Ads 468x60px

home

Showing posts with label වැදගත්. Show all posts
Showing posts with label වැදගත්. Show all posts

Saturday 14 March 2015

914.ඔබගේ ගණිත දැනුම වර්ධනය කරගන්න පුලුවන් Game එකක්

ඔබගේ ගණිත දැනුම වර්ධනය කරගන්න පුලුවන් Game එකක්

Image result for maths

මේ Game එකෙන් ඔබගේ දුවගේ, පුතාගේ, නංගිගෙ, මල්ලිගේ හෝ ඔබගේ ගණිත දැනුම වර්ධනය කරගන්න පුලුවන්. එකතු කිරීම්, අඩු කිරීම්, බෙදීම් හා ගුණ කිරීම් වල දක්ෂයෙක් වීමට පුලුවන්. මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. ඩබල් ක්ලික් කලාම open වෙනවා. සිංහල මෘදුකාංගයකි.





මෙම මෘදුකාංගය සිංහල භසින් ඇතිනිසා ඉතා පහසුවෙන් ඔබගේ දක්ශතාව මැනගන්න පුලුවන්.මෙය ශ්‍රිලාංකික නිර්මානයක් වන අතර මෙහි නිර්මාතෘ වරයා වන්නේ පසන් රජිත මහතාය එහෙනම් පහලින් අරගෙනම් බලන්න​.


Image result for download gif


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Wednesday 4 March 2015

902.you tube පලමු විඩියෝව

 you tube පලමු විඩියෝව

Image result for Me at the zoo

YouTube එකට upload කරන ලද පළමු වීඩියෝව වන්නේ Me at the zoo වීඩියෝවයි.එය 2005.04.23 දින 8.27pmට එවකට YouTubeහි සම නිර්මාතෘ ජාවේඩ් කරීම් Jawed Karim විසින් upload කරන ලදි.. එය තත්පර නවයක වීඩියෝවක් වන අතර එය පටිගත කර ඇත්තේ යකෝව් ලැපිට්ස්කි Yakov Lapitsky නම් පුද්ගලයකු විසින් ශාන්ත දියේගෝ සත්ව උද්‍යානයේදීය San Diego Zoo. මෙම වීඩියෝවෙහි කරීම් විසින් අලි ඉදිරිපස සිට ඔවුන්ගේ දිගු හොඬවැල පිළිබඳව පවසයි. මෙම වීඩියෝව නැරඹූ පිරිස මේ වන විට මිලියන 180 ඉක්මවා ඇත. බැලුවෙ නැත්නම් ඔබත් බලන්න






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

-
මෙතනින් යන්න​

Thursday 26 February 2015

892.මේ කකුළුවන්ගේ ලේ ජීවිත දහස් ගණනක් බේරගන්නවා.

මේ කකුළුවන්ගේ ලේ ජීවිත දහස් ගණනක් බේරගන්නවා.

Image result for horseshoe crab blue blood
අපි ජීවත් වන්නේ කෙටි කාලයක්. මේ ජිවිත කාලය තුල අපිට එක එක විදියේ ලෙඩ රෝග වැලඳෙනවා. මේ රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමේ විශාල වගකීමක් පැවරෙන්නේ අපගේ රුධිර පද්ධතියටයි. සුදු රුධිරානු වලින් මෙම ආක්‍රමණශීලි රෝගකාරක බැක්ටීරියා වලට එරෙහිව සටන් වදිනවා. අපි මේ කතා කරන්න යන අශ්ව ලාඩම් හැඩති කකුළු විශේෂයට ඉංග්‍රීසියෙන් කියන්නේ Horseshoe crab කියල. එයාගේ විද්‍යාත්මක නාමය Limulus polyphemus. මේ කකුළු විශේෂයේ ඇති වැදගත්කම කෑමට ගන්න එකට වඩා එහාට ගිය දෙයක්. මෙගොල්ලොන්ගේ රුධිරයේ ඇති බැක්ටීරියා නාශක හැකියාව ඉතා විශිෂ්ටයි. මිනිසුන් කකුළුවන් තරම් දීර්ග කාලයක් පරිසරයේ ජීවත් නොවුනාට සීග්‍ර බුද්ධි වර්ධනයත් එක්ක මේ සුවිශේෂී හැකියාවෙන් ප්‍රයෝජන ගන්න විදියක් සොයාගත්තා.



සාමාන්‍යයෙන් ලේ රතු පාටයි කියල කිව්වට මෙගොල්ලොන්ගේ ලේ දීප්තිමත් නිල් පැහැයක් ගන්නවා. ඒකට හේතුව තමයි මෙගොල්ලොන්ගේ ලේ වල ඔක්සිජන් ප්‍රවාහනය කරන්න උදව් වෙන්නේ තඹ (copper) අන්තර්ගත hemocyanin (හීමොසයනින්) නම් සංයෝගයක් වීම. අපේ , ඒ කියන්නේ පෘෂ්ඨවංශිකයන්ගේ ලේ රතු පාටින් පේන්නේ haemoglobin (හිමොග්ලොබින්) කියන යකඩ වලින් හැදුන සංයෝගයක් නිසා. සාමාන්‍යයෙන් ආසාදන වලට එරෙහිව සටන් කරන සුදු රුධිරානු වෙනුවට බොහෝ අපෘෂ්ඨවංශිකයන්ගේ රුධිරයේ හමුවන්නේ amebocytes නම් සෛල විශේෂයි. එම සෛල සැලකිල්ලට ගන්නා කල මෙම කකුළු විශේෂයෙන් හමුවන සෛල වලට ප්‍රමුඛස්ථානයක් හිමි වේ.

