Ads 468x60px

home

Showing posts with label EMAIL. Show all posts
Showing posts with label EMAIL. Show all posts

Saturday 2 January 2016

1075.වැදගත් ඊමේල් ලිපිනයක් හදාගමු

වැදගත් ඊමේල් ලිපිනයක් හදාගමු

Image result for email
ඊමේල් කියන නම දැන් කාටවත් අලුත් දෙයක් නෙමෙයි.ඔබ වැඩ කරන අයතනයේ ඊමේල ලිපිනය​,ඔබගේ පුද්ගලික ඊමේල් ලිපිනය​,ඔබගේ ෆේක් ඊ මේල් ලිපිනය ඒ සියල්ලම බොහෝ විට ඇත්තේ Gmail, yahoo, Hotmail යන උප නාමයන් ගෙන් අවසන් වන ගිනුම් නේද​.

මේම උප නාමයන් දැන් පොදුවේ භාවිතාවන නිසා නිතර අන්තර්ජාලය තුල සැරිසරන ඔබට එය ගැලපෙන්නේ නැති වෙන්න පුලුවන්. නැතහොත් ඔබට අවශ්‍ය උපනාමය සහිත ඔබගේ ගිනුම මේ වනවිටත් වෙනත් පුද්ගලයෙක් සදාගෙන වෙන්න පුලුවන්,නැතිනම් ඔබගේ වෘතිය අනුව ඔබට මෙම උපනාමයන් නොගැලපෙන්න පුලුවන්.

ඔබ වෛද්‍ය වරයෙක් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@doctor.com

ඔබ ග්‍රැෆික් ඩිසයින් ආශිතවනම් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@graphics.com

සංගිත ආශිතවනම් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@music.com

පරිගනක ආශිතවනම් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@computer.com

ඔබ ඇමරිකාවේ සිටින ලෙස පෙන්වීමටනම් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@usa.com

ඔබා සාමනය්‍ය පුද්ගයෙක් නම් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@mail.com

යානාදි වෘතියන් හා බැදි වැදගත් ඊමේල් ලිපිනයක් දැන් ඔබටත් නොමිලේම හදාගන්න පුලුවන් පහලින් ගිහින් රේගිස්ටර් වෙලා කැමති විදියකට professional ඊමේල් ලිපිනයක් හදාගන්න​.


මෙතනින් යන්න​


_______________


මෙතනින් යන්න​

Sunday 27 December 2015

1071.එකවුන්ට් කීපයක මේල් එකකට ගෙන්න ගන්න - Email Forwarding.

එකවුන්ට් කීපයක මේල් එකකට ගෙන්න ගන්න - Email Forwarding.

Image result for Email Forwarding

සාමාන්‍යන් පුද්ගලයෙක්ට ඉමේල් ගිනුම් දෙකක් හෝ ඊට වැඩි ගනන්ක් තිබෙන්න පුලුවන්.පුදිගලික ඊ මේල් ඇඩ්රස් එකකුත් එදිනෙදා පාවිච්චියට වෙනම මේල් එකක් පාවිච්චි කරනවා. එතකොට ඒ මේල් බලන්න එක මේල් එකකින් ලොග් අවුට් වෙලා අනිකට ලොග් වෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් වෙබ් බ්රෝව්සරයක් පාවිච්චි කරන්න ඕනේ.එහෙම නැත්තන් පොඩි ක්‍රමයක් තියෙනවා ඊමේල් ෆොර්වඩ්න්ග් (Forwarding) . ඊමේල් ඇඩ්රස් කීපයක් පාවිච්චි කරන අයට මේ ක්‍රමය ප්‍රොයෝජනවත් වෙයි. 

මේ ක්‍රමය හැම ඊමේල් එකකම වගේ නොමිලේ ලබාදෙන සේවාවක්. කොහොම නමුත් ජීමේල් තවත් ජීමේල් එකකට ඊමේල් ෆොර්වොර්ඩ් කරන විදිය දැනට කියන්නම්.

මෙහෙම හිතමු, අපි ගාව ඊමේල් ඇඩ්රස් දෙකක් තියෙනවා මේවගේ,

1. test@gmail.com 

2. test1@gmail.com

අපිට දැන් ඕනේ test@gmail.com එකට එන ඔක්කොම මේල් ටික test1@gmail.com කියන මේල් ඇඩ්රස් එකට ගෙන්න ගන්න. 
හරි වැඩේ ලේසියි. එහෙනම් පටන් ගමු.

