​ ලද කුවිතාන්සියේ එක් පිටපතක් ඔබට ලබාදේ,එහි ඉහල ඇති සම්පුරන අංකය පහල ඇති වෙබ් අඩවියට ලබාදි search කිරිමෙන් සියලු විස්තර බලාගත හැක​,






මෙම අඩවිය සැම රටකටම පොදු අඩවියක් බැවින් ප්‍රදාන විස්තර පමනක් ලබාදේ .
නමුත් ඔබට අදාල රටේ අඩවියට පිවිසිමෙන් සියලුම විස්තර බලාගත හැක​.පහල​ ආකරයට.






දකුනු කොරියානු වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න​.


අනෙකුත් රට වලට අදාල වෙබ් අඩවියට පිවිසිමට මෙතන click කර අදාල රට තොරා click කිරිමෙන් ඔබට අවශ්‍ය රටේ වෙබ් අඩවියට විවිසිය හැක​.


ශ්‍රි ලංකාව තුල මෙම ems සේවාව ගැන වැඩිදුර දැනගැනිමට රාජ්‍ය තොරතුරු කේන්ඳ්‍රයේන් දැනගැනිමට මෙතනින් එන්න​.
Image result for click button gif

ඉදිරියට ඔබ ems හරහා භාංඩ යැවිමේදි මෙම සේවාවන්හි සහය ලබගෙන ඔබගේ වැඩ පසුකරගන්න​.



විවෘත වන පිටුවේ තප්පර පහකට පසු දකුනුපස ඉහල අති skip ad button  එක click කරඔබට අදාල පිටුවට සම්බංද විය හැක​



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක්

දා
ගෙනම යන්
න​.


- -
මෙතනින් යන්න​

Saturday 1 August 2015

1019.අනාගත අයිතිය


අනාගත අයිතිය
Image result for the future technology


දිනෙන් දින අලුත්වන ලොකයේ අලුත් අලුත් දේවල් නවලෝකයට සැම මොහොතකම එකතු වන වර්තමාන අපට සිතාගත නොහැකි ලෙස වෙනස් වේ.ඒ අතරින් තොරාගන්නා නව තාක්‍ෂනික මෙවලම් 17ක් ගැනයි අද ලිපිය​.මෙම නව නිපැයුම් අප අනිවාර්‍යයෙන්ම අනාගතයේදී ප්‍රයෝජනයට ගනිවී.


මෙතනින් ගිහින් බලන්


http://adf.ly/1LpVXL




විවෘත වන පිටුවේ තප්පර පහකට පසු දකුනුපස ඉහල අති skip button  එක click කරන්න​.








මෙතනින් යන්න​

Friday 24 April 2015

955.විශ්මිත විශ්මජනක ලෝක වාර්තා 12ක්!

විශ්මිත විශ්මජනක ලෝක වාර්තා 12ක්



12. එකවර වැඩිම පිරිසක් “HULA-HOOP” කීරීම.


තායිවානය විසින් තැබූ පරණ වාර්ථාව බිඳ දමමින් 2013 වසරේ පෙබරවාරි 12 වන දින තායිලන්තයේ බැංකොක් හි මිනිසුන් 4483ක් විනාඩි හැටක් එක දිගටි “hula-hoop“ කරමින් මෙම අලුත් වාර්තාව තැබීය.

11. අධික සීතල ඉවසීම.


2013වසරේ ජනවාරි 12ස් වන දින, විනාඩි 46කුත් තප්පර 7කුත් හිම තුල සිට, Jin Songhao නව ලෝක වාර්ථාවක් තැබුවා.

10. එක වර වාදනය වූ වයොලින් වැඩිම ගණන.


යුක්රේනයේ Oleksandr Bozhyk එකවර වයෝලින් හතරක් වාදනය කරමින් 2012වසරේ දෙසැම්බර් 8වන දින නව ලෝක වාර්තාවක් තැබිය.

9. ලොව්ස් විශාලතම SANDWICH එක.


මෙක්සිකෝවේ පිරිසක් ලොව විශාලතම Sandwich එක, කිලෝග්‍රෑම් 3178 බර මෙය Bimbo සමාගම විසින් McCormick, Fud , Chalet හා Petalo Jumbo සමාගම් වල සහය ඇතුව 2014 වසරේ සාදා ඇත.

8. ලොකුව “LEGO” කුලුන


Lego සෙල්ලම් බඩු ගොඩ නගන කැබලි වලින් Oslo නගරයේහි සැදුදු මෙම කුලුන මීටර් 30.22 උසයි.2010 වසරේ තිබු වාර්තාව සෙන්ටිමීටර් 25 පරදවා ඇත.

