icon
Leave a message

Ads 468x60px

home

Tuesday, 13 January 2015

810.ඔබගේ ජංගම දුරකථනයෙහි ඇති සීරීම් ඉවත් කරන විදි 7ක්





ඔබගේ ජංගම දුරකථනයෙහි ඇති සීරීම් ඉවත් කරන විදි 7ක්





සීරීමක් වූ විට ඒ වෙනුවට නව ජංගම දුරකථනයක් මිලදී 

ගැනීම හෝ අලුත්වැඩියා මද්‍යස්ථානයකට විශාල මුදලක් 

ගෙවීම පමණක් ඔබට තිබෙන විසදුම් නොවේ.මෙන්න 

එයට ක්‍රම කිහිපයක්.



මෙම ක්‍රම අත්හදා බැලීමට පෙර

1.බැටරිය ගලවා ඉවත් කිරීම

2.සෙලෝටේප් වැනි ආවරණයක් යොදා පෝර්ට්ස් ආවරණය කිරීම

3.ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තැබීම



1.දත් බෙහෙත්


මෙයට සත්‍ය දත් බෙහෙත් පාවිච්චි කල යුතු අතර ජෙල් 

වැනි දත් බෙහෙත් පාවිච්චි නොකරන්න.


i.කපු පිරිසිදු කිරීමේ රෙදි කැබැල්ලක හෝ සිනිදු පිරිසිදු 

රෙදි කැබැල්ලක අගට දත් බෙහෙත් කුඩා ප්‍රමාණයක් 


යාන්තමින් තවරන්න.



ii.දත් බෙහෙත් ඇති රෙදි කැබැල්ල භාවිතයෙන් ඔබගේ 

ජංගම දුරකථනයේ තිරයේ ඇති සීරීම ඉවත් වන තෙක් 


වෘතා කාරව අතුල්ලන්න.


iii.තිරය මත රැදි වැඩිපුර දත් බෙහෙත් ඉවත් කිරීමට ලාවට

 තෙත් කරන ලද රෙදි කැබැල්ලක් භාවිතා කරන්න.




 2.මෝටර් රථ වල සීරීම් ඉවත් කිරීමේ ක්‍රීම


ටර්ටල් ඉටි (turtle wax ) ,3M සීරීම් සහ සහ දියසුළි ඉවත් 

කිරීමේ ක්‍රීම් වැනි මෝටර් රථ සීරීම් ඉවත් කිරීමේ ක්‍රීම් 

මගින් මෙම සීරීම් ඉවත් කර ගත හැක.ක්‍රීම් ස්වල්පයක් 

රැගෙන එය පිරිසිදු,සිනිදු,රෙදි කැබැල්ලක අතුරා තිරය 

පිසදමන්න. ( මෙය රවුමට පිස දමන්නන )



 3.බේකින් සෝඩා


වර්ග දෙකෙන් බේකින් සෝඩා මිශ්‍ර කරන්න,එත් සමගම

 එක වර්ගයක් වතුර සමගද මිශ්‍ර කරන්

ඝන ආලේපයක් බවට පත්වනතෙක් කලතන්න.

පිරිසිදු,සිනිදු,රෙදි කැබැල්ලක තවරා මෘදුව තිරයේ ඇති 

සීරීම් මත තවරන්න.

තිරය මත රැදි වැඩිපුර ආලේපනය ඉවත් කිරීමට ලාවට 

තෙත් කරන ලද රෙදි කැබැල්ලක් භාවිතා කරන්න.



 4.ළදරු පුයර


ළදරු පුයර වලට වතුර එකතු කර ආලේපනයක් සාදා 

ගන්න.ඉහත සදහන් පියවරවල ඇති බේකින් සෝඩා 

වෙනුවට ළදරු පුයර යොදා ක්‍රියාවට නගන්න.



