Ads 468x60px

home

Showing posts with label LESSON. Show all posts
Showing posts with label LESSON. Show all posts

Wednesday 25 March 2015

927.Computer Hardware පාඩම-16 (Peripherals)

Computer Hardware පාඩම-16 (Peripherals)




Computer Hardware පාඩමපාඩම් මාලාවේ දහසය වැනි ලිපිය තමයි අද ඔයාලට දෙන්නේ මුල් ලිපි  පහලොවම​  ඔයාලා කියවන්න ඇතිනේ කියවපු නැතිකෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින්  පහලොවම​   බලාගන්නකෝ.


 අද අප කතා කරන්න යන්නේ Peripherals ගැන බොහෝම කෙටියෙන්.

මොනවාද මේ  Peripherals කියන්නේ.
Computer Peripherals යනු පරිගනකයේ ඇතුලත කොටස් නොවන පරිගනකයට සම්බන්ධ කර ඇති උපාංග වේ. මේවාට Input/Output devices ඇතුළු ලොකු පරාසයක උපාංග ගණනාවක් අයත් වේ. ලොකු විස්තරයක් නොකියා කෙටි සටහනකින් මේවා හඳුන්වා දී තීරණය කළා. එහෙම නැතිනම් මේ පාඩම් මාලාව ලියවෙන එකක්ම නැති වේවි.

පළමුව අප ප්‍රධාන Output devices එකෙන් පටන් ගමු.

මොනිටරය Monitor
පරිගනකයක ප්‍රධානම Output devices එක මොනිටරයයි. විවිධ මොනිටර් භාවිතයේ පවතිනවා. ඒවා අතරින් කලින් බහුලවම භාවිතා වූයේ CRT Monitor. මේ නම සැදී ඇත්තේ Cathode Ray Tube යන වචනය කෙටි වීමෙන්. මෙහි රූපය සෑදෙන්නේ ඉදිරිපස තිරය හා පසුපස ඇති සන්නායකය අතර ඇතිවන අධි වෝල්ටීය තාවයෙන් නිකුත් වන කැතෝඩ කිරණ ඉදිරිපස ඇති රසායන ආලේපිත තිරයේ වැදීමෙන් නිකුත්වන වර්ණ වත් ආලෝක ලප වලින්. මේවායේ වර්ණ ඉතා පැහැදිලි ස්වභාවික වර්ණයට බොහෝ ආසන්න තත්වයේ පවතිනවා.


රූපය 01

මේවායේ ඇති අවාසිය වැඩි විදුලි පරිභොජනය, වැඩි ඉඩක් ගැනීමයි. මේවා දැන් භාවිතය ක්‍රමයෙන් අඩුවන අතර ඒ අඩුව පුරවන්නේ LCD Monitor.

රූපය 02


රූපය 03

LCD මොනිටරයක (වර්ථමානයේ නම් භාවිතා වෙන්නේ TFT LCD) හෝ LED මොනිටරයක රූපයක් ඇති වීමේ ක්‍රමය කැතෝඩ කිරණ ඩිස්ප්ලේ එකකට වඩා වෙනස්. මෙහි රූපය ජනනය වන්නේ Liquid crystal වලිනි. මේවාද කැතෝඩ කිරන නල මෙන්ම කුඩා පික්සල් ගණනාවකින් සැදී ඇත. ආකාර දෙකක LCD Screen ඇත.
1 Active Matrix
මේවායෙන් ආලෝකයක් පිට නොවේ. එනිසා සෑදෙන රූපය අපට නොපෙනේ. එම රූපය අපට දර්ශනය වීමට නම් පසුපසින් ආලෝක ප්‍රභවයක් සැපයිය යුතුය. මේ සඳහා කාලයක්ම භාවිතා කලේ ප්‍රතිදීපන ආලෝකයයි (Fluorescent light). මෙය ඔබ නිවසේ භාවිතා කරන ටියුබ් ලයිට් හෝ CFL බල්බ් එකක ඇති ආකාරයේම ආලෝක ප්‍රභවයකි. නමුත් වර්ථමානයේ ඒ සඳහා භාවිතා වන්නේ LED බල්බයන්ය. සමහර විට ඔබ දැක ඇති විදුලිපන්දම් සඳහා භාවිතා කරන සුදුපැහැ ආලෝකයක් නිකුත් කරන LED. වර්ථමාන LED screen වලද භාවිතා වෙන්නේ මේ හා සමානම ආලෝක ක්‍රමයකි. අද බොහෝදෙනා කතා කරන විට LED මොනිටර් ලෙස හඳුන්වන්නේ මෙම මොනිටර්ය. රූපවාහිනී සම්බන්ධයෙන්ද එසේමය. වෙනසකට ඇත්තේ Fluorescent වලට වඩා LED අඩුවෙන් විදුලිය පරිහරණයයි. ඒ නිසාම විදුලි පරිභෝජනය අතින් වැඩිම වාසිදායක LED LCD screen භාවිතා කිරීමයි.

2 Passive Matrix Display
මේවායේ ආලෝක ප්‍රභවයක් නැත. ඔබ නිතර දැක ඇති ඉලෙක්ට්‍රොනික ඔර්ලොසු, කැල්කියුලේටර් ආදියේ ඇත්තේ මෙවැනි ස්ක්‍රීන්ය
රූපය 04
TFT යනු වෙන් හඳුන්වන්නේ Thin film transistor liquid crystal display යන්න කෙටියෙනි.
මේ අනුව පරිගනකයට අඩුම විදුලි ප්‍රමාණයකින් භාවිතා කල හැකි වන්නේ LED LCD මොනිටර් වේ. එහෙත් වඩාත් ස්වභාවික වර්ණ ලබාගැනීමට නම් තවමත් ඉදිරියෙන් ඇත්තේ CRT මොනිටර් වේ.

මොනිටරයක ප්‍රමාණය හා පළල හා උස අතර අනුපාතය. 
මෙය LCD හා CRT යන දෙකටම පොදු ආකාරයට කතා කරමු.
මොනිටරයක ප්‍රමාණය දක්වන්නේ අඟල් වලිනි. මෙය සෙන්ටිමීටර් හෝ මිලි මීටර් වලින් දැක්විය හැකි වුවත් තවමත් අඟල් ඒකකය භාවිතා වේ. මෙය ගණනය කරනු ලබන්නේ එහි විකර්ණයක දිග ලිසයි. එහි මොඩල් අංකය බොහෝවිට මෙම අගයෙන් නිරූපනය වේ.
රූපය 05 

උදාහරණයක් ලෙස E1912H යනු විකර්ණය අඟල් 19ක් වූ (ඉහත රූපයේ රතු පැහැ ඊතලය) මොනිටරයකි.

