Ads 468x60px

home

Showing posts with label INTERNET HELP. Show all posts
Showing posts with label INTERNET HELP. Show all posts

Sunday 31 July 2016

Saturday 23 April 2016

1088.අහල පහල තියෙනේ wifi ටික බලාගමුද...?

අහල පහල තියෙනේ wifi ටික බලාගමුද...?

Software

මෙම Wireless Network Watcher මෘදුකාංගය සමග ඔබගේ wireless network වෙත්ට සම්බන්දවී ඇති සියලුම computers හා devices පිලිබදව තොරතුරු ලබා ගන්නට හැකි වන බවටයි පැවසෙන්නේ. ඒවායේ IP address, MAC address මෙන්ම නිෂ්පාදන ආයතනයන් පිලිබදව තොරතුරු ඒ අතර වනු ඇත. එසේම එම තොරතුරු html/xml/csv/text වැනි ගොනු ආකාරවලට ලබා දෙන්නටද මෙම මෘදුකාංගය ක්‍රියා කරනු ඇත. කුඩා utilityයක් ලෙසට ක්‍රියාත්මක වන මෙය Windows 2000, Windows XP, Windows Server 2003/2008, Windows Vista, Windows 7, and Windows 8 ආදී සියලුම මෙහෙයුම් පද්ධති සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. ඔබ සම්බන්දිතව සිටින wireless network පිලිබදව පමනක් නොව අනෙකුත් wireless network පිලිබදවද තොරතුරු ලබා දෙන්නට සහය වන මෙම මෘදුකංගයේ නවතම සංස්කරනය වෙතට පිවිසෙන්නට පහත දැක්වෙන දිගුව සහය වනු ඇත.

මෙතනින් ගන්න​
Image result for download gif


මේ අපේ යාලුවෝ කිප දෙනෙක් එකතුවෙලා පටන් ගත්ත අලුත් වැඩක් මේකටත් කැමති අය like එකක් දාලා help  එකක් දෙන්න​...



                                                                      -


ජාති


_________________________________________________________________
මෙතනින් යන්න​

Saturday 2 January 2016

1075.වැදගත් ඊමේල් ලිපිනයක් හදාගමු

වැදගත් ඊමේල් ලිපිනයක් හදාගමු

Image result for email
ඊමේල් කියන නම දැන් කාටවත් අලුත් දෙයක් නෙමෙයි.ඔබ වැඩ කරන අයතනයේ ඊමේල ලිපිනය​,ඔබගේ පුද්ගලික ඊමේල් ලිපිනය​,ඔබගේ ෆේක් ඊ මේල් ලිපිනය ඒ සියල්ලම බොහෝ විට ඇත්තේ Gmail, yahoo, Hotmail යන උප නාමයන් ගෙන් අවසන් වන ගිනුම් නේද​.

මේම උප නාමයන් දැන් පොදුවේ භාවිතාවන නිසා නිතර අන්තර්ජාලය තුල සැරිසරන ඔබට එය ගැලපෙන්නේ නැති වෙන්න පුලුවන්. නැතහොත් ඔබට අවශ්‍ය උපනාමය සහිත ඔබගේ ගිනුම මේ වනවිටත් වෙනත් පුද්ගලයෙක් සදාගෙන වෙන්න පුලුවන්,නැතිනම් ඔබගේ වෘතිය අනුව ඔබට මෙම උපනාමයන් නොගැලපෙන්න පුලුවන්.

ඔබ වෛද්‍ය වරයෙක් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@doctor.com

ඔබ ග්‍රැෆික් ඩිසයින් ආශිතවනම් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@graphics.com

සංගිත ආශිතවනම් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@music.com

පරිගනක ආශිතවනම් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@computer.com

ඔබ ඇමරිකාවේ සිටින ලෙස පෙන්වීමටනම් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@usa.com

ඔබා සාමනය්‍ය පුද්ගයෙක් නම් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@mail.com

යානාදි වෘතියන් හා බැදි වැදගත් ඊමේල් ලිපිනයක් දැන් ඔබටත් නොමිලේම හදාගන්න පුලුවන් පහලින් ගිහින් රේගිස්ටර් වෙලා කැමති විදියකට professional ඊමේල් ලිපිනයක් හදාගන්න​.


