Ads 468x60px

home

Showing posts with label SPEED. Show all posts
Showing posts with label SPEED. Show all posts

Thursday 22 January 2015

830.ලැප්ටොප් එකේ බැටරිය ආරක්‍ෂා කරගන්න විදිය​

ලැප්ටොප් එකේ බැටරිය ආරක්‍ෂා කරගන්න විදිය​
ගොඩක් වෙලාවට ලැප්ටොප් පරිගණක පාවිච්චි කරන අය හිතනවනේ කොහොමද බැටරිය ආරක්ෂා කරගන්නේ, කොහොමද වැඩිපුර කාලයක් භාවිතා කරන්නේ කියලා. බැටරියේ ආරෝපිතාව එහෙමත් නැත්නම් චාර්ජ් එක ජංගම දුරකථන වලට වගේම ලැප්ටොප් පරිගණක වලටත් උවමනාම දෙයක්. ඉතිං ඒකට පොඩි පොඩි ක්‍රම ටිකක් තියෙනවා. ඉතිං වැදගත්ම වන ක්‍රම ටික තමයි ඔයාලට අද කියන්න යන්නේ. ගොඩක් අය මම දැක්කා බුකියේ කියල තිබුනා ලැප් එකේ බැටරිය ආරක්ෂා කරගන්න හැටි. හැබැයි ඒවගෙන් සමහරක් තියෙන විදිහට කරොත් බැටරියක් අලුතෙන් ගන්න එක හොඳයි කියල හිතෙයි. හරි ඉතිං වැඩි කතා බතා ඕනි නෑනේ. මාතෘකාවට බහිමුකෝ.

01. තිරයේ දීප්තිමත් බව සකසන්න (Screen Brightness)

තිරයේ එහෙමත් නැත්නම් ස්ක්‍රීන් එකේ දීප්තිමත් බවට ගොඩක් වෙලාවට චාර්ජ් එක වැයවෙනවා වැඩියි. ඉතිං ඔයාට පුලුවන් ඉර එළිය හෝ වැඩි දීප්තිමත් තැනක් ඇති තැනක ඔයා වැඩ කරනවනම් දීප්තතාව නැත්නම් Brightness එක 10% වගේ සකසන්න. ඒ වගේම තමයි ඔයා වෙන වැඩක් කරන්නෙ නැතිව සිංදු විතරක් අහනවනම් ඔයාට පුලුවන් Screen එක වහලා දාන්න. ඒ කියන්නේ අපි desktop පරිගණක පාවිච්චි කරද්දී ඔය සිංදු දාල කොහාට හරි යද්දී Monitor එක off කරලා යන්නේ. අන්න ඒ වගේ ලැප්ටොප් පාවිච්චි කරන අයටත් පුලුවන් Screen එක off කරන්න. ඒකට තියෙන්නේ පොඩිම පොඩි ගැජට් එකක්. මෙතන click කරලා ගැජට් එක බාගන්න. ඊට පස්සේ තියෙන්නේ ඔයා වැඩක් කරන්නෙ නැති වෙලාවට ඒ software එක open කරන්න විතරයි. එතකොට Display එක off වෙනවා. මවුස් එක හරි යතුරු පුවරුවේ අකුරක් හරි එබුවනම් ආයෙත් screen එක on වෙනවා. මේ වැඩේ power saver දාලත් පුලුවනි. නමුත් මේකෙන් මුලු screen එකට එන මුලු power එකම නවත්වනවා. 

02. වැඩකට නැති පරිගණකයේ ඉබේම ක්‍රියාත්මක වන වැඩසටහන් නවත්වන්න

සමහරක් software තියෙනවා windows ආරම්භ වෙනවාත් සමඟම ආරම්භ වෙන වැඩසටහන්. ඉතිං මේවාගෙන් බොහොමයක් දේවල් වැඩකට නැති දේවල්. ඒ කියන්නේ එතරම් අවශ්‍ය නැති දේවල්. අවශ්‍ය උනාම විවෘත කරගන්න පුලුවන් දේවල්. මොකද මේ වැඩකට නැති දේවල් මඟින් ප්‍රොසසර් එකේ වේගය සහ රැම් එකේ ධාරිතාවය වැඩි වෙනවනේ. එතකොට ඒවාට බොරුවට වැයවෙන charge එක රැකගන්න පුලුවන් ආරම්භයේදීම ඒ වැඩසටහන් ඉවත් කිරීම මඟින්.