උස හා පළල අතර අනුපාතය අනුව මොනිටර් ආකාර දෙකක් වෙළඳ පොලේ බහුලව ඇත. මුලින් පැවතියේ 4:3 අනුපාතයේ මොනිටර්ය. ඉහත රූපයේ ඇත්තේ එවන් මොනිටරයකි. නමුත් දැන් ඇති LCD මොනිටර් සියල්ලම පාහේ 16:9 අනුපාතයේ පුළුල් තිර ඒවායි. (රූපය 03). සාමාන්‍ය භාවිතයට වඩා සුදුසු 4:3 අනුපාතයේ ඒවා වුවත් දැන් ඒවා වෙළඳපොලේ සුලභ නැත. නිශ්පාදනය වන්නේ සීමිත ප්‍රමාණයකි. මිළ වැඩිය.
4:3 අනුපාතයේ එකක් නම් සාමාන්‍ය භාවිතයට අඟල් 14, 15 හෝ 17 පමණ ප්‍රමාණවත් වන අතර ප්‍රමාණය වැඩි වන විට විදුලි පරිහරණය වැඩිය.
එහෙත් 16:9 අනුපාතයේ එකක් නම් අඟල් 17 හෝ 19 සාමාන්‍ය භාවිතයට වඩා සුදුසු වේ. මේවාද ප්‍රමාණය වැඩිවත්ම වැඩියෙන් විදුලිය වැය කරයි. මෙම මොනිටර් වර්ථමානයේ නිපදවෙන පුළුල්තිර චිත්‍රපට බැලීමේදී නම් වැඩි විශාල රූපයක් ලබාගැනීමට වඩා සුදුසු වේ. පැරණි වීඩියෝ/ චිත්‍රපට නැරඹීමට නම් 4:3 අනුපාත ඒවා වඩා හොඳයි.
4:3 අනුපාත මොනිටර් VGA, SVGA, XGA, SXGA ආදී ලෙස අඟලට ඇති පික්සල් ප්‍රමාණය අනුව වර්ග කර ඇත. (බහුලව භාවිතාවූ රෙසලූශන්)
16:9 අනුපාත මොනිටර් WSVGA, HD/WXGA, WXGA ආදී ලෙස වර්ගීකරණය කළ හැක.  HD/WXGA (720x1280 හෝ වැඩි) HD හෙවත් High definition ලෙසද හැඳින්වේ.
මොනිටර් ගැන තවත් බොහෝදේ කතා කළ හැකි වුවත් මේ ප්‍රමාණවත් කියා හිතනවා.

යතුරු පුවරුව / Keyboard
පරිගනකයක වැදගත්ම කොටස කී බෝඩ් එක කියා ඇතැම් අය කියනවා. මෙය නිවැරදි අර්ථකථනයක් නොවුනත් කී බෝඩ් එක නැතිනම් පරිගනකයෙන් ඇති වැඩක් නැති තරම්. පරිගනකයකට වැඩිම දත්ත ප්‍රමාණයක් ඇතුලත් වෙන්නේ කී බෝඩ් එකෙන්. නිකමට කල්පනා කර බලන්න දිනකට ලෝකට පුරා ඇති පරිගනක යතුරුපුවරු වලින් දිනකට ඇතුලත් කරන අකුරු ගණන. මා එය දන්නේ නම් නෑ. ඒත් එය ලියන්න නම් පහසු වෙන එකක් නෑ. ඒ තරමට කී බෝඩ් එකේ භාවිතය වැදගත්. කීබෝඩ් ආකාර 3ක් දක්නට ලැබෙන අතර සාමාන්‍ය ඩෙස්ක්ටොප් කීබෝඩ් එකක යතුරු (කී) 101ක් ඇතුලත්. එය Windows Keyboard එකක් නම් 104ක්.  එහෙත් ලැප්ටොප් / නෝට් බුක් ආකාරයේ එකක මීට අඩු අතර ප්‍රමාණයෙන්ද කුඩාය. ලැප්ටොප් කී බෝඩ් එක් එක් නිශ්පාදකයා අනුව යතුරු ප්‍රමාණය අඩු වැඩි විය හැක. මීට අමතරව අතේ ගෙනයන උපකරණ හා ජංගම දුරකථන වල ඇත්තේ කුඩා ප්‍රමාණයේ වෙනස් ආකාර යතුරු පුවරු වේ.
සාමාන්‍ය ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් වල යතුරු සැකැස්ම සම්මත ආකාරයකට වේ. සාමාන්‍ය ඩෙස්ක්ටොප් යතුරු පුවරුව පහද ආකාර වේ.

රූපය 06
මීට අමතරව වැඩි කී ප්‍රමාණයක් ඇති කීබෝඩ් ඇත. මේවා මල්ටිමීඩියා කී බෝඩ් ලෙස හැඳින්වේ. ඒවායේ ඇති ෂෝට් කට් මගින් කලින් සකස් කර ඇති ඇප්ලිකේශන් එක් වරම ඕපන් කල හැකිය.
උදාහරණ.
මීඩියා ප්ලේයර් එක රන් කිරීම, නැවතීම, ශබ්දය අඩු වැඩි කිරීම...

රූපය 07
මවුස් උපකරණය / Mouse
මෙයත් වැඩියෙන්ම භාවිතා කරන උපකරණයක්. පෙර පැවතියේ බෝලයක් කරකැවෙන විට මවුස් පොයින්ටර් එක ගමන් කරනා ඒවා වුවත් ඒවායේ ඉක්මනින් කුණු බැඳී නිසි ලෙස චලනය නොවී යනවා. එහෙත් දැන් ඇති අධෝරක්ත කිරණ මවුස් වල එවන් අපහසුතා ඇතිවන්නේ නෑ. සාමාන්‍ය මවුස් එකක බට්න් දෙකක් හා පිටුව ඉහලට හා පහලට පෙරළීමට රෝදයක් (Scroll Wheel) ඇත. මෙම වීල් එකට බට්න් එකක් මෙන් ක්‍රියා කරන අතර එය ක්ලික් කිරීමෙන්ද සමහර ෆන්ශන් භාවිතා කළ හැක.
උදාහරණ. මෙය ලින්ක් එකක් මත ක්ලික් කිරීමෙන් බ්‍රව්සරයේ අලුත් ටැබ් එකක ලින්ක් එකට අදාළ පිටුව ඕපන් කිරීම.

ස්පීකර් /Speaker
අප පරිගනකයක් භාවිතා කරන විට දැන් කාලයේ ඇති පරිගනක බහුමාධ්‍ය (Multimedia Computer) නිසා ශබ්දය ඇසීමට ක්‍රමයක් තිබිය යුතුය. මේ සඳහා විවිධ ආකාරයේ ස්පීකර් පද්ධති භාවිතා කරයි. බහුලවම හමුවන්නේ ඩෙස්ක්ටොප් ස්පීකර් වේ.
වඩා හොඳ ශ්‍රවණයක් වඩා සජීවීව ඇසීමට සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් ඇත.

