Ads 468x60px

home

Monday, 30 June 2014

416.torrent ගැන මුලසිට =1

torrent ගැන මුලසිට =1 




මුලින්ම කියන්න තියෙන්නේ ටොරන්ට්ස් කියන්නේ මොකක්ද කියන එක..........ටොරන්ට්ස් කියන්නේ චිත්‍රපට,,,,,,මෘදුකාන්ග,,,,,,,රූපවාහිනී වැඩසටහන්,,,,,,ගීත වැනි ගොඩාක් දේවල් ඉක්මනින් භාගන්න පුලුවන් ක්‍රමයක්.........අපි සාමාන්‍යයෙන් යමක් භාගත කර ගැනීමක් කර ගන්නේ FTP හෝ HTTP තාක්ෂනයෙන්නේ.........ඒ ක්‍රමේට භාගත කිරීම් කරන කොට ඒවායේ වේගය අඩු වීමට පුලුවන්..........ඒකට හේතුව තමයි අදාල සර්වරය කාර්යබහුල වීම........නමුත් ටොරන්ට්ස් වල භාවිතා වන තාක්ෂනය ඊට වඩා වෙනස් එකක්........ඒ කිව්වේ මේකේ භාවිතා වෙන්නේ පියර්-ටු-පියර් කියන ක්‍රමය..........

මේකෙන් වෙන්නේ මොකක්ද කියල ටිකක් කියල දෙන්නම්........අපිට යම් දෙයක් ඩව්න්ලෝඩ් කිරීමට අවශ්‍ය වූ විට එය විශේෂිත ෆයිල් ෂෙයාරින්ග් මෘදුකාන්ගයක් (Bit torrent,,,,,,µtorrent) හරහා ලබා දිය යුතුය.........එම ෆයිල් ශෙයාරින්ග් මෘදුකාන්ගය මහින් අප විසින් භාගත කල යුතුයි ඉල්ලූ දෙය ඇති වෙනත් පරිඝනක දැනට අන්තර්ජාලයට සම්බන්දව පවතී දැයි සොයා බලයි........ඉන් පසු එවැනි පරිඝනක මගින් අදාල දෙය භාගත කර දෙයි..........ඉන්පසු ඩව්න්ලෝඩ් වී අවසන් වූ පසු එම ෆයිල් ශෙයාරින්ග් මෘදුකාන්ගයෙන් අප ඉවත් නොවී සිටින තාක් කල් අප භාගත කර ෆයිල් එක තවත් ඉල්ලන අයට දීමට හැකියාව පවතී.......ඔබ මේ ආකාරයට ෆයිල් ශෙයාරින්ග් මෘදුකාන්ගයෙන් ඉවත් නොවන එක ඩව්න්ලෝඩ් වීම වේගවත් වීමට හේතුවක් වේ.ෆයිල් ශෙයාරින්ට් සොෆ්ට්වෙයාර් එකට ටොරන්ට් ක්ලයන්ට් කියල කියනව ......



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




 
-