අශ්ව ලාඩම් හැඩති මෙම කකුළු විශේෂය සතු amebocytes සෛල වලට ට්‍රිලියනයකට එකක් වන තරමේ කුඩා වූ බැක්ටීරියා ප්‍රමාණයක් වුවද හඳුනාගෙන විනාශ කිරීමේ හැකියාවක් පවතියි. අනෙක් වැදගත් කාරණය වන්නේ මේ සඳහා ගත වන කාලය මිනිත්තු 45ක් තරම් කෙටි කාලයක් වීමයි. සාමාන්‍යයෙන් ක්ෂීරපායි සතෙකුට මේ සඳහා ගතවන කාලය දින දෙකක්. මෙම සෛල අදාළ බැක්ටීරියා සෛල වටා කැටි ගැසීමකට ලක්වන්නේ Coagulan (කෝගියුලන්) නම් රසායනික සංයෝගය නිසා. මෙම රසායනිකය බොහෝ විට භාවිත කෙරෙන්නේ වෛද්‍ය උපකරණ පරික්ෂාවට සහ එන්නත් පරික්ෂා කිරීමටයි. මේ හේතුවෙන් විවිධ ආසාදන නිසා මිය යන පුද්ගලයන් සංඛ්‍යාව අවම කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. නමුත් මෙම රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය අවම මට්ටමක පවතින බැවින් වාර්ෂිකව කකුළුවන් මිලියන කාලකගේ පමණ රුධිරය ලබා ගැනීමට කටයුතු කෙරෙනවා.


මෙම ක්‍රියාවලියේදී කකුළුවන්ගේ ජීවිතයට වන හානිය අවම මට්ටමක පවත්වාගනිමින් සිදු කෙරෙන අතර කකුලුවකුගෙන් 30% ක රුධිර ප්‍රමාණයක් ලබා ගැනේ. ඉන් පසු මොවුන්ව නැවත මුහුදට මුදා හැරීම සිදු කෙරේ. මෙම රුධිර ප්‍රමාණය ලබා ගැනීමෙන් ඔවුන්ගේ ජීවිතයට අවදානමක් නොමැති බවට සැලකුණත් 10% – 30% අතර ප්‍රමාණයක් මරණයට පත්වෙනවා. මෙම කකුළුවකුගේ රුධිර බෝතලයක මිල ඇමෙරිකන් ඩොලර් 15,000 ක් විතර වෙනවා කියල තමයි ආරංචි වෙන්නේ !






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Thursday 19 February 2015

882.වාහනයක් ගන්න පත්තරේ ඇඩ් බලනවද?


වාහනයක් ගන්න පත්තරේ ඇඩ් බලනවද?



මෝටර් වාහන විකිණීම සඳහා පලකරන ලුහුඬු දැන්විමක් ගත් විට එහි සීමිත වචන සංඛ්‍යාවක් මගින්, විකිණීම සඳහා පවතින වාහනයේ සෑම තොරතුරක්ම ඉදිරිපත් කිරීමට දැන්වීම පල කරන්නා  උත්සුක වෙයි. මෙහිදී දැන්වීම පලකරන්නා හෙවත් මෝටර් වාහනය විකුණාගැනීමට බලාපොරොත්තු වන තැනැත්තා ඒ සඳහා විවිධ කෙටි නම්, ඉංග්‍රීසි වචන හා මෝටර් වාහන හා සබැඳුන විශේෂ වචන භාවිත කරයි. මේ උත්සාහය මෝටර් වාහන පිලිබඳ එතරම් පරිණත දැනුමක් නොමැති, මෝටර් වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන, මෝටර් වාහන පිලිබඳ උනන්දුවක් ඇති ඔබ සියලු දෙනාටම ඉහත කී වචන පිලිබඳව දැනුම ඔබට ලබා දීමටයි.
 පහත එක් එක් මාතෘකා මගින් එම වචන හා ඒ යටතේ ඇති කෙටි සටහනෙන් එවායේ තෙරුම් දක්වා ඇත.

1. බ්‍රෑන්ඩ් නිව් (Brand new)



යම් මෝටර් රථයක් විකුණන අවස්ථාව වන විටත් එය නිෂ්පාදන සමාගමෙන් නිකුත් කරන විට තිබූ තත්වයෙන්ම පවතින වාහන හැඳින්වීමට මෙය භාවිත වේ. බොහෝ විට බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථ වෙලඳපොලට නිකුත් කරනු ලබන්නේ එම මෝටර් රථය නිෂ්පාදනය කරනු ලබන සමාගම විසින්ම ය. නමුත් ලංකාවේ එවැනි බොහෝමයක් සමාගම් පිහිටා නොමැති බැවින් එම සමාගම් වල බලයලත් අලෙවි නියෝජිතයන් හරහා, තැරැව්කරුවන් (සමාගමේ බලයලත් අවසරය නොමැති මෝටර් වාහන ගෙන්වන ආයතන ) හරහා මෙම වාහන ලංකාවේ වෙලෙඳපොලට පැමිණේ.