5.එළවලු තෙල්

ඉතා කුඩා සැගවුණු සීරීම් වලට මෙය තාවකාලික 

විසදුමක්වේ.එළවලු තෙල් එක බිංදුවක් සීරීම් මත තැවරීම 

ඉක්මන් බාහිර සවියක් ලෙස සදහන් කල හැක.




6.බිත්තර සහ පොටෑසියම් ඇලුමිනියම් සල්ෆේට්


මෙය අන්තර්ජාලයේ පරීක්ෂණ මගින් සොයාගෙන ඇති ක්‍රමයකි.

අවශ්‍ය දෑ :
ක්ෂුද්‍ර තන්තු සහිත රෙදි කැබැල්ලක් (microfiber )
බිත්තරයක්

ඇලුමිනියම් ලෝපතක්

ඇලම් ( පොටෑසියම් ඇලුමිනියම් සල්ෆේට් ,බෙහෙත් මද්‍යස්ථාන වලින් ලබා ගත හැක )


i. එක බිත්තරයක් සමග එක ඇලම් තේහැන්දක් සාස්පානක දමා මිශ්‍ර කරන්න.මෙය ෆෙරන්හයිට් 150 ට රත් කරන්න.

ii.ක්ෂුද්‍ර තන්තු සහිත රෙදි කැබැල්ලක මෙම මිශ්‍රණයේ පොගවන්න.

iii.මෙම රෙදි කැබැල්ල ඇලුමිනියම් ලොපත මත තබන්න.ඉන්පසු අංශක 300ක උදුනක රෙදි කැබැල්ල සම්පුර්ණයෙන්ම වියලෙන තෙක් තබා තබන්න.

iv. රෙදි කැබැල්ල උදුනෙන් පිටතට ගෙන සීතල පිරිසිදු දියෙන් තත්පර 20 සිට 30 දක්වා කාලයකට සෝදා හරින්න.

v.ඉහත පියවර නැවත නැවත තුන් වරක් පමණ සිදු කරන්න.ඉන්පසු රෙදි කැබැල්ල පැය 48 ක් වාතයේ තබා වියලන්න.

vi. මෙම රෙදි කැබැල්ල සීරීම් ඉවත් කිරීමට භාවිතා කරන්න.



7. Brasso හෝ වෙනත් ඔප මිශ්‍රණ වර්ග (පොලිෂ් ).


මෙය අවධානම් සහගත ක්‍රමයකි.Brasso හෝ Silvo වැනි 

පොලිෂ් භාවිතයේදී සමහරක් අවස්ථාවලදී තිරයේ වැස්ම

 ඉවත් වී විශාල සීරීම් ඇති වීමටද හැකියාවක් ඇත.මෙයින් 

සිදුවන අනතුරු හට වග කිව නොහැක.




i.ඔප මිශ්‍රණයෙන් කොටසක් සාමාන්‍ය ප්‍රමාණයේ 

භාජනයකට දමන්න.තුවායක් උඩින් භාජනය තැබීමෙන් 


ඉවත විසිවන පොලිෂ් ප්‍රමාණය අවම කල ගත හැක.



ii.ඔප මිශ්‍රනයෙහි සිනිදු රෙදි කැබැල්ලක් ගිල්ලවන්න.


iii.රෙදි කැබැල්ල මගින් ඉහලට සහ පහලට තිරයේ ඇති

 සීරීම් මත අතුල්ලන්න.


iv.තිරය මත රැදි වැඩිපුර ඔප මිශ්‍රණය ඉවත් කිරීමට ලාවට තෙත් කරන ලද රෙදි කැබැල්ලක් භාවිතා කරන්න.

- -



Comment (1)

Loading... Logging you in...
  • Logged in as
Really the 3M Scotchgard Protector is the best and most needed of for saving our electronics machine like Mobile Phone, Optics, Car's, Window,what's not. however if we want to protect our high prices goods we can should take care with scotchgard protector. and if you want to buy it so you can visit the 3M Authorized Auto Care Centre for extra caring.

Post a new comment

Comments by

 
-