Ads 468x60px

home

Showing posts with label broadband. Show all posts
Showing posts with label broadband. Show all posts

Friday 12 June 2015

987.SLT අයට ගොඩක් වැදගත් Addon එකක් ‍Usage එක බලා ගන්න

 SLT අයට ගොඩක් වැදගත් Addon එකක් ‍Usage එක බලා ගන්න


මේ පරණ පොඩි Gadget එකක අලුත් Version එකක් . මේ අලුත් version එක ටිකක් වෙනස් වෙලා තියෙන්නෙ. ගොඩක් යට මේකට ලොග් වෙන්ඩ බැලූ. ඉතින් අද සම්පුර්ණ විස්තරයක් දෙනවා. මේකෙ නම තමා SLT Usage Meter. නම මේක උනාට මේක මේ SLT site එකට ගිහින් බලන සීන් එක නෙමේ. මේක වෙබ් browser එකට එන Addon එකක්. මේක Chrome & Firefox දෙකටම  සෙට් වෙනවා. මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ SLT Broadband Users ලට විතරයි.

  • 1. මේ Addon එක අලුත් වෙලා හින්දා මේක use කරන්න මුලින්ම පහල තියන Link එකට ගිහින් Register වෙන්ඩ ඕනේ. කලින් register වෙලා තියේ නං කෙලින්ම ඊලග Step එකට යන්න

Image result for go button icon

1. ඔයාගෙ Email Address එක

2. ඔයාගෙ Mobile Phone නම්බර් එක

3. SLT Broadband Connection එකේ Username එක. ( අර tp no එකත් එක්ක තියෙන්නෙ ) 

4. SLT Broadband Connection එකේ Password එක. අර Connection එක ගද්දි SLT  එකෙන් දෙන Pass එක

5. දැන් මේ හදන්න යන Account එකට දාන Password එක

6. මේක නං දන්නවනේ. 


  • 2. ඔන්න Register click කරපු ගමන් email එකක් එයි. එකේ තියන confirm link එක click කරලා account එක activate කරගන්න


  • 3. දැන් පහල තියන ලින්ක් වලින් තමන්ට ඕනේ ලින්ක් එක තෝරලා Addon එක Download කරගන්න


Firefox අය මෙතනින් බාගන්න


Chrome අය මෙතනින් බාගන්න


  •  Install උනාට පස්සේ addon එකේ icon එකක් address bar එක ඉස්සරහට එයි. එක click කරාම එන window එකේ Broadband Username එක ගහල Next කරන්න. ඊට පස්සේ අර ඔය හදපු account එකේ password එක ගහල Save කරන්න.
  •  දැන් හරි දැන් ඔයාලට usage එක මේකෙන් බලාගන්ඩ පුළුවන්. Usage එක උද click කරද්දී Peak & Off Peak usage වෙනස් වෙලා පෙන්නයි.


මෙන්න screenshot 




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Tuesday 7 April 2015

940.SLT broadband router එක තනිවම configure කරගනිමු 4


නිවසේ ඇති WiFi ජාලය වඩා ආරක්ෂාකාරී එකක් කරගනිමු


 ADSL Router එකක් නිවැරදිව configure කරගන්නෙ කොහොමද කියන එක සහ ඒ ආශ්‍රිත විවිධ ගැටළු ,හතර වැනි  ලිපියයි මේ ඉදිරිපත් කරන්නේ.මුල් ලිපි බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න​.
1 , 2 , 3

ඔයාලා හැමෝම WiFi ගැන ගොඩක් අහලා ඇති කියලා හිතනවා. අහල විතරක් නෙවෙයි. සමහරු ගොඩක්දේවල් දන්නවත් ඇති. ගොඩක් අය එදිනෙදා ජීවිතේදි WiFi නිතර භාවිතා කරනවත් ඇති. කොටින්ම කිව්වොත් ඔයාලගෙ ගෙදර WiFi Network එකක් ඇතිනෙ. Slt එකෙන් ඇවිත් Router එක හයි කරලා ගියාට පස්සෙ ඔයාල ඒක පාවිච්චි කරා මිසක් ඒකෙ ආරක්ෂාව ගැන නිකමට වත් හිතුවෙ නෑ නේද?


එතකොට අද කතාව තමයි ඔයගොල්ලො හැම කෙනෙකුගෙම වගේ ගෙදර තියන WiFi Network එකේ ආරක්ෂාව වැඩි කරගන්නෙ කොහොමද කියන එක. 
විශේෂත්වය තමා අපි මේකට කිසිම අමතර ‍මෘදුකාංගයක් වගේ දෙයක් භාවිතා කරන්නෙ නෑ. කරන්න යන්නෙ අපේ Router එකේ තියන සැකසුම් (settings) කිහිපයක් වෙනස් කරන එක විතරයි. පියවර කිහිපයකින් වැඩේ කරගන්න පුලුවන්.