ඉස්සෙල්ලම test@gmail.com එකට ලොගින් වෙන්න. එකෙන් දැති රෝදයක් වගේ තැනින් සෙටින්ග්ස් (Settings) වලට ගිහින් Forwarding and POP/IMAP තෝරාගන්න. 
පහලින් තියෙන පින්තුරේ බලන්න.

(පින්තුර ලොකුකර බැලිමට ඒ මත click කරන්න​?)




ඔතනින් Add a Forwarding Address කියන තැනි ක්ලික් කරන්න. එතකොට පහලින් පෙන්නන පින්තුරේ වගේ එකක් එයි.  



ඔතනට ඊමේල් ගෙන්නගන්න ඕන ඇඩ්රස් එක නැත්නම් test1@gmail.com දාන්න. ඊට පස්සේ "Next" කරන්න. එතකොට කන්ෆර්ම් කරන්න කියයි. 



මෙතනදි ගුගල් සේවය බලාපොරොත්තු වෙන්නේ මේ අදාල ඊමේල් ගිණුම් දෙකම ඔයාට අයිති හෝ ඔයාට ලොගින් වෙන්න පුලුවන්ද කියන එක හොයලා බලන එක විතරයි. 

ඔතනදි කරන්න ඕනේ යටින් තියෙන සේව් බටන් එකෙන් සේව් කරලා,  මේ මේල් එකවුන්ට් එකෙන් ලොග් අවුට් වෙලා test1@gmail.com එකට ලොගින් වෙන්න. එකට ඊමේල් එකක් ඇවිත් තියෙයි. 
ඔකේ තියෙනවා කන්ෆෙර්මේෂන් කෝඩ් එකක්. එක කොපි කරලා අපහු test@gmail.com එකට ලොගින් වෙලා Confirmation Code කියන තැන පේස්ට් කරලා Verify කරන්න.

ඊටපස්සේ Forward a copy of incoming mail to (test1@gmail.com) and Mark Gmail’s Copy as read කියන එක අනිවාර්යෙන්ම තෝරන්න. 

Mark Gmail’s Copy as read :
  
Mark Gmail’s Copy as read කියන ඔප්ෂන් එකකේ කරන්නේ, test@gmail.com මේල් ඇඩ්රස් එකට එන මේල් test1@gmail.com එකට ෆොර්වර්ඩ් උනහම ඒ අදාල ඊමේල් එක "කියෙව්වා" කියලා ලකුණු කරන එක. 

දැන් වැඩේ හරි. යටින්ම තියෙන තියෙන සේව් බටන් එකෙන් සේව් කරලා, test1@gmail.com එකට ලොගින් වෙලා බලන්න.
මේල් දැන් ෆොර්වර්ඩ් වෙන්න ඕනේ.
ඔක්කොම මේල් එන්නේ ඉන්බොක්ස් එකට එකටත් පොඩි වැඩක් තියෙනවා කරන්න. වෙනම ෆෝල්ඩර් එකක් හදලා එකට යන්න හදන්නේ. වැඩේ කරන්න කලින් test@gmail.com එකෙන් ඔයාට ෆොර්වර්ඩ් උන මේල් එකක් හොයාගන්න



මේ පින්තුරේ විදියට ඒ මේල් එක විතරක් ටික් එක දලා තෝරාගන්න. ඊට පස්සේ උඩින් රතු පාටින් කොටුකරලා තියෙන තැනින් Create New තෝරාගන්න. 

පහල පින්තුරේ බලන්න.





ෆොර්වර්ඩ් වෙන මේල් දාන්න වෙනම හදන්න යන ෆෝල්ඩර් එකට කැමති හෝ ගැලපෙන නමක් දාගන්න.  
නම් විතරක් දලා වෙන මුකුත් කරන්නේ නැතුව Create කරන්න. එතකොට ඔයාට ඉන්බොක්ස් එක යටින් ඔයා හදපු ෆෝල්ඩර් එක පෙනෙයි. 

පසුගිය දිනයන්හි අදික කාර්ය බහුලත්වය නිසා අකංඩව ලිපි ලබාදිමට නොහැකි උනා.දැනට එමතත්වය පහවයමින් පවතිනවා ඉදිරියේදි සුපුරුදු පරිදි අලුත්ම දේවල් ගොඩක් සමගින් අලුත් ලිපි දිගටමලබාදිමට පුලුවන් වේවි අපිත් සමග දිගටම රැදෙන්න​...