2. රීකන්ඩිශන් වාහන (Reconditioned Vehicles)

මෝටර් රථ නිෂ්පාදන සමාගමකින් මෝටර් රථයක් නිෂ්පාදනය කල පසු එය ලංකාවට ගෙන ඒමට පෙර යම්කිසි කාලයක් භාවිත කර (මෙම කාල පරාසය දින කිහිපයක සිට අවුරුදු 2ක් 3ක් දක්වා විය හැකිය.) නැවත එම මෝටර් රථයේ දෝෂ නිරාකරණය කර, ලංකාවට ගෙන එන මෝටර් රථ රීකන්ඩිශන් මෝටර් රථ ලෙස හඳුන්වනු ලබයි. මෙම වාහන බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථ වලට සාපේක්ශව මිලෙන් අඩුය. ජපානයෙන් ආනයනය කල  සමහර මෝටර් රථ වල බඳෙහි ජපාන අකුරු හෝ සංකේත ඔබ දැක ඇති. මෙසේ මෙවැනි සංකේත තිබෙනුයේ රීකන්ඩිශන් මෝටර් රථ වලයි.


 3. අන් රෙජිස්ටර්ඩ් (Un-Registered)-ලියාපදිංචි නොකල


ඕනෑම මෝටර් වාහනයක් මහාමාර්ගයක ධාවනය කිරීමට නම් මෝටර්  වාහනය සුදුසු ධාවන තත්වයක පැවතිය යුතු වනවා මෙන්ම, මෝටර් වාහනය හා එය පදවන රියදුරු වරයාද එම වාහනය මහාමාර්ගයක ධාවනය කරවීමට නීතිමය වශයෙන් ද සුදුසුකම් ලබා තිබිය යුතුය. මේ ආකාරයට මෝටර් වාහයනයක් මහාමාර්ගයක ධාවනය කිරීමට නම් සපුරාලිය යුතු මූලික සුදුසුකම් දෙකක් පවතී. ඒ එම මෝටර් වාහනය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ (DMT-Department of Motor Traffic) ලියාපදිංචි කර තිබිය යුතු වීම හා එම මෝටර් වාහනයට රක්ෂණ සහතිකයක් තිබීම වේ. මේ අනුව ලියාපදිංචි නොකල වාහනයක් මහාමාර්ගයක ධාවනය කල නොහැකිය. එමනිසා පාරිභෝගිකයෙක් මෝටර් වාහනයක් මිලදී ගත් විගස එම මෝටර් වාහනය තමාගේ හිමිකාරීත්වය යතතේ ලියාපදිංචි කලය යුතු වේ. දැන්වීම් වල ලියාපදිංචි නොකල වාහන ලෙස දැක්වෙනුයේ එසේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකල මෝටර් වාහන වේ. මෙරටට ගෙන්වන සෑම බ්‍රෑන්ඩ් නිව් හා රීකන්ඩිශන් වාහනයක්ම පලමු වරට වෙලඳපොලට ඉදිරිපත් වන විට ලියාපදිංචි නොකල තත්ත්වයේ පවතී. මීට අමතරව මහාමාර්ගයේ ධාවනය නොකර විශේෂ අවශ්‍යතාවකට භාවිත කරන ලද (මෝටර් රථ ධාවන තරඟ සඳහා, මෝටර් රථ ප්‍රදර්ශන සඳහා) මෝටර් වාහන මෙම වර්ගයට ඇතුලත් කල හැකිය.

4. රෙජිස්ටර්ඩ් (Registered)-ලියාපදිංචි කල

මෝටර් වාහනය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරිමෙන් පසු විකුණන වාහන මෙම වර්ගයට අයත් වේ. මෙහිදී මෙවැනි මෝටර් වාහනයක් මිලදිගත් පසු මිලදීගත් තැනත්තා විසින් එම ලියාපදිංචි කල වාහනයේ හිමිකාරත්වය තමන් වෙතට පවරා ගැනීම කල  යුතු වන අතර නැවත අලුතින් වාහනයක් ලෙස ලියාපදිංචිය සිදු කල නොහැක. මෝටර් වාහනයට ලියාපදිංචි අංකයක් (උදා:- WP DD-1234 ආකාරයේ) ලැබෙනුයේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කල පසුවයි. එබැවින් වාහනයේ ඉදිරිපස හා පසුපස දැක්වෙන ලියාපදිංචි අංකය මගින් අදාල වාහනය ලියාපදිංචි කල වාහනයක්ද නැතිද යන්න හඳුනා ගත හැකිය.

