Ads 468x60px

home

Showing posts with label වැදගත්. Show all posts
Showing posts with label වැදගත්. Show all posts

Sunday 18 January 2015

822.දන්න පොටෝ ටිකක නොදන්න වගතුග.. - World's famous photos (Greatest photos ever taken)

 දන්න පොටෝ ටිකක නොදන්න වගතුග.. - World's famous photos (Greatest photos ever taken)



ගියපු තැන්... ආපු තැන්.. උත්සව හැමදේකම අපි බොහෝ වේලාවට මතකයේ තියාගන්න ගන්න එකක් තමයි පින්තූර නැතිනම් Photos ....
මේ දවස්වල නම් හෝ ගාලා බොහෝම දෙනා වැඩිපුරත් එක්ක ගන්නේ Facebook පැත්තේ දාන්නත් එක්කයි..


කියන්න යන කතාවේ පින්තූර ටික නම් බොහෝම දෙනා අතරින්පතරවත් තැන් තැන්වල දැකලා ඇති.. 

ඒත් ඒක පිටුපස කතාව දන්නවා ඇත්තේ ටික දෙනයි.
වචනයකට වඩා දහසක් දේ කියවෙන ලොව පුරා ප්‍රසිද්ධ වුනු, ලොව වෙනස් ඇහැකින් බැලු පින්තූර ගැනයි මේ සටහන....  

පින්තුරයේ මාතෘකාව එලෙසම තිබෙන්නට හැරියේ මුලු ලෝකයම එය හදුන්වනනේ එම නමින්ම හින්දයි! 

Sudan Famine UN food camp (1994)

එක්සත් ජාතීන්ගේ ආහාර කදවුරට කිලෝමීටරයකට ආසන්නයේ දී ඇවිදිමින් බඩගාමින් එන මන්දපෝෂණ දරුවකු පිටුපසින් කොයි මොහොතේ හෝ මේ දරුවා මැරුණු පසු ආහාරයට ගැනීමට සිතමින් පැමිනෙණ ගිජුලිහිණියකු දැක්වෙන මේ ජයාරූපය ලොව වඩාත් දුකට පත් කල එකක්.. 

දැකලා පුරුදුයි නේද??  

බැලු බැල්මටම එය ඉතා කනගාටුදායකයි..
1994 දි Pulitzer ත්‍යාගය හිමිකරගත් මෙම ජායරූපය ගත් Kevin Carter එම ජායාරූපය ගෙන එතනින් ඉවත්ව යාම නිසා දරුවාට සිදුවු දේ ගැන කිසිම සඳහනක් නැත. ජායාරූපය ප්‍රසිද්ධිය නිසාත් ඒ පිළිබඳ කලහැකිව තිබු දේ ගැන සිතමින් ඇතිවු මානසික කම්පනයට පත් Kevin Carter ඉන් මාස 3 පසු සියදිවි නසා ගෙන තිබෙනවා..  

Afghan Girl (1984)
Sharbat Gula නම් වු මේ කොල පැහැති ඇස් සහිත එවකට වයස 12 ක් වු ගැහැණු දරුවා 

ඇයට නොදැනී කැමරාවට හසුකර ගෙන තිබුනේ ඇග්ෆනිස්ථාන ගලවා ගැනීමේ කඳවුරකදී National Geographic සඟරාවේ ජායාරූප ශීල්පී Steve McCurry විසිනි. 
එය ඊළග වසරේ එම සඟරාවේ මුල්පිටුව සරසා තිබුනා..
ඇය ගැන හරිහැටි විස්තර සොයාගෙන තිබුනේ 1992 දීයී.ඇය තමන් සඟරාවක සිටි බව දැන ගෙන ඇත්තේ 2003 වසරේදීයි.
ඇය නැවත 2010 ගත් ජායාරූපයක්.. 