03. අන්තර්ජාලය භාවිතා කරන්නෙ නැති වෙලාවට කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න

සමහරක් වෙලාවට මේ අපි පාවිච්චි කරන අන්තර්ජාල සම්භන්ථය හේතුවෙන් පරිගණකයේ චාර්ජ් එක අඩුවෙන්න පුලුවන්. ඒ වගේම ගොඩක් දුරට මේ හේතුව වෙන්නෙනම් Wireless අන්තර්ජාල සම්භන්ධතාවය පාවිච්චි කරන අයටයි. මොකද Wi-Fi  හේතුවෙන් මේ කනෙක්ෂන් එකට වැඩි බලයක් ලැබෙනවා. ඒ මොකද කියල දන්නවනේ. කනෙක්ෂන් එක search වෙද්දී වැඩි බලයක් ලබා ගන්නවනේ. ඉතිං කරන්න තියෙන හොඳම දේ තමයි ඔයා වෙන වැඩක යෙදිල ඉන්නවනම් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න.

04. CD/DVD Drivers සහ USB Ports නවතා දමන්න

මේක කියන්නේ Touch pad පාවිච්චි කරන අයට. ඔයත් ටච් පෑඩ් පාවිච්චි කරන කෙනෙක්නෙම් වෙනත් මවුස් පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ Wireless mouse පාවිච්චි කරන්න එපා. මොකද ඒකෙන් ඔයාගෙ පරිගණකයේ ආරෝපණය අඩුවෙනවා. ඒ වගේම මේකනම් හැමෝටම වැදගත්. ඔයා ඔයාගෙ පරිගණකය පෞද්ගලිකව සාමාණ්‍ය වැඩ කටයුතු සඳහා යොදාගන්නවානම් එක CD/DVD Drive එකක් හැර වෙන එකක් සම්භන්ධ කරන්න එපා. මොකද ඒකටත් චාර්ජ් එක ගොඩක් වැයවන නිසා. හැබැයි ඉතිං ඒක කිව්වේ සාමාණ්‍ය පාවිච්චි කරන අයට හොඳේ. මොකද CD SHOP කරන අයටනම් ඒ කියමන හරිනෑ. අනික CD SHOP කරන අය ලැප් වලින් CD/DVD Write කොරන්නෙත් නෑනේ. :D ඉතිං කොහොම හරි මේ වැඩුපුර තියෙන ports,, drivers කොහොමද Disable කරන්නේ කියලත් කියල දෙන්න ඕනිනේ. පශළ පින්තූරෙ විදිහට Device Manager වලට ගිහින් පෙන්නලා තියෙන විදිහට වැඩේ කරගන්න. Device manager එකට යන්නේ Computer ---> Right Click ---> Manage ඔන්න ඔහොමයි.



05. Power Plans සකසා ගන්න

වින්ඩෝස් වල Control Panel වල තියෙන Power Saving Plans කියන එක පාවිච්චි කරලා ඔයාගෙ ලැප්ටොප් පරිගණකයේ චාර්ජ් එක ඉතුරු කරගන්න පුලුවන්.


ඒ වගේම Advanced Power Setting පාවිච්චි කරලා ඔයාට පරිගණකයේ යම් යම් දේවල් පවතින්න අවශ්‍ය වේලාවන් සකසා ගන්න පුලුවන්. මේ වේලාවන් සකසද්දී පුලුවන් අඩුම ඒ කියන්නේ අවම උපරිමය වෙලාව දාන්න උත්සාහ කරන්න.


