Ads 468x60px

home

Showing posts with label ජිවිතයට ඔවදනක්. Show all posts
Showing posts with label ජිවිතයට ඔවදනක්. Show all posts

Wednesday 12 August 2015

1027.අතේ ඇති මුදල නිවරැදිව කළමණාකරනය කර ගන්න-Home Bank

අතේ ඇති මුදල නිවරැදිව කළමණාකරනය කර ගන්න-Home Bank

Image result for Home Bank


ඔබ කොච්චර ආදායමක් ලැබුනත් එය නිවරැදිව කළමණාකරනය කර නොගතහොත් සාර්ථක වෙන්න බැහැ.හෝම් බෑන්ක් ඔබගේ බජට් එක සැලසුම් කල හැකියි.පසුව ඒ ආකාරයට ආදායම් වියදම් පාලනය කල හැකියි.අදාල කාලජේදය අවසානයේ ඔබගේ වියදම් සහ සැබෑ තත්වය සසදා බලන්නත් පුලුවන්.විවධ ප්‍රස්තාර මගින් ආදායම් වියදම් බලා ගැනීමට හැකි නිසා සරලව තේරැම් ගන්න පුලුවන්.ඒ වගේම මෙම සොෆ්ටුව භාවිතා කිරීමට ගිණුම්කරණය පිළිබද විශාල දැනුමක් අවශ්‍ය වෙන්නෙත් නැහැ.








7.63 MB
Download File

Image result for download gif




- -
මෙතනින් යන්න​

Saturday 2 May 2015

961.550 ජාතක කතා පොත PDF ලෙස සහ සියළුම පිරිත් එකම ෆයිල් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න.

550 ජාතක කතා පොත PDF ලෙස  සහ සියළුම පිරිත් එකම ෆයිල් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න.

 වෙසක් පොය දිනය වෙනුවෙන් අපි හිතුවා 
" 550 ජාතක කතා පොත" හැමෝටම බලන්න පුලුවන් වෙන්න pdf ලෙස දුන්නෝත් හොදයි කියලා . ඒ වගේම අපි මිටකලින් ලබාදිපු සියළුම පිරිත් එකම ෆයිල් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න. මෙතනින් යන්න​.
බාගෙනම බලන්නකෝ.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Sunday 26 April 2015

956.ඇපෙන්ඩිසයිටිස් ගැන දන්නවාද ?

ඇපෙන්ඩිසයිටිස් ගැන දන්නවාද ?

Image result for ඇපෙන්ඩිසයිටිස්
ඇපෙන්ඩිසයිටිස් යනු උණ්ඩුක පුච්ඡ‍යේ ප්‍රදාහය (ඉදිමීම) නිසා හටගන්නා රෝගී තත්ත්වයකි. මෙ‍ම තත්ත්වය හදිසි රෝගී අවස්ථාවක් ලෙස සැලකේ.

මන්ද යත් ප්‍රදාහය නිසා උණ්ඩුක පුච්ඡය පුපුරා යාමට හැකි අතර එමගින් භයානක සංකූලතා ඇති විය හැක.

උණ්ඩුක පුච්ඡය යනු කවරේ ද?

උණ්ඩුක පුච්ඡය යනු එක් ප‍සෙකින් පමණක් විවර වූ මල්ලක් වැනි මහා ආන්ත්‍රයට සම්බන්ධව ඇති කුඩා කොටසකි. 5 – 10 cm දිය වන අතර සිහින් නලයක් වැනි ව්‍යූහයකි. එය විශේෂ වූ කර්තව්‍යක් සිදු නොකරයි.

ඇපෙන්ඩිසයිටිස් යනු කවරේ ද?

උණ්ඩුක පුච්ඡය ප්‍රදාහය වූ විට එය බැක්ටීරියා, වෛරස් යන විෂබීජ වලින් ආසාධනය වේ. එවිට උණ්ඩුක පුච්ඡය ක්‍රමයෙන් ඉදිමෙන අතර සැරවවලින් පිරී යයි.

එම අවස්ථාවේදීම එයට ප්‍රතිකාර නොකළහොත් එය පුපුරා යා හැකි අතර එවිට සැරව කුහරය පුරා පැතිරිය හැක. මෙමගින් සැරව ගෙඩි ආදී උදර කුහරයේ අතුරු සංකූලතා ඇති විය හැක. එම නිසා මුල් අවදියේ ප්‍රතිකාර කිරීම වැදගත් වේ.