Palestinian Martyr (2000)
තම මොහොමඩ් නම් වු පුතා ඊශ්‍රායල හමුදාවේ වෙඩි ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කරගැනීමට උත්සහයක යෙදෙන පලස්තීන ජාතිකයකු වන Jamil ad-Durra නම් පියා උත්සහ කරන අයුරු දැක්වෙන ජායරූපය 

ලබා ගෙන ඇත්තේ එය විඩියෝ ගත කල විඩීයෝ පටයකිනි. ගාසා තීරයේ Netzarlm හි සිදුවන මේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වී පුතා මියයන අතර පියා දැඩි ලෙස තුවාල වී තිබෙනවා..  
ඔහුව ගලවා ගැනීමට කිසිවෙකු උත්සහ නොකලත් ඒ සඳහා උත්සහ කල එකම මිනිසා වු පලස්තීන ජාතික ගිලන්රථ සේවකයාද වෙඩි ප්‍රහාරයන් වලින් මිය ගොස් තිබුනා. 

BBC පුවත් සේවයෙන් උපුටා ගෙන ඇත. 

Tourist Guy (2001)
2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙර ගත් ජායාරූපයක් ලෙස අන්තර්ජාලය පුරා පැතිර ගිය මේ ජායාරූපය ඔබත් දැක ඇති. 

පින්තූරය ගන්නා ලද කැමරාව සොයා ගනු ලැබුවත් මෙහි ගුවන් යානය Photoshop මගින් නිමැවු ජායාරූපයක් බව අනාවරණය වු අතර ජායරූපයේ සිටින පුද්ගලයා Péter Guzli හදුනාගත් අතර මෙය 9/11 සිද්ධිය පිළිබඳ වු හොදම Photoshop ජායාරූපය බවටත් ත්‍යාග දිනාගෙන තිබුනා..  

Burning Monk – The Self- Immolation (1963)
ඔබ බොහෝ විටම මෙය දැක ඇතුවා නිසැකයි.

Thich Quang Duc නැමැති දකුණු වියට්නාම මේ බෞද්ධ භික්ෂුව එරට ආණ්ඩුවෙන් තම බෞද්ධ භික්ෂුන් සදහා සිදුවන අකටයුතුකම් වලට විරෝධය පලකිරීම වෙනුවෙන් සායිගොන්( Saigon) හීදි 1963 ජුනි 11 වැනිදා සිරුරට ගිනිතබා ගත් අතර ගිනි ගැනීමේ තම ශරීරය කිසිදු ලෙසවත් සිටි ඉරිඅව්ව වෙනස් නොකල බවත් සදහන් වෙනවා.. 

ජායාරූපය ගෙන තිබුනේ Malcolm Browne විසිනි. 

The last Jew in Vinnitsa (1941)

Einsatzgruppen නැමැති සෙබලකුගේ පුද්ගලික ඇල්බමයකින් ගෙන තිබු මෙය යුක්රේනයේ Vinnitsa හීදි සමුහ මීනිවලක් අසලදී යුදෙව්වෙකුට වෙඩි තැබීමට සුදානම් වන අයුරු දිස්වේ.

Tiananmen Square [1989]
ලොව ඉතා ජනප්‍රිය ජායරූපයක් වන මෙය චීනයේ Tiananmen චතුරශ්‍රය හරහා යුධ ටැංකි රුසක් එද්දී ඒවා නැවැත්වීමට පාර මැද සිටගෙන සිටින පුද්ගලයකු දැක්වේ. 


ඔහු වෙනුවෙන් යුධ ටැංකි රියදුරා නැවැත්වීම සිදුකලත් ඉන් මොහොතට පසු Tiananmen චතුරශ්‍රය ලේ විලක් වී තිබේ. 
ජායාරූපය ගෙන තිබුනේ Stuart Franklin Magnum විසිනි. 


Reichstag flag [1945]
1945 මැයි මස බර්ලිනය ආක්‍රමණය කල සෝවියට් රුසියානු හමුදාවේ Raqymzhan Qoshqarbaev හා Georgij Bulatov හමුදා සෙබලුන් දෙදෙනා තම ධජය බර්ලිනයේ Reichstag ගොඩනැගිල්ලේ සවිකිරීමට දරණ උත්සහය 


ජයාරූපයට ගෙන තිබෙන්නේ Yevgeny Khaldei විසිනි. 

Nagasaki [1945]
“හතු වලාව“ නමින් හදුන්වන මේ ජායාරූපය ඔබ දැකිලා ඇති අනිවාර්යයෙන්ම.. 