06. Battery Optamizer Software එක පාවිච්චි කරන්න

Battery Optamizer කියන්නේ බැටරියේ ආයුෂ කාලය සහ පැවැත්ම සකසලා දෙන තවත් හොඳ මෘදුකාංගයක්. මේකෙන් ඔයාගෙ බැටරිය හොඳට පාවිච්චි කරන්න පුලුවන්. මේකෙ තියෙන Analyze කිරීම මඟින් ඔයාගෙ බැටරිය හොඳින් ක්‍රියාත්මක වීමටත්, ඔයා බලාපොරොත්තු වන කාර්යක්ෂමතාවයට යොමුවෙන්නත් ඉඩ සලසලා දෙනවා. සාමාන්නියෙන් මේ ඇනිලයිස් වීමට විනාඩි දහයක් විතර වැයවෙනවා. ගැජට් එක මෙතන ක්ලික් කරලා බාගන්න.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Saturday 17 January 2015

820.පරිගනකයෙන Autorun.inf පහසුවෙන් ඉවත් කරමු

පරිගනකයෙන Autorun.inf  පහසුවෙන් ඉවත් කරමු



ගොඩක් කම්පියුටර්ස් වල පැතිරෙන Autorun එකක් තමා Autorun.inf කියන Autorun එකයි. ඕක ඉතිං කොච්චර වයිරස් ගාඩ් එකකින් රිමූ කරත් ඕක රිමූ වෙන්නෙ නෑ. ආයෙත් computer එක රීස්ටාර්ට් කරාට පස්සේ ඒක ආයිත් ඔයාගේ computer එකේ තියෙනවා පෙනෙයි. ඉතිං ඔය අයින් කරගන්න බැරි Autorun එක ඉතා පහසුවෙන් අයින් කරමු.


මේ Autorun එක ගොඩක්ම ව්‍යාප්ත වෙන්නේ USB disk Drive (Pen-drive) මඟින්. ඉතිං අපි මේ Autorun එක හරියටම නැත්තටම නැති වෙලා යන්නම රිමූ කරන්නේ කොහොමද කියලා බලමු.



01. ඉස්සෙල්ලම Command Prompt එකක් ඕපන් කරගන්න. 
 Start --> Run ---> cmd යනුවෙන් ටයිප් කර එන්ටර් යතුර ඔබන්න.



02. cd\   යනුවෙන් ටයිප් කර එන්ටර් කී එක ඔබන්න



පින්තූරය පැහැදිලිව බලාගන්න පින්තූරය මත ක්ලික් කරන්න
03. attrib -h -r -s autorun.inf යනුවෙන් ඉන්පසු ටයිප් කරන්න. (02 රෑපය බලන්න)

04. del autorun.inf  යනුවෙන් ඊට පසු ලැබෙන ස්ථානයේ ටයිප් කර එන්ටර් කරන්න. (02 රෑපය බලන්න)




05. ඔයාගේ කම්පියුටර් එක රීස්ටාර්ට් කරන්න.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න



- -
මෙතනින් යන්න​

Wednesday 14 January 2015

812.Firefox ,Chrome and skype සදහා තුංගුනයක වෙිගයක්

Firefox ,Chrome and skype සදහා තුංගුනයක වෙිගයක්


අපි අපේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ නැවුම් පිටපතක් ස්ථාපනය කිරීමෙන් අනතුරුව බ්‍රවුසරයේ පිරික්සුම් වේගය ඉතා හොඳ තැනක පවතිනවා. නමුත් මාස කිහිපයකට පසු පසුව පිරික්සුම් වේගය මන්දගාමී සහ laggy බවට පත් වෙයි.මෙම නිසා බ්රවුසරය  history, cache, addons ඉවත් කිරීමට උත්සාහ කරන්නේ නම් යම්කිසි සුලු විසදුමක් ලැබෙනු ඇත​.

අපි අද ලබාදෙන මෘදුකාංගය බාවිතාකොට ඔබගේ වර්තමානයේ වෙගය මෙන් තුන් ගුනයක් වෙගයක් ඔනට ලබාගත හැක​.ක්‍රෝම් සහ ෆයර්ෆොක්ස් පමණක් නොව, මෙමගින් ඔබගේ ස්කයිප් ගිනුමද වෙගවයත් කරගත හැක​.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Saturday 22 November 2014