7. ලොකුම ඔම්ලට් එක.


ලෝකේ දිගම සුරුට්ටුවේ වාර්තාවේ යන්නේ කියුබාවේ හවාන නගරයටයි. මෙන්න මේ සුරුට්ටුවේ දිග අඩි 268යි අගල් 4කි.මෙයට තිබු පරණ වාර්තාවට අයත් සුරුටුවේ දිග ආදි 148යි අඟල් 9ක්ලු.

5. රබර් පටි වලින් හදපු ලොකුම බෝලෙ.


ඇමරිකාවේ චිකාගෝ වල හදපු මෙන්න මේ රබර් බොලේ බර කිලෝග්‍රෑම් 2084කී. රබර් පටි වලින් හදපු ලොකුම බෝලෙට තිබුන පරණ වාර්තාව වන්නේ කිලෝග්‍රෑම් 1415කි.

4. බිත්තර සමබර කිරීම


ඇමරිකාවේ Brian Spotts එක වර බිත්තර 439 පොලවේ සමබරව තබා ඇත. ඇමරිකාවේ කොලරාඩෝ හි ජිවත් වන Brian මෙම වාර්තාව බිදීමට ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත.මෙයට තිබු පැරණි වාර්තාව බිත්තර 420කි.

3. ලොකුම සූට්කේස් එක


චිනේ තිබෙන ලෝකේ ලොකුම සුට්කේස් එකේ උස සෙන්ටිමීටර් 175 වන අතර මෙහි පළල 115 කි. චිනේ ගුවන්ඩෝන් පනගරයේ තිබු CHINESE EXPORT Commodities Fair හිදි මෙම සූට්කෙස් එක ගීනස් ලෝක වාර්තා පොතට එකතු වුනේ 2006 වසරේ ඔක්තෝබර් 6වෙනිදාය.

2. එක පාර ගහපු වැඩිම චෙස් ක්‍රීඩා ගණන.


චෙස්ස් ශුර Ehsan Ghaem-Maghami 2011 දි තරඟකරුවන් 604 දෙනෙක් සමග එකම වෙලාවේ චෙස් ක්‍රීඩා කර, එයින් 580ක් ජයත්,16 තීරණයක් නොමැතිවත්,8 පරාජයට පත්වී. ගිනස් වාර්තාවක් තබා ඇත.

1.ලෝකේ ලොකුම ලුඋනු ගෙඩිය


Grower Pete Glazebrook ට තමයි මෙන්නේ මේ ලොකු ලූනු ගෙඩිය අයිති වෙන්නේ. මෙන්න මේ ලූනු ගෙඩියේ බර කිලෝ 8.150 වෙනවා.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Friday 10 April 2015

943.ස්වයං වින්දනයේ යෙදෙන ගමන් ඔබේ ජංගම දුරකථනය චාර්ජ් කරමු ද ?

ස්වයං වින්දනයේ යෙදෙන ගමන් ඔබේ ජංගම දුරකථනය චාර්ජ් කරමු ද ? 

Image result for The wearable tech that allows you to love the planet, by loving yourself

1947 වසරේදී Sigmund Freud (සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්) මහතාගේ දක්ෂතම සිසුවෙකු වූ වෛද්‍ය Wilhelm Reich මහතා ඇමෙරිකානු රජය විසින් සිරගත කෙරුණේ ස්වයං වින්දනය තුලින් ශක්තිය උත්පාදනය කිරීමේ නව ක්‍රමයක් සම්බන්ධ පර්යේෂණ වල නිරත වීම නිසාවෙනි.


ඔබ බොහෝ දෙනෙකු හොඳින් හඳුනන PornHub වෙබ් අඩවිය පවසන්නේ පුරුෂයන් ස්වයං වින්දනයේ යෙදෙන ඔබ බොහෝ දෙනෙකු හොඳින් හඳුනන චලනය මගින් ඔබගේ ජංගම දුරකථන, ලැප්ටොප්, ටැබ්, සහ තවත් ඉලෙක්ට්‍රොනික උපකරණ චාර්ජ් කල හැකි අත් පළඳනාවක් නිෂ්පාදනය කර ඇති බවයි.

ඔවුන් මෙම උපාංගය Wankband (වෑන්ක්බෑන්ඩ්) නමින් හඳුන්වයි. ඔරලෝසුවක් ආකාරයෙන් පැළඳිය හැකි ලෙස මෙය නිෂ්පාදනය කර තිබේ. පිරිමින්ට සතුටු වෙන අතරතුරම ලෝකය ගැන හිතන්නත් මෙමගින් අවස්තාව සැලසෙනවා.