මෙතනින් යන්න​


_______________


මෙතනින් යන්න​

Wednesday 7 October 2015

1061.online photo comments හදන්න මෙන්න නියම තැනක්

online photo comments හදන්න මෙන්න නියම තැනක්



ෆේස්බුකිය පැත්තට ගියොත් ඉතින් තියෙන්නෙම photo comments. මේ ලිිපියෙන් අරගෙන ආවේ ලේසියෙන්ම photo comments කරන්න පුළුවන් විදියක් ගැන. මේක වෙබ් අඩවියක් ඒ වගේම නොමිලේම තමයි මේ පහසුකම සපයල තියෙන්නේ. පහලින් ඔයාලට ගිහින් ලේසියෙන්ම photo comments හදාගන්න පුළුවන්. ඔන් ලයින් තමයි ඔයාලට වැඩ කරන්න වෙන්නේ ගොඩක්ම ලේසියෙන්  photo comment එකක් ඉතාමත් ඉක්මනින් හදාගන්න පුළුවන්'


____________
මෙතනින් යන්න​

Sunday 6 September 2015

1043.එන්න අපිත් එක්ක ලංකාව වටෙ රවුමක් යන්න​

එන්න අපිත් එක්ක ලංකාව වටෙ රවුමක් යන්න​

Image result for trip


ඔයාලට මතක ඇති අපි මිට කලින් ලිපියකින් ඔයාලා ලෝකේ තියන ලස්සනම් තැන් ටිකකට එක්කගෙන ගියා. 3D Virtual Tour Around the World  කියන සයිට්  එකෙන් ඔයාලා එතන ඉන්න විදියට හරව හරවා බැලුවා  ඒ ලිපිය බලපු නැති අය මෙතනින් බලන්න​.

අද අපි ඔයාලා එක්කගෙන යන්නේ ලංකාවේ ලස්සනම ලස්සන තැන් ටිකක් බලන්න​. ඔයාලට අද අපිත් එක්ක මෙන්න මේ තැන් බලන්න යන්න පුලුවන්.


  • සේරුවිල රජමහ විහාරය​
  • නිස්සංක මල්ල රාජසබා මන්ඩපය
  • ලංකාරාමය​
  • ජේතවනාරාමය​
  • කුට්ටම් පොකුන​
  • අනුරාධපුර යුගයේ මුරගල​
  • මිරිස්ස වැටිය 
  • ජේතවනාරම කෞතුකාගාරය​
  • අනුරාධපුර ථුපාරාමය​
  • අනුරාධපුර සදකඩපහන​
  • අභයගිරි විහාරය​
  • සමාධි බිදුපිලිමය​
  • රුවන්වැලිසෑය​
  • ඉසුරුමුනි විහාරයා
  • කංදේ විහාරය​
  • ගාලු කොටුව​
  • නාගදිප විහාරය​
  • බදුල්ල කදුමුදුනක් 
  • දුන්හිද ඇල්ල​
  • මුතියංගන විහාරය​



මේ සැම තැනක්ම ඔබ එතන සිටින විදියට ඔබට නැරබිය හැක​.මෙහි ඔබට ඇවිදිමටද  පුලුවන්. 