මේක කරද්දි උදාහරණ විදිහට මම පාවිච්චි කරන්නෙ Slt එකෙන් දෙන සාමාන්ය ZTE router එක. ඉතින් screen shots එහෙම දානකොට ඒකට අදාලව තමා දාන්නෙ. ඔයගොල්ලන්ගෙ router වල user interface මීට වඩා ටිකක් වෙනස් වෙයි සමහරවිට. ඒත් මම පාවිච්චි කරන වචන එහෙම ගොඩක් විට ලොකු වෙනසක් වෙන්නෙ නෑ. ඒ හින්දා ඔයාලට ලොකු ගැටළුවක්  වෙන එකක් නෑ. 


1.      මුලින්ම අපි අපේ Router එකට log වෙන්න ඕනෙ


මේකට අපි පාවිච්චි කරන්නෙ අපේ Web Browser එක. Firefox ද Chrome ද නැත්නම් වෙන එකක්ද කියන එක ප්‍රශ්ණයක් නෑ. කොටින්ම කිව්වොත් ඔයා කැමති Web browser එකකින් වැඩේ කරගන්න පුලුවන්.

කරන්න තියෙන්නෙ browser එකේ address bar එකේ ඔයාගෙ Router එකේ Gateway IP address එක ටයිප් කරලා enter ඔබන එක.

දැන් ඉතින් Gateway IP address කියන්නෙ මොකද්ද කියලා බය වෙන්න එපා. ගොඩක් router වල එන්නෙ 192.168.1.1 කියන IP address එක. ඒක හරියන්නෙ නැත්නම් හරියටම බලාගන්න නම් ඔයාගෙ router එකේ user manual එක කියවන්න. ඒකෙ ලියල ඇති. User manual එකත් නැත්නම් router එකට අදාල සමාගමේ නිල වෙබ් පිටුවෙන් හොයාගන්න පුලුවන් වෙයි

Windows පාවිච්චි කරන කෙනෙකුට නම් command prompt එකේ ipconfig/all කියන command එක පාවිච්චි කරලත් ඔයාගෙ Gateway IP address එක හොයාගන්න පුලුවන්. මේ පින්තූරය බැලුවහම හොයාගන්න විදිහ තේරුම්ගන්න පුලුවන් වෙයි.





Linux භාවිතා කරන කෙනෙකුට නම් Terminal  එකේ $ route -n විධානය භාවිතා කරන්න. මේකට screenshot දාන්න ඕනෙ නැතිවෙයි. හොයාගන්න හරිම ලේසියි.


කොහොමහරි Gateway IP එක හොයාගත්තට පස්සෙ ඔයාගෙ web browser එකේ  address bar එකේ ඒ හොයාගත්තු IP address එක ටයිප් කරලා enter කරන්න.




දෑන් පොඩි pop-up window එකක් මතුවෙයි Router එකට log වෙන්න. ඒකෙ user name එකයි password එකයි ටයිප් කරන්න ඇති.

එතනදිත් ගොඩක් Router වල default user name විදිහට එන්නෙ admin කියලා. Password එකත් admin ම තමා.

ඒක හරියන්නෙ නැත්නම් ඔයාගෙ Router එකේ user manual එකෙන් හරි ඒ සමාගමේ වෙබ් අඩවියෙන් හරි හොයාගන්න පුලුවන්.

·         Router එකේ password එක කලින් වෙනස් කරලා නම් default password එකෙන් log වෙන්න බෑ. ඒ වෙනස් කරපු password එක දෙන්න ඕනෙ. එහෙමත් නැත්නම් Router එක reset කරන්න ඕනෙ.

Reset කරොත් router එක default settings වලට පත් වෙනවා. සියළුම අන්තර්ජාල සැකසුම් අවලංගු වෙනවා. ඒවා හදාගන්න දන්නෙ නැත්නම් reset කරන්න එපා!





2.      Router එකේ passowrd එක වෙනස් කරගැනීම

පලවෙනි පියවර විදිහට අපි කලේ router එකට log වෙන එකනෙ. ඒක ඇත්තටම ආරකෂක පියවරක් නෙවෙයි. මෙතන ඉඳන් තමයි ඇත්තටම ආරක්ෂක පියවරයන් පටන්ගන්නෙ.

හරි. අපේ router එකට log උනාට පස්සෙ මුලින්ම අනුගමනය කරන්න ඕනෙ ආරක්ෂක පියවර තමා router එකේ password එක මාරු කරගන්න එක. මොකද නැත්නම් අපි මෙතනින් එහාට මොන විදිහෙ ආරක්ෂක ක්‍රියාමාර්ගයක් අනුගමනය කරත් වැඩක් නෑ. වෙන කෙනෙකුට අපේ router එකට log වෙලා එයාලට ඕනෙ විදිහට ඒව වෙනස් කරගන්න පුලුවන්.  හරියට අපි අපේ ගෙදර වටේටම ලොකු තාප්පයක් බැඳලා ගේට්ටුව ලොක් කරන්නෙ නැතුව තියනව වගේ. හොරාට කිසිම කරදරයක් නැතුව ගේට්ටුවෙන්ම ඇවිත් හොරකම් කරගෙන යන්න පුලුවන් 

මම මෙතනදි පාවිච්චි කරන මාදිලියෙ නම් Maintenance යටතේ තමයි ඒක කරන්න තියෙන්නෙ. 