5. 4WD

4(Four) Wheel Drive යන්න කෙටි කිරීමෙන් මෙම වචනය නිර්මාණය වී ඇත. ජීප් රථ හා පික්-අප් (pick-up) රථ පිලිබඳ දැන්වීම් වලදී මෙම වචනය භාවිත වේ. මෙමගින් පැවසෙනුයේ එන්ජිමේ බලය වාහනයේ රෝද හතරටම යොදවමින් ධාවනය කල හැකි මෝටර් රථයක් යන්නයි. සාමාන්‍යයෙන් මෝටර් වාහන වල එන්ජිමේ බලය සැපයෙනුයේ වාහනයේ ඉදිරිපස රෝද යුගලයට හෝ පසුපස රෝද යුගලයට පමණි. නමුත් ජීප් රථ , පික්-අප් රථ වල පසුපස රෝද දෙකෙන් පමණක් මෙන්ම රෝද හතරටම එන්ජිමේ බලය යොදමින් ධාවනය කල හැකිය. මේ හේතුව නිසා මෙම වාහන මඩ සහිත පාරවල් වලද කිසිම අපහසුතාවයක් නැතිව ගමන් කරයි. යම් වාහන මාදිලියක 4ව්ද් පහසුකම සහිත හා එම පහසුකම නොමැති යන දෙවර්ගයටම අදාලව එම මාදිලියේ වාහන නිෂ්පාදනය කර තිබිය හැකිය. එම අවස්ථාවන් වලදී 4WD පහසුකම සහිත වාහන වල මිල 4WD පහසුකම රහිත වාහනයේ මිලට වඩා මඳක් වැඩි වේ.

6. පවර් ස්ටයරිං (Power Steering)

රියදුරාගේ පහසුව සඳහා වාහනයේ සුක්කානම් පද්ධතිය සමග සම්බන්ධව පැමිණෙන තාක්ශණයක් ලෙස මෙය හාඳුන්වා දිය හැකිය. නවීන වාහන සෑම එකකම පාහේ මෙම පහසුකම ලබා දී තිබේ. මෙමගි සුක්කානම හැරවීමේදී සුක්කානම කරකැවිය යුතු වට ගණන අඩු කර දෙන අතර, සුක්කානම හැරවීමට යෙදිය යුතු ආයාසයද අවම කර දෙයි.

7. ෆුල් ඔප්ශන් (Full option)

 වාහනයේ අඩංගු පහසුකම් පිලිබඳ හැඳින්වීමට මෙය භාවිත කරයි. මෙහිදී වාහනයේ පහත පහසුකම් තිබෙන බව මෙම වචනය දැක්වීමෙන් අදහස් කෙරේ.

  • පවර් ස්ටයරිං
  • පවර් මිරර්ස් (Power Mirrors) :- වාහනයේ පැති කණනාඩි ස්වයංක්‍රීයව හැරවීමේ පහසුකම
  • පවර් ශටර්ස් (Power Shutters) :- වාහනයේ වීදුරු ස්වයංක්‍රීයව ඇරීමේ හා වැසීමේ පහසුකම
  • එයාර් බෑග් (Air Bag) :- වාහනයේ ගමන්ගන්නා අයගේ ආරක්ශාව සඳහා පවතින ආරක්ශක උපක්‍රමයකි.
  • වායු සමීකරණය (A/C -Air Conditioner)  

මෙම අංග සහිත මෝටර් වාහනයක් ෆුල් ඔප්ශන් වාහනයක් ලෙස හැඳින්වෙන අතර, මෙය නියමයක් නොවන බැවින් ඉහත අංග වලින් කිහිපයක් පමණක් හෝ, ඊට අමතරව තවත් පහසුකම් සහිතව පවතින මෝටර් වාහනයකටද ෆුල් ඔප්ශන් යයි භාවිත කර තිබීමට පුලුවන. 

 වාහන විකිණීම පිලිබඳ දැන්වීමක් කියවන විට එය වඩාත් අර්තවත්ව කියවා, එමගින්   ඔබගේ අවශ්‍යතාවයට, කැමැත්තට ගැලපෙන හොඳ වාහනයක් මිලදි ගැනීම සඳහා ඔබට වැදගත් වනු ඇති.

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Wednesday 11 February 2015

867.මෙවර ලෝක කුසලානය ගැන ඔබ නොදත් තොරතුරු ටිකක්

මෙවර ලෝක කුසලානය ගැන ඔබ නොදත් තොරතුරු ටිකක්




මෙවර 2015 ක්‍රිකට් ලෝක කුසලානය පිලිබද තොරතුරු ටිකක් කියන්නයි මේ ලිපිය වෙන් වන්නේ. මෙවර කුසලානය දිනා ගැනීම සදහා ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවලින් 14 ක් තෝරාගෙන තියෙනවා. ඒ රටවල් කොටස් දෙකකට බෙදී මූලික වටයේ තර පැවැත්වෙනවා. එහි 

“ඒ“ ඛාණ්ඩය සදහා ශ්‍රී ලංකාව, එංලන්තය, ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, නවසීලන්තය, ස්කොට්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය අයත් වනවා. 

“බී“ ඛාණ්ඩය සදහා දකුණු අප්‍රිකාව, ඉංදියාව, බටහිර ඉන්දිය කොදෙව්, පකිස්ථානය, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ සවුදි අරාබිය එක් වෙනවා.


මෙවර තරග පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ සහ නවසිලන්තයේ තණනිලි වලයි. මේ සදහා තණනිලි 14 ක්යොදා ගන්නවා. එයින් 7ක් ඕස්ට්‍රේලියාවේ වන අතර තවත් 7 ක් නවසීලන්තයේ වනවා. මෙම තරග පෙරවාරි 14 වන දින ශ්‍රී ලංකා නවසීලන්ත තරගය සමගින් අරාම්භ වී මාර්තු මාසයේ 29 වන දින ලෝක කුසලාන අවසන් තරගය සමගින් නිමාවට පත්වනවා. සම්පූර්ණයෙන් තරග 49 ක් මේ කාලය අතර පැවැත්විමට සංවිධානය කර ඇත. මෙහි අවසාන දිනයේ තරගකරනු ලබන කණ්ඩායම් දෙකෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්වනු ඇති බව අපේ විශ්වාසයයි.