අන්තර්ජාලයේ නවතම තාක්ෂණයක් වන VIRTUAL TOUR වලින් දේශීය හා විදේශීය උරුමයක් වන ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන නැරඹීමට මෙම වෙබ් අඩවියෙන් පුළුවන.දේශීය හා විදේශීය සංචාරකයින්ට පරීක්ක්ෂණ කටයුතු හා අධ්‍යාපනික කටයුතු සදහා වැදගත් වේ.. ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන්,රක්ෂිත , ආගමික සහ ස්තානයන් මෙම තාක්ෂණයෙන් නැරඹීමට ද හැකිවේ.මෙම වැඩසටහන Picture.lk විසින් වාණිජ අරමුණකින් තොරව ක්‍රියාත්මක කරන අතර, ඔබටත්  Picture.lk වෙත තොරතුරු සැපයීමෙන් දායක විය හැකිය

මෙතනින් ගිහින බලන්න​

Image result for click button



____________________________




මෙතනින් යන්න​

Tuesday 25 August 2015

1036.ලොව පුරා ඉතාසිග්‍රයෙන් ජනප්‍රිය වන අලුත්ම වෙබ් බ්‍රවුසරය​

ලොව පුරා ඉතාසිග්‍රයෙන් ජනප්‍රිය වන අලුත්ම වෙබ් බ්‍රවුසරය​

Image result for citrio browser


 අද  ඔයාලට අලුත්ම අලුත් මේ දවස් වල හිට්ම වෙබ් අත්රික්සුව ගැන කියන්නයි යන්නේ (WEB BROWSER). මේක නමින් සිට්‍රියෝ.

 මෙහෙමයි අපි හැමෝම වගේ බ්‍රව්සර් කිව්වොත් ක්‍රෝම් හරි ෆයෆොක්ස් හරිනේ අපි ටිකක් වෙනස් වෙමු නේද දැන් මේ මම අද දෙන බ්‍රව්සර් එක අර දෙකටම වඩා වේගවත්. 

අනික තමයි ආරක්ෂාව අතිනුත් ඉහලයි. මේකත් ක්‍රෝම් වර්ගයේම Browser එකක් නිසා ඇප්ස් එහෙමත් ගොඩාක් තියනවා. මේවට අමතරව මේකේ තියන විශේෂම දේවල් තමයි, මේකත් අන්තර්ජාලයෙ අපේ ආරක්ෂාවට Proxy Manager එකක් තිබීම. මතකනේ අර හොරෙන් Internet යන විදිය. ඒ වගේම    තමයි ඔයාලා Torrents භාගත කරනවානම් ආයේ වෙන වෙන සොෆ්ට් කෑලි ඕනේ නෑ ඒකත් මේකෙන්ම කරන්න පුළුවන්. Torrents Manager. ඒ වගේම වඩා වේගවත් Download Manager එකකුත් තියනවා පට්ටයි නේ. එහෙනම් ඔන්න ඩවුන් කර ගන්නකො.

 මෙතනින් ගිහින් ඩවුන් කර ගන්න. 
Image result for download gif


_______________________



මෙතනින් යන්න​

Saturday 22 August 2015

1034.හැමදාම යන වෙබ්සයිට් ටික එක ලින්ක් එකෙන් ඕපන් කර ගනිමු...

 හැමදාම යන වෙබ්සයිට් ටික එක ලින්ක් එකෙන් ඕපන් කර ගනිමු...


Image result for popular websites
ඔයාලා නෙට් යන්න ඕන වුනාම ටැබ් එක ටැබ් එක ඕපන් කර කර වෙබ්සයිට් වලට යනවා... සමහර වෙබ්සයි හැමදාම පුරුද්දකට වගේ යන ඒවා වෙන්න පුලුවන්.. අන්න ඒවගේ සයිට් හැමදාම ටැබ් අරගෙන ඕපන් කර කර යන්න ගියාම ඒපා වෙනවා... 

ඔන්න ඒකට විසදුමක් තියෙනවා.. පල්ලෙහා සයිට් එකට ගිහිල්ලා ඕපන් වෙන්න ඕන සයිට් ටිකේ URL දෙන්න..
Image result for go button

 ඊට පස්සේ Generate URL කියන එකට ක්ලික් කරන්න.. 