මෙම උපාංගය ඇතුලෙ ඇති යම් කිසි බරක් ලිංගික චර්යාවේ යෙදෙන අවස්ථාවේ දී ඉහල පහල යෑමක් සිදු වේ. එම චලනයන් හේතුවෙන් ශක්තියක් උත්පාදනය වන අතර එය අනෙකුත් උපාංග චාර්ජ් කිරීමට යොදා ගත හැක. ඔබේ ජංගම දුරකථන USB කේබල් එක හරහා මෙම ඔරලෝසුවට සම්බන්ධ කල හැක.

එම වෙබ් අඩවියෙන් නිකුත් කල වීඩියෝව මෙතනින් නරඹන්න.



මොනවා කිව්වත් මේ උපකරණය සම්පුර්ණයෙන් චාර්ජ් වීමට කෙතරම් කාලයක් සතුටු විය යුතු දැයි ඔවුන් ප්‍රකාශ කරල නෑ. ඒ ගැන හිතද්දී හිතෙන්නේ ඒකට ගොඩක් වෙලා යයි කියල. ඒක හින්දා ඔබ භාවිතා කරන චාජරය දැන්ම විසිකරන්න හදන්න එපා !

ඔවුන් පවසන අනිත් කාරණය තමයි මේ උපකරණය භාවිතයෙන් කාන්තා පාර්ශවයටත් ශක්තිය ඉතිරි කරන්නත් දායක වෙන්න පුළුවන් කියන එක. මේ ගැන උනන්දුවක් තියන හැමෝටම මේ ලින්ක් එකට ගිහින් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා. මේක වැඩ කරන්නේ ඇත උඩට පල්ලෙහාට ගෙනියන එකෙන් නේ. ඒ කියන්නේ චලනය වෙන්නේ සිරස් තලයක. ඒක කාන්තාවන්ට අදාල වෙන්නේ කොහොමද කියල මේක මිලදී ගන්න කෙනෙක් ගෙන් දැනගන්න කැමතියි.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.
- -
මෙතනින් යන්න​

Thursday 26 March 2015

928.මහ සයුරේ ඉතා විශාල ප්ලාස්ටික් ප්‍රමාණයක් තියන බව දන්නවාද?

මහ සයුරේ ඉතා විශාල ප්ලාස්ටික් ප්‍රමාණයක් තියන බව දන්නවාද?

Image result for polluted ocean underwater
සාගර විද්‍යාඥයන්ට පවසන අන්දමට ප්ලාස්ටික් මගින් ඇති කෙරෙන සාගර දුෂණය විශාල ප්‍රශ්නයක්. මෙය කැපී පෙනෙන ස්ථානයක් වන්නේ Great Pacific Garbage Patch නම් පැසිෆික් සයුරේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු වූ ප්‍රදේශයයි. මෙම ප්ලාස්ටික් එකතුවේ විශාලත්වය ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය මෙන් දෙගුණයක් විශාල බවත් ඈත අහසේ සිට වුවත් දැකගත හැකි බවද පැවසෙයි. මෙම පරිසර දුෂණය නිසා ප්ලැන්ක්ටන් සිට තල්මසුන් දක්වාම දැඩි ජීවිත අවදානමක් ඇති කර තිබේ.


එහෙනං කොච්චර ප්ලාස්ටික් ප්‍රමාණයක් ඇත්තටම තියනවද ? නවතම සමීක්ෂණයකට අනුව එය එතරම් සුන්දර අගයක් නම් නෙමෙයි. 2010 වසර වන විට මෙට්‍රික් ටොන් මිලියන 4.8ත් 12.7ත් අතර ප්‍රමාණයක් සාගරය තුල පවතින බවට ගණන් බලා තිබේ. එහි මාධ්‍යන අගය සැලකුවොත් ගීසාහි දැවැන්ත පිරමිඩයේ බර මෙන් 1.3න් ගුණයක්.