702.හාර්ඩ් එක ෆුල්ද? සයිස් ලොකු ෆෝල්ඩර්ස් ලේසියෙන්ම හොයාගන්න මෙන්න විදිය


හාර්ඩ් එක ෆුල්ද? සයිස් ලොකු ෆෝල්ඩර්ස් ලේසියෙන්ම හොයාගන්න මෙන්න විදිය part1



 හිතන්නකෝ කවුරුහරි කිව්වා කියලා ඔයාගේ හාර්ඩ් ඩිස්ක් එකේ ඉඩ මදි කියලා. ගොඩාක් දෙනා ඉස්සල්ලාම කරන දේ තමයි ccleaner වගේ සොෆ්ට්වෙයාර් එකක් දාලා හරි එහෙමත් නැත්නම් ඩිස්ක් ක්ලීනර් එකට ගිහින් හරි ටෙම්පරි ෆයිල්ස් නැත්නම් ජන්ක් ෆයිල්ස් වගේ ඒවා අයින් කරන එක. ඇත්තටම මේ හරහා පොඩි ඉඩ ප්‍රමානයක් එන්න පුලුවන් වගේම තවත් කරන්න පුලුවන් දෙයක් තමයි පරණ නැත්නම් ඔයාලා දැනට භාවිතා කරන්නැති සොෆ්ට්වෙයාර් එහෙම තියනවානම් ඒවා අනින්ස්ටෝල් කරන එක මේ හරහාත් ඔයාලට හාර්ඩ් ඩිස්ක් එකට යම් ඉඩ ප්‍රමානයක් ෆ්‍රී කරගන්න පුලුවන්.



ට්‍රී සයිස් ෆ්‍රී කියන එක මේ අතරින් ගොඩාක් ජනප්‍රියයි ඒකට හේතුව තමයි මේ සොෆ්ට්වෙයාර් එකේ ස්පීඩ් එක ,තප්පර කිහිපයකදී මේ සොෆ්ට්වෙයාර් එක මගින් ඔයාලට පැහැදිලි අවබෝධයක් ලබාදෙනවා මොන වැඩිපුර ෆයිල්ස් තියෙන්නේ මොන ෆෝල්ඩර්ස්වලද කියන එක ගැන. ඒ වගේම අපේ ස්ක්‍රීන් ෂොට් එකේත් ඔයාලට පේනවා ඇති මේ සොෆ්ට්වෙයාර් එකේන් අපිට තව අදහසක් ගන්න පුලුවන් ඒ තමයි මේකේ කලර් බාර් වලින් අනුපාතයක් පෙන්නනවා එක් එක් ෆොල්ඩර් එකේ සයිස් එක ගැන මේ නිසා අපිට ලේසියෙන්ම වැඩිපුර ෆයිල්ස් තියෙන්නේ මොන ෆෝල්ඩර්ස්වලද කියලා දැනගන්න පුලුවන් දැක්ක ගමන්ම. ස්ක්‍රීන් ෂොට් එකේ බැලුවොත් ඔයාලට පේනවා ඇති වින්ඩෝස් ෆෝල්ඩර් එකේ සයිස් එක වැඩියි කියලා මොකද ඒකේ බාර් එක ගොඩක් දිග නිසා. ඒ ආකාරයෙන්ම ඔයාලා මේ ෆෝල්ඩර් එකක් ඕපන් කලහම ඒකේ ඇතුලේ තියන සබ් ෆෝල්ඩර්ස් වලත් සයිස් එක මේ වගේම කලර් බාර්ස් මගින් ඔයාලට පෙන්නුම් කරනවා. මේ සොෆ්ට්වෙයාර් එකේදී ඔයාලට කරන්න තියෙන්නේ ස්කෑන් කියන මෙනූ එක ක්ලික් කරන එක විතරයි ඊට පස්සේ ඔයාලට ස්කෑන් කරන්න ඕනි කරන ඩ්‍රයිව් එක නැත්නම් පාර්ටිෂන් එක පෙන්නන්න ඕනි. ඉතා කුඩා කාලයකදී ඒකේ තියන ෆයිල්ස් මොනවද වගේම ඒ ෆයිල්ස්වල සයිස් එකත් ලේසියෙන්ම මේ මගින් ඔයාලට පෙන්නුම් කරනවා. ඒ වගේම මේ සොෆ්ට්වෙයාර් එකේ ඔයාලට ඕනිනම් අකුරුවල සයිස් එක, කලර් බාර් වල පාට වගේ දේවල් ඔයාලා කැමති විදියකට වෙනස් කරගන්න පුලුවන්. මේ සොෆ්ට්වෙයාර් එක වර්ශන් 3ක් නිකුත් කරලා තියනවා මින් දෙකක් exe ඉන්ස්ටෝලර්ස් සහ අනික් එක පොර්ටබල් විදියට වැඩ කරන්න පුල්වව් විදිහේ පෙන් ඩ්‍රයිව්ස් සදහාම සාදන ලද එකක්. පහල ලින්ක් එකට ගිහින් කැමති වර්ශන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින් යන්න 