දැන් ඔයගොල්ලොන්ට මේ වගේ ලින්ක් එකක් දෙයි..





 ඒ ලින්ක් එක බුක්මාර්ක් කරගෙන ඕපන් කරාම අර හැම සයිට් එකක්ම ඕපන් වේවී...

_______________



මෙතනින් යන්න​

Friday 21 August 2015

1033.YOUTUBE VIDEO PLAYLIST පිටින්ම DOWNLOAD කරමුද ??

YOUTUBE VIDEO PLAYLIST පිටින්ම DOWNLOAD කරමුද ??

Image result for youtube video playlist downloader

YouTube භාවිතා කරන ගොඩක් දෙනා මුහුණ පාන පොදු ගැටලුවක් තමයි YouTube tutorial වගේ දෙයක් අඩංගු සම්පුර්ණ playlist එකක් download කරගන්නේ කොහොමද කියන එකයි...

විවිධ ක්‍රම තිබුනත් ගොඩක්ම ලේසි පහසුම ක්‍රමයක් තමයි අද  කියලා දෙන්නේ..



ඒ සදහා පහත පියවර අනුගමය කරන්න...




Free YouTube Download කියන software එක download  කරගන්න
                                                     


    Image result for download gif

එය install කරගෙන open කරන්න




YouTube හි ඔබට අවශ්‍ය playlist එකට ගොස් එහි URL එක copy කරගන්න


දැන්  "Free YouTube Download" එකෙහි "PASTE" කියන button එක CLICK කරන්න එවිට පහත පරිදී playlist එකට අදලා සියලුම details ඔබට දැකගත හැකිය



ඔබට මෙහිදී playlist එකහි ඇති මුලු videos ගණන හා total size එක ඔබට download කරගත හැකිය , එමෙන්ම download විය යුතු file type එකද සැකසිය හැකිය....


______________________





මෙතනින් යන්න​

Saturday 15 August 2015

1029.Microsoft .Net Framework Offline Setup Files

Microsoft .Net Framework Offline Setup Files

Microsoft .Net Framework Offline Installers | සත්සයුර - www.sathsayura.com

වින්ඩෝස් පාවිච්චි කරන ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් එක්ක Microsoft .Net Framework නොඑන එක. මේක ඉන්ස්ටෝල් කරල නැත්නම් සමහර ගේම්, සොෆ්ට්වෙයා වැඩ කරන්නෙ නෑ. මේකෙත් සංස්කරණ ගොඩක් තියෙනවා. එයින් 2.0, 3.5, 4.0 වගේ ඒව තමයි ගොඩක් පාවිච්චි වෙන්නෙ. 

ගොඩක් වෙලාවට මේක අපි ඩවුන්ලෝඩ් කරල දාගන්න ඕනා. හැබැයි මේක ඉන්ස්ටෝල් වෙන්න නම් ඉන්ටර්නෙට් කනෙක්ට් කරල තියෙන්න ඕනා. එහෙම තිබ්බත් සමහර වෙලාවට කනෙක්ෂන් එක ස්පීඩ් මදි නම් මගදි ඉන්ස්ටෝල් වෙන එක නවතින්නත් පුළුවන්. ඉතින් ඒකට පිළියමක් තමයි මේ දෙන්න යන්නෙ. 

Offline Installers කිව්වම ගොඩක් අය දන්නවා. දන්නෙ නැති අය ඉන්නව නම් Offline Installers කියන්නෙ කලින් ඩවුන්ලෝඩ් කරල තියාගන්න පුළුවන් ඉන්ටර්නෙට් කනෙක්ට් කරල නොතිබ්බත් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් setup files වලට. Microsoft .Net Framework Offline Installers සේරම මෙතනින් ගන්න පුළුවන්. 