මෙවර ලෝක කුසලානය මධ්‍ය අයිතිය ලබා ගනු ලබන්නේ ESPN සහ STAR නම් ක්‍රීඩා සමාගම් දෙකයි. ඒ සහා ඩොලර් බිලියන දෙකක මුදලක් ඔවුන් අන්තර් ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලයට ගෙවනු ලබනවා. 2015 ක්‍රිකට් ලෝක කුසලාන සන්නාම තානාපති ලෙසින් ICC ය තෝරාගෙන ඇත්තේ ඉංදිය සුපිරී ක්‍රිඩක සචින් තෙන්දුල්කාර්ය.



මෙවර ලෝක කුසලානය දිනාගනු ලබන කණ්ඩායම සදහා ඩොලර් 3,975,000 ක්ද දෙවන ජයග්‍රහක කණ්ඩායම සදහා 1,750,000 ක්ද ත්‍යාග ලෙසින් ලබාදෙනු ඇත. එමෙන්ම අවසන් පූර්ව වට සදහා එක් වන අනෙක් කණ්ඩාම් දෙකට එක් කණ්ඩායමකට ඩොලර් 600,000 බැගින් ඩොලර් 12,000,000 ක්ද ලබාදෙනු ඇත. අවසන් අටදෙනා සදහා එක් කණ්ඩායමකට ඩොලර් 45,000 බැගින් මිලියන 1.2 ක් බෙදා දෙනු ඇත. සහබාගීවූ සියළු කණ්ඩායම් සදහා 35.000 බැගින් ලබාදෙනු ඇත. මේ අනුව බෙදාදෙනු ලබන මුළු ත්‍යාගයන්ගේ වටිනාකම ඩොලර් 10,225,000 වනු ඇත.



මේ අනුව ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම තරගාවලිය අවසන් වන විට සියළුම තරග ජයග්‍රහණය කලේ නම් ඩොලර් 4,245,000 ලබාගනු ඇත. මේ මුදල අපේ රටට ගෙන ඒමට හැකිවනු ඇතිය අපගේ ප්‍රාර්ථනයයි.



ඉහලම තරග නර්ඹන්නෝ පිරිසක් රැස්විය හැකි ක්‍රීඩාංගනය වන්නේ ඕස්ට්‍රේලියාවෙහි මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයයි. එහි නරඹන්නෝ 100,024 ක් සදහා ආසන ඇත. අඩුම නරඹන්නෝ ප්‍රමාණයක් එක්විය හැක්කේ නවසීලන්තයේ නෙල්සන් ප්‍රෙද්ශයේ පිහිටි සැක්ස්ටොන් ඕවල් නම් ක්‍රීඩාංගනයයි. එහි පහසුකම් ඇත්තේ 5000 ක් සදහා පමණි.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -



මෙයDeepHE අඩවියේ ඵලවු ලිපියක් වන අතර,මුල් කතුවරයාට සම්පුර්න ස්තුතිය හිමිවිය යුතුය​
මෙතනින් යන්න​

Friday 6 February 2015

859.සුවිශේෂී මතකයන් සහිත ඓතිහාසික ඡායාරූප කිහිපයක්...

සුවිශේෂී මතකයන් සහිත ඓතිහාසික ඡායාරූප කිහිපයක්...


    අපේ ජීවිත කාලය තුළ සිදුවන හැම දෙයක්ම, අපි ගැන වගේම - රටේ ලෝකේ වෙන හැම දෙයක්මත් අපිට මතක තියාගන්න අමාරුයි නේද ? ඒත් ඡායාරූපයකට පුළුවන් ඒ මතකය අළුත් කරන්න. ඒක තමයි ඡායාරූප වල තියෙන හොඳකම... කොච්චර පරණ දෙයක් වුනත් ඡායාරූපය ඔස්සේ අතීතයට යන්න අපිට පුළුවන්... සමහර ඓතිහාසික ඡායාරූප තියෙනවා හරිම දුර්ලභ ඒවා. අපේ ජීවිත කාලයටත් කලින් සිදුවුනු දෙයක් වුනත් ඡායාරූප ඇසුරෙන් අපිට දකින්න පුළුවන්.. . එහෙනම් බලන්නකෝ මේ සුවිශේෂී ඡායාරූප කිහිපය කොච්චර වැදගත් ද කියලා...



පළමු Mc-Donald අවන්හල


ලෝක ප්‍රසිද්ධ කෙටි කෑම හලක් වන මැක්ඩොනල්ඩ්ස් අවන්හල් සමූහයේ පළමු අවන්හලේ ඡායාරූපයක් තමයි මේ. ඡායාරූපයේ ඉහළ දැක්වෙන අත්සන අවන්හලේ ආරම්භකයා වන රිචඩ් ජේම්ස් මැක්ඩොනල්ඩ්ස් ගේයි. 1940 වර්ෂයේ කැල්ෆෝනියාවේ සැන්බර්නාඩිනෝ ප්‍රදේශයේදී මේ පළමු අවන්හල විවෘත වුනා.



