Ads 468x60px

home

Showing posts with label මුහුනු පොතේ වැඩ කැලි. Show all posts
Showing posts with label මුහුනු පොතේ වැඩ කැලි. Show all posts

Thursday 13 November 2014

683.FB Account එක බැකප් කරමු


FB Account එක බැකප් කරමු


FB Account එක බැකප් කරමු කිව්වම වෙන්න මොකද්ද කියල හිතාගන්න පුළුවන් නේ. අපේ facebook account එකේ අපිට ගොඩක් වැදගත් වෙන දේවල් තියනවා.. ඉතින් හදිස්සියේ හරි අපේ account එකට මොනවා හරි උනොත්.. එකට මොකද්ද කරන්නේ... 


 අන්න එක නිසා තමය් අපි බැකප් අරගෙන තියාගන්නේ. එහෙනං අපි බලමු බැකප් ගන්නේ කොහොමද කියල.

 මුලින්ම ඔයා ඔයාගේ facebook account එකට ලොග් වෙන්න

ඊට පස්සේ ඔයා ඔයාගේ account එකේ account setting වලට යන්න

 මේ පහල ඊතල දාල පෙන්නලා තියන තැන තියන download copy කියන එක click කරන්න


 ඊට පස්සේ එනවා Download Your Information පේජ් එක. 

 ඊට පස්සේ ඒකෙ තියන Download archive කියන එක ඔබන්න.ඩවුන්ලෝඩ් ලින්ක් එක යටින් තියනවා දළ වශයෙන් සයිස් එක.සාමාන්‍යයෙන් 350 MB වගේ.

හරි එහෙනං, ඔයාල මේක කරපු ගමන් මේක dowanload වෙන්නේ නැ.මේක කරලා ටික වෙලාවකට පස්සේ ඔයාගේ email එකට download ලින්ක් එක යනවා. ඔයාලට එතනින් බැකප් එක download කරගන්න පුළුවන්.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 



like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Wednesday 5 November 2014

668.facebook friend ල ඔක්කොම එකපාර unfriend කරන ක්‍රමේ

facebook friend ල ඔක්කොම එකපාර unfriend කරන ක්‍රමේ

හරි දැන් බලමු facebook එකේ යාලුවෝ ඔක්කොම එක පාර unfriend කරන්නේ කොහොමද kiyala.. මේක කරන්න තියෙන්නේ cansol වලින්



ඔයා මුලින්ම ඔයාගේ එකව්න්ට් එකේ frined list එකට යන්න. ගිහිල්ල F12  key එක ඔබන්න. ඊට පස්සේ එන තැනට මේ පහල  තියන code එක copy කරලා past කරන්න.. ඊට පස්සේ enter කරන්න වැඩේ හරි.

ඔයාට යාලුවෝ නැති වෙනවා 
 මෙන්න code එක  

නිකරුනේ කිරිමෙන් වලකින්න 


javascript:for( i = 1;i<document.getElementsByName("actions[accept]").length;i++){document.getElementsByName("actions[accept]")[i].click();}void(0);





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Saturday 11 October 2014

635.Facebook ගිනුම සුරක්ෂිත කරගනිමු

Facebook ගිනුම සුරක්ෂිත කරගනිමු



අද වනවිට පරිගනක භාවිතා කරන පුද්ගලයින් අතරින් බොහෝ පිරිසක් Facebook සමාජ ජාල වෙබ් අඩවිය සමග සම්බන්ඳ වී සිටී. නමුත් ඔවුන් බොහෝ දෙනෙක් තම පෞද්ගලික තොරතුරු අනවශ්‍ය පුද්ගලයින් අතට පත් වීම වැනි අපහසුතාවයන්ට ලක්වන අතර තම Facebook ගිනුම වෙනත් පුද්ගලයින්ගේ පරිපාලනයට නතු වීම (Hack) වැනි ගැටළුකාරී අවස්ථාවන්ට මුහුනදීමට සිදුවේ.