.NET Framework 4.5 Setup
Download 32 bit & 64 bit versions

.NET Framework 4.0 Setup
Download 32 bit & 64 bit versions


NET Framework 3.5 Setup
Download 32 bit & 64 bit Versions

.NET Framework 3.5 Setup Service Pack 1
Download .NET 3.5 Service Pack 1

.NET Framework 2.0 Setup
Download 32 bit version
Download 64 bit version

.NET Framework Client Profile Offline Installer
Download .NET Client Profiler Offline Installer



- -
මෙතනින් යන්න​

Thursday 30 July 2015

1018.Browser Hijacker Virus ඉවත් කරන හැටි

Browser Hijacker Virus ඉවත් කරන හැටි

Image result for Browser Hijacker Virus


Web browser එකට සම්බන්ධ වී ක්‍රියාත්මක වන නොයෙකුත් වර්ගයේ malware වැඩසටහන් දැන් පැතිරෙමින් තිබේ. Browser hijacker කියා හදුන්වන්නේ මේවායි. නොමිලේ දෙන පරිගණක ක්‍රීඩා සහ ඇතැම් software download කරන විට හෝ update කරන විට මෙම browser hijacker වැඩසටහන් web browser එක සමග බැදේ.

මේවා web browser එකට සම්බන්ධ වූ විට, අප search කරන දේවල් සොයන්නට විවෘත වෙන්නේ අපි කවදාවත් බාවිතා කළ සුපුරුදු search engine එකෙන් නොව malware වෙතින් සපයන අමුතු නම් ඇති web පිටුවකි. මේවා පෙනුම අතින් උසස් වැඩසටහන් දෙන ඒවා මෙනි. එවිට ඉන් search කරන්නට නිතැතින්ම පෙළබේ. මෙසේ මෙම search engine එක භාවිතා කර යම් දෙයක් සොයා ගත් විට ඊට සම්බන්ධ මාතෘකා දැක්වෙන විවිධ දැන්වීම් එයි. එමෙන්ම අලුත් ටූල් බාර් එකක්ද web browser එක මත පෙන්වයි.


මෙම malware ඇති web browser එකක් හරහා අන්තර්ජාලයෙන් අප සොයා බලන දේ ගැන තොරතුරු malware නිපදවුවන්ට ලබා දෙයි. මෙවැනි browser hijacker  වැඩසටහන් anti virus වැඩසටහන් වලට පවා සමහරවිට හසු නොවේ. එසේම වෙනත් browser plugin වැඩසටහන් මෙන් uninstall කිරීමටත් සමහර විට නොහැකි වේ. එනිසා මේවා පරිගණකයෙන් ඉවත් කළ යුත්තේ අප විසින්මය.

මේවා ඉවත් කිරීමට මුලින්ම web browser එකේ options වෙත පිවිසිය යුතුය. දැන් එහි ඇති home page ටැබ් එක තුලින් home page එක ලෙස www.google.lk වැනි සාමාන්‍ය search engine එකක් ලබා දිය යුතුය. එමෙන්ම web browser එක තුල url සටහන්ව ඇති තැන් සොයා ඒ තැන්වල ඇති අප නොදන්නා url මකා ඉවත් කළ යුතුය. එමෙන්ම add-ons තුලින් තේරී ඇති plugin අතරින් ටුල් බාර් plugin සියල්ල ඉවත් කළ යුතුය.


දැන් malware එක නැවත activate වීම නතර කළ යුතුය. 

1. මෙය කිරීමට windows key + R යතුරු ඔබන්න. 

2. ඉන් පසුව run ඩයලොග් box එක විවෘත වේ. එහි "msconfig" ලෙස type කර ok කරන්න. 

3. මෙවිට msconfig box එක විවෘත වෙයි. එහි ඇති start up ටැග් එක select කරන්න. 


මෙහෙයුම් පද්ධතියට ප්‍රවේශ වූ විට ඉබේම ක්‍රියාත්මක වන සියලු file මේ තුල පෙන්වයි. ඒවා අතරින් නිශ්චිතව හදුනා ගත නොහැකි වැඩසටහන් තෝරා disable කළ යුතුය. 