තමාට පමණක් කිසිවෙකුට කරදරයක් නැතිව ඇසීමට අවශ්‍ය නම් හෙඩ්ෆෝන් එකක් භාවිතා කරන්න පුළුවන්.
මේවායි කැමති එකක් ඔබේ කැමැත්ත අනුව තෝරා ගන්න. අලුත් පරිගනක වල බොහෝවට පසුපස වගේම ඉදිරි පසත් ඕඩියෝ කනෙක්ටර් ඇති නිසා ඩෙස්ක්ටොප් හෝ සරවුන්ඩ් සිස්ටම් එකක් ඇතත් තනිවම අහන්න ඕනි නම් හෙඩ් ෆෝන් භාවිතා කරන්න පුළුවන්. එය සවිකල සැනින් පසුපස කනෙක්ටරය ඩිසේබල් වේ.
ලැප්ටොප් / නෝට්බුක් සඳහා හෙඩ්ෆෝන් භාවිතා කළත් ස්පීකර් ඒ තුලම අන්තර්ගත නිසා වෙනම අවශ්‍ය නැත. කැමතිනම් සරවුන්ඩ් සිස්ටම් එකක් භාවිතා කරන්න පුළුවන්.

Game Control
විවිධ පරිගණක ක්‍රිඩා සඳහා මේවා භාවිතා වේ. ‍ජෝයිස්ටික්(Joystick), ගේම් පෑඩ්(Gamepad), ෆෝස් ෆීඩ් බැක් (Force Feedback) මේ අතර වේ.

ජෝයිස්ටික්
ගේම් පෑඩ් එකක්
ෆෝස් ෆීඩ් බැක් එකක්
අප මේ ලිපියෙන් කතා කලේ අද කාලේ කොම්පියුටර් සඳහා භාවිතා වන උපාංග හා මීට සුළු කාලයකට පෙර භාවිතා කළ උපාංග ගැනයි. මේවාට අමතරව තවත් බොහෝ උපාංග ඇතත් ඒ සියල්ල විස්තර කරන්න අදහසක් නෑ. වැදගත් යැයි හැඟෙන සියල්ල පිළිබඳව ඉතා කෙටියෙන් අපි කතා කළ අතර මේ සමගින් හාඩ්වෙයාර් පාඩමේ පළමු අදියර අවසන් වෙනවා. දෙවන අදියර සමග නැවත කොම්පියුටර් හාඩ්වෙයාර් ගැන කතා කරමු.සදා ජය​......

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Tuesday 24 March 2015

926.Softwares නැතුව Windows 7 genuine කරමුද?

Softwares නැතුව Windows 7 genuine කරමුද?




ඔන්න windows 7 පාවිච්චි කරන අයටයි මේ Trick එක...කිසිම Software එකක් නැතුව ලේසියෙන් Windows genuine කරගන්න පුලුවන්...එහෙනන් වැඩේ කරල බලමු...



Windows Key + R ඔබන්න...
ඊටපස්සෙ 'Run' box එක එනවා,එකේ CMD කියල Type කරන්න...
ඊටපස්සෙ OK ඔබන්න...
*CMD එක Administrator විදිහට Run කරන්න...

CMD එකේ SLMGR -REARM කියල Type කරල Enter කරන්න...



 තත්පර 10 විතර ඉන්න
ඊටපස්සෙ පහළ තියෙනව වගේ Message එකක් එයි...



ඊටපස්සෙ PC එක Restart කරන්නයි තියෙන්නෙ



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -


මෙතනින් යන්න​

Tuesday 3 March 2015

900.ඔබේ හිතට ලෙඩ දෙන පරිගණක වෛරස්

ඔබේ හිතට ලෙඩ දෙන පරිගණක වෛරස්

මොකක්ද මේ වෛරස් කියන්නේ?

සාමාන්‍යයෙන් වෛරස් නමින් හඳුන්වන්නේ අපට අවශ්‍ය නැති යම්කිසි ක‍්‍රියාවලියක් මගින් පරිගණකය තුළ ක‍්‍රියාත්මක වෙමින් ඔබගේ කටයුතුවලට බාධා පැමිණවිය හැකි මෘදුකාංගවලටයි. නමුත් අද වන විට වයිරස්වලින් ඊට වඩා බොහෝ දේවල් සිදුකරනු ලබනවා. දත්ත මංකොල්ල කෑම, අපට නොදැනුවත්ව ම පරිගණකයට රිංගාගෙන  ඕනෑ එපාකම්වලට භාවිත කිරීම, පරිගණකයේ හිස්ව ඇති drive space තාවකාලිකව භාවිතා කිරීම, නොයෙකුත් ආකාරයේ වෙළෙඳ දැන්වීම් පෙන්වීම මේවා අතර විශේෂයි. ඇත්තට ම මේවා අනවශ්‍ය තැරැුව්කරුවකු හෝ දුෂ්ඨයෙකු ලෙස ක‍්‍රියාකරයි. ඔබ තුළ නොරිස්සුම් ස්භාවයක් ඇති කරයි. සමහර අවස්ථාවල කළකිරීමට හෝ අලස බවට ඔබේ හිත පත්කරන්නට තරම් මේවා සමත් වෙනවා.

වෛරස් නිර්මාණය කරන්නේ කවුද ? කුමන අරමුණු සඳහා ද?

වෛරස් ඉතා සියුම්ව හා ඉහළ ක‍්‍රියාකාරීත්වයෙන් යුක්තව නිර්මාණය කරනු ලබනව. කළින් සඳහන් කළ පරිදි අපේ පරිගණකය තුළට රිංගාගෙන අනිසි ක‍්‍රියාකාරකම් කිරීම වෛරස්වල ප‍්‍රධාන අරමුණයි. වෛරස් නිර්මාණය කරන පුද්ගලයන් හෝ කණ්ඩායම් හි අරමුණ මුදල් උපයා ගැනීමයි.

මොනවද ඒ?

සමහර වෛරස් නිපදවන්නන් විසින් අපේ පරිගණකය ග‍්‍රහණයට නතු කර ගන්නවා. අපට ඒක දැනෙන්නේ නැහැ. නමුත් අපේ පරිගණකය විවිධ වෛරස් මෘදුකාංග මගින් ඔවුන්ගේ ජාලයට ඈඳාගනු ලබනවා. පසුව එම ජාලය ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කරනවා. ඔබට නොදැනීම ඔබේ පරිගණකය විශාල ජාලයකට අයත් ජාලයගත පරිගණකයක් බවට පත්වෙනවා. සමහර අවස්ථාවල ඔබට දැනිල ඇති ඔබේ ඉන්ටර්නෙට් වේගය ඉතා අඩු අවස්ථාවන්. ඒ ඔබේ පරිගණකය හරහා ඔවුන් අන්තර්ජාල වේගය භාවිත කරන අවස්ථාවන්. අපි එය bandwidth භාවිතා වීම ලෙස හඳුන්වනව. එපමණක් නොවෙයි,

මොනවගේ දත්ත ද අපෙන් සොරා ගන්නේ?

