Ads 468x60px

home

Showing posts with label MOTORCYLE. Show all posts
Showing posts with label MOTORCYLE. Show all posts

Sunday 12 October 2014

636.මේ බයිසිකලය අලුත් බැට්මෑන් චිත්‍රපටයේ බයිසිකලය නම් නෙවෙයි !

මේ බයිසිකලය අලුත් බැට්මෑන් චිත්‍රපටයේ බයිසිකලය නම් නෙවෙයි !

012 
මීළඟට නිකුත් වෙන සුපර් මෑන් හා බැට් මෑන් දෙන්නම ඉන්න අලුත් බැට්මෑන් චිත්‍රපටයේ බැට්මෑන්ට කලින්වගේ අපූරු බයිසිකලයක් තියෙවිද කියලා තාම කියන්න බැහැ. ඒත් එහෙම බයිසිකලයක් අවශ්‍ය නම් මේ Ronin 47 බයිසිකලය කිසිදු වෙනසක් සිදු නොකරම ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් නේද? Ronin මෝටර් සමාගම විසින් නිපදවන ලද මේ බයිසිකල් වර්ගයෙන් බයිසිකල් 47ක් පමණක් නිෂ්පාදනය කරන බවයි රෝනින් සමාගම පවසන්නේ. Buell 1125 නම් මෝටර් බයිසිකලය විවිධ වෙනස්කම් රාශියකට ලක්කරමිනුයි මේ නව මොටර් බයිසිකලය නිමවා ඇත්තේ.

ඒ වගේම ඒ එක් එක් බයිසිකලයක් 47 Ronin චිත්‍රපටයේ එන සමුරායිවරුන්ගේ නම් වලින් හඳුන්වන්නටත් නියමිත බවයි පැවසෙන්නේ. මේ බයිසිකල් 47න් දැනට 12ක් පමණක් නිර්මාණය කර ඇති නමුත් එයිනුත් 5ක් මේ වනවිටත් අලෙවි වි අවසන්. කෙසේ වුනත් මේ බයිසිකලයේ මිලනම් ඇමරිකානු ඩොලර් 38000ක් පමණ වනවා. ඒ මුදල ලංකාවේ මුදලින් නම් ලක්ෂ 50කට ආසන්නයි.




















දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​
 
-