මෙම ප්ලාස්ටික් ප්‍රමාණය මුහුද එන්නේ කොහෙන් ද? ඒ ගැන සොයාගැනීම තමයි මේ සමීක්ෂණයේ මුලික අරමුණ වුනේ. මේ ගැන සෙවීමට ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ පාරිසරික ඉංජිනේරු ජෙනා ජැම්බෙක් යටතේ මෙහෙයවුණු විද්‍යාඥයන් කණ්ඩාමක් කටයුතු කරා. මේ සඳහා ඔවුන් ලෝකයේ මුහුදු වෙරලක් සහිත රටවල් 192ක් සැලකිල්ලට ගත්තා. මේ එක් එක් රටවල් වලින් මුදා හැරෙන අපද්‍රව්‍ය පිළිබඳව සොයා බැලුව. මේ සඳහා ඔවුන් මුහුදු සීමාවේ සිට කිලෝමීටර 50ක් ඇතුලත ජීවත් වන ජනතාව සැලකිල්ලට ගෙන ඔවුන් බැහැර කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය හා අවිධිමත් ලෙස බැහැර කෙරෙන ප්ලාස්ටික් ප්‍රමාණය සැලකිල්ලට ගත්තා.
ඉන්පසු ඔවුන් පියවර ගත්තේ මෙම අවිධිමත් ලෙස බැහැර කෙරෙන ප්ලාස්ටික් වලින් කොපමණ ප්‍රමානයක් මුහුදට මුසු වනවා ද යන්න පිළිබඳවයි. මේ සඳහා ගංගා හා මුහුදු බොකු ආශ්‍රිත ප්‍රදේශ සැලකිල්ලට ගෙන සිතියම් ගත කිරීමක් සිදු කෙරුනා.

මෙම සමීක්ෂණයට අනුව 2010 වන විට ප්ලාස්ටික් බැහැර කිරීම වැඩි වශයෙන් ඇති රටවල් හඳුනා ගැනුනා. මෙහි උඩින්ම සිටින්නේ මධ්‍යම පන්තියේ වැටුප් ලබන රටවල් සහ මුහුදු වෙරල ආශ්‍රිතව සීග්‍ර ජනගහන වර්ධනයක් ඇති එහෙත් නිසි පරිදි අපද්‍රව්‍ය කළමනාකරණයක් නොමැති රටවල් කිහිපයකි. මේ ලැයිස්තුව උඩින් ශ්‍රී ලංකාවද සිටීම කණගාටුදායක තත්වයක්.



ඔව්, චීනය පමණක් රාත්තල් බිලියන 5කට ආසන්න ප්ප්ලාස්ටික් ප්‍රමාණයක් 2010වන විට බැහැර කර තිබේ. නමුත් මෙහි ඇති බැරෑරුම් තත්ත්ව වන්නේ සීග්‍ර ජනගහන වර්ධන වේගයත් සමඟ අනුමාන කෙරෙන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රමාණයයි. මෙය පහත ප්‍රස්තාර සටහන ඇසුරෙන් බලාගන්න පුළුවන්.


මේ තත්වය මගහරවාගෙන සුන්දර පරිසරයක් ඒවගේම අනාගත පරපුරට සුන්දර ලෝකයක් ගොඩනැගීම අප සැමගේම වගකීමක් සහ යුතුකමක්. ඒවගේම ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය තවතවත් රටතුල ව්‍යාප්ත කිරීමෙන්ද මේ තත්වය යම්තාක් දුරකට මගහරවා ගන්න පුළුවන් වෙයි.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Friday 20 March 2015

921.ඇමරිකානුවන් එක් රැයකින් වසග කල සරාගී ජෙනිෆර් ගීතය​

ඇමරිකානුවන් එක් රැයකින් වසග කල සරාගී ජෙනිෆර් ගීතය​
Image result for Jennifer Lopez: "Feel the Light" - AMERICAN IDOL XIV

විනිසුරු මඩුල්ලේ කාර්ය වන්නේ ඇමරිකා අයිඩ්ල් වේදීකාවට පැමිණෙන හැකියාවන්ගෙන් පරිපූර්ණ ගායක ගායිකාවන්ව විනිශ්චය කිරීමයි.නමුත් ඇමරිකා ගායිකාවකවන සරාගී ජෙනිෆර් කවුරුත් නොසිතනා විලාසිතා මවමින් ගීතයක් ගායනා කළාය. ඇය  "Feel the Light"  ගීතය වේදිකාව මත ගායනා කිරීම සැබවින්ම චමත්කාර දර්ශණයකි.





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Tuesday 17 March 2015

917.පිළිකා ගැන මින් පෙර අසා නැති කරුණු කිහිපයක්

පිළිකා ගැන මින් පෙර අසා නැති කරුණු කිහිපයක්
Image result for types of cancer in women