ඔබේ නම, ගම, රහස් මුරපද (passwords) ඔබේ mail addresses (contacts list), දුරකථන අංක මේවා පහසුවෙන් සොරාගනු ලබනවා. සමහර විට ඔබ කිසිදිනක නොහඳුනන ආයතන, පුද්ගලයන් ගෙන් ඔබට mail ලැබිල ඇති. ඒ ඔබේ යහළුවෙකුගෙන් හෝ සේවාදායකයෙකුගෙන් ඔබේ ලිපිනය සොරා ගැනීමෙනි. සමහර කණ්ඩායම් මේ mail address සහ දුරකථන අංක සොරකම්කර ඉතාම ඉහළ වටිනාකම්වලට විකුණනු ලබනවා. ඒ වගේ සමහර ආයතන නීත්‍යානුකූලයි.

භයානක දේවලූත් සිදු කරනවා, credit card අංක" credit card information ආදියත් සොරා ගන්නවා. එපමණක් නොවෙයි, අපි බලන වෙබ් අඩවි මොනවද?, අපි වෙබ් අඩවි සමග කරන ගනුදෙනු මොනවාද? කොයි වගේ වෙබ් අඩවිවලට ද කැමැති ද? වැනි දේවලූත් හොරෙන් බලාගැනීම වැනි දේවල් වෛරස් මගින් සිදුකරනව. මේවා behavior tracking නමින් හඳුන්වනු ලබනව. මේ සියලූම දත්ත ඔවුන් එක්රැුස් කරගැනීමෙන් පසු ඒවාට කුමක් කරයි ද? අන්තර්ජලය හරහා ම විශාල වටිනාකම්වලට විකුණනු ලබනවා. මුදල් දී මේවා ගන්නත් පිරිසක් සිටිනවා. එසේ නම් තත්ත්වය භයානකයි. අපිව මුලූමනින් ම ආක‍්‍රමණය කර අවසන්. අපේ පෞද්ගලිකත්වයටත් බාධා පැමිණිලා. මේ තමයි තාක්‍ෂණ දියුණුවත් එක්ක අපිට මුහුණ දෙන්නවෙන ගැටලූ.

වෛරස් අපිට ලැබෙන්නේ කොහොමද?

හරිම සරලයි. පරිගණකය යනු යන්ත‍්‍රයක්. එය ක‍්‍රියාකරවන්නේ අප විසින්මයි. අපි එයට ඇතුළත් කරන දත්ත මගින්මයි වෛරස් ඇතුළු වෙන්නේ. කොහොමද ඒ? බොහෝ විද්වතුන් කියන්නේ වෛරස් ඇතුළු වන්නට ප‍්‍රධාන හේතුව එකක් නොසැලකිල්ල, අනෙක නොදැනුවත්කම කියලයි.

එයින් අදහස් වෙන්නේ අප විසින් ම අපේ පරිගණය තුළට වෛරස් ඇතුළු කිරීමක් ද? ඔව් අපි විසින්මයි වෛරස් ඇතුළු කරගනුයේ. යන්ත‍්‍රයක් ක‍්‍රියාත්මක කර එයින් නිසි ප‍්‍රයෝජන ගැනීමට පෙර ඒ පිළිබඳ හොඳ දැනුමක් අවශ්‍යයි. නමුත් පරිගණක ක‍්‍රියාකරවන්නන්ගෙන් 60% ක් 70%ක්ම ඒ පිළිබඳව නිවැරැුදි දැනුමක් නැහැ. විශේෂයෙන්ම අන්තර්ජාලය භාවිත කිරීම පිළිබඳවත් දැනුමක් නැහැ.

මේ නොදැනුවත්කම්වලින් වෛරස් නිපදවන්නන් අවස්ථා වාදීව පළ ලබනවා.

කොහොමද ඒ?

උදාහරණයකට ඔබට ලැබෙන mail සියල්ල ම ඔබ දිගහැර බලනවා නේද? ඇයි? ඔබ තුල පවතින කුතුහලය සහ නොසැලකිල්ල නිසයි. මේ එක් ප‍්‍රධාන ක‍්‍රමයක් වෛරස් ඒ තුළ සැගවිලා පරිගණකයට ඇතුළු වෙන. සමහර අවස්ථාවල දී mail open කිරීමේ දී වෙබ් අඩවියකට හෝ කිහිපයකට ඇතුළුවීම ඇරඹෙනව. social වෙබ් අඩවිවලට යාළුවන්ගෙන් ලැබෙන invites හොඳ උදාහරණක්. හොඳින් අධ්‍යයනයක යෙදිල බැලූවොත් බොහෝ social වෙබ් අඩවි තේරුමක් නැහැ. එහෙම නැත්තම් ආගම්වාදී, ජාතීවාදී කරුණු තමයි සාකච්ඡා කරන්නේ, සමහර විට අදාළ වෙබ් අඩවිය නොදැන ම ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා වෙනත් පුද්ගලයන් විසින් වෛරස් බෙදාහැරීම සිදුකරනව.

තවත් වෛරස් ඇතුළුවන ක‍්‍රමයක් විදියට ගීත, වීඩියෝ එහෙම නැත්තම් පින්තූර බාගන්න යන අවස්ථා. හරිම ලෙහෙසියෙන් මේවා එක්ක වෛරස් මලූ පිටින් පැමිණෙනවා. නමුත් මේ සෑම අවස්ථාවක දී ම නොවුනත් බොහෝ විට ඔබෙන් විමසීමක් කරනව ” ඕනෑ ද? එපා ද?” කියල. කාලයක් තිස්සේ අත්හදා බැලීම් කර අපිව හොඳින් අඳුනන වෛරස්වලින් අපිට බේරෙන්නත් පහසුම නැහැ. නමුත් ඔබට අන්තර්ජාල බාගත කිරීම්වලදි නොමිලේ ලැබෙන massages, request හෝ like ගැන සැලකිලිමත් වුනොත් මේ වෛරස්වලින් වළකින්න පුළුවන්.

උදාහරණයකට ඔබට යම්කිසි ගීතයක් බාගත කරන්න අවශ්‍ය වෙනව, ඒ පිළිබඳව search කර බැලූවොත් අදාළ ගීතය සඳහා වෙබ් අඩවි විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. එයින් official වෙබ් අඩවිය පමණක් භාවිත කරන්න උත්සාහ ගත යුතුයි. අතර මැදි වෙබ් හරහා යනවිට තමයි වෛරස් ඇතුළුවන්නේ.

ඒ වගේම නොමිලේ බාගන්න software, මේවා හරිම ප‍්‍රවේසමෙන් කළ යුතුයි. කෙසේ හෝ නිල වෙබ් අඩවිය මගින් පමණක්  ඕනෑ කරන software පමණක් ගන්නට වග බලාගන්න.

මේ වෛරස් මගින් අපට වෙළෙඳ දැන්වීම් පෙන්වීමත් කරනවා. ඒකත් එක වෛරස් වර්ගයක්. අපිට අවශ්‍ය නැතත් අපේ screen එක එක පැතිවලින් වෙළෙඳ දැන්වීම් පෙන්වනවා. හරිම කරදරයි. එපමණක් නොවෙයි, සමහර අවස්ථාවල අසභ්‍ය දර්ශන සහිත දැන්වීම්, වීඩියෝ දැන්වීම් පවා මේ එක්ක පෙන්වනව.