ඔයාලගෙ router වල සමහරවිට මීට වඩා ටිකක් වෙනස් ඇති. කරන විදිහ හොයාගන්න බැරි උනොත් User manual එක කියවලා බලන්න. බැරිම උනොත් පහලින් comment එකක් දාලා අහන්නකො.


සටහන:
Password එකක් දානකොට අනුගමනය කරන්නඕනෙ කරන්න පුංචි පුංචි දේවල් ටිකකුත් කියන්නම්.

·         අකුරු දෙකේ තුනේ password පාවිච්චි කරන්න එපා. අඩුම තරමින් අකුරු 8ක් 10ක් වත් පාවිච්චි කරන්න.

·         නමක් හරි තේරුමක් තියන වචනයක් හරි වගේ දෙයක් යොදාගන්න එපා. එතකොට වෙන කෙනෙකුට ඒක උපකල්පනය කරන්න පුලුවන් අවස්ථාව වැඩියි. ( Dictionary attack වලට එහෙම ලක් වෙන්න පුලුවන්. ඒ ගැන විස්තරයක් ඉදිරි post එකකින් කියන්නම්)


·         අහඹු ලෙස තෝරගත්තු අකුරු, ඉලක්කම්, සංකේත වගේ හැම එකක්ම යොදාගන්න.( උදාහරනයක් විදිහට “J*pd  Mk_b@Ad#uh527t dG{?”    )

·         අකුරු අතරට space යොදාගැනීමත් හොඳ ක්‍රමයක්


·         කොටින්ම කිව්වොත් හොඳ password එකක් කියන්නෙ මතක තියාගන්න අමාරු password එකක් කියලා මතක තියාගන්න


3.      ගුප්ත කේතන ක්‍රමයක් යෙදීම  (බය වෙන්න එපා Encryption ගැන කියන්න යන්නෙ)



හරි, මෙච්චර වෙලා කතා කලේ WiFi router එකේ එහෙමත් නැත්නම් අපේ ජාලයේ භෞතික ආරක්ෂාව ගැනනෙ. අපේ තුන්වෙනි පියවරෙන් තමා WiFi Network එකේ තාර්කික (Logical) ආරක්ෂාව ගැන කතාකරන්න පටන්ගන්නෙ.


Encryption එහෙමත් නැත්නම් “ගුප්ත කේතනය” මගින් වෙන්නෙ අපේ ජාලය ඇතුලෙ සන්නිවේදනය වෙන දත්ත බාහිර පුද්ගලයන්ගෙන් ආරක්ෂා කරගන්න එක. ඒ කියන්නෙ පිටින් ජාලයට සම්බන්ද වෙන්න උත්සහ කරන කෙනෙකුට අවසරයකින් තොරව ජාලයත් එක්ක තොරතුරු සන්නිවේදනය කිරීම අවහිර කිරීම.

ඔයාලගෙ router එකේ wireless settings වල Authentication settings යටතේ මේ සැකසුම ඇති. එතන ප්‍රධාන Encryption type දෙකක් දැකගන්න පුලුවන් වෙයි. ඒ තමා WPA කියන type එකයි WEP කියන type එකයි. මේ අතරින් WEP කියන්නෙ අද වෙනකොට පහසුවෙන් crack  කරන්න පුලුවන් ක්‍රමවේදයක්. ඒකනිසා ඔයාල තෝරගන්න ඕනෙ WPA කියන ක්‍රමවේදය. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ WPA 100%ක් ආරක්ෂාකාරී කියලා. WPA-2 කියලා එකක් ඔයාලගෙ ලිස්ට් එකේ තියනවනම් ඒක තෝරගන්න. හැබැයි ටිකක් පරන wireless උපකරණ මේ WPA-2  ක්‍රමවේදයට සහය දක්වන්නෙ නෑ.

කතාව ටිකක් පැහැදිලි වෙන්නත් එක්ක screen shot එකක් දාන්නම්





Authentication type එක නිවැරදිව තෝරගත්තට පස්සෙ Network එකට key එකක් දාගන්න ඕනෙ. ඊට පස්සෙ network එකට සම්බන්ද වෙන හැම වෙලාවෙම මේ key එක එහෙමත් නැත්නම් password එක ලබාදීලා තමා සම්බන්ද වෙන්න ඕනෙ. Key  එක නැතුව අනවසරයෙන් ජාලයට සම්බන්ද වෙන්න බෑ.
(මගෙ screen shot එකේ හැටියට නම් Authentication type ලිස්ට් එකට වැහිලා තියන Pre-Shared key කියන තැන තමා මේ කියන key එක ලබාදෙන්න ඕනෙ)

නිවැරදි විදිහට password එකක් දාගන්න විදිහ ගැන පොඩි සටහනක් “පියවර 2” අවසානයේ තියනවා. ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.



4.      ජාලයට නමක් ලබාදීම (Network SSID)


( මගෙ කලිං screen shot එකේ හැටියට නම් Authentication type  එකට උඩින් තියෙන්නෙ) මේ SSID එහෙමත් නැත්නම් Service Set Identifier මගින් තමා අපේ ජාලය පිටත ඉන්න කෙනෙක් හඳුනාගන්නෙ. සරලව කිව්වොත් මේක තමා අපේ network එකේ නම.  මෙතනට නම් ඉතින් ඔයාලට හඳුනාගන්න පහසු නමක් ලබාදෙන්න පුලුවන්.