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Wednesday 5 November 2014

669.Pen-Drive එකක් Partition කරගන්නෙ කොහොමද

Pen-Drive එකක් Partition කරගන්නෙ කොහොමද?

" Windows/Linux" පෙන් එකකින් Install කරගන්න පුලුවන්ද ? " , " මගේ පෙන් එක 8GB එත් පෙන්නන්නේ 4GB !", "Pen එක Connect කලාට RAW Format එකෙන් පෙන්නන්නේ."......අද අන්තර්ජාලයේ සැරිසරන ගොඩක් අයට තියන ප්‍රශ්න ටිකක්.

       එත් මේ හැම ප්‍රශ්නෙකටම විසඳුම් ගොඩක් තිබුනත් කරදර නැතුව, 3rd-party Software එකක් නැතුව තමන්ටම කරගන්න පුළුවන් ක්‍රමයක් තියනව. මෙ post එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි Pen එකේ අවුල් තියන අයට.ඒ වගේම කියන්න කැමති ගොඩක් Pen Drive කොටස් වලට කඩන්න බැහැ. තනි Hard එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

මුලින්ම බලමු මොකක්ද මේ Partition කරනවා කියන්නේ කියල. Partition කරනවා කියන්නේ Hard Drive එකක් පරිගණකය ඇතුලෙම කොටස් කිහිපයකට කඩනවා කියන එක. එකියන්නේ තනි hard එකක් විදිහට සැලකුවත් එක කොටස් කිහිපයකින් යුක්තයි. ඕනෑම කොටසක් ඕනෑම File System එකකින් Format කරගන්න පුළුවන්. හරියට තට්ටු ගෙයක් වගේ , එකම ගේ තට්ටු කිහිපයකට වෙන් කරලා .

සාමාන්‍යයෙන් Partition යන වදන Hard Drive එකටම පොදු වුනත් අපිට USB Flash Drive එකක් උනත් මේ විදිහට Partition කරගන්න පුළුවන්.මේකෙන් වෙන්නේ අපි Pen එක PC එකට Connect කලාම එක Pen එකක් විදිහට ගන්නේ නැතුව Partition එකක් විදිහට ගන්න එක.

මේක කරන්න තියන හොඳම Tool එක තමා අපේ Windows වල තියන CMD නොහොත් command prompt tool එක. මේක හරිම ලේසි ක්‍රමයක් නමුත් බහුතරයක් නොදන්නා ක්‍රමයක්. මුලින්ම CMD එක Right-Click කරලා Run as Administrator click කරන්න. මොකද අපි CMD එක ඇතුලේ තවත් Tool එකක් use කරන්න තියනව. මේ tool එක භාවිතා කරන්න අපිට Administrator Rights ඕනේ වෙනවා.

පියවර 01 :

මුලින්ම කරන්න තියෙන්නේ Open කරගත්ත CMD එකේ diskpart කියල type කරල Enter කරන්න. එතකොට disk part tool එක Open වෙයි. ( Disk Part කියන්නේ Disk Partition කියන තේරුම)



පියවර 02 :
ඊට පස්සේ කරන්න තියෙන්නේ අපි අපිට ඕන Drive එක PC එකට Connect වෙලාද කියල බලන්න ඕනේ. එකට list disk type කරලා Enter කරන්න.