ඇපෙන්ඩිසයිටිස් හැදෙන්නේ කාටද?

ඇපෙන්ඩිසයිටිස් (උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය) බහුලව වැළඳෙන රෝගයක් වන අතර වයස් පරතරයක් නැතිව ඕනෑම පුද්ගලයෙකුට වැළඳිය හැක.

නමුත් කුඩාම ළමුන්ට සහ වයස්ගත පුද්ගලයන්ට සහ ස්ත්‍රී පක්ෂයට සෑදීමේ ප්‍රවණතාව අඩුය. කෙඳි සහිත ආහාර අඩුවෙන් ගන්නා පුද්ගලයන්ට වැළඳීමේ ප්‍රවණතාවය වැඩිය.

ඇපෙන්ඩිසයිටිස් සෑදීමට හේතු?

මෙය සෑදීමට විශේෂ හේතුවක් සොයාගෙන නැත. සමහර අවස්ථාවලදී උණ්ඩුක පුච්ඡය ඝන වූ මළ පහ සහ අනෙක් විවිධ හේතුන් නිසා අවහිර විය හැක. විවිධ බැක්ටීරියා ආසාදනය වී ඇපෙන්ඩිසයිටිස් සෑදීමට හැක.

රෝග ලක්ෂණ


  • බඩේ රුදාව (උදරයේ වේදනාව) – ප්‍රධාන රෝග ලක්ෂණයක්.
  • උදරයේ නාභිය ආශ්‍රිතව වේදනාව මුලින්ම හටගන්නා අතර ක්‍රමයෙන් මුළු උදරය පුරාවටම පැතිරේ)
  • වේදනාව ක්‍රම ක්‍රමයෙන් වැඩිවන අතර අවසානයේ දරා ගත නොහැකි තත්වයට පත් වේ.
  • එය රෝගියා සෙලවීමත් සමගම වැඩි වේ.
  • උණ
  • වමනය
  • මළ බද්ධය සහ නිතර නිතර මුත්‍රා පිටවීම අනෙකුත් රෝග ලක්ෂණ වේ.
  • උණ්ඩුක පුච්ඡය පුපුරා ගියහොත් රෝගියා බරපතළ ලෙස ‍රෝගාබාද වේ.
  • සංකූලතා


උණ්ඩුක පුච්ඡය පුපුරා යාම නිසා මහා අන්ත්‍රය සහ කුඩා අන්ත්‍රය ආශ්‍රිතව ආසාදනය.
උදර කුහරය තුළ සැරව සෑදීම නිසා ඇතිවන සංකුලතා

රෝගය හඳුනා ගන්නේ කෙසේද?

රෝග ලක්ෂණ, මුත්‍රා පරීක්ෂණය මගින් අලට්‍රා සවුන්ඩ් ස්කෑන් (Ultrasound scan) මගින් රෝගය හඳුනා ගැනේ.

ප්‍රතිකාර ක්‍රමය

ශල්‍යකර්ම කිරීම අනිවාර්ය වේ.
මෙතනින් යන්න​

Friday 10 April 2015

944.අනාගතය දිනන්න ඔබට වැදගත් කරුණු 14 ක්

අනාගතය දිනන්න  ඔබට වැදගත් කරුණු 14 ක්

Image result for best life

පුංචි සංදියේ අකුරු එකිනෙක උගෙන ඉනික්බිත පාසල් ගමනට සමුදුන් සැනින් බොහෝ දෙනාගේ ඒ කායන අරමුණ වන්නේ අනෙකක් නොව අතට කියක් හෝ හරි හම්බ කරගෙන පවුල් ආර්ථිකයට දැනෙන ශකිතියක් විමටයි. නමුත් එි වෙනුවෙන් අනන්ත සුභ සිහින දකින ඔබ සැබැවින්ම පහත සඳහාන් ඊට අවැසි සාධකයන් සපුරා තිබේදැයි විමසා බලා නැතිනම් අද පටන් ආරම්භ කරන්න යෑයි ආදරයෙන් ආරාධනා කරමු.

1) ඔබට ගැලපෙන රැකියාව කුමක්ද ?