Broadcast SSID මගින් ඔයාලගෙ Network SSID එක අනිත් අයට පෙනෙන විදිහට හරි නොපෙනෙන විදිහට හරි තියන්න පුලුවන්. Broadcast SSID off කලොත් WiFi network එකක් search කලාට ඔයාගෙ network එක අහු වෙන්නෙ නෑ. හරියට Bluetooth වල තියන Discoverable වගේ. ඒත් Hide කරලා තියන SSID හොයාගන්න ඕනෙ තරම් ක්‍රම තියනවා කියලත් මතක තියාගන්න.


කොටින්ම කිව්වොත් මේක නම් ඉතින් සෘජුවම ජාලයේ ආරක්ෂාවට බලපාන්නෙ නෑ. ඒත් ඉන්ටනෙට් එකේ සැරිසරනකොට මේ SSID එක network එකේ ආරක්ෂාවට බලපාන්නෙ කොහොමද කියලා පොඩි ලිපියක් කියවන්න ලැබුනා. ඒකෙ තිබුනු ප්‍රධානම අදහස තමා,


“අපි අපේ SSID එක විදිහට default SSID එකක්, ඒ කියන්නෙ router එකෙන් auto දාගන්න SSID එකක් පාවිච්චි කලොත් hacker කෙනෙකුට හිතෙන්න පුලුවන් මේ network එකේ SSID එක වත් වෙනස් කරලා නැති හින්දා මේක එච්චර ආරක්ෂක උපක්‍රම භාවිතා කරලා නැති ජාලයක් කියලා. ඒ හින්දා මේක ලේසියෙන් hack කරන්න පුලුවන් වෙයි කියලා පෙළඹීමක් ඇතිවෙන්න පුලුවන්”

ඉතින් අපි මොකටද අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නෙ නේද?
                       
ඔන්න ඔය වගේ කතාවක් තමා ඒකෙ තිබුනෙ. පෙනුමට නම් ඒක මහ විහිලුවක් වගේ තමා පේන්නෙ. නමුත් ඒකෙත් ගතයුත්තක් තියනව කියල මට හිතුන හින්දා ඔන්නඔහෙ දැම්මා 


5.      MAC Address Filtering

මේ මාතෘකාව නම් සිංහලෙන් කියන විදිහක් මට හිතාගන්න බෑ. කොහොමහරි කතාව තේරෙනවනෙ? Filtering කියන එක නම් හැමෝටම තේරෙන්න ඇති. ඒත් MAC Address කියන එක නම් ඔයාලට අළුත් වචනයක් වෙන්න ඇති නේද? දන්න අයත් ඇති. ඒත් කතාව පටන්ගන්න කලින් MAC Address කියන්නෙ මොකද්ද කියලත් ටිකක්  කියල ඉන්නම්.

“MAC Address එහෙමත් නැත්නම් Media Access Control Address කියලා හඳුන්වන්නෙ ලෝකෙ නිශ්පාදනය කරන හැම ජාලකරන උපකරණයකටම අනන්‍ය වෙන ලිපිනයක්. කවදාවත් එකම ලිපිනයක් උපකරණ දෙකක පිහිටන්නෙ නෑ. හරියට අපේ ජාතික හැඳුනුපත් අංකය වගේ. 

මේ MAC Address උපකරණ වලට ලබාදෙන්නෙ යම්කිසි ප්‍රමිතියක්ට යටත්ව. ඒ ප්‍රමිතිකරණ සම්පාදනය කරන්නෙ  විදුලි හා විද්‍යුත් ඉංජිනේරුආයතනය (IEEE) මගින්.

මේ MAC Address එක ගබඩා කරලා තියෙන්නෙ අදාල ජාලකරන උපකරණයේ Read Only Memory එකක. ඒක වෙනස් කරන්න බෑ. ඒක නිසා අපිට ලෝකෙ තියන ඕනෙම ජාලකරන උපකරනයක් අනන්‍යව හඳුනාගන්න පුලුවන් වෙනවා.”


හරි. දැන් කතාකරමු මොකක්ද මේ MAC Address Filtering කියන්නෙ කියලා. කලින් කිව්වා වගේ ලෝකෙ තියන හැම ජාලකරන උපකරනයකටම අනන්‍ය වූ ලිපිනයක් තියන නිසා අපිට පුලුවන් අපිට අවශ්‍ය උපකරන වල MAC ලිපින හොයාගෙන ඒවට විතරක් අපේ ජාලයට සම්බන්ද වෙන්න අවස්ථාව ලබා දෙන්න.

එහෙමත් නැත්නම් අපට අනවශ්‍ය ජාලකරන උපකරණ වලට අපේ ජාලය අවහිර කරන්න පුලුවන්.

සරලව කිව්වොත් ඕක තමා MAC Address Filtering.