මෙවන් අපහසුතාවයන්ට පත්වීමට බොහෝවිට හේතු වන්නේ Facebook වෙබ් අඩවිය තුල ඇති දෝෂ නොව තම Facebook ගිනුම තුල නිවැරදි ආරක්ෂක උපක්‍රම භාවිතා නොකිරීමයි.


ඔබේ Facebook ගිනුමේ ආරක්ෂාව ඉහල නංවාගැනීම සඳහා අනුගමනය කළහැකි සරළ උපක්‍රමයන් කිහිපයක් මෙම ලිපියෙන් සලකා බලමු.


ප්‍රධාන වශයෙන් මෙවන් ගැටළුකාරී තත්වයන් ඇතිකිරීමට හේතුවන තර්ජන (Threats) කිහිපයක් හඳුනගතහැක.
  •     Adware
  •      Malware
  •      Phishing

මේවා අතරින් Adware යනු අනවශ්‍ය ලෙස pop-up ආකාරයේ කවුළු මතු කරමින් විවිධ සබැඳුම් (links) වෙත අප යොමු කිරීමට උත්සහ දරන වෙළඳ දැන්වීම් ආකාරයේ වැඩසටහන් ය. AdBlock Plus නම් කුඩා extention එක ඔබේ web browser එක තුලට ස්ථාපනය කරගැනීමෙන් මෙවන් කරදරකාරී වැඩසටහන් වල ප්‍රවේශය අවහිර කිරීමට හැකියාව ලැබේ.


adblockplus.org වෙබ් අඩවියෙන් ඔබට මෙම extention එක නොමිලයේම භාගත කරගතහැකි අතර මෙය සම්පූර්ණයෙන්ම “නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංගයකි” (Free and Open Source)


නමුත් මෙම මෘදුකාංගය සහ දක්වන්නේ Mozilla Firefox, Google Chrome සහ Opera යන web browser සඳහා පමණි.


Malware යනු විවිධ හානිකර සබැඳුම් (links) වෙත අප රැගෙන යාමට උත්සහ දරන තවත් උපක්‍රමශීලී වැඩසටහන් විශෙෂයක් ය. විශේෂයෙන් විවිධ ජනප්‍රිය චරිත වල අසභ්‍ය වීඩියෝ දර්ශන වැනි දේවල් නැරඹිම සඳහා මෙම වැඩසටහන් ඔබට ආරාධනා කරනු ඇත. බොහෝ විට ඔබේ මිතුරෙකු විසින් share කරන ලද post එකක් ලෙස ඔබට මෙම වැඩසටහන් දිස් වන අතර එසේ වන්නේ ඔබේ අදාල මිතුරා ද මෙම හනිකර වැඩසටනේ ගොදුරක් වූ පසුවය.


මෙවන් වැඩසටහන් වලින් සිදුවන හානිය වලක්වාගැනීමට නම් ඔබ ඉතා සිහි නුවනින් කටයුතු කලයුතු අතර ඔබේ මිතුරෙකු මෙවන් වැඩසටහනකට ගොදුරු වී ඇති බව ඔබ සිතන්නේ නම් වහාම එ පිළිබඳව ඔහු දැනුවත් කිරීම මෙම අනතුර පැතිර යාම අවම කරගැනීමට බොහෝ සෙයින් උපකාරී වේ.


ඔබ දැනටමත් Malware වැඩසටහනකට ගොදුරු වී ඇතැයි ඔබට හැඟෙන්නේ නම් වහාම ඔබේ Facebook මුර පදය (password) මාරු කිරීමට පියවර ගන්න. හොඳ ප්‍රති වෛරස් මෘදුකාංගයකින් ඔබේ පරිගනකය scan කිරීම හා භාවිතා කරන web borwser මෘදුකාංග සියල්ල යාවත්කාලීන කීරීම(update) මගින් මෙම අවධානම අවම කරගතහැක.