ඔනෑම කෙනෙක් රැකියාවක් කිරිමට කැමති වගේම උසස් යැයි සම්මත රැකියාවක නියතු විමට දක්වන්නේද වැඩි කැමැත්තක්. ඒත.. එවන් රැකියාවක් සදහා ඇත්තටම ඔබ සුදුසුද? ඔබ සතු දක්ෂතා මොනවාද? ඊට ගැලපෙන රැකියා අවස්ථා තිබෙද ? ඔබේ පුද්ගලික ගති ලක්ෂණ හා අඩුපාඩු නිවැරදි කර ගත හැකිදැයි සිතා බැලිම ඉතාම වැදගත්. ඒ අනුව ඔබට ගැලපෙන රැකියාව හා රැකියා ක්ෂේත්‍රය සොයා බලා තිරනය කරන්න.

2) සුදුසුකම් මොනවාද?

ඔබ සොයන රැකියාවට අවශ්‍ය වන සුදුසු කම් මොනවාදැයි හොදින් සොයා බලන්න. ඔභ ඊට අයදුම් කිරිමට පෙර අවම වශයෙන් එයින් සපුරාලිය යුතු අවම සුදුසුකම්වත් ඔබට ඇත්දැයි දැනගන්න. එම තනතුරට අවශ්‍ය අනෙකුත් ප්‍රායෝගික කුසලතා හා පළපුරුද්ද කොතෙක් දැයි විමසා බැලිම ද ඉතා වැදගත්.

3) ඔබ සපුරා ඇති ප්‍රමාණය කොතෙක්ද?

ඒ සියලු තනකුරුවලට අනුව ඉන් ඔබ සතු සුදුසුකම් ප්‍රමාණයමහා අවබෝධයකින් යුතුව ඊට ගැළපෙන පරිදි පමණක් අදාල තනතුරට අයදුම් කරන්නට වග බලා ගැනිමෙන් මානසිකව පවා ඔබ ලබන්නේ තෘප්තියක් සමග සැනසුමක්.

4) අදාල රැකියා ස්ථානය.

ඔබ සේවයේ නියතුවන්නට සුදානම් වන එම රැකියා ස්ථානය ගැන භාහිර සවිස්තරයක් ( ආරම්භයෝ පටන් මේ දක්වා) සොයා දැනුවත් විම ඊට යොමුවිමට පෙර වැදගත් සහා අවශ්‍යයි. මන්ද මේ වන විට විවිධ යහපත් මුහුණුවරින් යුතු අයථා ගණුදෙනු වෙනුවෙන් ඇරඹූණූ රැකියා ස්ථාන බහුලයි. එබැවින් ඒ ගැන සොයා බැලිම ඉතා අවශ්‍ය සහා අනිවාර්ය කාරණාවක්.

5) සේවා ස්ථානයේ පැවැත්ම හා ක්‍රියාවලිය.

ඒසේම එම සේවා ස්ථානයේ සාමන්‍ය පැවැත්ම සහා එහි ක්‍රියා පටිපාටිය සොයා බලා ඔබට ගැළපෙනවාද/ ඔබට ඊට අනුකුලව හැඩ ගැසිය හැකිදැයි අවබෝධයක් ලබා ගැනිම සුදුසුම කටයුත්තක්.ඉන් ඔබ එකවර රැකියාවට යෑම නිසා ඇතිවිය හැකි මානසික පිඩනය අවම කරන්නට සමත්.

6) ආයතන ප්‍රධානියාව හරි හැටි හදුනා ගැනිම.


එමෙන්ම රැකියාවට ගියා පසු අදාළ රැකියා ප්‍රධානියාගේ ස්රූපය ගැන ( ගතිගුණ හා හැසිරිම් රටා ආදිය ) මනා අවබෝධයක් ලබා ගන්න. එය ඔබගේ රැකියාව අපහසුතාවයකින් තොරව කරගෙන යෑමට ලැබෙන අපුරු අත්වැලක්.

7) වෙලාවට වැඩ කිරිම.

නියමිත වේලාවට රාජකාරියට වාර්තා කිරිම, නියමිත වේලාවට රැකියා කටයුතු ඇරඹිම ද අනිවාර්ය සාධකයක්. ඉන් ආයතනයට සේම ඔබටත් ඇතිවන්නේ පමසුවක්. වැඩ ගොඩ ගැසිම වැළක්විම ඉන් ප්‍රධානයි. කාලයක් අපතේ නොයවා කාලය අරපිරිමැස්මෙන් යුතුව යොදමින් සිය රාජකාරි යුතුකම් ඉටු කිරිමට අවකාශය සාදයි.