1945 අගෝස්තු 09 වැනිදා දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් ඇමරිකානු ගුවන් හමුදාව ජපානයට එල්ල කල දෙවන පරමාණු බෝම්බය පුපුරා යාමෙන් ඇතිවු දුම්රොද ජායාරූප ගත කර තිබුනේද ඇමරිකාවු ගුවන් හමුදාව විසිනි. 
ඉන් ජපන් පුරවැසියන් 150,000 වඩා මියගොස් තිබු අතර එහි අහිතකර පලවිපාක අදටත් ඇති බව ප්‍රකාශ වේ. 


Body of Che Guevara [1967 ]
1967 දී චේ අත්අඩංගුවට ගෙන මරා දමා ඔහු මරා දැමු බව අඟවන මේ සමුහ ජායාරූපය ගෙන ඇත්තේ බොලිවියාවේ රහස් ස්ථානයකදීයි. 

එහි ජායාරූප ශිල්පියා වුයේ Freddy Alborta විසිනි.
සදාකාලික යෞවනය - චේ" 



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Saturday 17 January 2015

819.පරිගනක තිරයෙන් ඔබගේ ඇස්දෙක ආරක්ශා කරගමු

පරිගනක තිරයෙන් ඔබගේ ඇස්දෙක ආරක්ශා කරගමු




 Facebook , Twitter  ,Google + හෝ අනෙකුත්  ඔයාලා අන්තර්ජාලයේ ඉන්නකොට ඔයාලා නොදැනුවත්වම පැය ගානක් එක දිගට Monitor එක දිහා බලන් ඉන්නවා.ඉතින් එහෙම බලන් ඉන්නකොට මොනිටර් එකේ Brightness එක අඩු , වැඩි ප්‍රමාණය අනුව ඔයාගේ ඇස් දෙකට වන හානිය ගැන ඔබ සිතුවාද ?

එක දිගට මොනිටර් එක දිහා ඔබ බලන් ඉන්නකොට ඇස් පියවිලි වාර ගණන අප නොදැනුවත්වම අඩු වෙනවා.ඉතින් ඇස වියලි බාවයට පත්වෙනවා.ඒ වගේම Monitor එකෙන් ලැබෙන ආලෝකය අපේ ඇස් වලට අහිතකර වෙන්නත් පුලුවන්.Programmer කරන අය දන්නවා ඇති මෙම සිදුවිම​.

ඒවගේම රෑට කාමරේ ලයිට් දාන්න ඕනෙත් නෑ මොකද මේකෙන් අපිට මොනිටර් එකේ එලිය අඩු කරන්න පුලුවන්.මොනිටර් එක රත් වෙන එක අඩු කරන්නත් පුලුවන් .

සමහර මොනිටර් තියෙනවා කොතරම් Brightness Adjust කරත් තමන්ට ඕනෙ ප්‍රමාණයෙන් හදා ගන්න බෑ.ඉතින් ඔයාලට දැන් ඒ ගැන වද වෙන්න ඕනේ නෑ.මේ පුංචි මෘදුකාංගය ඔබගේ පරිගනකයටත් ස්තාපනයකරගෙන​.අපේ වට්න කියන ඇස්දෙක පරිස්සම් කරගමු.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

818.පලාපල දැන ගන්න මෙන්න නියම භාංඩේ

පලාපල දැන ගන්න මෙන්න නියම භාංඩේ


                       කේන්දරේබලවගන්න පුන්චි බාන්ඩයක් තියනවා. උපන් දිනේ විතරයි ඕන. බාගෙනම බලන්නකෝ... ඔබගේ අනාගතෙ ගැන දැනගන්න මෙකෙන් පුලුවන්...මතක ඇතුව මේකෙ උපන් දිනේ ටයිප් කරන කොට. ඇල ඉරි වලින් වෙන් කර කර ටයිප් කරන්න මෙන්න මේ වගේ 2015/01/17  ... ඩොට්(.) තියන්න එපා




