Ads 468x60px

home

Saturday, 25 January 2014

159.දහසක් දේ එක රහස් පින්තූරෙකින් කියන්න QR Code


දහසක් දේ එක රහස් පින්තූරෙකින් කියන්න QR Code






සමහරු නම් මේ ගැන දන්නවත් ඇති. ඒත් සමහරුනම් අහලවත් නැතුව ඇති. මේක ටිකක් විතර Bar Code වලට සමානයි. ඒත් මේ තාක්ෂණය ඊට වඩා ගොඩක් දියුණුයි.


QR Code (Quick Response Code) තමයි මේ තාක්ෂණයේ නම. මේකෙන් අපිට පුලුවන් උපරිම අකුරු 4296 ක වාක්‍යයක් උනත් එක පින්තූරයකට ගන්න. ඉලක්කම් නම් 7089 ක් පුලුවන්. කොහේ හරි ඔය විදිහේ පින්තූරයක් තියෙනවනම් ඔයාලට තමන්ගේ Phone එක මාර්ගයෙන් ඒ පණිවිඩය Convert කරගන්න පුලුවන්. 


ජපානය වගේ රට වල මේ තාක්ෂණය බස් රථ හා දුම්රිය කාලසටහන් සඳහා භාවිතා වෙනවා. මොකද ලොකු පණිවිඩයක් 2cm x 2cm වගේ කුඩා කොටුවක් තුලට දාන්න පුලුවන් නිසා.


ඔය විදිහේ පණිවිඩයක් ඔයාලගේ Phone එකට Download කරගන්න පුලුවන් මේ apps ගොඩක් තියනවා. මම දාගෙන තියෙන්නේ මේක​qrbarcode scanner.මෙවා නොමිලේ දෙන්නේ.

qr droid

scanner pro-qr

qr barcode
ඔයවගේ ගොඩක් තියනවා ඔයාලා බලලා හොද එකක් බාගන්නකෝ.මෙය ඕනම smart phone   එකකින් බලන්න පුලුවන්.මේ appsඑක දගේන කැමරෙකට ලන්කරලා පණිවිඩය Convert කරගන්න  පුලුවන්.


මමත් කරලා බැලුවා. 
 Image එක ළඟට ලං කරාම Auto Image එක Recognize කරලා පණිවිඩය පෙන්නනවා.

මේක Test කරපු වැඩකාරයෙක් ඉන්නවනම් ඔය උඩින් තියෙන Image එක Convert කරලා කියන්නකෝ. 

ඔයාල කැමති පණිවිඩයක් දාලා උඩින් තියෙන වගේ Picture එකක් හදාගන්න පුලුවන් මේතනින් ගියාම​.එහෙනම් අපිත් ගියා.....
සදා ජය​........

මෙතනින් යන්න​.




ලිපිය හොදනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් දාන්න.

 
-