හැකි සෑම විටම Mozilla Firefox, Google Chrome වැනි ආරක්ෂාව ඉහල web browser එකක් භාවිතා කිරීමට උත්සහ කරන්න.


Phishing යනු ඔබේ facebook ගිනුම අනතුරට පත්වීයහැකි තවත් ආකාරයකි. මෙහිදී ඇතැම් පුද්ගලයන් facebook වෙබ් අඩවීයේ අතුරු මුහුනතට (interface) ඉතා සමීප වෙනත් වෙබ් අඩවියක් නිර්මාණය කරන අතර ඔබ වැරදීමකින් මෙවන් වෙබ් අඩවියක් වෙත ඔබේ රහස් තොරතුරු ලබා දිමක් සිදු කලහොත් එම තොරතුරු වෙනත් පුද්ගලයෙකු අතට පත්වේ.


ඔබ facebook වෙත log වෙන සෑම අවස්ථාවකම ඔබේ web browser මෘදුකාංගයේ address bar තුල www.facebook.com යන වෙබ් ලිපිනයම ඇතිදැයි දෙවරක් පරීක්ෂා කර බලන්න.


ඔබගේ facebook user name සහ password වෙනත් කිසිම වෙබ් අඩවියකට ලබාදෙන්න එපා. විශ්වාසවන්ත භාවයක් නොමැති chat මෘදුකාංග වලින් facebook තුලට log වීමට උත්සහ දරන්න එපා.


කිසි විටෙකත් facebook වෙතින් ඔබේ මුරපදය ලබාදෙන ලෙස e-mail හෝ SMS පණිවිඩ හරහා ඉල්ලීම් කරන්නෙ නැහැ. එවන් උගුල් වලට රැවටෙන්න එපා!


මෙමගින් ඔබගේ facebook ගිනුම Phishing ප්‍රහාරයකින් වලක්වාගතහැක.


ඔබගේ මිතුරෙකු මෙවන් අවාසනාවන්ත තත්වයකට පත්වී ඇතැයි ඔබ සිතන්නේ නම් වහාම ඔහු ඒ පිළිබඳ දැනුවත් කරන්න.


ඔබ මෙවන් ප්‍රහාරයකට ලක්වී ඇතැයි ඔබට සිතෙන්නේ නම් වහාම ඔබේ facebook මුර පදය (password) මාරු කරන්න. Facebook සඳහා යොදා ඇති e-mail ලිපිනයේ ද මුර පදය (password) මාරු කිරීම වඩාත් සුදුසුයි.


සුරක්ෂිතව සිටින්නට තවත් සරළ පියවරයන් කිහිපයක්


  • ශක්තිමත් මුර පදයක් (password) යොදන්න. මේ සඳහා අකුරු, ඉලක්කම්, සංකේත සියල්ල මිශ්‍ර වූ අකුරු 8ක් පමණ වත් දිගු මුරපදයක් යොදාගන්න.
  •  ඔබ facebook වෙත ලබා දී ඇති e-mail ගිනුම් සඳහාද මෙම පියවර අනුගමනය කරන්න.
  • ඔබ facebook ගිනුම සෑදීමට යොදාගත් e-mail ලිපිනය profile එක තුල දර්ශයන කරන එපා. ඒ සඳහා වෙනත් ලිපිනයක් හෝ facebook වෙතින් ලබාදෙන විකල්ප ලිපිනයක් (alternative address) භාවිතා කරන්න.
  •  සාමූහිකව භාවිතා කරන පරිගනකයක් භාවිතා කරන්නේනම් සැමවිට log out වීමට මතක තබාගන්න.
  •  ඔබේ පරිගනකයේ හොඳ ප්‍රති වෛරස් මෘදුකාංගයක් ස්ථාපනය කරගන්න          


ඉහත ක්‍රමවේදයන්ට අමතරව තවත් විශේෂිත වූ ආරක්ෂක උපක්‍රමයන් රැසක facebook තුලින් ඔබ වෙත ලබා දී තිබේ. එම උපක්‍රම වලින් වඩා වැදගත් ආරක්ෂක උපක්‍රම කිහිපයක් පිළිබඳ සලකා බලමු.