Windows 8 හිදී නම් start up ටැග් එක select කළ පසුව task manager වෙත යොමු වෙයි. ඒ තුලින් අනවශ්‍ය වැඩසටහන් disable කළ යුතුය.






මීලගට command prompt එකට පිවිසිය යුතුය. මේ සදහා පෙර පරිදිම windows key + R යතුරු ඔබන්න. ඉන් පසු cmd ලෙස type කර ok කරන්න. දැන් command prompt එක වෙතට පිවිසෙයි.

1. මුලින්ම ඒ තුල "del %temp%\*.exe /s /q" යන විධානය ලබාදෙන්න. එවිට temp folder එක තුල ඇති සියලු exe file මැකී යයි. එවැනි file නැත්තම් ඒ බව කියන පණිවිඩයක් පෙන්වයි. සාමාන්‍යයෙන් මෙතන වැදගත් exe file නැති බැවින් දෝෂයක් ඇති වන්නේ නැත.

2. ඉන් පසු කලින් විධානය දුන් ලෙසම "del %temp%\*.dll /s /q" යන විධානය ලබාදී temp folder එක තුල ඇති සියලු dll file ද මකා දැමිය යුතුය. එවැනි file නැත්තම් ඒ බව කියන පණිවිඩයක් පෙන්වයි.



දැන් පරිගණකය restart කරන්න. එවිට සියලු malware ඉවත්ව තිබෙනු පෙනේවි. 


- -
මෙතනින් යන්න​

Tuesday 28 July 2015

1016.ඔබගේ Internet Account Hack කරලා, ඔබට කරගන්න දෙයක් නැද්ද ?

ඔබගේ Internet Account Hack කරලා, ඔබට කරගන්න දෙයක් නැද්ද ?

Image result for Internet Account Hack

Facebook හා වෙනත් Social Networks සම්බන්දයෙන් හෝ Internet එකේදි ඔබට අකටයුත්තක් සිදුවී ඇත්නම් වහාම ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට  පැමිණිලි කරන්න.

The Sri Lanka Computer Emergency Readiness Team | Coordination Centre (Sri Lanka CERT|CC)



උදාහරණ ලෙස..


  • ඔබගේ නමින් වෙනත් Facebook Account එකක් ඇත්නම්,
  • ඔබගේ Facebook Account එක Hack කරලා කියලා දැනෙනවනම්,
  • ඔබගේ Email එක Hack කරලා කියලා දැනෙනවනම්,


ආදි දේවල් සහ ඔබට සිදුවී ඇති අකටයුතු සම්බන්දයෙන් පැමිණිලි කරන්න.

ඒ වගේම මම ඔබට කිවයුතු කරණා කීපයක් ඇත. මේ කාරණා ඔබට කියන්නේ මෙවැනි දේවල් වලින් ආරක්ෂාවීමටයි.


  • ඔබ කිසිම කෙනෙකුට ඔබගේ Password එක දෙන්න එපා. (අඩුම තරමේ හොදම යාළුවට,අම්මට තාත්තටවත්)
  • නොදන්නා Facebook apps Install කරගන්න එපා.
  • ඔබගේ Phone Number එක Facebook එකේ දාන්න එපා.
  • Facebook එකේ තිබෙන Security Option ක්‍රියාත්මක කරන්න.
  • ඔබ නොදන්නා කිසිම කෙනෙක් එක්ක වැඩිය කතාවට යන්න එපා.
  • ඒවගේම මේ කරුණ තමයි බෝහෝම වැදගත්.ඒ තමයි කවුරුහරි ඔබ Online ඉන්නවිට ඔබත් එක්ක Chat කරන්න *ඇවිත් ඔබට Link එකක් දුන්නෝත් "ඔයා මේකට ගිහිල්ලා Facebook Account එකෙන් Log වෙන්නකෝ" කියලා. කවදාවත් ඒ වැඩේ කරන්න එපා. මොකද ඔයා බැරිවෙලාවත් ඒ Link එකට ගිහිල්ලා Log වුනොත්, මෙයා Hacker කෙනෙක්නම් ඔයාගේ Facebook Password එක මෙයාට හොයාගන්න පුළුවන් වෙනවා.