8) තම පමණ දැන කටයුතු කිරිම. 

සේවයට වාර්ථා කළ සැනින් ඒ ගැන දුර නොසිතා අවම වශයෙන් තමා ගැනවත් නිවැරදි අවබෝධයක් රහිතව දෙන ඔනෑම කාර්යක් බාර ගැනිමෙන් වළකින්න. එහිදි බොරුවට සෑම වැඩක්ම කළ හැකි බව පවසා බාරගෙන කරන්නන් වලේ නොකට ඔබගේ තත්වය දැන කළ හැකි දේ පමණක් කරන්න.

9) ඉලක්කය සපුරාලිමට කැප විම.

ඔබ ඔබටම නිවැරදි ඉලක්කයක් ලබාදෙමින් ඒවා ඉටු කරගැනිම වෙනුවෙන් කැපවිමට උත්සහා කරන අතරතුර යහපත් සේවයක් හැමවිටම ලබා දෙන්න. ඉන් ඔශභ වෘත්තිකයකු ලෙස සාර්ථකත්වයට පත් වන්නේ නිපුණත්වයට පත් කරමින්

10) ලැබෙන වැටුපට ණයකරුවකු නොවිම.

ඔභගේ රැකියාවට හිමි සියළු වගකිම් හා යුතුකම් දැන හදුනාගෙන ඒ වෙනුවෙන් ලැබෙන වැටුප ණයකරුවකු නොවන්නට කටයුතු කරන්න. *අයිස් ගහන* චරිතයෙන් ඉවත්ව ලැබෙන වැටුපට සරිලන මනා සේවයන් ලබා දෙන්නට තරම් රැකියාවට අවංක වන්න.

11) රැකියාව වෙනත් අයුතු දෑ සදහා යොදා නොගැනිම.

 ඔබගේ රැකියාවේ ස්වාභාවය හා ඊට හිමි බලතලවල ප්‍රමාණය කෙසේ වුවත් ඒවා ඔබගේ පුද්ගලික වාසියට නොයවා සමස්ථ යහපතට පමණක් යොදන්න. වැඩියෙන් හම්බ කරගන්නට ලැබුණ වරමක් ලෙසින් නොසිතා කළ යුත්ත පමණක් කරමින් රැකියාවේ ගෞරවය රකින්න.

12) අවංක, කාර්යශුර රැකියා ලබියෙක් විම.

ඔබ ඔබටම මෙන්ම ඔබගේ රැකියාවට ඒ ස්ථානයට අවංක සේවකයෙක් වෙන අතරම සැවොම සමග සුහදව සිනා මුවින් වැඩ කරන කාර්යශුර රැකියා නියුක්තිකයෙක් වෙන්න. ආදර්ශමත් ලෙස රැකියාවේ නියතු වන්න.

13) දැනුම හා පළපුරුද්ද ඇති කර ගැනිම. 

රැකියාව කුමක් වුවත් ලැබුණු දා පටන් ඉන් නික්ම යන තුරුම රැකියාවේ එකම තැන සිටිය යුතු නැත. සොයන්න ඔබ, හැමවිටම ලැබෙන හැම වේලාවකම, අලුත් දැනුමක් ඉන් ඉදිරියට අවශ්‍ය වන, හදා ගන්න ඉඩක් ඒ වෙනුවෙන් කැපවිමෙන්. මෙසේ සොයා ගත් දැනුමෙන් ලබන්න පළපුරුද්ද ඔබ තවත් දියුණුවන්නට රැකියාවෙන්.

14) උතුම් මානුෂිය ගුණාංගයන්ගෙන් සිත පෝෂණය කිරිම.

ඔබේ දියුණුවට මං අහුරනවායැයි සිතන අයට කෙණෙහෙළිකම් කිරිමෙන්, වලවල් කැපිමෙන්, කේලම් කිමෙන්, දෙපාර්ශ්ව කෙටවිමෙන්, පෙත්සම් ගැසිමෙන් අනිවාර්ය ඈත්ව සහාමුලින්මඉවත් කරන්න. උතුම් මානුෂිය ගුණාංගයන්ගෙන් ඔබේ සිත සුපෝෂිත කරගනිමින් ලැබුණ, සොයන, සිටින රැකියාවට නිවැරදි සේවය ලබාදී අවංක සේවකයෙකු වන්න. ඉන් ඔබගේ දියුණුවත්, සතුටත්, සැනසුමත් සේම ආර්ථික හයියත් නිබඳවම ලැබෙන බව නම් කිව යුතුමය.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Tuesday 17 March 2015