මේ සඳහා ඔබගේ facebook ගිනුමෙහි ආරක්ෂක සැකසුම් පිටුව වෙත පිවිසියයුතු අතර ඒ සඳහා පහත පියවට අනුගමනය කරන්න.


ඔබේ profile එකෙහි ඉහල දකුණු කෙළවරෙහි ඇති කුඩා දැතිරෝද සලකුන click කරන්න. දැන් ලැබෙන කුඩා මෙනුවෙන් account settings තොරන්න. ඉන් පසු විවෘත වන වෙබ් පිටුවෙහි වම් පස ඇති security උප මෙනුව මත click කරන්න. දැන් ඔබගේ facebook ආරක්ෂක සැකසුම් වෙබ් පිටුව විවෘත වේ


මෙම පිටුව තුල ඉතා වැදගත් ආරක්ෂක සැකසුම් කිහිපයක් අන්තර්ගත වන අතර එහි මුලින්ම දැකගත්හැක්කේ Secure Browsing යන සැකසුමයි. එය ඉදිරියේ ඇති edit මත click කිරීමෙන් මෙම සැකසුම තුලට පිවිසියහැකි අතර එහිදී දිස්වන දිස්වන Browse Facebook on a secure connection (https) when possibe නැමති check box එක check කිරීමෙන් මෙම සැකසුම ක්‍රියාත්මක කරගතහැක.


මෙමගින් ඔබ හා facebook සේවාදායක (server) පරිගනක අතර සිදුවන දත්ත හුවමාරුවට ගුප්ත කේතන ක්‍රමයක් (encryption) යොදන අතර සන්නිවේදන මාධ්‍ය තුලදී දත්ත සොරකමක් සිදු වුවත් එය ලබාගත් තැනැත්තා හට එම දත්ත කියවිය නොහැකි වේ.

මීලඟ සැකසුම Logging notification යන්නයි. මෙමගින් නාඳුනන පරිගනකයකින් ඔබේ facebook ගිනුමට log වීමක් සිදු වුවහොත් ඒ පිළිබඳ දැනුවත් කිරීමේ කෙටි පණිවිඩයක් (SMS) සහ e-mail ලිපියක් ඔබට ලැබේ.

තෙවන සැකසුම වන්නේ Logging approvals ය. මෙය Logging notification හි ම ඉදිරි පියවරක් වන අතර මෙමගින් ඔබ වෙත ඉහත ආකාරයේ පණිවිඩයකට අමතරව රහස් කේතයක් ලබා දේ. නව පරිගනකයකින් ඔබේ facebook ගිනුමට පිවිසෙන සෑම අවස්ථාවකම ඔබේ දුරකතනය වෙත ලැබෙන මෙම කේතය ඇතුලත් කලයුතු අතර එය නොමැතිව log වීමට ඉඩ ලබා නොදේ. මෙම කේතය එක් වරක් ලබා දී log වූ පසු ඔබට එම පරිගනකය  save කළහැකි අතර එසේ කළ පසු ඉදිරියේදී එයින් log වනවිට මෙවන් කේතය අවශ්‍ය නොවේ.


Security settings පිටුවේ පහල Recognized Devices යනුවෙන් දැක්වෙන්නේ මෙසේ Logging approval එකකින් තොරව log වීමට ඔබ විසින් වරප්‍රසාද ලබාදී ඇති පරිගනකයන් ය. ඔබේ අභිමතය පරිදි එම වරප්‍රසාද ඉවත් කිරීමේ පූර්ණ බලතල ඔබට ඇත.