තවත් අවස්ථාවල දී විවිධ වර්ගයේ toolbar ලැබෙනවා. අතපසුවීමකින් click, install කළහොත් අපේ browser හි default toolbar බවට පත්වෙනව. මේවා ඉවත් කිරීම හරිම අපහසුයි. ඒ toolbar හුඟක් භයානකයි. මොකද බොහොමයක් toolbar මගින් අපේ ක‍්‍රියාකාරකම් බලන් ඉන්න පුළුවනි.

මේ ලිපිය කියවන විට ඔබට පැහැදිලි එක කරුණක් වෙන්නේ අන්තර්ජාලයෙන් මගින් වෛරස් බොහොමයක් ඇතුළත්වන බව. නමුත් USB, CD මගිනුත්, අවශ්‍ය software ඇතුළත් කිරීමේදීත්  විශේෂයෙන් crack කර install කරනු ලබන හොර කොපි මගිනුත් වෛරස් එනවා.

පරිගණක තුළ ඇයි මේ වෛරස්වලට ඉඩකඩක් තියෙන්නේ?

වැදගත්ම ප‍්‍රශ්නයක්, මොකද මේ වෛරස් එහෙම නැත්තම් අනවශ්‍ය software පරිගණකයෙන් භාරගන්නේ කියන එක. ඒකට ප‍්‍රධාන හේතුවක් විදියට ප‍්‍රධාන මෙහෙයුම් පද්ධතිය එහෙම නැත්තම් OS එහි තිබෙන අඩුපාඩු (සිදුරු) පෙන්වන්න පුළුවනි. ප‍්‍රධාන මෙහෙයුම් පද්ධතියේ තිබෙන සිදුරුවලින් මේ වෛරස් ඇතුළු වීමෙන්පසු ක‍්‍රියාත්මක වේ. වෛරස් නිපදවන්නන් හරිම දක්‍ෂයි. ඔවුන් මේ සිදුරු හරියටම අඳුරනව. ඒ වගේම ඉක්මනින් පැතිරෙන්නත්, අසුනොවී සැගව සිටින්නත් වෛරස් සමත්. OS පමණක් නොවෙයි දෝෂ සහිතව ලියන ලද අප විසින් භාවිත කරන  ඕනෑම මෘදුකාංගයක් නිසා වෛරස් ඇතුළු වෙනවා. උදාහරණයකට games පෙන්වා දෙන්න පුළුවනි. සමහර games ම තමයි වෛරස් එකක් විදියට ක‍්‍රියාකරනුයේ. මේ සිදුරු එහෙම නැත්තම් නිවැරැුදිව code නොකළ මෘදුකාංගවල දෝෂ bug ලෙස හඳුන්වනු ලබනව.

සිදුරු bugs නැති මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග නැද්ද?

වෛරස්වලින් වැළකී සිටින්න නම් අපි bugs සිදුරු නැති OS සහ software භාවිතා කළයුතු වෙනවා. එනම් හොර කොපි භාවිතය නතර කරනව යන්නයි. නිතරම update කරන ලද windows භාවිතය අත්‍යවශ්‍යයි. ඒ වගේම genuine software භාවිත කරන්න  ඕන. එවිට වෛරස්වලට රිංගන්න අපහසුයි. නමුත් ඒකට ලොකු වියදමක් දරන්නට සිදුවෙනව. ඒ නිසා අපි නිතරම patch, windows update, service pack භාවිතා කරන්න  ඕන. software වුනත් අලූත් version භාවිත කිරීම තමයි සුදුසු ම.

ඇන්ටි වෛරස් හෙවත් Virus Guard ටම්රා

වෛරස් පාලනය කරන්න පුළුවනි, නමුත් නවත්වන්න බැහැ කියන එක ඔබ අවධාරණය කරගත යුතුයි. කොහොම වෙතත් මේ වෛරස් පාලනය සඳහා security virus guard නැත්තම් virus guard වලට ලොකු දෙයක් කරන්න බැහැ. මේවායින් කෙරෙන්නේ අපේ පරිගණකය තව ටිකක් සෙමින් වැඩකිරීම විතරයි. ප‍්‍රායෝගිකව බැලූවොත් virus guard කරන්නේ නිපදවන දිනය දක්වා සොයාගත් ප‍්‍රසිද්ධ වෛරස් පමණක් අල්ලා ඉවත්කිරීම පමණයි. නමුත් එදිනට පසුව ඇතිවන වෛරස් හඳුනා ගැනීමට හැකියාවක් නැහැ. බොහෝවිට වෛරස් විසින් virus guard ට මුලින්ම attack හෙවත් පහර දී පරිගණකයට ඇතුළු වෙනව. එහෙම නැත්තම් update වීම වළක්වනව.

සමහර අය පරිගණයකට virus guard එකක් හෝ කීපයක් ම දමාගන්නව. සමහර ඒවා trial version. බොහෝ විට මේ virus guard තමයි වෛරස් බවට පත්වන්නේ. සෑමවිට ම එක් virus guard ක් අනෙක් virus guard ය වෛරස් එකක් විදියට තමයි හඳුනා ගන්නෙ. ඒ නිසා virus guard දාගන්න විටත් සැලකිලිමත් වෙන්න  ඕන.

පහත උපදෙස් අනුගමනය කිරීම මගින් වෛරස් මගින් සිදුවිය හැකි විශාල හානි මගහරවා ගන්න පුළුවනි.

සියලූම වැඩසටහන් හා OS update කිරීම.
Crack කරපු software භාවිත නොකිරීම.
Microsoft Security Essentialist ස්ථාපනය. (වෙනමම virus scanner අවශ්‍ය නොවේ)
Administrator ලොගින් භාවිතයෙන් වැළකීම. සෑම විටම සාමාන්‍ය user account වැඩ කිරීම.
Internet explorer වෙනුවට Google Chrome හෝ Mozilla Firefox භාවිතය.
Java ස්ථාපනයෙන් වැළකීම.
Java Script, web browser මගින් disable කිරීම හෝ noscript, firefox හා chrome සඳහා භාවිතය.
USB හි auto run disable කිරීම.
නොදන්නා link click කිරීමෙන් වැළකීම.
Software/drivers බාගත කිරීම සඳහා අදාළ නිල වෙබ් අඩවිය පමණක් භාවිත කිරීම.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Saturday 21 February 2015

886.keyboard එකෙන් දාන windows 7 වැඩ කිඩ

keyboard එකෙන් දාන windows 7 වැඩ කිඩ 


අද  කියන්න​ යන්නේ windows 7 වලට අදාල keyboard එකේ shortcuts සහ tricks ගැන.ගොඩක් අය මේ ගැන දන්නෙ නෑ.එහෙනම් අපි වැඩේ පටන් ගමු. 