917.පිළිකා ගැන මින් පෙර අසා නැති කරුණු කිහිපයක්

පිළිකා ගැන මින් පෙර අසා නැති කරුණු කිහිපයක්
Image result for types of cancer in women

තවමත් නිසි ඖෂධයක් නොමැති ලොව පවතින දරුණුම ලෙඩ රෝග වලින් එකක් වන මෙය නම ඇසු සැනින් අපේ සිතටද නැගෙන්නේ ඉතා බියකරු සිතිවිලි මාලාවක් බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. මෙවර ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්නේ පිළිකාව සම්බන්දව අප නොදදත් ඉතා සරල කරණු කිහිපයකි. පිළිකාවක් ලෙස සැලකෙන්නේ අපගේ ශරීරයේ යම් කිසි සෛලයක් අසාමාන්‍ය ලෙස වර්ධනයක් හා විකෘති තාවයක් පෙන්නුම්කර ඉතා සීග්‍ර විභාජනයකට ලක්වීමයි. ලෝකයේ දැනට පිළිකා වර්ග 100කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙන අතර ශරීරයේ ඕනෑම තැනක මෙම පිළිකා තත්ත්වයන් ඇති විය හැකි බවද සත්‍යයකි. ලෝකයේ සෑම රටකින්ම පාහේ මෙම රෝගය වාර්තාවේ. 2012 වසරෙන් වාර්තා වන අන්දමට පිළිකා සම්බන්ධ මරණ මිලියන 8.2ක් වාර්තා වී තිබේ. පිළිකාව පිළිබඳව තවත් කරුණු කිහිපයක් අපි ඔබ හමුවේ තැබීමට කැමතියි.

* පිළිකාව නිසා දිනකට මියයන රෝගීන් සංඛ්‍යාව 20,000 කට අධිකයි.

* පිළිකාව නිසා ලොව පුරා මියයන සංඛ්‍යාව AIDS , ක්ෂයරෝගය හා මැලේරියාව යන රෝග තුන හේතුවෙන් මියයන සංඛ්‍යාවේ එකතුවට ද වඩා වැඩිය.

* ශරීරයේ ඕනෑම කොටසකට වැළඳිය හැකි ආකාරයේ පිළිකා වර්ග 100කට අධික සංඛ්‍යාවක් ඇති බව දැනගන්නට ලැබේ.

* ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන පිරිමි පුද්ගලයෙකුට තම ජිවිත කාලය පුරා පිළිකාවක් වැළඳීමේ අවදානම 50% කි.

* සියලු පිළිකා වලින් 30% ක් දුම්කොළ සහ මද්‍යසාර භාවිතයෙන් ඈත්වීමෙන් වලක්වා ගත හැකි බවට සොයාගෙන තිබේ. මේ සඳහා පෝෂ්‍යදායි ආහාර මෙන්ම දිනපතා ව්‍යායාම් කිරීමද උපකාර වේ.

* ලොව පුරා පිළිකාවෙන් සුවය ලද හා පිළිකාව සමඟ සටන් කරමින් ජීවත් වන පුද්ගලයින් මිලියන 28ක් ජීවත් වන බව වාර්තාවේ.

* ඇවිදීම වැනි ව්‍යායාම් තුලින් පියයුරු පිළිකා (BREAST CANCERS) ඇති වීමේ අවධානම 25% කින් පමණ අවම කරන බව සොයාගෙන තිබේ.

* මර්ජුවානා ශාකයෙන් ලබාගන්න ඖෂධයක් මඟින් පිළිකා සෛල වල වර්ධනය අඩාල කර එය ව්‍යාප්ත වීම වැළැක්වීමට භාවිතා කෙරේ.

* දුම්වැටියක් තුල විවිධ රසායනික ද්‍රව්‍ය 4800ක් පමණ අඩංගු වන අතර ඉන් 69ක් පිළිකා කාරක ලෙස හඳුනා ගෙන තිබේ.

* මෑතකදී සිදුකළ අධ්‍යනයක් තුලින් MULTI-VITAMIN භාවිතය නිසා පිළිකා සහ හෘද රෝග ඇතිවීමේ අවධානමක් පවතින බව සොයාගෙන තිබේ.