මීලඟ වැදගත්ම ආරක්ෂක සැකසුම වන්නේ Activity Sessions ය. මෙම සැකසුම තුලට පිවිසීම මගින් ඔබට ඔබේ facebook ගිනුමට මේ වනවිට log වී තිබෙන සහ ආසන්න කාලයේදී log වන ලද උපකරණ, දිනය, වේලාව සහ දළ වශයෙන් ස්ථානය පිළිබඳ තොරතුරු දැකබලාගත හැක. ඔබ නාඳුනන උපකරණයකින් ඔබේ ගිනුම පරිහරණය කර ඇති බවක් ඔබට දැකගන්නට ලැබුනොත් ඒ මොහොතේම අදාල උපකරණයේ විස්තර ඉදිරියෙන් ඇති End activity මත click කරන්න. එවිට ක්ෂණිකවම එම උපකරණය ඔබේ ගිනුමෙන් log out වේ.ඉන් පසු ඔබගේ ගිනුමේ මුර පදය මාරුකරගැනීමෙන් එවැන්නක් යලි සිදුවීම වලක්වාගත්හැක.




අවසාන වශයෙන් මේ සියළු සැකසුම් වලට අමතරව Trusted Contacts සැකසුම වෙත ඔබේ අවධානය යොමු කළයුතු වේ. මෙම සැකසුම වෙත පිවිසි ඔබට facebook තුල ඔබට ඉතා විශ්වාසවන්ත සහ සමීප මිතුරන් 5 දෙනෙක් දක්වා තෝරාගතහැකි අතර ඔබ තෝරාගත යුත්තේ සැබෑ ජීවිතයේදීද ඔබ හොඳින් දන්නා ඔබට සමීප, පහසුවෙන් හමුවියහැකි මිතුරන් ය.


එලෙස මිතුරන් 5 දෙනෙක් දක්වා තෝරාගතහැකි අතර යම් හෙයකින් ඔබගේ facebook මුර පදය ඔබට අමතක වී ඔබේ e-mail ගිනුම හරහා ද එය reset කරගැනීමට නොහැකි අවස්ථාවක ඇති වුවහොත් මෙම මිතුරන් හරහා facebook වෙත සම්බන්ඳ වී ඔබගේ ගැටළුවට විසඳුමක් ලබාගතහැක.


කෙසේ වෙතත් මෙම මිතුරු ලැයිස්තුවද ඔබට අවශ්‍ය පරිදි යලි වෙනස් කිරීමේ සම්පූර්ණ බලතල ඔබ වෙත පැවරී ඇත.





මෙම සියළු ආරක්ෂක පියවරයන් අනුගමනය කර අවසානයේදී තවමත් ඔබේ facebook ගිනුමට සතුරු තර්ජනයක් එල්ල වීමේ අවධානම 100% ඉවත් වී නැහැ. බොහෝ facebook ගිනුම් සඳහා බලපෑම් කරන පුද්ගලයන් ඊට කලකට පෙර අදාල ගිනුමේ හිමිකරු සමග facebook තුලින්ම මිත්‍රත්වයක් ගොඩනගාගන්නා අතර ඔහුගේ පෞද්ගලික තොරතුරු ඔහුගෙන්ම ලබාගනී.


ඒ නිසා අවසාන වශයෙන් නොදන්නා මිතුරන් අනවශ්‍ය ලෙස add කරගන්න යන්න එපා. ඔබට එවන් නාඳුනන පුද්ගලයන් ගෙන් friend request ලැබුනත් ඒ සඳහා ප්‍රතිචාර දක්වන්න යන්නත් එපා. සැම විට ඉතාමත් සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න. නොදන්නා යමක් ඇතොත් දන්නා අයෙකුගෙන් විමසා දැනගැනීමට පසුබට වෙන්න එපා. එවන් තාක්ෂණික ගැටළු වලට විසඳුම් සොයාගන්න පුළුවන් facebook group, blog වැනි මූලාශ්‍ර බොහොමයක් ඔබට උදව් කරන්න මග බලන් ඉන්න බව මතක තියාගන්න.