මේ ආකාරයට ඔබව අපහසුතාවයට පත්වෙන ඕනෑම කටයුත්තකදි පහතින් දක්වා ඇති ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි කරන්න. ඒවගේම මෙවැනි දේවල් ආයේ නොවෙන්නත් වගබලාගන්න ඕන.

මේ පැමිණිලි පිලිබදව ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ,අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව හා සම්බන්දවයි වැඩ කරන්නේ. ඒ නිසා මෙවැනි හොරු අහුවුනොත් දෙන දඩුවම ගැන අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවයි තීරණය කරන්නේ.


Address : Room 2-119A, BMICH, Bauddhaloka 
Mawatha,Colombo 07, Sri Lanka

Tel : +94 11 269 1692
+94 11 269 1064
+94 11 267 9888

Fax : +94 11 269 1064

E-Mail : slcert@cert.gov.lk

Web Site : Sri Lanka CERT|CC

- -
මෙතනින් යන්න​

Wednesday 22 July 2015

1010.ඔයාගේ "Internet Bandwidth" එක 30% න් වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි...

ඔයාගේ "Internet Bandwidth" එක 30% න් වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි... 

Image result for Internet Bandwidth
            කවුද අකමැති තමන්ගේ අන්තර්ජාල වේගය පොඩ්ඩක් හරි වැඩි කරගන්න. අද කියලා දෙන්න යන්නේ ඔයාලගේ "Internet Bandwidth" එක, 30% න් වැඩිකරගන්නේ කොහොමද කියලා. මේ වැඩේ කරන්නේ "Windows" මෙහෙයුම් පද්ධති සඳහා. ගොඩක් අය දන්නවත් ඇති. දන්නේ නැති අය දැනගන්න. හැමදේටම කලින් දැනට ඔයාගේ "Internet Speed" එකේ තත්වය බලාගෙන ඉමු. නැත්නම් ඉතින් මේ කරන වැඩේ තේරුමක් නෑනේ. මෙන්න මේ වෙබ් අඩවියට ගිහින් දැනට ඔයාගේ තියෙන අන්තර්ජාල වේගය බලාගන්න.

            හරි. දැන් වැඩේට බහිමු. Windows + r ඔන්න ඔය යතුරු දෙක තද කරලා, වින්ඩොස් "Run" විවෘත කරගන්න. දැන් ඒකේ gpedit.msc කියලා ටයිප් කරලා, Enter යතුර තද කරන්න. දැන් "Local Group Policy Editor" නමින් වින්ඩෝ එකක් විවෘත වෙයි. දැන් මම පහළින් දාලා තියෙන පියවර නිවැරදිව අනුගමනය කරලා, "Limit reservable bandwith" කියන වින්ඩෝ එක විවෘත කරගන්න.

Local Computer Policy >Computer Configuration >Administrative Templates >Network >QOS Packet Scheduler >Limit Reservable Bandwidth >





දැන් මෙහි "enable" යන්න තෝරන්න. ඔයාලට දැන් පේනවා ඇති මෙහි "options" යටතේ "bandwidth limit" යන්න සහිත කොටුවක්. ඒකේ තියෙන්නේ 20% කියලා. ඔයාලා ඒක 0% දක්වා අඩු කර ගන්න. දැන් "Apply" කර "OK" කරන්න. මෙම ක්‍රියාවලිය නිවැරදිව සිදුකළේ නම් ඔයාගේ අන්තර්ජාල කලාප පළල (Internet Bandwidth) 20% න් වැඩි වෙනවා.