_____________________

මෙතනින් යන්න​

Thursday 28 May 2015

979.Username, Password ඉල්ලන වෙබ් අඩවි වලට යන්න ලේසි ක්‍රමයක්


Username, Password ඉල්ලන වෙබ් අඩවි වලට යන්න ලේසි ක්‍රමයක්



Image result for sign in
                                             
අපි යන ගොඩක් වෙබ් අඩවි වලට ඇතුළු වෙන්න  Username එකයි Password එකයි ඉල්ලනවා.e-mail දි  දී mail confirm  කර කර account  එකක් හදා ගද්දි  පැය ගාණක් යනවා.


කොහොමද එක පාරම Username එකකුයි Password එකකු යි  හොයා ගන්න පුලුවනන් නම් .පට්ටම ලේසියක් .මේ ඒකටම කියාපු Web site එකක්.



මේ Web site එකට ගිහිල්ල අපිට account එකක් හදා ගන්න ඕන කරන site එකේ web address එක  type කරල search  කලාම 

 අපිට Username ගොඩකුයි Password ගොඩකුයි ඒකෙන් ලබා දෙනවා.


ඒවා අරගෙන අපිට account එකක් හදා ගන්න ඕන කරන site එකට දුන්නම වැඩේ හරි .


පහලින් දාලා තියෙන්නේ ඒ Web site එකේ නම.ගිහිල්ලම බලන්න.


Image result for sign in button



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Wednesday 8 April 2015

941.හදිසියට හොර Email එකක් හදමු

හදිසියට හොර Email එකක් හදමු



ඔන්න ඉතින්  අද කියල දෙන්නේ හොර email  එකක් හදාගන්න විදියක්.සමහර වෙලාවට ඔයාගේ වැඩවලට.net එකේ රවුම් ගහනකො​,net  එකේ හොරවැඩ කරනකො email ලිපිනයක් වුවමනා වෙන්න පුලුවන්නේ ඒත් හැම එකටම ඔයාගේ හරි mailඑක දෙන්න බැනේ අන්න එකට අපිට පුලුවන් මේවගේ හොර email එකක් ලබාගන්න​. හැබැයි මේක වැඩ කරන්නේ විනාඩ් 10 විතරයි.

මෙකේ කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා මෙතනින් යන්න..

මෙය වලංගුවන්නේ මිනිත්තු 10 කි.... මෙම ලිපිනයට යොමු වූ පසු වී ඇත්තේ ඔබට ලැබෙන තාවකාලික 
ඉමේල් ලිපිනයි... පහලින් ඇත්තේ ඔබට අදාල Inbox එකයි.. දැන් මෙතනින් යන්න​




මෙහිදී ලැබෙන කෙටුව තුල ලිපිනයක් ටයිප් කරන්න 
උදා-123@456  ලෙස

ඉන්පසු යන්න go මත click කරන්න 
දැන් ඔබට අදාල ඉමේල් ලිපිනය හා ලැබෙනු ඇත....  ලිපිනය රතු පාටින් දිස්වනු ඇත...  එම ලිපිනය copy කර පුයෝජනයට ගන්න..  .......




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Saturday 22 November 2014

703.Google හා Yahoo එක්වී වඩාත් සුරක්‍ෂිත eMail සේවාවක් ඇරබීමට සැරසෙයි

Google හා Yahoo එක්වී වඩාත් සුරක්‍ෂිත eMail සේවාවක් ඇරබීමට සැරසෙයි



google and yahoo Google හා Yahoo එක්වී වඩාත් සුරක්‍ෂිත eMail සේවාවක් ඇරබීමට සැරසෙයිGoogle සමාගම හා එක්ව සුරක්‍ෂිත email සේවාවක් ලබන වසර වන විට ආරම්බ කිරීමට තමන් සුදානම් වන බව Yahoo සමාගම අනාවරණ කර තිබෙනවා. පරිශීලකයාගේ පරිගණකයේ හෝ mobile device එකේ encryption keys රදවා තබන PGP නම් වන encryption system එකේ සංස්කරණයක් මෙහිදී යොදාගැනෙන බැවින් මෙමෙ ආරක්‍ෂිත විද්‍යුත් 
පණිවුඩ සේවාව තුල කිසිදු හැකර් කෙනෙකුට හෝ අඩුමතරමේ සේවාව සපයන්නන් හටවත් පරිශීලකයින්ගේ විද්‍යුත් පණිවුඩ කියවිය නොහැකි බවයි සමාගම වැඩි දුරටත් සදහන් කර සිටින්නේ. 
PGP encryption තාක්ෂනය අනෙකුත් encryption ක්‍රමවේදයන්ට වඩා වෙනස් බැවින්, එය මෙම email සේවාව සදහා යොදාගැනීමේදී පරිශීලකයින් හට තම මුරපද වෙනස් කල නොහැකි වීම, කෙටි විද්‍යුත් පණිවුඩ පමණක් යැවිය හැකි වීම වැනි බාදක රැසකට Google හා Yahoo සමාගම් දෙකට මුහුණදීමට සිදුවී තිබෙනවා. දැනටමත් මෙම බාදක ජය ගනිම සදහා සමාගම් දෙක එක්ව කටයුතු කරන බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