ඔබට facebook පිළිබඳව ඇතිවන නොයොකුත් ආකාරයේ ගැටළු සඳහා විසඳුම් සොයාගන්න මෙම මූලාශ්‍ර ප්‍රයෝජනයට ගන්න පුළුවන්.


https://www.facebook.com/help/

https://www.facebook.com/security



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Wednesday 1 October 2014

622.Facebook එකේ අනවශ්‍ය දෑ කුණු බක්කියට

Facebook එකේ අනවශ්‍ය දෑ කුණු බක්කියට



 කොහොමද ෆේස්බුක් එකේ හෝම් පේජ් එකේ වැටෙන අනවශ්‍ය දේවල් අයින් කරන්නේ කියලා. මේක වෙන්නේ ගූගල් ක්‍රෝම් එකේ ඇඩෝන් එකකින්.
 වැඩිය විස්තර එතනින්ම ඔයගොල්ලන්ට බලාගන්න පුලුවන්... 
ඔන්න එහෙනම් ඒක මෙතනින් බාගන්න.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




මෙතනින් යන්න​

Tuesday 30 September 2014

620.facebook එකේ video downlod කරමු

facebook එකේ video downlod  කරමු




කොහොම fbඑකේ තියන video එකක් downlodකරගන්නේ 

මෙක හරිම ලෙසි ක්‍රමයක්.ගොඩක් දෙනෙක්ට downlod කරගන්න ඔන videoඑක downlod කරගන්න බැරුව දගලනවා. එහෙනම් ඉගන ගන්නකෝ.

මුලින්ම ඔයට downlod කරගන්න ඔන video එක වෙත ගොස් එහි ලින්ක් එක කොපි කරගන්නකෝ. 



ඉට පස්සෙ මෙතනින් ගිහින් 


එහි “Enter the video link” යන්නට පහලින් ඇති කොටුවේ ඔබ කලින් කොපි කරගත් වීඩියෝ ලින්ක් past කර “DOWNLOAD” යන්න ක්ලික් කරන්න.
ඊට පසුව “Download This Video” ලෙස button එකක් දිස් වේවි. එය ක්ලික් කරන්න.






පසුව ඔබේ browser එකේ අලුත් වින්ඩෝ එකක video එක open වේවි. එහි ඇති කළු පැහැති පසුබිම මත ක්ලික් කර “Save as..” යන්න ක්ලික් කර video එක download කරගන්න.





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Wednesday 10 September 2014

597.FB login page එකේ background image එක මාරු කරමුද?

FB login page එකේ background image එක මාරු කරමුද?




       මේක ගොඩක් අය දන්න දෙයක්....මේක කියල දෙන්නෙ දන්නෙ නැති අයට....කරන්න තියෙන්නෙ චූටිම චූටි වැඩයි...කරන්න තියෙන්නෙ  Extension එකක් install කරන එක විතරයි...
(Only for chrome users)






         පිංතූරෙ මාරු කරනවනන් Log in button එකට උඩින් තියෙන දැති රෝදෙ click කරලා image එකේ URL එක දීල save කරන්න...


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Wednesday 13 August 2014

530.Facebook එකේ ඔබගේ යාළුවන් වන/නොවන දෙදෙනකු අතර සිදුවී ඇති ක්‍රියාකාරකම් Track කරමුද?


Facebook එකේ ඔබගේ යාළුවන් වන/නොවන දෙදෙනකු අතර සිදුවී ඇති ක්‍රියාකාරකම් Track කරමුද?

Facebook  අඩවිය මගින් දී තිබෙන පහසු කමක් තමයි ඔබගේත් ඔබගේ යාළුවෙකුත් අතර ඇති වූ පසුගිය
 ක්‍රියාකාරකම් නැරඹීමේ හැකියාව. ඒක See Friendship . නමුත් එමගින් පුලුවන් ඔබගේ යාළුවන් නොවන දෙදෙනකු අතර සිදුවූ ක්‍රියාකාරකම් අධ්‍යනය කිරීමට. මෙහිදී ඔවුන් දෙදෙනා අතර සිදුවී ඇති Like දැමීම්, Tag වීම් වගේම Comments කිරීම්ද බැලීමට පුලුවන්. එමගින් ඔවුන් අතර යාළුකම කොතරම් කාලයක් පැවතුනිද සහ එය කොතරම් තීව්‍රද යන්න අධ්‍යනය කල හැක. නමුත් එසේ පෙනෙන්නේ Public Activities පමණි. ඒවා හොදටම ප්‍රමාණවත් බවද මතකයට ගන්න.