* 1991 වසරට සාපේක්ෂව 2010 වසර වන විට පිළිකා මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබේ.

* ජනප්‍රිය සුපිරි නිලි ඇන්ජලිනා ජෝලිගේ පියයුරු පිළිකාව පිළිබඳව වාර්තාවීමත් සමගම පළමු මාස කිහිපය ඇතුලත ලොව පුරා පියයුරු පිළිකා පරික්ෂා සඳහා පැමිණෙන කාන්තාවන්ගේ ප්‍රමාණය දෙගුණ විය.

* මුලික අදියරේ දියවැඩියාව පිළිකා අවධානම 15%කින් වැඩි කරයි.

* පියයුරු පිළිකා වලින් ඇමෙරිකාවේ පිරිමින් 450ක් පමණ වසරකට මියයයි.

* රතු වයින් වලින් පිළිකා සෛල විනාශ කරයි.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -






මෙම ලිපිය deephe අඩවියෙන් උපුටාගැනිමක් වන අතර ,මෙහි මුල් කථුවරායාට සම්පුර්න අයිතිය සතුවේ
මෙතනින් යන්න​

Saturday 14 March 2015

914.ඔබගේ ගණිත දැනුම වර්ධනය කරගන්න පුලුවන් Game එකක්

ඔබගේ ගණිත දැනුම වර්ධනය කරගන්න පුලුවන් Game එකක්

Image result for maths

මේ Game එකෙන් ඔබගේ දුවගේ, පුතාගේ, නංගිගෙ, මල්ලිගේ හෝ ඔබගේ ගණිත දැනුම වර්ධනය කරගන්න පුලුවන්. එකතු කිරීම්, අඩු කිරීම්, බෙදීම් හා ගුණ කිරීම් වල දක්ෂයෙක් වීමට පුලුවන්. මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. ඩබල් ක්ලික් කලාම open වෙනවා. සිංහල මෘදුකාංගයකි.





මෙම මෘදුකාංගය සිංහල භසින් ඇතිනිසා ඉතා පහසුවෙන් ඔබගේ දක්ශතාව මැනගන්න පුලුවන්.මෙය ශ්‍රිලාංකික නිර්මානයක් වන අතර මෙහි නිර්මාතෘ වරයා වන්නේ පසන් රජිත මහතාය එහෙනම් පහලින් අරගෙනම් බලන්න​.


Image result for download gif


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Tuesday 10 March 2015

908.පෝෂණය සම්බන්ධ මිත්‍යා මත

පෝෂණය සම්බන්ධ මිත්‍යා මත
Image result for පෝෂණය
පෝෂණය ගැන කතාකරද්දී අපිට එක එක වෙලාවට නොයෙක් දේ අස්සනට ලැබෙනවා. කවුරුන් හෝ පුද්ගලයෙක් හොඳයි කියන දෙයක් තවත් අයෙක් හොඳ නෑ කියන දේ ගැන ඔබටත් මටත් අත්දැකීම් නැතුවාම නොවෙයි. විද්‍යාත්මක සාධක මගින් පැහැදිලි කර ඇති පෝෂණය සම්බන්ධ විවිධ වැරදි මත ක පිළිබඳව අපි මෙහිදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 


1. මේදය අඩු , පිටි සහිත ඇට ජාති වැඩියෙන් කෑමට කන්න

කාලෙකට ඉස්සර මේවගේ දේවල් අපිට ඇහෙනවා. ඒත් එක පර්යේෂණයකින්වත් ම බව ඔප්පු වෙලා නෑ. ඒක හින්ද මේ ගැන ගැඹුරින් කරපු සමීක්ෂණයකින් හෙළි වුනේ බර අඩු කරගැනීමත්, පිළිකා අවදානම අඩු කරගැනීමත් හෘදයාභාද අවදානම අඩු කිරීමත් මේදය අඩු , පිටි සහිත ඇට ජාති වැඩියෙන් කෑමට ගන්න එක අතර සම්බන්ධයක් නොමැති බවයි.

2. රුධිර පීඩනය අවම කරගැනීමට සහ හෘදයාභාද ඇති වීම අවම කිරීමට ලුණු ආහාරයට ගැනීම අවම කල යුතුයි.

