Ads 468x60px

home

Wednesday, 29 January 2014

165.software නැතුව​ windows 7 වලින් Disk Burn කරගන්න.

software නැතුව​ windows 7 වලින් Disk Burn කරගන්න.






 යාලුවනේ මේ කියල දෙන්න යනදේ ගැන ගොඩක් දෙනෙක් දන්නේ නැ.දන්න අයත් ඉන්නවා ඔක්කොටම දැනගන්න ඉතා සරලව මේක දාන්නේ.Windows.vista  වල පටන් විශේෂ පහසුකමක් ලෙස ''ඩ්විඩ් මේකර් මෘදුකාංගය'' හඳුන්වා දුන්නා. ඒක තව ටිකක් දියුණු කරල 7 වලට ලබා දීලා තියෙනවා. හදිසියට DVD එකක් burnකරගන්න nero වගේ software දැන් ඕන කරන්නේ නෑ. මං අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. වැදගත්, මේ පහසුකම Windows 7 Home Premium සහ Windows 7 Ultimate වල විතරයි තියෙන්නේ. ඒ වගේම මේක සරලයි. කාටත් ලේසියෙන් කරගන්න පුලුවන් වීම විශේෂත්වයක්.
         අපි දැන් බලමුකොහෙද Windows DVD Maker තියෙන්නෙ කියලා. 

හොයන්න ලේසියි start button එක ක්ලික් කරලා එන search-box එකේ "dvd Maker" කියල ටයිප් කරන්න. එතකොට මේ වගේ එනවා. තව ක්‍රමයක් තියෙනවා, ඒ Start -> All Programs -> Windows DVD Maker මඟින්.
wdm1


දැන් ඒක ඕපන් කරගන්නකෝ..

දැන්  ඒකට සපෝට් කරන ෆෝමැට් මොනවද ?. මේ තියෙන්නේ ඒ ටික තමයි.
Video files

'.asf', '.avi', '.dvr-ms', '.m1v', '.mp2', '.mp2v', '.mpe', '.mpeg', '.mpg', '.mpv2', '.wm', '.wmv'.

Audio files:

'.aif', '.aifc', '.aiff', '.asf', '.au', '.mp2', '.mp3', '.mpa', '.snd', '.wav', '.wma'.

Picture files

'.bmp', '.dib', '.emf', '.gif', '.jfif', '.jpe', '.jpeg', '.jpg', '.png', '.tif', '.tiff', '.wmf'.



දැන් කොහොමද තමන්ගේ ෆයිල් ටික ඇඩ් කරගන්න බලමු..

wdm2


මෘදුකාංගය ඕපන් කරපු ගමන් මේ වින්ඩෝ එක එන්නේ. ඒකේ තියෙන ට්ක් එක​(හරිය​) එක අයින් කරගන්න, එතකොට ආයේ ඕක ඕපන් කරද්දි ඔය වින්ඩෝ එක එන්නේ නෑ. දැන් Choose photo & videos බොත්තම ඔබන්න.


wdm3


ඊට පස්සෙ මෙහෙම වින්ඩෝ එකක් එනවා. ඒකෙන් dvd title එකක් දෙන්න මුලින්ම. දැන් ඔය තියෙන විදියට Add items ‍තෝරාගෙන ඔයාට බර්න් කරගන්න ඕන ෆයිල් ටික ‍තෝරාගන්න.. ‍තෝරාගෙන ඉවර නම් ඇඩ් කරගන්න. මේ වගේ.


[wdm4%255B7%255D.jpg]


දැන් ඒ ෆයිල් ටික ඇඩ් වෙලා තියෙනවා පේනවා මේ වගේ. මේකෙ මං භාවිතා කරේ ඉමේජ් ටිකක්. ඒ ටික මේ වගේ ඇතුලට ගිහින් බලන්න පුලුවන්.

wdm5



slideshow කියල ෆෝල්ඩර් එකක් තියෙනවා ඒකෙන් බැක් වෙන්න නම් ඔය අයිකන් එක ක්ලික් කරන්න.


wdm6


මෙන්න තියෙනවා ඔප්ෂන් ටික..

wdm7



1. ඩීවිඩි ප්‍රොජෙක්ට් එක සේව් කරගන්න කැමති නමකින්.

2. ඇඩ් කරපු ෆයිල් අයින් කරගන්න

3. ෆයිල් අතර ඉහල පහල යන්න

4. නිවැරදි ඩිස්ක් ධාවකය ‍තෝරාගන්න

5. ඩීවීඩි එකට මාතෘකාවක් දෙන්න.

මෙන්න මේ විදියට සැකසුම් හදාගන්න.. මෙහි තියෙන settings වලින්

wdm9


දැන් next කරගන්න. අවශ්‍ය කරන ඕනම මෙනු වර්ගයක් ‍තෝරාගන්න. එකක් ‍තෝරාගත්ත නම්, preview වල සේව් ක්ලික් කරල සේව් කරගන්න. පොඩ්ඩක් බලන්න ඔයාලට ඕන විදියකට ටෙක්ස්ට් එහෙමත් දාගන්න පුලුවන්.ඒ වගේ ඔයාට ඕන ඔක්කොම වැඩ කෑලි දාගන්නකෝ. ඒ වගේමයි මියුසික් එහෙමත් දාගන්න පුලුවන්.
මේ වගේ ස්ක්‍රීන් ටිකක් දානව ඔයාලට උදව් වෙයි කියලා..

wdm14

wdm16

wdm18



අන්තිමට තියෙන්නෙ බර්න් කරගන්නයි. බර්න් වේවි..
ඒත් එක එක errors එහෙම එන්නත් පුලුවන්. ඒ incompatible filter නිසයි. මට ආපු එහෙම එරර්ස් ටිකක්.

You cannot put a menu background or foreground video in the custom section of DVD Maker

Video appears upside down or distorted when you preview it in Windows DVD Maker.

Video is black and no audio plays.

Windows DVD Maker stops responding.

Audio plays too quickly and is distorted.

Audio plays, but video is black.

මේ වගේ දෙයක් ආවොතින් ආයෙම අර මුලින් අපි option කියලා ‍තෝරගත්තේ, අන්න ඒකෙන් compatibility ‍තෝරාගෙන, එහි ඇති ‍ෆිල්ටර් අයින් කරගන්න. හරි යනවා එතකොට..

wdm21

           ඔයාලට මං මේ කිව්වෙ ඉමේජ් බර්න් කරගන්න නේ. ඒ වගේම ඕඩියෝ, වීඩියෝ වගේ ඩීවීඩි මෙනු එහෙමත් දාලා ලස්සන නිර්මාණයක් කරගන්න. මේක කියලා දුන්නේ හදිසියකට ඩිස්ක් එකක් බර්න් කරගන්න වුනොත් කොහොමද කරන්නෙ කියලා. windows media player 12 වලින් වුනත් බර්න් කරන්න පුලුවන්.හුග දවසකින් ලොකු ලිපියක් දුන්නේ මොකද අද අපිට නිවාඩූයි ඒ නිසා නිදහසේ ලිපියක් දැම්මේ.එහෙනම් දැන් පැහැදිලියි නේද මමත් ගියා එහෙනම්...
සදා ජය​.........

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දගෙනම යන්න​.

 
-