චේ-ගුවේරා හා ෆිදෙල් කස්ත්‍රෝ


මේ සිනාබරව ඉන්නේ ලෝකයේ පීඩිත පන්තිය අතර වීරයන් වුනු චරිත දෙකක්. විප්ලවීය නායක චේ-ගුවේරා ජීවන විප්ලවය අත්හැර සදාකාලික විමුක්තිය සොයා ගිය මුත් කස්ත්‍රෝ සහෝදරයා නම් තවමත් සමාජවාදී කඳවුරේ ජීවමාන වීරයෙක්... ඔවුන් දෙදෙනාම පෙනී සිටින මෙවැනි ඡායාරූප ඉතාමත් විරලයි...


පිබිදෙන බ්‍රසීලියාව


බ්‍රසීලයේ අගනුවර වන බ්‍රසීලියා නගරය ගොඩනංවන අවධියේ ගනු ලැබූ ඡායාරූපයක් මේ.



සාන්තුවරයෙක් සමග අළුගෝසුවෙක්

ලෝකය හෙල්ලුම් කන තරමේ දරුණු පාලකයෙක්, ඝාතකයෙක්, ඒකාධිපතියෙක් වුනු හිට්ලර්ට දොලොස් වැනි පියස් පාප් වහන්සේ හමුවුනු අවස්ථාවක්...



බීට්ස්ල් පැටව්

උන්මාදයක් වන තරමටම ලෝක ප්‍රසිද්ධ වුනු බීට්ල්ස් සංගීත කණ්ඩායම ප්‍රසිද්ධියට පත්වීමට පෙර අවධියේ ඡායාරූපයක් මේ.



ගිලුනු යෝධයා


ලොවක් හඬවා මුහුදු පතුල සිපගත් ඓතිහාසික ශෝකාන්තය... ටයිටැනික් නෞකාව 1912 අප්‍රේල් 15 දින අයිස් කන්දක හැපී ගිලුණු පසු මුහුද පතුලේ තැන්පත් වී තිබුණු අයුරු මෑත කාලයේදී මේ ආකාරයට ඡායාරූපයට නැගී තිබෙනවා.



හමුදා ගායකයා

ලෝ ප්‍රසිද්ධ ගායක එල්විස් ප්‍රෙස්ලි හමුදා සේවයේ යෙදී සිටින අවස්ථාවේ ගත් ඡායාරූපයක්



ඡායාරූප කලාවේ මීමුත්තා

මේ නම් ඇත්තෙන්ම ඓතිහාසික ඡායාරූපයක්...! ඔව්, මේ තමයි ලොව පළමු ඡායාරූපය. ප්‍රංශයේ දී ඡායාරූපයට නැගුනු මෙය ලෝකයේ ඡායාරූප කලාවේ මීමුත්තා ලෙස සැලකුම් ලබනවා.



විස්මලන්තයට ඇරඹුම

ඔබත්, මමත්... ලොව පුරා වෙසෙන සෑම පොඩිත්තෙක්ම මෙන්ම වැඩිහිටියන් ද ජීවිතයේ එක්වරක් හෝ දැක බලාගත අපූර්ව ස්ථානයක් තමයි ඩිස්නිලන්තය. ඒ එය තරම්ම අපූර්වත්වයෙන් පිරුණු තැනක් නිසා. මේ දැක්වෙන්නේ 1950 දශකය ආරම්භයේදී ඩිස්නි වර්ල්ඩ් නම් විස්මලන්තයේ ඉදිකිරීම් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයකුයි.



බෙදීමක අවසානය

ජර්මනිය බෙදා වෙන් කල බර්ලින් තාප්පය කඩා දැමුනු අවස්ථාව... ලෝක ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් වන මෙය එක් අතකින් ඓතිහාසික වනවා සේම තවත් අතකින් අතිශය සංවේදී අවස්ථාවක්ද වෙනවා.



පරිනාමය ???

ආරම්භයේ සිය මේ දක්වා ලොව ජනප්‍රියම (?) පානය වන කොකාකෝලා බෝතලය වෙනස්වෙමින් පැමිණි අයුරු දැක්වෙන ඡායාරූපයක්... මේ ගැන වැඩි කැමැත්තක් නැතත් කැමැත්තක් ඇත්තන්ගේ දැනගැනීමට සුදුසු නිසා පළකලා...



හිට්ලර් බබා

මේ ඡායාරූපය මිනීමරු හිට්ලර් ළදරු වියේදී ගන්නා ලද්දක්... බලන්න මේ පොඩ්ඩා නපුරු පාට ද ? හුරතල් පාට ද කියලා...!



ගැලවුම්කාරයාගේ මැවුම්කරණය

බ්‍රසීලයේ රියෝ දි ජැනෙයිරෝ නගරයේ පිහිටි ලෝ පසිඳු ප්‍රතිමාව ඔබ දන්නවා නේද ? දෑත දෙපසට විහිදා ගත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව....! “ගැලවුම්කරු“ ලෙස හැඳින්වෙන මේ දැවැන්ත පිළිමයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන අතරතුර ගනු ලැබූ ඡායාරූපයක්...



අපේ ආදී මුත්තා

මේක මොකද්ද කියලා ගොඩක් අය දන්නවා ඇති. ඔයාලා මේ ටික කියවන්නේ, බලන්නේ මෙයාගේ අඩිපාරේ ආපු මෙයාගේ මුනුපුරු පරම්පරාව හින්දා තමයි... මේ තමයි ලෝකේ පළමු පරිගණකය...!