ඔයාලගෙ router එකේ wireless settings වලට ගියාම මේ පහසුකම තියනවනම් මෙන්න මේ වගේ දැකගන්න පුලුවන් වෙයි. 



Active කියන එකෙන් වෙන්නෙ මොකද්ද කියල කියන්න ඕනෙ නෑනෙ. Action කියන තැනින් Allow association ලබාදීමෙන් අපි ලබා දෙන MAC ලිපින වලට පමණක් ජාලයට සම්බන්ද වීමට හැකි වන ආකාරයටත්, Deny association මගින් ලබා දෙන ලිපින සදහා ජාලය අවහිර කිරීමට පුලුවන්


මේ MAC Address එක බලාගන්න නම් ඉතින් එක එක ක්‍රම තියෙනවා. Phone එකක වගේ නම් WiFi settings වල ඇති. පරිගනකයක නම් ඔයාලගෙ Network device එකේ විස්තර බලන්න. එතනින් හොයාගන්න පුලුවන්. Windows මෙහෙයුම් පද්ධතියෙ නම් “පියවර 1” කියල තියන විදිහට commad prompt එකේ ipconfig විධානය භාවිතා කරලා හොයාගන්න පුලුවන් (Physical address කියලා පෙන්නන්නෙ MAC Address එක)

Linux වල නම් Terminal  එකේ $ /sbin/ifconfig | grep HWaddr කියන විධානය භාවිතා කරන්න.  




6.      රැහැන් රහිත පාලනය ඉවත් කිරීම (Disable wireless administration)

අවසාන වශයෙන් අපේ router එක දුරස්ථව පාලනය කිරීම අවහිර කරන්න ඕනෙ. මේකෙන් වෙන්නෙ අපේ log in password එක දැනගත්තත් බාහිර පුද්ගලයෙකුට අපේ WiFi network එක හරහා router එක පරිපාලනය කිරීමෙ හැකියාව අවහිර කිරීම.

මේක නම් ඉතින් විවිද උපකරණ වල විවිධ විදිහට තමා කරන්න තියෙන්නෙ. සමහර උපකරන වල මේ හැකියාව නෑ.  පොඩ්ඩක් ඔයාලගෙ User manual එක කියවලා බලන්න. මේකෙන් වෙන්නෙ WiFi network එක හරහා අපේ router එක administrate  කිරීමේ හැකියාව නැති කිරීම. එතකොට router එක administrate කරන්න පුලුවන් රැහැන් වලින් සම්බන්ද වෙලා තියන උපකරණ වලට විතරයි.


හ්ම්ම්… ඔහොම තමා කතාව. මේ පියවර 6 අනුගමනය කලොත් ඔයාලගෙ ගෙදර තියන WiFi network එක වඩා ආරක්ෂාකාරී එකක් බවට පත් කරගන්න පුලුවන්. හැබැයි ඒකෙන් 100% ආරක්ෂිතයි කියලා අදහස් වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න.

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Tuesday 27 January 2015

840.ෆෝල්ඩර් අතුරුදහන් කරමු

ෆෝල්ඩර් අතුරුදහන් කරමු






මේ ක්‍රමය folder options වලින් folders hidden කරන ක්‍රමය නෙමෙයි. ලේසියෙන් හොයන්න බැරි වෙන්නම hidden කරන ක්‍රමයක්.

මුලින්ම folder එකක හදාගන්න. හදපු folder එකක් උනත් කමක් නැ.


දැන් folder එක උඩ right click කරල rename ගිහිල්ල folder name සම්පූර්නයෙන්ම delete කරල, Alt key එක ඔබාගෙන 0160 type කරන්න. (0160 type කරනකොට Alt ඔබාගෙනම සිටිය යුතුයි.)



දැන් Enter ඔබන්න. බලන්න දැන් folder එකට නමක් නෑ.

ඊට පස්සෙ folder පින්තුරෙත් hidden කරන්න එපයි. ඒකට folder එක උඩ right click කරල properties ගිහිල්ලා customize tab එකට යන්න.


ඒ tab එකෙ පහලම තියෙන change icon ගිහිල්ලා. ඒ icon ගොඩ අතරෙ තියෙන හිස් තැනක් උඩ ක්ලික්ක් කරන්න. (ඇත්තටම ඒක හිස් තැනක් නෙමෙයි, සුදු කොටුවක් හැඩැති icon එකක්.)



දැන් OK කරල apply කරල Ok කරන්න. දැන් බලන්න ඔයාගෙ folder එක අතුරුදහන්.      




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

                                 
- -
මෙතනින් යන්න​

Tuesday 16 September 2014

609.SLT broadband router එක තනිවම configure කරගනිමු 3


SLT broadband router එක තනිවම configure කරගනිමු 



 ADSL Router එකක් නිවැරදිව configure කරගන්නෙ කොහොමද කියන එක සහ ඒ ආශ්‍රිත විවිධ ගැටළු තුන්වැනි ලිපිය  ලිපියයි මේ ඉදිරිපත් කරන්නේ


WiFi ජාලය නිර්මාණය කරමු


හරි. මේ වෙනකොට ඔයාගෙ router එක නිවැරදිව Internet එකට connect වෙලා තියෙන්න ඕනෙ. අවශ්‍ය නම් කැමති web site එකකට ගිහින් හරියට වැඩකරනවද කියලා පරීක්ෂා කරලා බලන්න. ගැටළුවක් ඇති උනොත් පහලින් comment එකක් දාලා අහන්න.