[Windows] + [Spacebar]
දැනට open වී ඇති සියලු window නැතිවී desktop තිරය වෙත පිවිසේ.

 [Windows] + [D] desktop 
තිරය පෙන්වීම සහ සැඟවීම 

[Windows] + [Home] 
select කරන ලද windows minimized කර දැක්වීම.

Image result for [Windows] + [Home]

[Windows] + left arrow OR [Windows] + right arrow 
කවුළු half size එකට පත්වී තිරයේ වමට හා දකුණට වීම 

[Windows] + up arrow OR [Windows] + down arrow 
windows උපරිම විශාලත්වයට පත්වීම සහ නැවත යථා තත්වයට පත්වීම 

[Windows] + [SHIFT] + up arrow OR [Windows] + [SHIFT] + down arrow
 සිරස් අයුරින් කවුළු උපරිම විශාලත්වයට පත්වීම සහ නැවත යථා පරිදි සකස් වීම

 [Windows] + [Tab] 
තිරය මත විවෘත කර ඇති කවුළු ත්‍රිමාණ ආකාරයට පෙන්වීම

 [Alt] + [Ctrl] + [Tag] + left/right/up/down arrow 
විවෘත කර අැති කවුළු තිරය මත shortcut ඒකක් ආකාරයට දැක්වීම


 [Alt] + [Tab] 
ඉහත ආකාරයටම shortcut එකක් තිරය මත පෙන්වීම 

[Windows] + [1] THROUGH [Windows] + [9] 
task bar හි ඇති icon 1 සිට 9 දක්වා විවෘත කරවීම 
[Windows] + [Ctrl] + [1] THROUGH [Windows] + [Ctrl] + [9] [Windows] + [SHIFT] + [1] THROUGH [Windows] + [SHIFT] [9] ඉහත පරිදිම ඇති icon ඉතා ඉක්මනින් විවෘත කරවීම

 [Windows] + [Alt] + [1] THROUGH [Windows] + [Alt] + [9] අදාල icon වල jump list විවෘත කරවීම 

[Windows] + [P] 
දැනට ක්‍රියාත්මක වන තිරය අදාල පරිදි තේරීමේ මෙනුව 



[Windows] + [+] OR [Windows] + [-] 
තිරය මත විශාලකය ක්‍රියාත්මක වීම.මෙමඟින් තිරය මත අදාළ ස්ථාන ළං කර බැලිය හැකි වේ





[Ctrl] + [Alt] + [D]
 තිරය මත docked mode ක්‍රියාත්මක වීම.mouse cursor ක්‍රියාත්මක වබ ප්‍රෙද්ශය වෙනම ඉහලින් දක්වයි

 [Ctrl] + [Alt] + [L] 
තිරය මත lens mode ක්‍රියාත්මක වේ 

[Ctrl] + [Alt] + [F] 
lens mode හා docked mode වලින් ඉවත් වීම

 [Ctrl] + [Alt] + [I] 
invert colors ඇති කිරීම 

[Windows] + [Esc]
 විශාලක අවස්ථාවෙන් ඉවත් වීම 




[Windows] + [G] 
desktop gadgets මතු කර පෙන්වීම

 [Windows] + [X] 
Windows Mobility Center දියත් කිරීම.




මෙය ලැප්ටොප් භාවිතා කරන්නන්ට වැදගත් වන මෙනුවකි. ඉහත tricks සහ shortcuts ඔබත් අත්හදා බලන්න.පරිඝණකය නිතර භාවිතා කරන ඔබට මෙම tricks වැදගත් වේවි.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Wednesday 18 February 2015

880.පරිගණකයේ ආයු කාලය වැඩිකර ගනිමු

පරිගණකයේ ආයු කාලය වැඩිකර ගනිමු

Image result for computer service


අපි කවුරුත් කැමතියි අපේ කොම් එක අවුලක් නැතුව ගොඩක් කල් පාවිච්චි කරන්න. ඒත් අපේ නොදන්නාකම නිසා අපේ කොම් එකේ ආයු කාලය සෑහෙන්න අඩු වෙනවා. ඉතින් මම කල්පනා කළා සොෆ්ට්වෙයාලන්තේ අපේ යාලුවන්ට කොම් එක වැඩි කාලයක් අප්සෙට් එකක් නැතිව පාවච්චි කරන්න පුංචි උපදෙස් ටිකක් දෙන්න.

අපේ කොම් එකේ Speed අඩු උණාම, නැත්නං නිතර නිතර Stuck වෙන්න පටන් ගත්තම කෝකටත් තෛලේ වගේ අපේ කට්ටිය කරන්නේ කොම් එක Format කරන එක. කොම් එක Slow වෙලා තියෙන්නේ Software Problem එකක් නිසා නම් එකෙන් බොහෝවිට අවුල නිරවුල් වෙනවා, ඒත් Hardware Problem එකක් නිසා අවුල් වුන කොම් එකක් ඒ ක්‍රමේට හදා ගන්න බැහැ.

Hardware Problem එකක් ආවම ඒකට විසඳුම් හොයන්න යනවට වඩා, Problem එකක් එන්නේ නැති වෙන විදියට වැඩ කරන එක කෝකටත් හොඳයි. මෙන්න එහෙනං උපදෙස්.

1. පරිගණකය එක කොච්චර Sure උනත්, අත්‍යාවශ්‍ය Files Backup කරලා තියාගන්න. ඔක්කොම නෙවෙයි, අත්‍යාවශ්‍ය Files ටික විතරක්. මෙන්න මේ Online Backup Services ඒකට හොඳයි.

http://www.google.com/drive
https://skydrive.live.com/


2. “කෝ බලන්න AC රූම් එකක කොම් එක තියාගෙන ඉන්න අය?”

AC රූම් එකක කොම් එක තියා ගන්නේ කොහොමද AC රූම් එකක් නැතුව? ඔව්. අපෙන් බහුතරයක් දෙනා කොම් එක තියාගෙන ඉන්නේ AC රූම් එකක නෙවෙයි. එහෙම අය හැමෝම මාස 2-3 කට වතාවක් වත් කොම් එක (Casing) ගලවලා ඇතුල සුද්ද කරන්න ඕනෑ. රෙදි කෑල්ලකින් ගහල දූවිලි අයින් කරන්න එහෙම හදන්න එපා. පොඩි, කෙඳි ගැලවෙන්නේ නැති Brush එකක් පාවිච්චි කරන්න. නැත්නම් Blower කෑන් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දූවිලි තියෙන එකේ භයානකකම තමයි කොම් එක රත්වෙන එක. කොම් එක රත්වෙනවා කියන්නේ ඇතුලේ තියෙන sensitive circuits damage වෙනවා කියන එක.

3. කොහොමද දැන ගන්නේ කොම් එක Overheat වෙනවා කියලා?