මෙතනින් බාගන්න​




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Monday 12 January 2015

807.අන්තර්ජාලයේ සොරුන්ගෙන් ඔබගේ තොරතුරු රැකගන්න උපක්‍රම 5ක්

අන්තර්ජාලයේ සොරුන්ගෙන් ඔබගේ තොරතුරු රැකගන්න උපක්‍රම 5ක් 



ඔයාලා දන්නවා ඇති අන්තර්ජාලයේ සැරිසරද්දී ඔබගේ දත්ත සොරකම් කීරමට සමහරුන් උත්සහ කරන බව, ඔබ සර්ච් කරන දේවල් සහ ඔබගේ ගිණුම් තුල තිබෙන රහස් අංක    මෙයට ගොදුරු විය හැක, මෙම උපාංග බාවිතා කරොත් ඔබගේ පෞද්ගලිකත්වය ඔබට රැකගැනීමට හැක

1. ටෝර් ප්රෝජෙක්ට් 

ටෝර් නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයකි, මෙය භාවිතා කොට වෙබ් අඩවි තුලට නිර්නාමිකව යා හැක. මෙය ලොව වට භාවිතා වෙන මෘදුකාංග අතරින් විශිෂ්ටතම එක බව බොහෝ දෙන පිළිගනී.

ටෝර් ඩවූන්ලෝඩ් කරන්න මෙතන ක්ලික් කරන්න, එය ඔබට ටෝර් භාවිතා කිරීමට හැකි බ්‍රෞසරයක් සමග ගත හැක. ටෝර් කොතරම් සුරක්ෂිතද කිවහොත් රුසියාවේ ජනාධිපති ව්ලැඩමියර් පුටින්, ටෝර් බ්‍රෞසරයේ රහස් හොයා දෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 140ක පමණ තෑගි මුදලක් ලබා දෙන බවට ප්‍රකාශ කර ඇත.

2. ඩක් ඩක් ගෝ

මෙය ගූගල් වැනි තවත් සර්ච් වෙබ් අඩවියක්, නමුත් මෙහි ඇති වෙනස වන්නේ ඔබගේ කිසිම තොරතුරක් මොවුන් තබා නොගන්න බවයි.

3. ගෝස්ටරි

ඔබ අන්තර්ජාලයේ සැරිසරද්දී ඔබ ක්ලික් කරනා සෑම දේ සහ බලන සෑම දේම විශාල් සමාගම් එකතු කරන බව ඔබ දනාව ඇති, විශාල දත්ත ගබඩා කොට මෙම සමාගම් ඔබට ගැලපෙන ලෙස දැන්වීම් ලබාදීම් මෙහි මුලික අරමුණකි.

ගොස්ටරි මෙම “ට්‍රැකර්ස්” හඳුනාගෙන ඔබගේ තොරතුරු අරාක්ෂා කර දේ.

4. ක්‍රිප්ටෝ කැට්

ක්‍රිප්ටෝ කැට් සුරක්ෂිත පණිවිඩ යවීමට යොදාගන්නා මෘදුකාංගයකි. මෙය ඔබගේ බ්‍රෞසරයට එක කරගත හැකි වැඩි කිරීමකි. මෙය ඉතාමත් ජනප්‍රිය පණිවුඩ හුවමාරු කරගන්නා උපකරණයකි. බොහෝ රටවල මාධ්‍යවෙදියන් මෙය දැඩි ලෙස භාවිතා කරන්නේ මෙහි යවන්න සහ ලබාගන්නාට අමතරව කිසිම අතරමදියෙකුට දත්ත කියවීමට බැරි බැවිණි.

5. HTTPS ඒව්රිවේයා

සෑමතනම සුරක්ෂිත සම්බන්ධ ලබාදීම මෙහි පරමාර්ථයයි, මෙය Chrome, Firefox සහ Opera වැනි බ්‍රෞසර් හට එකතු කරගත හැකි වදිකිරිමකි.  ඔබ “http ://” යොදා වෙබ් අඩවියකට සම්බන්ධ වීමට උත්සහ කරනවානම් එය ඉබෙ “https://” බාවිතා කීරීමට පටන් ගනී.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.
- -
මෙතනින් යන්න​

Saturday 10 January 2015

805.ඉහලම විකිරනශීලි දුරකථන පහ


ඉහලම විකිරනශීලි දුරකථන පහ


මේ වීඩියෝවෙන් පෙන්වන්නේ ලොව ඉහලම විකිරනශීලිත්වයක් ඇති දුරකථන පහ පිළිබඳවයි.... ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී SAR අගය අවම දුරකථනයක් මිලදී ගැනීමට පුරුදු වන්න...
භාවිතයේදී headset එක හැකිතාක් භාවිතා කරන්න.







දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Thursday 8 January 2015

801.ලොවම වෙනස්කළ “ පිස්සු “ අදහස්

ලොවම වෙනස්කළ “ පිස්සු “ අදහස් 




ව්‍යාපාරයක්, එහෙමත් නැත්නම් අලුත් නිර්මාණයක්, නිපැයුමක්, මේ වගේ දේවල් වලදී බොහෝ දෙනෙක් හිතන්නේ හොඳම අදහස (idea) තියෙන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ කියලා. ඒත් හොඳම අදහස තිබුණ පමණින් ඒ ව්‍යාපාරය හෝ නව නිර්මාණය සාර්ථක වේවි ද? ඉතින් අපි අද කියන්න යන්නේ මුලදී පිස්සු අදහසක් කියලා හැමෝම අහකදාපු, ඒත් කාලයත් එක්ක සීග්‍ර දියුණුවක් ලබපු අදහස් කිහිපයක් ගැනයි.

Facebook: ෆේස්බුක් කරළියට එන කාලයේ MySpace, Friendster වගේ වෙබ් අඩවි රජකරපු කාලයක්. ඒ නිසා බොහෝ දෙනෙක් සිතුවේ ෆේස්බුක් තවත් එක් Friendster එකක්, MySpace එකක් වෙයි කියලයි.




Dropbox: ඩ්‍රොප්බොක්ස් කියන සේවාව එලියට එන කාලයේ ඔබේ ලිපි ගොනු sync කරන්න, share කරන්න පුළුවන් සේවා ගණනාවක්ම තිබුනා. ඒ වගේම මයික්‍රාසොෆ්ට් වගේ දැවැන්ත සමාගම් වලින් ලබා දෙන file sharing සේවාවන් පවා තිබුනා. ඒත් ඒ වෙනකොට තිබුනු අනෙක්ත් සේවාවන් වලට වඩා Dropbox හි වෙනස වුනේ සාමාන්‍යෙයන් අවශ්‍ය files පමණක් upload කරනවා වෙනුවට ඔබේ සියළුම files වුනත් upload කිරීමේ හැකියාව ලබාදීමයි. උදාහරණයක් විදියට ඔබේ ජංගම දුරකථනයෙන් ලබාගන්න සියළුම ඡායාරූප dropbox වෙතට ස්වයංක්‍රීයව එක් කල හැකියි.



Amazon: ඇමසන් සමාගම ආරම්භ කලේ අන්තර්ජාලය හරහා පොත් විකුණන්නටයි. ඒත් ඒ කාලයේ කිසි කෙනෙක් තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් දත්ත අන්තර්ජාල ගණුදෙනු සඳහා යොදාගන්නට ඒ තරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ වගේම Shipping Cost ලෙස අමතර මුදලක් ගෙවන්නටත්, පොත් ලැබෙනකම් සතියක් විතර බලාගෙන ඉන්නටත් පාරිභෝගිකයින්ට සිදු වුනා. හැබැයි එසේ වුනත් පොත් සාප්පු වල රස්තියාදු නොවී අන්තර්ජාලය හරහා පොත් මිලදී ගන්නට ක්‍රමක්‍රමයෙන් බොහෝ දෙනෙක් පුරුදු වුනා.





Virgin Atlantic: වර්ජින් ඇට්ලාන්ටික් ගුවන් සේවාව ආරම්භ කල සමයේ එයත් දහස් ගණනක් ගුවන් සේවාවන් අතරින් එකක් විතරයි. ඒත් සාමාන්‍ය ගුවන් සේවාවකදී ලබාදෙන ආරක්ෂණ උපදෙස් මාලාව වෙනුවට, හාස්‍යජනක වීඩියෝවකින් ආරක්ෂණ උපදෙස් ලබාදෙන්නට වර්ජන් සමාගම තීරණය කලා. ඒ පුංචි වෙනස අනෙකුත් ගුවන් සේවා අභිබවමින් ඉහළටම පියඹා යන්නට වර්ජින්ට පියාපත් දුන්නා. ඒ වගේම සමාගමේ නමත් ඒ සඳහා ලොකු දායකත්වයක් ලබා දුන්නා. 