මේ සඳහා පහත Link එක ඔබගේ Browser එකේ  Address Bar එකට Copy කරගන්න.
https://www.facebook.com/User-1-ID?and=User-2-ID

දැන් ඉහත ලින්ක් එකේ User-1-ID සහ User-2-ID යන්න ඔබට Track කලයුතු දෙදෙනාගේ Facebook ID වලින් Replace කරගෙන Enter Key එක Press කරන්න. එවිට ඔබට අවශ්‍ය දේ නැරඹීමට පුලුවන්.

ex:
https://www.facebook.com/JIVITHAYA?and=105532076207521




User ID ගැන වැටහීමක් නැතිනම් ඒකත් කියා දෙන්නම්කෝ.

ඔබගේ යාළුවකුගේ User ID එක ලබාගැනීමට ඔහුගේ FB Profile එකට යන්න. එවිට Address Bar එකේ පහත අකාරයේ URL එකක් දක්නට ලබේවි

https://www.facebook.com/jivithaya
ඉහත ආකාරයේ URL එකකනම් User ID = jivithaya
හෝ පහත අකාරයේ URL ද තිබිය හැක.

https://www.facebook.com/profile.php?id=105532076207525
එවිට User ID = 105532076207525



දැන් බලන්නකෝ


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Friday 8 August 2014

519. ෆේස්බූක් එකේ ඔයාව unfriend කරපු අය​ කව්ද කියල බලාගමු


ෆේස්බූක් එකේ ඔයාව unfriend කරපු  අය​ කව්ද කියල බලාගමු





මේ පොස්ට් එකෙන් කියල දෙන්න හදන්නේ ෆේස්බූක් එකේ අපිව unfriend කරපු අය කව්ද කියල බලාගන්න විදිය.  මේක “ Chrome extension” එකක්. මේකෙන් පුළුවන් unfriend කරපු අයව බලාගන්න. මේ extension එකේ නම “Unfriend Alerts” 


මේ extension එක ක්‍රෝම් වලට දාගත්තට පස්සේ ඔයාලගේ ෆේස්බූක් ප්‍රොෆයිල් එකෙන් “Friends” ටැබ් එකට යන්න. Friends ටැබ් එකේ “Lost Friends” කියල අලුත් ලින්ක් එකක් තියනවා ඔයාලට පෙනෙයි.  unfriend කරපු අය මෙතනින් බලාගන්න පුළුවන්.



ඒවගේම මේ extension එකෙන් push notifications බලාගන්න පුළුවන්. කෙනෙක් ඔයාලව unfriend කර ගමන්  system tray එකේ notification එකක් පෙන්නනවා.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Sunday 20 July 2014

469.ඔබට අවශ්‍ය වෙලාවට Face book auto logout වෙන විදියට හදන්නේ මෙහෙමයි..

ඔබට අවශ්‍ය වෙලාවට Face book auto logout වෙන විදියට හදන්නේ මෙහෙමයි..

                           අද ගෙනාව තවත් අලුත් වැඩක් මේකෙන් වෙන්නේ පහල ඇති extensions එක ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකට add කල විට time එකක් set bar එකක් එයි. එතනින් ඔබට කැමති ස්වයක්රියව logout වෙන්න ඕන කාලය ලබා දෙන්න. පැය , මිනිත්තු, තත්පර වශයෙන් ලබා දිය හැකිය. එය ලබා දුන් විට stop watch එකක් ආකාරය වේලාව ගතවේ. ඔබ ලබා දුන් වේලාව ගතවී අවසන් වූ විට ස්වයන්ක්‍රියව facebook වෙතින් logout වේ.
මෙය Google chrome , torch සහ fire fox සදහා එකතු කරගත් හැකිය.

