Ads 468x60px

home

Sunday 13 April 2014

263.දෝෂ සහිත ටොයොටා වාහන ලංකාවේත්. සියල්ල නැවත සමාගම වෙත කැඳවේ !


දෝෂ සහිත ටොයොටා වාහන ලංකාවේත්. සියල්ල නැවත සමාගම වෙත කැඳවේ !



ලොව පුරා මෝටර් රථ මිලියන 6.4ක් ආපසු ගෙන්වා ගැනීමට ටොයෝටා සමාගම පියවර ගෙන තිබේ. ඒ, අදාළ මෝටර් රථවල පවතින නිෂ්පාදන දෝෂ 5ක් හේතුවෙනි.

එම දෝෂ මෙසේ ය.

1. රියැදුරු අසුන ඉදිරිපිට airbag එකෙහි පවතින දෝෂ
2. ආසනවල දෝෂ (seat rails)
3. සුක්කානමේ දෝෂ (steering columns)
4. ඉදිරිපස වීදුරු පිසිනයන්ගේ දෝෂ (windscreen wipers)
5. එන්ජිමේ දෝෂ (engine starters that poses a fire risk)

මෙම දෝෂ හේතුවෙන් කිසිදු මෝටර් රථයක් අනතුරට ලක්ව නැතැයි එම සමාගම පවසයි. කෙසේ වෙතත්, එන්ජිම පණ ගැන්වීමේදී ගිනි ගත් අවස්ථා දෙකක් වාර්තා වී ඇතැයි ටොයෝටා සමාගම පවසා ඇත. වාර්තා වන ආකාරයට මෙම මෝටර් රථ වලින් 35,124 ක් එංගලන්තයට විකුණා ඇත. මීට ප්‍රථම පසුගිය පෙබරවාරි මාසයේදී ද ටොයොටා Prius හයිබ්‍රීඩ් රථ මිලියන 1.9 ක් නැවතත් සමාගම වෙත ගෙන්වා ගැනීමට ටොයොටා තීරණය කළේ එම වාහන හදිසියේ මන්දගාමී වීමට (වේගය අඩුවීමට) හේතුවන මෘදුකාංග ප්‍රශ්නයක් විසඳීම සඳහායි.

මෙලෙස දෝෂ සහිත වාහන අතර ලංකාවට විකුණූ වාහනද තිබිය හැකි බවත්, යම් හෙයකින් ලංකාව තුල ඇති වාහානයක මෙම දෝෂ ඇති බව වාර්ථා වූවොත් එම දෝෂ ලංකාව තුලදීම නිරාකරණය කර ගත හැකි බව ත් ටොයොටා සමාගම පවසයි.
සදා ජය​........



ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-