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -


මෙතනින් යන්න​

Monday 2 February 2015

852.ඩිජිටල් කැමරා තාක්ශණය : මොකක්ද මේ ISO?

ඩිජිටල් කැමරා තාක්ශණය : මොකක්ද මේ ISO?


අද භාවිතයේ පවතින සියලුම කැමරාවල ISO නමින් සීරුමාරුවක් ලබාදී තිබෙනවා. එසේවුවත් බොහෝ ආධුනික ඡායාරූප ශිල්පීන් මෙන්ම, ඉහල වෘත්තීය මට්ටමේ ඡායාරුප පාඨමාලා හදාරා නොමැතිව පලපුරුද්ද මත ඡායාරූපකරණයේ යෙදෙන වෘත්තීය ඡායාරූප ශිල්පීන් අතර පවා ISO සීරුමාරුව හා එය භාවිතකල යුතු අවස්ථා පිලිබඳව ඇත්තේ අඩු අවබෝධයක්.
ඡායාරූපකරණයේදී ISO යෙදුම භාවිතයට ගැනුනේ ඩිජිටල් කැමරා කරලිය පැමිණීමට බොහෝ කලකට පෙර සිටයි. එකල කැමරාව තුලින් ISO සීරුමාරු කිරීමේ හැකියාවක් නොතිබූ අතර ඒ වෙනුවට විවිධ ISO පරාසවල සේයාපට මිලදීගත හැකිව තිබුණා (උදා: 200, 400, 800). ශිල්පියා තමාට ඡායාරූප ගැනීමට සිදුවන පරිසරයේ ආලෝක තත්වය උපකල්පණය කොට ගැලපෙන ISO වේගයක් (ISO Speed) සහිත සේයා පටයක් තෝරාගත්තා. ISO කැමරාව තුලින් සීරුමාරුකල හැකි තත්වයක් ඇතිවුනේ වෘත්තීය මට්ටමේ DSLR ඩ්ජිටල් කැමරා වෙළඳපොලට පැමිණීමෙන් පසුවයි.



What is ISO?

ISO යනු ඩිජිටල් කැමරාවක ආලෝක සෙන්සරයේ ආලෝක සංවේදී බව සීරුමාරු කිරීමේ උපක්‍රමයයි. අඩු ආලෝක තත්වයක් යටතේ ලෙන්සය හරහා අඩු ආලෝකයක් සෙන්සරයට වැටෙනවිට ඡායාරූපය අඳුරුවීම වලක්වා ගැනීමට සෙන්සරයේ සංවේදීතාවය වැඩිකිරීම මගින් හැකියාව ලැබෙනවා. ISO වැඩිකරගැනීමෙන් ඉතා අඳුරු අවස්ථාවලදී පවා ඡායාරූපයක් සටහන් කරගත හැකි වුවත්, ඉහල ISO අගයන්වලදී ඡායාරූපයේ සුපැහැදිලිබව හෙවත් විබේධනය (resolution) අඩුවී ඡායාරූපය grainy ස්වභාවයක් ගන්නවා.

එයට හේතුව සෙන්සරයට ලැබෙන ආලෝක ප්‍රමාණය මදවීම නිසා සංවේදීතාවය වැඩිවුවත් ඡායාරූපය සම්පූර්ණ විබේධනයෙන් සටහන් කරගැනීමට හැකි නොවීමයි. මෙය තවත් පැහැදිලි කිරීමට සරල උදාහරණයක් නම් ඉතා දුර්වල ලෙස ටෙලිවිෂන් සංඥා ලැබෙනවිට රූපවාහිනී තිරයේ දසුනක් මැවීමට එය ප්‍රමාණවත් නෑ. බූස්ටරයක් දැමීම මගින් යම් දුරකට සංඥා ප්‍රභලකොට රූපවාහිනියට ලබාදීම මගින් තිරයේ හඳුනාගත හැකි දසුනක් මැවීම සිදුකල හැකියි. එහෙත් සුපහැදිලි දසුන් තිරයේ මැවෙන්නේ නෑ.




පොකට් කැමරා හා මධ්‍යම ප්‍රමාණයේ Compact කැමරා මෙන්ම DSLR කැමරාවලද Auto Mode හෙවත් ස්වයංක්‍රීය ආකාරයෙන් ඡායාරූප ගන්නාවිට, කැමරාවේ ලයිට් මීටරය මගින් ආලෝකයේ තීව්‍රතාවය මැනගෙන ස්වයංක්‍රීයවම ISO අගය වෙනස්කර ගන්නවා. එහෙත් බොහෝවිට කැමරාවේ ස්වයංක්‍රීය නිර්ණයන් වැරදී යන අතර ඡායාරූපය ප්‍රයෝජනයට ගත නොහැකිවනවා. එබැවින් බොහෝ පොකට් කැමරාවල මෙන්ම සියලුම Compact හා DSLR කැමරාවල ISO සීරුමාරුව Manual Setting හෙවත් ශිල්පියාට අවශ්‍ය පරිදි වෙනස්කරගැනීමේ පහසුකම ලබාදී තිබෙනවා.