මෙන්න පහලින් extensions එක වෙබ් බ්‍රවුසරයට එකතු කරගන්න.

පහලින් chrome සහ torch සදහා,


පහලින් fire fox සදහා,


පහල පින්තුරේ ආකාරයට කරන්න,

extensions add කරාට පසුව පහල ආකාරයට දකුණු  පැත්තෙන් පොඩි box එකක් එයි,


ඔබට කැමති වෙලාවක් ලබා දෙන්න,



පහල පින්තුරේ ආකාරයට වේලාව ගත වේ,

             හරිනේ ඔන්න දැන් වැඩේ එවරයි. මෙම extensions ලැබෙන box එකෙන් ඔබට අවශ්‍ය කාලය ලබා දී. වැඩේ කොහොමද කියලා කරලම බලන්න. 


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Friday 18 July 2014

464.facebookඑකේ delete කරපු පින්තුර delete උනේ නෑනේද?

facebookඑකේ delete කරපු පින්තුර delete උනේ නෑනේද?




මුහුනුපොතේ සැරිසැරීම වේගවත් කරන්න වගේම හැමදෙයක්ම පහසුවෙන් ලබාදීම සදහා CDN (Continent Distribution Network) මතයි facebook ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් Image එකක් හෝ Video එකක් කෙනක් facebook එකට upload කල විට ඒවායේ පිටපත්, local server වලත් රදවනවා. කෙනෙක් තමන්ගේ profile එකෙන් Photo එකක් හෝ Video එකක් delete කලවිට main server එකෙන් ඉවත් උනාට අනෙක් server වල delete වෙන්නේ නැහැ. ඒ server වලින් එය delete වීමට මාස 30ක් යනවා. සෙල්ලන් නැහැ නේ.. අවුරුදු දෙකකට වැඩියි. ඉතින් ඒ කාලය පුරාවට ඕනෑ කෙනෙකුට එයට ඇතුළු වෙන්න පුළුවන්.

අයින් කරන පින්තුර වලට යන්නේ කොහොමද?????
අයින් කරපු පින්තුරේ LINK එක දන්නවා නම් ,යිතාමත් පහසුවෙන් අයින් කරපු පින්තුරේට යැමට පහත විදිය අනුගමනය  කරන්න .


1.දැන් delete කරන්න යන පින්තුරය අලුත් Tab එකක් open කරගන්න

2.ලගට Address bar එකේ තියෙන, ඒ පින්තුරයේ URL එක Notepad එකකට කොපි කරගන්න
.
3.දැන් Image එක මත Right ක්ලික් කරලා “Copy Image URL” යන්න 
ක්ලික් කර ඒ කොපි කරගත්  URL එකත් Notepad එකේ past 
කරගන්න. (මේ URL එක තමයි පසුව අපිට ඕනේ වෙන්නේ).

4.දැන් ඔබේ පින්තුරය delete කරන්න

5.දැන් ඔබ මුලින්ම copy කරගත් link එක address bar එකේ copy/past කර එයට පිවිසෙන්න 

6. එවිට “This Content is Currently Unavailable” යනුවෙන් පණිවිඩයක් ඔබට ලැබේ

 7. දැන් ඔබ කලින් දෙවෙනියට copy කරගත් URL එක address bar එකේ copy/past කර එයට     පිවිසෙන්න.

ඉතින් ඔබ දකින්න ඇති ඔබ delete කර පින්තුරය තවමත් facebook එකේ තිබෙන බව. ඉතින් මේ විදියට ඔබේ Image වල URL කෙනෙක් දන්නවා නම් ඕනේ වෙලාවක ඔබේ Image එකට පිවිසෙන්න පුළුවන්.
දැන් දන්නවනේ එහෙනම්.
සදා  ජය​...




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

      

මෙතනින් යන්න​
 
-