ඔබේ ජංගම දුරකතන ඉමි අංකය අන්තර්ජාතිකව පිලිගත් අංකයක්ද?
යාලුවනේ අදත් මම ඔයාලට වැදගත් වන දෙයක් ගැන තමයි කතාකරන්න හිතුවේ. අපි හැමොටම ජංගම දුරකතන තියනවනේ ඔකේ තියනimei අංකේ ගැන මම ලිපියක2ක් දැම්ම මතකයි නේද . ඒ දෙක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න. 1ලිපිය, 2ලිපියඔයාලා දන්නවද අද වෙනකොට මේ තියන imei number එකත් කොපි කරල තියනවා කියලා ඔයාලනම් මෙක විස්වස කරන එකක් නැ . ඒ කියන්නේ අද අපේ ලග තියන ජංගම දුරකතන හොදම එකක්ද කියලා පොඩ් සැකයක් තියනවා නේද ? බයවෙන්න එපා අද මම ඒ කටත් විසදුමක් දෙන්නම්.
IMEI අංකය යනු?
GSM, WCDMA හා DEN ජංගම දුරකතන වලට නිකුත් කෙරෙන අනන්‍යතා අංකයයි. චන්ද්‍රිකා දුරකතන වලට මෙම අංකය තියෙනවා. ඒ වගේමයි ෆෝන් දෙකකට එකම අංකය තියෙන්නෙත් නැහැ. ඒ වගේමයි එක ෆෝන් එකකට අංක කිහිපයක් ඇත්තෙත් නැහැ. හරියට ෆෝන් එකේ ID Number එක වගේ මේක යොදා ගන්නේ.. මෙම අංකය බොහෝවිට ෆෝන් බැටරියට පිටුපසින් තියෙන කොටසේ සටහන් කරන්නේ.. බලන්න සුදු පැහැති ලේබලයක එය තියෙන්නේ.. නැත්නම් තව ක්‍රමයකින් මෙය සොයා ගන්නට පුලුවන්. ඒ සඳහා *#06# ඔබන්න. එවිට තිරය මත පේන අංකය බලන්න. එය ඉලක්කම් 15 හෝ ඇතැම් විට 17 ක් ද වන්නට පුලුවන. මේ අංකය ඔබට ගොඩක් වැදගත් වෙනවා..
ඇයි මේක වැදගත්?
හදිසියේ ඔයාගේ ෆෝන් එක නැතිවුනොත් හරි හොරකම් කරොත් හරි තමා මේකේ ඇති අගය වැටහෙන්නේ.. ඔබගේ දුරකතන සේවා ආයතනයට එම අංකය ලබාදී මේ ගැන පැහැදිලි කර දුන් විට නැවත කිසිම ෆෝන් එකකට එම අංකය පාවිච්චි කරන්න බැහැ. ඒ කිව්වේ ෆෝන් එකත් ගත්ත කෙනාට වැඩක් වෙන්නෙ නෑ.
ඒ වගේමයි ෆෝන් එක ලොක් වුනොත් බැරි වෙලා හරි එතකොටත් මේක වැදගත් වෙනවා.. ෆෝන් එකේ නිර්ව්‍යාජ බවේ සංකේතය ඉමි අංකයයි, හරියට අපිට අයිඩී නම්බර් එක වගේ..
අංකය ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා දැනගන්න හැටි..
ඔයාලගේ ඉමි අංකය ඇත්තද බොරු ද කියලා බලාගන්න ක්‍රමයක් තියෙනවා. ඒක අන්තර්ජාල සේවාවක්.
මෙතනින් යන්නකෝ.
එයට ඔබේ ඉමි අංකය ඇතුලත් කිරීමෙන් දුරකතනයේ වලංගු බව බලාගන්න පුලුවන්.තව විස්තරත් තියනවා ඒවත් බලාගන්න පුලුවන්.
අද අන්තර්ජාතිකව නොපිලිගත් ඉමි අංකය ඇති දුරකතන භාවිතය තහනම් කිරීමට නොයෙක් රටවල් යොමු වෙලා තියෙනවා.. එහිදී ව්‍යාජ ඉමි අංක සහිත දුරකතන මිලියන 25 ක් ඇති බව ඉන්දියාවෙන් වාර්තා වෙනවා..මුම්බායි ප්‍රහාරයේ සැකකරුවන් ඉමි අංක රහිත දුරකත සන්නිවේදන කටයුතු සඳහා යොදාගෙන තිබ්බා. මේ හේතුව නිසා එම රටේ ඉමි අංක නොමැති දුරකතන භාවිතය තහනම් කරලයි තියෙන්නේ..
දැන් තේරෙනවා නේද.. ඔබගේ ජංගම දුරකතනයේ ඉමි අංකය කොච්චර වැදගත් වෙනවද කියලා.. ඔබගේ ඉමි අංකය ඉහත ක්‍රමයෙන් පරික්ෂා කර බලන්න. චයිනීස් සමහර දුරකතන වල මෙසේ වීමට ඇති ඉඩකඩ වැඩි බවයි මට තේරෙන්නේ. ඔයාලගේ ඉමි අංකය සොයා ගෙන සුරක්ෂිතව තබ ගන්න.
සදා ජය........
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.