මේ කාරණය නම් අපිට අදටත් අහන්න ලැබෙන දෙයක්. ලුණු අඩුවෙන් ආහාරයට ගැනීම රුධිර පීඩනය 1-5 mm /Hg පමණ අඩු කිරීමට සමත් වන නමුත් හෘදයාභාධයක් ඇතිවීම කෙරෙහි පැහැදිලි බලපෑමක් ඇති නොකරයි. නමුත් ලුණු අධි මාත්‍රාවක් ආහාරයට ගැනීමෙන් ඇති වන රෝග තත්ව නැතුවා නොවෙයි. ලුණු පමණට වැඩියෙන් ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය ඉහල යෑමට බලපායි. මේ ගැන විශාල ලෙස පර්යේෂණ කර නැති වුනත් ලුණු අවශ්‍ය පමණට ආහාරයට ගන්න කියල තමයි උපදෙස් ලැබෙන්නේ.

3. අපේ ඇඟේ පරිවෘත්තිය නිසියාකාරව සිද්ධ වෙන්න කුඩා ආහාර වෙල් කිහිපයක් දිනපතාම ගන්න ඕනේ.

මේ කතාවත් ඔබ අහල ඇති. නමුත් මේ ගැන වැඩි දුර අධ්‍යනය කරලා හොයාගෙන තියෙන්නේ දිනකට ආහාර වේල් 2-3ක් ගත්තම සිරුරේ කැලරි දහනය වන ප්‍රමාණයයි ආහාර වේල් 5-6ක් ගත්තට පස්සෙයි වෙනසක් නෑ කියල. හැබැයි ඒකෙ මෙහෙම පැත්තකුත් තියනවා. වැඩියෙන් බඩගිනි වෙන එක තරමක් දුර මගහැර ගන්න පුළුවන්. අනික් කාරණය තමයි අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීම නිසා සිරුරේ මේධය තැන්පත් වීමත් වැඩි වෙන එක.

4. බිත්තර කහමද කන්න හොඳ නෑ. කොලෙස්ටරෝල් වැඩියි. හදවත් රෝග වලට බලපානවා.

මෙහෙම කියනවා ඔබත් අහල ඇති. නමුත් ගොඩක් දෙනෙක්ට කෑම වල තියන කොලෙස්ටරෝල් ලේ වල කොලෙස්ටරෝල් වලට ඇති කරන බලපෑම අඩුයි. මේ ගැන කරපු අධ්‍යනයකින් දැගන්න ලැබෙන්නේ බිත්තර වලින් හොඳ කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන බවත් හදවත් රෝග වල බල නොපාන බවත්ය. හැබැයි මේ සියල්ල වලංගු වෙන්නේ ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේ නැති පුද්ගලයකු නම් පමණයි. මොකද දියවැඩියා රෝගීන්ට නම් මෙමගින් හදවත් රෝග වැළඳීමේ අවදානමක් ඇති කරන බැවින්.

5. තිරිඟු පිටි වලින් හදන කෑම සෞඛ්‍යදායි සමබර ආහාර වේලක කොටසක්.
Image result for low fat foods
ගොඩක් වෙලාවට තිරිඟු පිටි වලින් හදන කෑම වලට මිනිස්සු පුරුදු වෙලා හිටියා. නමුත් වර්තමානය වන විට ජාන තාක්ෂණයේ බලපෑමත් එක්ක මෙහි පෝෂණ ගුණය පිළිබඳව ගැටළු ඇති වී තිබෙනවා. මුලික අදියරේ පර්යේෂණ වලින් පෙනී යන්නේ වර්තමානයේ භාවිත කරන තිරිඟු පිටි වලින් කොලෙස්ටරෝල් මෙන්ම විවිධ ආසාත්මිකතා ඇති කිරීමේ අවදානමත් වැඩි කරන බවයි. ඉස්ස‍ර තිරිඟු වල මේ ප්‍රශ්න නොතිබුන බවත් ඔවුන් පවසනවා.

6. සංතෘප්ත මේද මගින් LDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කර හෘදයාභාධ ඇති වීමේ අවදානම වැඩි කරයි.

දශක ගණනාවක සිටම මේ ගැන කතාබහ වන දෙයක්. නමුත් මෑත කාලයේ සිදු කල මහා පරිමානයේ සමීක්ෂණ මගින් සොයාගෙන තිබෙන්නේ සංතෘප්ත මේධ හදවත් රෝග නිසා වන මරණ වැඩිවීම කෙරෙහි සම්බන්ධයක් නොමැති බවයි. එහි සැබෑ පැතිකඩ වනුයේ සංතෘප්ත මේද HDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කර LDL අංශු වල ප්‍රමාණය විශාල කර අවදානම අඩු කරන බවයි. කෙසේ නමුත් පමණට සංතෘප්ත මේද සහිත ආහාර ගැනීම සුදුසුයි.