 ඒත් මදි වගේ නේද?.. මොකද කියන්නේ, තව 10% ක් වැඩි කරගමුද?.. හේ හේ.. මෙහෙමයි ඒක කරන්නේ. ඔයාලා අන්තර්ජාලයට පිවිසෙන්න භාවිතා කරන මොඩමයේ "Properties" කියන සංවාද කොටුව විවෘත කරගන්න. ඒක හරිම ලේසියි මෙන්න මේ විදියට කළොත්.



Start >
Control Panel >
Network and Internet > Network and Sharing Center >Connect to a network


ඉහත පියවර අනුපිළිවෙලින් අනුගමනය කර ඔබේ මොඩමය තෝරා එය රයිට් ක්ලික් කර "Properties" යන්න ක්ලික් කරන්න. දැන් විවෘත වන වින්ඩෝවෙහි "Configure" යන්න ක්ලික් කරන්න. දැන් "Modem configuration" නම් වින්ඩෝව විවෘත වේ. මෙහි "Hardware features" යන්නෙහි ඇති සියලුම "tick marks" ඉවත් කරන්න. ඊටපස්සේ "OK" කරලා ඔයාගේ අන්තර්ජාල සම්බන්ධතාවය නැවත ආරම්භ කරන්න.

 මතක ඇතුව මෙන්න මේ වෙබ් අඩවියට ගිහින් ඇත්තටම මේ වැඩේ හරිගිහින්ද කියලත් බලන්න.. එහෙනම් ජයම වේවා...!

- -
මෙතනින් යන්න​

Wednesday 15 July 2015

1006.µTorrent , BitTorrent වල තියන Ads Bar එක 1 Click අයින් කරමු.

µTorrent , BitTorrent වල තියන Ads Bar එක 1 Click අයින් කරමු.


Image result for µTorrent , BitTorrent ADD



පොඩි Trick එකක් ගෙනාවා. අපි හැමෝම Torrent Download කරනවනේ. ඉතින් ගොඩ දෙනෙක් Torrent Download කරන්න බාවිතා කරන්නේ µTorrent හෝ BitTorrent  මෘදුකාංගයනේ.

ඉතින් පාවිච්චි කරන කට්ටිය දන්නවා ඇතිනේ මේ  අලුත් µTorrent , BitTorrent Version වල තියන  කරදර Ads Bar දෙකක් තියනවා. ඉතින් අද කියන්න යන්නේ කොහොමද මේ µTorrent හෝ  BitTorrent මෘදුකාංගයේ තියන Ads Bar එක Disable කරගන්නේ කියලා.
මේ ක්‍රමයේදි වෙනදා කරනවා වගේ Option >> Preferences >> Advanced ගිහින් Setting හද හද ඉන්න අවශ්‍ය නෑ. දෙන සයිට් එකට ගිහින් 1 Click එකක් දෙන්නකෝ. මේක වෙන්නේ JavaScript එකක් හරහා.



මේ තියෙන්නේ කරදර  Ad Bar එක.






මෙන්න මේ සයිට් එකට යන්න.

Image result for go button


Sorry mac users, windows only
 Pimp my uTorrent literally requires just one click to disable the ads on Windows clients. There is nothing to install as the page uses JavaScript to communicate with uTorrent. 

 ගිහිල්ලා  " PimpMyuTorrent " කියන Button එක ක්ලික් කරන්න.




ක්ලික් කරලා මෙන්න මේ වගේ msg එකක් එයි Bit Torrent එක Access කරන්නද කියලා ඒක " Yes " කරන්න.




Yes කරලා ඉවරවෙලා  µTorrent , BitTorrent එක Taskbar එකෙන් Exit කරලා නැවත Torrent Software එක  Open කරගන්න.

Now shut down µTorrent (right click the tray icon and select exit), restart it and enjoy your pimped µTorrent!









Restart කරලා බලන්නකෝ Ad Bar ටික තියනවද කියලා.








- -
මෙතනින් යන්න​
 
-