පියවර 03 :

දැන් අපිට කරන්න තියෙන්නේ මේ list වෙලා තියන Devices වලින් අපිට ඕන Device එක select කරගන්න එක. එකට කරන්න තියෙන්නේ select disk 2 කියල type කරලා Enter කරන්න. මගේ Pen එක තියෙන්නේ Disk 2 ඒ නිසා මම එක select කරනවා.



පියවර 04 :

දැන් කරන්න තියෙන්නේ මේ Select කරගත්ත Disk එක හිස් කරගන්න එක. නැත්තම් එකේ එක එක ඒවා තියෙද්දී අපිට මේක Partition එකක් විදිහට භාවිත කරන්න බැරුව යනවා. එකට අපි clean කියන Command එක භාවිතා කරනවා.CMD එකේ clean කියල ගහල Enter කරන්න.



clean කියන Command එක කොටස් 2කකින් සමන්විත වෙනවා . එකක් තමා මේ clean කියන්නේ. අනිත් එක clean all . මමනම් කියන්නේ හැම වෙලේම Clean all කියන Command එක භාවිතා කරන්න කියල. මොකද මෙතන වෙන්නේ Format කිරීමක්. Clean කරන කොට ඉක්මනට Format වෙනවා. එත් සමහර දත්ත කොටස් තැන් තැන් වල ඉතුරු වෙනවා. Clean all වලදී සම්පුර්ණයෙන්ම Full Format එකක් වෙනවා. එතැනදී කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැ. හැබැයි Clean all කියන Command එක Complete වෙන්න ටිකක් වෙලා යනවා. මගේ Pen එකට විනාඩි 45ක් විතර ගියා.

පියවර 05 :

දැන් තමයි අපි Pen එකක් Partition එකක් විදිහට සකස් කරන්න යන්නේ. එකට create partition primary කියල ගහල Enter කරන්න.




මේකෙන් වෙන්නේ අපි Format කරගත්ත pen එක Partition එකක් විදිහට සකස් වෙන එක.RAW format එකකින්, එකියන්නේ කිසිම File System එකකට අදාළ නැති නිකන් ම නිකන් කොටසක්.

 පියවර 06 :

දැන් අපිට බලන්න පුළුවන් Partition එකක් හැදිලද කියල. සාමාන්‍යයෙන් මේ පියවර අත්‍යවශ්‍ය නැ. එත් මේක කරලා බලන එක නුවනට හුරුයි. මේකත් බලාගන්න කරන්න තියෙන්නේ list partition කියලා type කරලා Enter කරන්න.



 list volume කියල උනත් අපිට දෙන්න පුළුවන්.එක අවශ්‍යම නැ. එකෙන් කරන්නේ අපේ තියන ඔක්කොම Volume ( Drive ) වලින් අපේ Drive එක මොකක්ද කියල පෙන්නන එක.

 පියවර 07 :

දැන් අපි හදාගත්ත Partition එක Select කරගන්න ඕනේ. එකට select partition 1 කියල type කරලා Enter කරන්න.




පියවර 08 :

දැන් අපි Partition එක හදාගත්තා. එත් එක Active නැහැ. නිකන් ඔහේ තියෙනනම් වාලේ RAW විදිහට තියෙන්නේ. කිසිම දෙයක් කරන්න බැ. මළකඳක් වගේ. ඒ නිසා මේක Activate කරගන්න ඕනේ. එකට active කියල type කරලා Enter කරන්න.




පියවර 08 :

දැන් හරි අවසානෙට ඇවිල්ල තියෙන්නේ. අවසානේ කියන්නේ අවසානෙටම ඇවිල්ල ඉන්නේ. දැන් කරන්න තියෙන්නේ මේ Pen එක Format කරගන්න. මේක දැන් Format කරන්න ප්‍රධානතම හේතුව මේකට අපි File System එකක් දෙන්න ඕනේ. දැන් මේක තියෙන්නේ RAW Format එකක. එකට ක්‍රම කිහිපයක් තියනව.එකක් තමා CMD එක Close කරලා My Computer ගිහින් Pen Drive එක උඩ Right click කරලා Format කියන එක  Click කරලා එතනින් Format කරන එක. මෙතැනදී සැලකිල්ලට ගන්න ඕනේ Format කරන කොට Quick Format කියන එකේ tick එක අයින් කරන්න. මේක Full Format කරන්න ඕනේ. නැත්තම් ඉස්සල්ල කිව්වා වගේ දත්ත කොටස් ඉතිරි වෙනවා. පස්සේ ඒවා Corrupt වෙනවා.ඊට පස්සේ Pen අපායේ යනවා.