පරිසරයේ ආලෝක තත්වය අනුව ISO අගය සීරුමාරු කරගන්නා ආකාරය.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Friday 23 January 2015

834.ලොව පළමු ඔටෝමැටික් දුම්රිය එන්ජිම

ලොව පළමු ඔටෝමැටික් දුම්රිය එන්ජිම



ලොව පලමු ස්වයං චලන එන්ජිම (first self-propelling steam engine) හෙවත් ප්‍රථම දුම්රිය එන්ජිම (first steam locomotive) 1801 දී ”Pen-y-Darren iron works” කර්‍මාන්තශාලාවෙහිදී නිර්මාණය විය. තවත් වැඩිදියුණුකිරීම් වලින් අනතුරුව 1804 පෙබරවාරි මස 13 දින යකඩ ටොන් 10 ක්, දුම්රිය පෙට්ටි 4 ක් සහ මිනිසුන් 70 දෙනෙක් සමග පෙනිඩැරන් ”Penydarren” සිට ඇබසිනන් ”Abecynon” දක්වා සැතපුම් 9.7ක දුරක් පැය 4 කුත් විනාඩි 5 ක කාලයක් තුල පැයට සැතපුම් 2.4 ක මධ්‍යන්‍ය වේගයක් සහිතව සාර්ථකව ගමන් කරන ලදී. මෙහි නිර්මාණකරු වූයේ රිචඩ් ට්‍රෙව්තික් ”Richard Trevithick” නැමැත්තායි (මොහු ගැන ලිපියක් පසුව බලාපොරොත්තු වන්න ). මෙම දුම්රිය එය නිර්මාණය කල කර්මාන්තශාලාවේ නමින්ම නම් කරන ලදී. එනම් ”පෙනිඩැරන්” ලෙසයි.

එකල තිබූ මහා මාර්ග වල තත්වය එතරම් සුදුසු නොවූ නිසා තමා නිර්මාණය කල එන්ජිම ගමන් කරවීමට රේල් පාරක් යොදාගැනිමට ට්‍රෙව්තික් කල්පනා කලා. මීට කලින් තිබූ වාශ්ප එන්ජින් වල භාවිත වූයේ අඩු පීඩනයක් සහිත හුමාලයයි, නමුත් පෙනිඩැරන් හි අධික පීඩනයක් සහිත හුමාලය මගින් පිස්ටනය චලනය කිරීම සිදුවිය.මෙහි තිබූ තවත් විශේෂත්වයක් වූයේ හුමාල සිලින්ඩරය හා පිස්ටනය තිරස්ව පිහිටා තිබීම යි.මෙහි එක් පැත්තකින් ජව රෝදය තීබුණු අතර දුම්රිය සමබර කිරීම සඳහා විශාල දැතිරෝදයක් අනෙක්පස සවිකොට තිබිණි.


මේ තියෙන්නෙ පෙනිඩැරන් වැඩකරන හැටි තියෙන පොඩි ක්ලිප් එකක්.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

831.සුවබර දිවියකට තාක්‍ෂණික උපකරණ

සුවබර දිවියකට  තාක්‍ෂණික උපකරණ



 කියන්න යන්නේ fitness කරන යට ඉතාම වැදගත් Activity Tracker වර්ගයේ උපාංග කීපයක් ගැනයි. මේ උපාංග  ඉතා සිත් ඇදගන්නාසුලු ආකාරයෙන් නිපදවා තිබෙන නිසා මෙය විලාසිතාවටත් ගැලපෙයි. මේ ජාතියේ උපකරණ රාශියකින් කිහිපයක් තමයි මම කියන්න යන්නේ.

1. Misfit Flash Activity Tracker




මෙය සාමාන්‍යයෙන් මිල අඩු උපාංගයකි. මෙය ජලයට ඔරොත්තු දෙන නිසා පිහිනිඉම් කරන යටත් ඉතා වැදගත්. මෙය විවිධ වර්ණ වලින් නිපදවේ. මෙහි මිල ඇමෙරිකානු ඩොලර් 49 ක් වෙයි.

2. Jawbone Up Move



මෙයත් පෙර උපාන්ගයී මිලම වෙයි. එනම් ඇ.ඩොලර්  49 කි. නමුත් මෙය ජලයට ඔරොත්තු නොදෙයි. මෙය ඔබගේ ශරීරයට ඇතුල් වෙන caffeine ප්‍රමාණය මැන පෙන්වයි. මෙය තමාගේ නින්ද ද පෙන්වයි.

3. Garmin’s Forerunner 15




මෙය ඉතාම හොඳ වර්ගයේ activity tracker එකකි. මෙය විශේෂයෙන්ම සාදා ඇත්තේ  දිවීම කරන අයටයි. මෙය දිවීමේ වේගය ආදී සියල්ල track කරයි. කෙසේවෙතත් මෙහි මිල නම් ඉතා අධිකයි. එනම් මිල ඇ.ඩො. 149 පමණ වෙයි. මෙය තමා විසින්ම තමාම මන ගැනීමට උපකාරී වෙයි.

4. Ithlete Finger Sensor


මෙය ඇඟිල්ලට දමා ipad හෝ iphone උපාංගයට සම්බන්ධ කල හැකි, හර්ද ස්පන්දනය මන ගත හැකි උපාංගයකි. මෙමගින් තමාගේ සිරුර වෙහෙසී ඇති ප්‍රමාණය හා තව වැඩ කල හැකි ප්‍රමාණය පෙන්වයි.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​
 
-