SEE ALSO: ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !


Mint: මින්ට් කියන්නේ බැංකු තොරතුරු, මූල්‍යමය තොරතුරු එක්කාසු කර විශ්ලේෂණයට යොදාගන්න සේවාවන් සියගණනක් අතරින් එක් සේවාවක්. ඒත් කොළ පැහැ අක්ෂර රටා වලින් බැංකු ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය වැඩි ආකාරයකින් පෙන්වූ නිසා එය අනික් ඒවා අතරින් කැපී පෙනෙන වෙනසක් සිදුකලා.


iOS: iOS මෙහෙයුම් පද්ධතිය හඳුන්වාදීමේදී බොහෝ දෙනෙක් ඒ ගැන අප්‍රසාදය පළකලා. ඒ වෙනකොට තිබුණු මිලියන ගණනක් Mac OS, Windows හෝ Linux භාවිත කල හැකි උපකරණ කිසිවකට මේ නව මෙහෙයුම් පද්ධතිය සහාය දැක්වූයේ නැහැ. ඒත් ඉතාමත් ටික කාලයකින් ලොව වැඩිම දෙනෙක් භාවිත කරන මෙහෙයුම් පද්ධති අතරට එන්නට මේ මෙහෙයුම් පද්ධතියට හැකි වුනේ iPhone ජංගම දුරකථන සඳහාම වෙන්වූ මෙහෙයුම් පද්ධතියක් නිසාමයි.


Google: ගූගල් කියන්නේ ලොව මුල්ම සෙවුම් යන්ත්‍රය නෙවෙයි. දෙවෙැනි සෙවුම් යන්ත්‍රයත් නෙවයි. 20 වැනියට නිකුත් කල සෙවුම් යන්ත්‍රය තමයි Google කියන්නේ. ඒත් ඒ වෙනකොට තිබුනු සෑම සෙවුම් යන්ත්‍රයකට වෙබ් පිටුව වෙළඳ දැන්වීම්, විවිධ අනවශ්‍ය අංගම වලින් පිරී තිබුනත් Google හි තිබුනේ කුඩා Text Box එකක් විතරයි. අන්න ඒ වෙනස තමයි Google ගේ සාර්ථකත්වයට හේතු වුනේ.



GitHub: නොමිලයේ ලබාදෙන මෘදුකාංග යොදාගෙන නොමිලයේ ලබාදෙන මෘදුකාංග නිර්මාණය කරන්නට සල්ලි වියදම් කරලා ගිණුමක් පවත්වාගෙන යන්නේ කවුද? ඒත් GitHub භාවිත කරන අය ඒ දේ කරනවා.


PayPal: වැඩි ආරක්ෂාවක් නැති AOL හෝ Yahoo ඊමේල් ලිපින යොදාගෙන මුදල් හුවමාරු කරන්නට අන්තර්ජාලය යොදාගනීවි කියන එක ඒ දවස් වල කවුරුත් විශ්වාස කලේ නැහැ. ඒත් අද වෙනකොට ලොව අංක එකේ මුදල් හුවමාරු වෙබ් අඩවිය බවට PayPal පත්වී හමාරයි.


Firefox: පරිගණක අතරින් 90% පරිගණක වල මෙහෙයුම් පද්ධතිය සමඟම වෙබ් බ්‍රව්සරය පැමිණියත් Mozilla සමාගම අලුතෙන්ම වෙබ් බ්‍රවුසරයක් නිර්මාණය කලා. විශේෂත්වය වුනේ පහසුව සහ වේගය යි.


Twitter: ට්ව්ටර් වෙලාවකට Email වගේ, SMS වගේ, නැතිනම් RSS වගේ. හැබැයි ඒ හැමදෙයකටම වඩා සරල දෙයක් ට්විටර් සිදුකරන්නේ. කවුරුහරි කෙනෙක් කරන දේවල් දැනගන්න මේතරම් පිරිසක් කැමති වේ යැයි කිසි කෙනෙක් හිතන්න නැතුව ඇති නේද?



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




මෙම ලිපියේ සම්පුර්න අයිතිය ටෙක්ගුරු වෙබ් අඩවිය සතුවේ


මෙතනින් යන්න​
 
-