එහෙනම් අපේ ඊලඟ පියවර තමයි router එකේ wireless access point එක configure කරගැනීම. ඇත්තටම මේකත් ඉතාම සරළ වැඩක්. මුලින්ම wireless settings page එකට යන්න ඕනෙ. ඒකට Interface setup page එකේ ඉහල තියන wireless කියන tab එක click කරන්න. (wireless settings වලට යන්න කලින් සකස් කරගත්තු internet settings ටික save කරන්න අමතක කරන්න එපා.)


දැන් ඔයාලට මෙන්න මේ විදිහට wireless settings page එක දැකගන්න පුළුවන් වෙයි.

මුලින්ම තියන Access Point කියන setting එක Activated තත්වයට පත් කරගන්න ඕනෙ.  පෝස්ට් එකේ මුලින්ම කිව්ව විදිහට router එකේ පිටිපස්සෙ තියන WiFi switch එක press කරන්නෙ නැතුව WiFi On කරන්නෙ මෙන්න මේ විදිහට. දැන් අනිත් සැකසුම් හදාගන්න විදිහ බලමු.

Page එකේ මැද හරියට වෙන්න තියන Broadcast SSID කියන තැනට Yes තෝරන්න. ඊට පස්සෙ SSID කියලා තියන තැනට ඔයාට කැමති නමක් ලබාදෙන්න. මින් ඉදිරියට ඔයාගෙ WiFi network එක හඳුනාගන්නෙ ඒ නමින්. එතනම පහල තියන Authentication type කියන තැනට WPA2-PSK කියන එක තෝරන්න.

දැන් පහල තියන Pre-Shared Key කියන තැනට ඔයාට කැමති password එකක් ලබාදෙන්න. ඉදිරියේදී WiFi ජාලයට සම්බන්ධ වෙනකොට දැන් ලබාදුන්නු SSID එකයි Key එකයි ලබාදීලා තමයි connect වෙන්න ඕනෙ.

අන්තිමට page එකේ පහළ තියන save button එක click කරලා browser එක close කරන්න.



Reset කිරීම

තව පොඩ්ඩෙන් අමතක වෙනවා. හදිස්සියෙ වත් router එකට දාපු password එක එහෙම අමතක උනොත් අපිට ඒක reset කරගන්නත් පුළුවන් ක්‍රමයක් තියනවා. Router එකේ යට පැත්ත හරවලා බලන්න. මෙන්න මේ විදිහෙ පොඩි reset button එකක් දැකගන්න පුළුවන් වෙයි. මුලින්ම router එක ON කරන්න. ඊට පස්සෙ පෑනක් වගේ දෙයක් පාවිච්චි කරලා මේ පොඩි reset button එක තත්පර 5ක් විතර press කරගෙන ඉඳලා අතහරින්න. දැන් router එක reset වෙලා ඇති.




 WiFi ජාලය සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න භාවිතා කරන්න ඕනෙ ආරක්ෂක උපක්‍රම මිලග ලිපියෙන්

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Friday 12 September 2014

601.SLT broadband router එක තනිවම configure කරගනිමු 2


SLT broadband router එක තනිවම configure කරගනිමු 2


 ADSL Router එකක් නිවැරදිව configure කරගන්නෙ කොහොමද කියන එක සහ ඒ ආශ්‍රිත විවිධ ගැටළු දෙවැනි ලිපියයි මේ ඉදිරිපත් කරන්නේ.ඵලමු ලිපිය මෙතනින් බලන්න​

අන්තර්ජාල සැකසුම්

මේ සඳහා මුලින්ම අපි router එකට ලොග් වෙන්න ඕනෙ. කරන්න තියෙන්නෙ හරිම පහසු දෙයක් . ඔයාගෙ web browser එක open කරලා address bar එකේ 192.168.1.1 කියලා type කරලා enter key එක press කරන්න.






දැන් ඔයාට ලැබෙයි මෙන්න මේ වගේ පොඩි pop-up window එකක්




User name සහ Password කියන දෙකටම admin කියලා type කරලා “Log In” කියන button එක click කරන්න. (මේ password එකට log වුනේ නැත්නම් ඔයාගෙ router එකේ password එක වෙනස් කරලා. එහෙම උනොත් router එක reset කරන්න වෙනවා. ඒක කරන විදිහ post එකේ අන්තිමට දාන්නම්. පහලට ගිහින් බලන්න.)

මේ විදිහට  User name සහ Password ලබාදුන්නට පස්සෙ ඔයාලට router එකට log වෙන්න පුළුවන්. එහෙම log උනාම ඔයාලට මුලින්ම මෙන්න මේ වගේ page එකක් දැකගන්න ලැබෙයි. මේ දර්ශනය වෙන්නෙ ඔයාලගෙ router එකේ විවිධ තොරතුරු. නමුත් ඒ හැම එකක් ගැනම මේ ලිපියෙන් කතාකරන්න ගියොත් ලිපිය ගොඩක් දිග වෙන නිසා Internet settings configure කරගන්න විදිහ විතරක් කියන්නම්. මුලින්ම රූප සටහනේ පෙන්වලා තියන විදිහට Interface Setup කියන setting එක click කරන්න.