7. කෝපි පානය අහිතකරයි.
Image result for people drinking coffee
කෝපි පානය අහිතකර බවට බොහෝ විට සැලකෙන්නේ කැෆින් අඩංගු වන නිසයි. කෙසේ නමුත් කෝපි පානය කිරීමෙන් අත්වන ප්‍රධාන වාසි ද තිබේ. කෝපි යනු බටහිර රටවල් වලට ඇති ඉතා ප්‍රබල ප්‍රති ඔක්සිකාරකයකි. කෝපි මගින් මානසික අවපීඩනය ,දෙවන අදියරේ දියවැඩියාව , ඇල්සයිමර් , පාර්කින්සන් වැනි රෝග වැළඳීමේ හැකියාව අවම කරයි.

8. තෙල් කෑවම මහත් වෙනවා. ඒක හින්ද තෙල් කන්නේ නැතුව ඉඳල බර අඩු කරගන්න.

අපේ හම යටින් තියෙන්නේ මේද ස්ථරයක්. ඒක හින්ද තමයි මෘදු බවක් සහ පිරුණු බවක් ලැබිල තියෙන්නේ. ඒක හින්ද තෙල් කන එක අඩු කරන්න ඕනේ කියන එක සාධාරණ හේතුවක් වගේ පෙනුණත් ඇත්ත කතාව මේකයි. මේදය වැඩි කාබොහයිඩ්‍රේට වැඩි ආහාර ඔබව තරබාරු කරයි. එහෙම වෙන්නේ මේදය හින්දා නෙමෙයි. මේදය වැඩි පිෂ්ටය අඩු ආහාර ගන්න පුරුදු වුනොත් මේදය අඩු ආහාර වේල් ගන්න පුරුදු වුනාටත් වඩා කෙට්ටු වෙන්න පටන් ගන්නවා.

9. අධි ප්‍රෝටීන සහිත ආහාර මගින් වකුගඩු වලට බලපෑම් ඇති කරන හින්දා වකුගඩු ආශ්‍රිත ලෙඩ හැදෙන්න පුළුවන්.

වකුගඩු රෝග වැළඳුනු පුද්ගලයන්ට ප්‍රෝටීන සහිත ආහාර අඩුවෙන් ගන්න කිව්වත් සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට මේ කාරණය වලංගු වෙන්නේ නෑ. මේ ගැන නොයෙක් අධ්‍යන මගින් පිළිගෙන තිබෙනවා. ප්‍රෝටීන් වැඩියෙන් ආහාරයට ගැනීම රුධිර පීඩනය අඩු කිරීමටත්, දෙවන වර්ගයේ දියවැඩියාවත් ඇති වීම අවම කරනවා. බොහෝ විට වකුගඩු නරක වීමට බලපාන සාධක වන්නේ මේවායි.

10. සම්පුර්ණ යොදය සහිත කිරි ආහාර සංතෘප්ත මේද සහ කැලරි වලින් ගහනයි. තරබාරුකම වගේම හදවත් රෝග වැළඳීමේ අවදානමත් වැඩි කරනවා.

සම්පුර්ණ යොදය සහිත ආහාර සංතෘප්ත මේදය සහ කැලරි වලින් පරිපුර්නයි. මේ හේතුව නිසාම යොදය රහිත ආහාර අනුභව කරන්න උපදෙස් ලැබෙනවා. නමුත් පර්යේෂණ වලින් පෙනීයන්නේ සම්පුර්ණ යොදය සහිත ආහාර හදවත් රෝග වැළඳීම හා සම්බන්ධ නොවන අතර තරබාරු බවටත් විශාල ලෙස බලනොපාන බවයි. නමුත් මෙමගින් පැවසෙන්නේ නෑ ඔබට ඕනෑතරම් යොදය සහිත ආහාර පාන අනුභව කරන්න පුළුවන් කියල. කලින් මතක් කර වගේම හැම දේටම සීමාවක් තියන බව මතක තියාගන්න.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.
- -
මෙතනින් යන්න​
 
-