මෙතනින් යන්න​

Thursday 30 October 2014

659.Gmail වල 2-Step Verification සක්‍රිය කරගන්නා ආකාරය [Video]

Gmail වල 2-Step Verification සක්‍රිය කරගන්නා ආකාරය [Video]

අද  කියලා දෙන්නේ Gmail වල 2-Step Verification සක්‍රිය කරගන්නා ආකාරය. Gmail වල 2-Step Verification සක්‍රිය කරලා තියෙනකොට ඔබේ ගිණුමට කිසිම කෙනක්ට අනවසරයෙන් ඇතුළු වෙන්න බැහැ. ඔබ 2-Step Verification සක්‍රිය කලාට පස්සේ . ඔබේ Gmail Account එකට Log වෙන්න හදන හැම අවස්ථාවේදීම ඔබේ දුරකථනයට පොඩි SMS එකකින් කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක අදාල තැන ගැහුවට පස්සේ තමයි ඔබේ Gmail Account එකට Login වෙන්න පුලුවන් . 

2-Step Verification සක්‍රිය කලාට පස්සේ ඔබේ Gmail Account එකේ Password එක කව්රු හරි දැන ගත්තාත් කිසි අවුලක් නැහැ. කව්රු හරි ඔබේ Password එක ගහලා Gmail Account එකට Login වෙන්න හැදුවට ලොගින් වෙන්න බැහැ ඇයි අර කෝඩ් එක ගහන්නේ කොහොමද මොකද ඔබේ Phone එක තියන්නේ ඔබේ ලගනේ.

2-Step Verification සක්‍රිය කරගන්න ආකාරය දැක්වෙන Video එකක් මම හොයාගත්තා ඔය Video එක බලලා ඔයාට පුලුවන් . 2-Step Verification සක්‍රිය කරගන්න . 








දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 


like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




මෙතනින් යන්න​

Sunday 7 September 2014

590.E mail ඔක්කොම එකපාරට Delete කරන්නේ මෙහෙමයි

E mail ඔක්කොම එකපාරට Delete කරන්නේ මෙහෙමයි

     
          ගොඩක් දෙනෙක්ට තියන ගැටලුවක් තමයි E mail ගිනුම තමන්ට වැඩක් නැති E mail වලින් පිරිලා තියන එක. විශේෂයෙන් Facebook හරහා එන E mail තමයි වැඩි. මොකද Facebook එකේ මොන දේ උනත් E mail එකක් එනවනේ. මේ හේතුව නිසා ගොඩක් අය තමන්ගේ E mail ලිපින භාවිතයෙන් පවැළකිලා ඉන්නවා. හදිස්සියෙන් උවමනාවකට මේල් එක ඉල්ලුවට දෙන්න නෑ. මොකද මේල් එක හොයා ගන්න එක ලේසි නෑ නේ. ගොඩක් අය කරන්නේ තවත් E mail එකවුන්ට් එකක් හදලා ෆේස්බුක් නොටිෆිකේෂන් විදියට එන E mail ඒ එකව්න්ට් එකට හරවන එක. තව E mail එකක් හැදුවට අතින් යන්නේ නෑ නේ. කොහොම උනත් ටික දවසක් යද්දී E mail 20,000ක් 10,000 ක් විතර E mail එකව්න්ට් එකේ ගොඩගැහෙනවා. පොඩ්ඩ පොඩ්ඩ මේක Delete කරන්න  ගියොත් වැඩේට මාස ගානක් යයි. දැන් කියල දෙන්න යන්නේ එක පාරින් ඔක්කොම මේල් ටික කුනු බක්කියට දානන් පුලුවන් විදිය ගැන. වීඩියෝ ටිකක් හොයා ගත්තා මේ වැඩේ කරන හැටි සරලවම තියන. බලන්නකෝ පහලින්.

Gmail ගිනුමේ ඇති සියලු E mail  Delete කරන්නේ මෙහෙමයි.





Yahoo Mail ගිනුමේ ඇති සියලු E mail  Delete කරන්නේ මෙහෙමයි.




Hot Mail ගිනුමේ ඇති සියලු E mail  Delete කරන්නේ මෙහෙමයි.




ඔන්න ඔහොමයිලු වැඩේ කර ගන්නේ...


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



මෙතනින් යන්න​
 
-