                                          
දැන් ඔයාලට මෙන්න මේ විදිහට Interface setup page එක දැකගන්න පුළුවන් වෙයි.




        
මුලින්ම page එකේ දෙවනියට තියන Status කියන සැකසුම Activated කියන option එක තෝරන්න ඕනෙ.

ඊට පස්සෙ කහ පාටින් පෙන්වලා තියන විදිහට Servicename කියන තැනට ඔයාලගෙ අන්තර්ජාල සේවා සපයන ආයතනයේ නම ලබාදෙන්න ඕනෙ. Sri Lanka Telecom භාවිතා කරනවනම් slt කියලා type කරන්න.

Username සහ Password කියන තැන් වලට SLT එකෙන් ඔයාලට ලබාදුන්න Username එක සහ Password එක ලබාදෙන්න ඕනෙ. ඒක මතක නැත්නම් 1212 අංකයෙන් SLT පාරිභෝගික සේවයට දුරකතන ඇමතුමක් අරන් දුරකතන අංකය කියලා ඒකට අදාල Username සහ Password ලබාගන්න පුළුවන්. ඒ ලබාගත්තු Username සහ Password එක ඉහත රූපසටහනේ දක්වලා තියන විදිහට අදාල කොටු වලට යොදන්න.

අනිත් settings තියන විදිහටම තියන්න. ඒවා වෙනස් කරන්න යන්න එපා. දැන් මේ page එක පහලටම scroll කරලා page එකේ පහළ තියන save button එක click කරන්න.

ඔයා ලබාදුන්නු Username එක සහ Password එක නිවැරදි නම් තත්පර කිහිපයක් ඇතුලත router එකේ ඉදිරිපස තියන Internet කියන LED එක කොළපාට වෙන්න ඕනෙ. (එහෙම උනේ නැත්නම් ආයෙත් 1212 අංකයෙන් SLT එකට කතා කරලා කියන්න. බොහෝ විට ඔයා ලබාදුන්නු Username සහ Password එකේ තමා වැරැද්ද තියෙන්න පුළුවන්.)



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Tuesday 9 September 2014

594.SLT broadband router එක තනිවම configure කරගනිමු 1

SLT broadband router එක තනිවම configure කරගනිමු 1


 නිතර නිතර අහපු  ප්‍රශ්ණයක් තමයි අපි ADSL Router එකක් නිවැරදිව configure කරගන්නෙ කොහොමද කියන එක සහ ඒ ආශ්‍රිත විවිධ ගැටළු. ඉතින් අද පෝස්ට් එකෙන් ඔයාලට කියලාදෙන්න යන්නෙ ඒ ගැන.

අපේ රටේ (ශ්‍රී ලංකාවෙ) ඉතින් ADSL කිව්වොත් SLT විතරයිනෙ තියෙන්නෙ. ඉතින් ADSL Internet සබඳතාවයක් භාවිතා කරන වැඩි දෙක් පාවිච්චි කරන්නෙ SLT ආයතනයෙන්ම ලබාදෙන ZTE zxv10 w300 කියන මාදිලියෙ router එක. ඒ නිසා මේ පෝස්ට් එකෙන් කියලාදෙන්න යන්නෙ ZTE zxv10 w300 කියන මාදිලියෙ router එකක් අන්තර්ජාලය සහ WiFi network එක සඳහා නිවැරදිව configure කරගන්න ආකාරය.

උපකරණය හඳුනාගනිමු

හරි. මේ පෝස්ට් එක කියවලා ඉවර වෙනකොට ජීවිතේ කවදාවත් router එකක් දැකලා නැති කෙනෙකුට උනත් වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න ඕනෙ කියන එකයි මගේ අරමුණ. ඒ නිසා Configure කරන්න කලින් අපි අපේ router එක භෞතිකව හඳුනාගනිමු.


අපි මේ කතා කරන්න යන ZTE zxv10 w300 router එකක ඉදිරිපස සහ පසුපස පෙනුම මෙන්න මේ විදිහට දැකගන්න පුළුවන්.

ඉදිරිපස පෙනුම


පසුපස පෙනුම


අපි අපේ router එක configure කරන්න කලින් මුලින්ම කරන්න ඕනෙ දේ තමයි අපේ cables (රැහැන්) ටික නිවැරදිව router එකට plug කරගන්න එක. ඒ නිසා මුලින්ම ඒ ගැන ටිකක් කතා කරමු. කලින් රූපසටහනේ තිබුනු විදිහට router එකේ පිටිපස්සෙ විවිධ ස්විච් කිහිපයක් සහ ports කිහිපයක් දැකගන්න පුළුවන්. මුලින්ම ඒ ගැන පොඩි අවබෝධයක් ලබාගෙන ඉදිරියට යමු. 