තවමත් නිසි ඖෂධයක් නොමැති ලොව පවතින දරුණුම ලෙඩ රෝග වලින් එකක් වන මෙය නම ඇසු සැනින් අපේ සිතටද නැගෙන්නේ ඉතා බියකරු සිතිවිලි මාලාවක් බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. මෙවර ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්නේ පිළිකාව සම්බන්දව අප නොදදත් ඉතා සරල කරණු කිහිපයකි. පිළිකාවක් ලෙස සැලකෙන්නේ අපගේ ශරීරයේ යම් කිසි සෛලයක් අසාමාන්‍ය ලෙස වර්ධනයක් හා විකෘති තාවයක් පෙන්නුම්කර ඉතා සීග්‍ර විභාජනයකට ලක්වීමයි. ලෝකයේ දැනට පිළිකා වර්ග 100කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙන අතර ශරීරයේ ඕනෑම තැනක මෙම පිළිකා තත්ත්වයන් ඇති විය හැකි බවද සත්‍යයකි. ලෝකයේ සෑම රටකින්ම පාහේ මෙම රෝගය වාර්තාවේ. 2012 වසරෙන් වාර්තා වන අන්දමට පිළිකා සම්බන්ධ මරණ මිලියන 8.2ක් වාර්තා වී තිබේ. පිළිකාව පිළිබඳව තවත් කරුණු කිහිපයක් අපි ඔබ හමුවේ තැබීමට කැමතියි.

* පිළිකාව නිසා දිනකට මියයන රෝගීන් සංඛ්‍යාව 20,000 කට අධිකයි.

* පිළිකාව නිසා ලොව පුරා මියයන සංඛ්‍යාව AIDS , ක්ෂයරෝගය හා මැලේරියාව යන රෝග තුන හේතුවෙන් මියයන සංඛ්‍යාවේ එකතුවට ද වඩා වැඩිය.

* ශරීරයේ ඕනෑම කොටසකට වැළඳිය හැකි ආකාරයේ පිළිකා වර්ග 100කට අධික සංඛ්‍යාවක් ඇති බව දැනගන්නට ලැබේ.

* ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන පිරිමි පුද්ගලයෙකුට තම ජිවිත කාලය පුරා පිළිකාවක් වැළඳීමේ අවදානම 50% කි.

* සියලු පිළිකා වලින් 30% ක් දුම්කොළ සහ මද්‍යසාර භාවිතයෙන් ඈත්වීමෙන් වලක්වා ගත හැකි බවට සොයාගෙන තිබේ. මේ සඳහා පෝෂ්‍යදායි ආහාර මෙන්ම දිනපතා ව්‍යායාම් කිරීමද උපකාර වේ.

* ලොව පුරා පිළිකාවෙන් සුවය ලද හා පිළිකාව සමඟ සටන් කරමින් ජීවත් වන පුද්ගලයින් මිලියන 28ක් ජීවත් වන බව වාර්තාවේ.

* ඇවිදීම වැනි ව්‍යායාම් තුලින් පියයුරු පිළිකා (BREAST CANCERS) ඇති වීමේ අවධානම 25% කින් පමණ අවම කරන බව සොයාගෙන තිබේ.

* මර්ජුවානා ශාකයෙන් ලබාගන්න ඖෂධයක් මඟින් පිළිකා සෛල වල වර්ධනය අඩාල කර එය ව්‍යාප්ත වීම වැළැක්වීමට භාවිතා කෙරේ.

* දුම්වැටියක් තුල විවිධ රසායනික ද්‍රව්‍ය 4800ක් පමණ අඩංගු වන අතර ඉන් 69ක් පිළිකා කාරක ලෙස හඳුනා ගෙන තිබේ.

* මෑතකදී සිදුකළ අධ්‍යනයක් තුලින් MULTI-VITAMIN භාවිතය නිසා පිළිකා සහ හෘද රෝග ඇතිවීමේ අවධානමක් පවතින බව සොයාගෙන තිබේ.

* 1991 වසරට සාපේක්ෂව 2010 වසර වන විට පිළිකා මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබේ.

* ජනප්‍රිය සුපිරි නිලි ඇන්ජලිනා ජෝලිගේ පියයුරු පිළිකාව පිළිබඳව වාර්තාවීමත් සමගම පළමු මාස කිහිපය ඇතුලත ලොව පුරා පියයුරු පිළිකා පරික්ෂා සඳහා පැමිණෙන කාන්තාවන්ගේ ප්‍රමාණය දෙගුණ විය.

* මුලික අදියරේ දියවැඩියාව පිළිකා අවධානම 15%කින් වැඩි කරයි.

* පියයුරු පිළිකා වලින් ඇමෙරිකාවේ පිරිමින් 450ක් පමණ වසරකට මියයයි.

* රතු වයින් වලින් පිළිකා සෛල විනාශ කරයි.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -






මෙම ලිපිය deephe අඩවියෙන් උපුටාගැනිමක් වන අතර ,මෙහි මුල් කථුවරායාට සම්පුර්න අයිතිය සතුවේ
මෙතනින් යන්න​
 
-