අත තියල බලලනම් ඒක හොයනවා බොරු. කොම් එක overheat වෙන එකෙන් දරන්න බැරි පාඩු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට Overheat වෙන එකෙන් damage වෙන්නේ AMD ( Advanced Micro Devices) වර්ගයේ ප්‍රොසෙසර් වලට. Intel වර්ගයේ ප්‍රොසෙසර් වලට එහෙම වෙනවා අඩුයි. (එහෙම නොවෙනවා නෙවෙයි) කොම් එකේ උෂ්ණත්වය මනින්න පුළුවන් නියම Software එකක් තමයි SpeedFan කියන්නේ.

මේ සොෆ්ට්වෙයා එකෙන් machine එකේ හැම වැදගත් කොටසකම උෂ්ණත්වය Monitor කරනවා. උෂ්ණත්වය සීමාවට එහා ගියොත් Warning එකක් දෙනව. ඒක නිසා අපිට අපේ පරිගණකයේ එකේ උෂ්ණත්වය ගැන බය වෙන්න දෙයක් නෑ. ( ඇයි, machine එකේ Fan හිටි හැටියේ වැඩ කළේ නැත්නම්, කොම් එකේ උෂ්ණත්වය වේගයෙන් වැඩි වෙනවනේ.) මේ සොෆ්ට්වෙයාර් එක ඒ ගැන බලාගනී. ඔයාල චුට්ටක් වත් බය වෙන්න ඕන නැහැ.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Tuesday 17 February 2015

879.වින්ඩෝස් 7 ස්ථාපනය වේගය වැඩිකර ගනිමු

වින්ඩෝස් 7 ස්ථාපනය වේගය වැඩිකර ගනිමු


                                     ඕනෑම මෙහෙයුම් පද්ධතියක් Install කරනවිටදී එය Install වීමට පරිගණකයෙ හැකියාව මත ගතවන වෙලාව වෙනස් වේ. නමුත් මෙම කුමන ආකාරයෙ පරිගණකයක උවද Windows 8 Install වීමට ගතවන කාලය Windows XP හා Windows 7 වලට සාපේක්ෂව අඩුය. මෙසේ Windows 8 Install වීමෙ වේගය වැඩි කර අත්තේ Install වීමේදි සෙටප් ෆයිල් එකෙහි ප්‍රොසෙසිං ක්‍රියාවට මුල්තැන දීමෙනි. එම ක්‍රමය අනුගමනය කරමින් Windows 7,Windows XP හෝ වෙනත් Windows මෙහෙයුම් පද්ධතියක උවත් Install වීමේ වේගය වැඩි කරගැනීමට පුලවන්.

 අද කියලා දෙන්නේ Windows 7 වල Install වීමේ වේගය වැඩි කරගන්න හැට්. මුලින්ම සාමාන්‍ය විදිහට Windows Install කරන්න පටන් අරන් Installing Windows ආරම්භවූ පසු පහල Animation එකේ විදිහට කරන්න.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Monday 16 February 2015

877.වයි-ෆයි තාක්ෂණයේ වගතුග

වයි-ෆයි තාක්ෂණයේ වගතුග


රැහැන් රහිත ක්‍රමයට  වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්නට අද තිබෙන හොදම තාක්ෂණය වයි-ෆයි ය. වයි-ෆයි තාක්ෂණය කෙතරම් ප්‍රයෝජනවත්ව යොදා ගත හැකිද කිවහොත් දියුණු රටවල් දැනට ගම් නගර වලට වයි-ෆයි තාක්ෂණයෙන් නොමිලේ ඉන්ටර්ට් ලබා දෙයි.
ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා, පෙන්සිල්වේනියා, ෆ්ලෝරිඩා,ටෙක්සාස්, නිව් යොක් යන ප්‍රදේශවල මෙවැනි වයි-ෆයි ජාල (Municipal Wi-Fi Network) පිහිටුවා තිබේ. ඉන් ෆ්ලොරිඩාවේ සෙන්ට් ක්ලවුඩ්හි මහජනයාට වයි-ෆයි ඉන්ටර්නෙට් ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේය
වයි-ෆයි තාක්ෂණයෙන් රැහැන් රහිත ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගන්නන් විඩියෝ ක්‍රීඩා කරන්නන් වැනි බොහෝ දෙනා මේ ගැන කුතුහලයෙන් සිටින්නේ ඒ නිසාය. වයි-ෆයි (Wi-Fi) යනු (Wireless Fidelity) යන සම්පූර්ණ නම කෙටිකර සකසාගත් කෙටි යෙදුමකි. මේ යෙදුමෙන් හදුන්වන්නෙ රැහැන් රහිත ජාලයක් (Wireless Network) හරහා තොරතුරු පතුරුවා හැරීමේ (විකාෂණය කිරීමේ) ප්‍රමිතියයි.
රැහැන් රහිත ජාල හරහා තොරතුරු හුවමාරු වන්නේ සෙලියුලර් 


දුරකතන, රූපවාහිනී, රේඩියෝ යන්ත්‍ර වැනි උපකරණවල යොදාගන්නාක් මෙන් රේඩියෝ තරංගවලිනි. මෙසේ රේඩියෝ තරංග සම්ප්‍රේශණය සදහා තිබිය යුතු මූලික ඕනෑකම් වන්නේ වයර්ලස් රවුටරයකි. මෙම රවුටරයේ තිබෙන ඇන්ටනා මගින් පරිගණක දත්ත රේඩියෝ තරංග බවට හරවනු ලබයි මේ සදහා පරිගණකයේ තිබිය යුතු අවශ්‍යතාවය වන්නේ වයි-ෆයි ඇඩැප්ටරයකි. මෙය යූඑස්බී ඇඩැප්ටරයක් නැතිනම් පීසි කාඩ් එකකි.




USB Wi-Fi ඇඩැප්ටරයක්

මේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කළ පරිගණකයක් වයි-ෆයි ජාලයක් හරහා ඉන්ටර්නෙට් සමග සම්බන්ධවීමේදී මූලික වශයෙන් සිදුවන ක්‍රියාවලි දෙකකි. පරිගණකයේ ඇති වයර්ලස් ඇඩැප්ටරය මගින් දත්ත රේඩියෝ තරංග බවට හරවා ඇන්ටනාව මගින් ඒවා සම්ප්‍රේශණය කරයි. රැහැන් රහිත රවුටරය එම දත්ත ලබාගෙන ඒවා පරිගණක දත්ත බවට ආපසු හරවයි. ඉන්පසු ඒවා සාමාන්‍ය රැහැන් ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධකෙරේ.

මෙසේ ඉන්ටර්නෙට් සමග රැහැන්වලින් සම්බන්ධ වූ රවුටරයක තිබෙන කාමරයක් තුල පිහිටුවන්නට පුළුවන. එලිමහනක පිහිටුවන්නටත් පුළුවන්, කොහොම නමුත් මේ රවුටරයෙන් තරංග සම්ප්‍රේශණය කරන හා ලබා ගන්නා බල ප්‍රදේශයක් තිබේ. මේ බල ප්‍රදේශයේ ඇති වයි-ෆයි සම්බන්ධතාවය ලබාගත හැකි තැන් හොස්ට්පොට්ස් (hotspots) නම් වේ. ඒ කියන්නේ ඇඩැප්පරය සහිත ලැප්ටොප් එකක් රැගෙන යන්නෙකු වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගන්නට නම් මෙවැනි වයි-ෆයි හොස්ට්පොට් එකට අතුලු විය යුතුය.