මේ රූපසටහනේ හැටියට එක් එක් අංක වලට අදාලව මෙන්න මේ විදිහට අපේ router එක හඳුනාගන්න පුළුවන්.

1)     Power connector - මෙතනට තමයි අපේ router එකේ විදුලිබල සැපයුම ලබා දෙන්න ඕනෙ. Router එකත් එක්ක ලැබෙන කුඩා power pack එක ප්‍රධාන විදුලියට සම්බන්ධ කරලා අනිත් කෙළවර මෙතනට සම්බන්ධ කරන්න ඕනෙ.

2)     Power button - විදුලි බලය ලබාදුන්නට පස්සෙ router එක on/off කරන්නෙ මේ switch එකෙන්

3)     WiFi On/Off switch - අපේ router එකේ WiFi පහසුකම තියන නිසා ඒක On/Off කරන්නෙ මේ switch එකෙන්. (configuration settings වලිනුත් WiFi on/off කරන්න පුළුවන්)

4)     LAN ports - මේ තියෙන්නෙ අපේ පරිගනකය router එකට සම්බන්ධ කරන්න භාවිතා කරන port එක. CAT5 cable එකක් ඔස්සේ RJ45 සම්බන්ධකයක් කරහා පරිගනකය router එකට සම්බන්ධ කරන්න ඕනෙ. මේ මාදිලියෙ නම් LAN ports 4ක් ලබාදීලා තියනවා. (මේකට අවශ්‍ය එක් cable එකක් router එකත් සමග ලැබෙනවා. අමතරව ඕනෙ නම් වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන්)


5)     LINE - මේ තියෙන්නෙ අපේ ADSL සබඳතාවය router එකට සම්බන්ධ කරන port එක. SLT එකෙන් ඔයාලගෙ නිවසට ලබා දීලා තියන රැහැන Splitter කියන උපකරණයෙන් රැහැන් දෙකකට වෙන් වෙනවා. ඊට පස්සෙ එයින් එකක් දුරකතනය සම්බන්ධ කරන්න භාවිතා කරනවා. අනිත් රැහැන තමා ගෙනත් මෙතනට සම්බන්ධ කරන්න ඕනෙ. (බොහෝ විට Splitter උපකරණය දක්වා වැඩ ටික දුරකතන සමාගමෙන් සිදු කරන නිසා ඔයාලට තියෙන්නෙ එයාලා ලබාදීලා තියන ADSL රැහැන කෙලින්ම මෙතනට plug කරන එක. මේක RJ11 වර්ගයේ සම්බන්ධකයක්)


6)     WiFi antenna - මේ තියෙන්නෙ අපේ router එකේ WiFi ඇන්ටනාව. මේක හරහා තමයි WiFi signal සම්ප්‍රේශණය වෙන්නෙ. වැඩි ප්‍රදේශයකට WiFi ආවරණය ලබාගන්න නම් ඕනෙ ප්‍රභල ඇන්ටනාවක් භාවිතා කරන්න පුළුවන්.


නිවැරදිව cables ටික plug කරගත්තට පස්සෙ අන්තිමට power cable එක plug කරලා switch එක On කරන්න. දැන් ඔයාලගෙ router එකේ ඉස්සරහ තියන Power කියන LED එක රතු පාටින් දැල්විලා තිබිලා ඊට පස්සෙ කොළ පාට වෙයි. ඒ කියන්නෙ router එක නිවැරදිව On උනා කියන එක.

ඊට පස්සෙ ඔයාගෙ ADSL සබඳතාවය සහ පරිගනකයට සම්බන්ධ කරලා තියන LAN සබඳතාවය නිවැරදිව ක්‍රියාත්මක වෙනවනම් DSL සහ LAN කියන LED දෙකත් කොළ පාටින් දැල්වෙයි. (LAN LED එක නිවි නිවී දැල්වීම සාමාන්‍ය දෙයකි. DLS LED එක ක්‍රියාත්මක නොවේ නම් සබඳතාවයේ දෝශයක්.).
WLAN කියන්නෙ WiFi indicator එක. ඒක කොළපාටින් දැල්වෙයි. එහෙම නැත්නම් router එක පිටිපස්සෙ තියන WiFi switch එක (රූප සටහනේ අංක 3) එක පාරක් press කරන්න. එතකොට WLAN කියන LED එකත් දැල්වෙන්න පටන්ගනී.

නමුත්,  router එක ඉදිරිපස තියන Internet කියන LED එක “රතු පාටින්” දැල්වෙන්න පටන්ගනී. ඒ කියන්නෙ ඔයා අන්තර්ජාලයට සම්බන්ධ වෙලා නෑ කියන එක. නිවැරදිව අන්තර්ජාලයට සම්බන්ධ උනාම මේ indicator එකත් අනිත් ඒවා වගේ “කොළ” පාට වෙන්න ඕනෙ. නමුත් router එකේ Internet settings ටික නිවැරදිව සකස් කරන තෙක් අපිට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බෑ. ඒ නිසා මිලග ලිපියෙන්බලමු කොහොමද හරියට Internet settings ටික configure කරගන්නෙ කියලා.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​
 
-