දෙවෙනි ක්‍රමේ තමා CMD එකෙන්ම කරන්න තියෙන්නේ එක කරන්න format fs=ntfs කියල Type කරලා Enter කරන එක. මෙතැනදී ටිකක් වෙලා යයි Format වෙන්න. හැබැයි Complete Format වෙනවා. හදිසියක් තියනවනම්  format fs=ntfs quick කියල දෙන්න. ඒවගේම NTFS නැතුව වෙන Format එකකට Format කරගන්න ඕනෙනම් ntfs කියන තැන අයින් කරලා එතනට කැමති file system එක දෙන්න. උදා : format fs=fat32 quick 


දැන් ඉතින් Widows DVD එකක තියන File ටික Copy කරලා Pen එක boot කරලා Windows දාන්න පුළුවන්. ඒවගේම Pen එක Corrupt වෙලා තිබ්බනම්, එකිව්වේ Capacity එක හරියට පෙන්නන්නේ නැත්තම්. Format නොවෙන ප්‍රශ්න තිබ්බනම් මේක කරාට පස්සේ හරි යන්න ඕනේ.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක්

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Monday 3 November 2014

666.හෝගාලා ඇඩ් එනවද? පරිගණකය මන්දගාමීද?


හෝගාලා ඇඩ් එනවද? පරිගණකය මන්දගාමීද?


ගොඩක් අය මේක මගෙන් අහනවා. සමහරුන් මේක දන්නෙත් නැහැ. ඉතින් අද ඇඩ් වලින් එන කරදරය නැති කරන ක්‍රමය කියන්නයි යන්නේ. හරි පටන් ගනිමු.

කම්පියුටරය ඔන් කරපු ගමන්ම ඇඩ් පුදුම ගොඩක් එනවා. කොහෙන් ක්ලික් කරත් ඉන්ටනෙට් වෙබ් සයිට් වලට යනවා. ඩේටා ඉක්මනට ඉවර වෙනවා. පරිගණකය මන්දගාමී වනවා. මෙන්න මේවා තමා රෝගයේ ලක්ෂණ. මේ මොකද?

මේක පරිගණකයට ඇතුලු කල වෛරසයක් මගිනුයි සිදු වෙන්නේ. මෙයට කියන්නේ ඇඩ්වෙයා කියලයි. ඇඩ් වෙයා තියනකොට ඩේටා පුදුම ඉක්මනට ඉවර වෙනවා. ඒ විතරක් නෙවේ. අපිට කිසිම උවමනාවක් නැති සොෆ්ට්වෙයා අපි නොදැනුවත්ම අපේ පරිඝණකයේ ස්ථාපනය වෙලා පරිගණකය මන්දගාමී වෙනවා. ඒ විතරක් නෙවේ.ඉන්ටනෙට් ගියාම මුලු පිටුව පිරෙන්නම ඇඩ්.

මේක අයික් කරන්නේ කොහොමද? මුලින්ම මෙන්න මේක ඩවුන්ලෝඩ් කරලා ස්කෑන් කරන්න. පින්තූර වල කරන පිලිවෙල ඔක්කොම තියෙනවා.


දැන් හරි. ඉන් පස්සේ ඇවාස්ට් නොමිලේ දෙන පිටපත බාගත කරලා ස්ථාපනය කරලා ස්කෑන් කරන්න. ඒච්චරයි. 










මේ වගේ වට්නා ලිපි අපි හැමදාම ලබාදෙනවා,ඇතැම් විට ඔබගේ මිතුරන් අප වෙබ් අඩවියපිලිබදව නොදැනුවත් වෙන්න පුලුවන්,අපට කරන සහයෝගයක් හැටියට හා,ඔවුන්ට කරන උදවුවක් හැටියට මෙම අඩවිය පිලිබදව ඔබගේ යහලුවන් දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා....


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​
 
-