වයි-ෆයි හොට්ස්පොට් එකක් සිසාරා විසිරී පැතිරී තිබෙන රේඩියෝ තරංග ජංගම දුරකථන,වෝකිටෝකි, රූපවාහිනි යන්ත්‍ර යනාදිය හුවමාරු කරන රේඩියෝ තරංග වුවත් මේවායේ සංඛ්‍යාතය ඒ හැමටම වඩා ඉහලය. ඒ නිසා මේවාට වැඩි තොරතුරු ප්‍රමාණයක් හුවමාරු කරගන්නට පුළුවන.
වයි-ෆයි ජාලයකදී දත්ත හුවමාරු කරන්නේ ලෝක මට්මෙන් තාක්ෂනික ප්‍රමිති සාදන ඇමරිකාවේ ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවන්ගේ ආයතනය (IEEE – Institute of Electrical and Electronics Engineering) නියමයන්ට අනුවය. ඔවුන් සැකසූ802.11 යන ජාල ප්‍රමිතිය (802.11 Networking Standard) මෙහිදී යෙදා ගැනේ.



 වයි-ෆයි ජාලයක් වැඩ කරන හැටි

කණුවක පිහිටුවා අැති Wi-Fi විකාශනය කිරීමේ උපකරණයක්
01) වයි-ෆයි හොට්ස්පොට් එකක් නිර්මාණය වන සේ ගොඩනැගිලි වල, පහන් කණුවල හා වෙනත් ස්ථානවල ඇන්ටනා සවි කරයි.

02) වයි-ෆයි ජාලයකට යොමු කෙරෙන මූලික ඉන්ටර්නෙට් සම්බන්ධය (Source internet connection)ඇති ඩෙස්ක්ටොප් පරිගණකය හෝ සර්වර් පරිගණකය ඇන්ටෙනාව සමග රැහැන් රහිතව හෝ සහිතව සම්බන්ධ කෙරේ.

03) දැන් සමහර මොබයිල් ෆෝන්වලටත් පාම්ටොප් පරිගණකවලටත් වයි-ෆයි තාක්ෂණය හදුනා ගැනීමේ මෙවලම් තිබෙන නිසා ඒවා හරහා ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ විය හැක.

04) ලැප්ටොප් පරිගණක ද වයි-ෆයි ලබා ගත හැකි උපාංග (ඇඩැප්ටර්) සමග එන නිසා දැන් ඒවාට ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ වෙන්නට පුළුවන.

වයි-ෆයි තාක්ෂණය යොදා ගෙන ඉන්ටර්නෙට් සම්බන්ධය හෝ වෙනත් ජාල සම්බන්ධතා හෝ ලබා ගන්නා විට ඇති වාසි

01) කේබල් යෙදීමේ අවශ්‍යතාවක් නැති නිසා ජාලය ස්ථාපිත කිරීම පහසුය.
02) බොහොමයක් ලැප්ටොප් සමග වයි-ෆයි ඇඩැප්ටර් සවි කොට තිබීම නිසා ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගැනීමට යන මූලික වියදමද අඩුය.

03) වයි-ෆයි ජාලයක් ස්ථාපිත කොට පවත්වා ගෙන යාම අනෙක් සන්නිවේදන ජාලයන්ට වඩා ලාභදායකය.

මේ වාසිදායක තත්වයන් සහිතව වුවත් වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ යම් යම් සීමාවන්ද තිබේ. එනම්,

01) මේ සදහා යෙදවිය යුතු ශක්තිය ඉහල නිසා ලැප්ටොප් වල බැටරි කාලය අඩුවීම හා එහි රස්නය ඉහල යාම සිදුවේ.
02) වයි-ෆයි ජාලයක් බලපවත්වන්නේ සීමිත දුරකටය. ගෘහස්ත වයි-ෆයි රවුටරයක් නිසා උපදින හොට්ස්පොට් එකක් අඩි 150ක පමණ ප්‍රදේශයක් පුරා බලපවත්වයි. එසේම කුළුණු ආශ්‍රෙයන් පිහිටුවන හොට්ස්පොට් එකක් වුවත් බල පවත්වන්නේ අඩි 300ක පමණ දුරකටය.


වයි-ෆයි ජාලයකින් ලබා ගත හැකි වෙනත් ප්‍රතිලාභ

මෙසේ වයි-ෆයි ජාලයකින් වැසී ගිය නගරයක ධාවනය වන මොටර් රථ එකිනෙකට හදුනාගැනීමට පුළුවන් සේ වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ වැඩසටහනක් දැන් යුරෝපයේ ක්‍රියාත්මකයි. යුරෝපීයන් කාර් ටූ කාර් (European Car – 2 – Car) ලෙස නම් කොට තිබෙන මේ වැඩසටහනට දායකත්වය දෙන්නේ යුරෝපයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාධන සමාගම් හා විශ්ව විද්‍යාල කීපයකි. මෙහීදී කරන්නේ වාහනවල වයි-ෆයි පද්ධති පිහිටුවා ඒවා අතර සම්බන්ධය ඇති කිරීමටය. එවිට නොපෙනෙන වංගුවකදී වුවත් එක් මෝටර් රථයකට අනෙක හදුනාගන්නට පුළුවන.
 වයි-ෆයි තාක්ෂණයෙන් ජනයා හදුනාගැනීමේ ක්‍රමයක් ෆින් ලන්තයේ ඉකාහෝ (Ekahua)සමාගම හදුන්වා දී තිබෙනවා, මෙය වයි-ෆයි ජාලයකින් හදුනාගන්නට පුළුවන් රේඩියෝ ටැග් එකකි. මෙම ටැග් (Battery Powerd RFID Tags) වලට ගැලපෙන වැඩසටහනක් දුවන ලැප්ටොප් එකකින් හෝ ටැබ්ලට් පීසී එකකින් ඒවා හදුනා ගන්නට පුළුවන. දියුණු රට වල තිබෙන පරිගණක පද්ධති යොදා ගන්නා රෝහල්වල හෙදියන්ට, මේවා පැලැදී රෝගීන් දැන් සිටන්නේ කොතනදැයි දැන ගැනීම මෙමගින් පහසුය.
මේ විදිහට දියුණු රටවල් බොහොමයක පාසල් හා විශ්ව විද්‍යාල වයි-ෆයි ජාලවලින් පොහොසත්ය.  මෙම තාක්ෂණයේ විශ්මය ඔබටත් ඉදිරියේදී දැකගැනීමට හැකි වනු ඇත.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​
 
-