Folder EXE වයිරස් එක ආසාදිත Pen එකක දත්ත ටික බේරා ගැනීම.
ගොඩක් ප්‍රසිද්ධ වයිරස් එකක් තමයි Folder EXE කියන Virus එක. මේක ගොඩක්ම තියෙන්නෙ Pen Drives වල. අපි Pen එක Computer එකට ගැහුවම එකේ තිබ්බ Files ටික පේන්නෙ නැතුව Shortcuts ටිකක් විතරක් පෙන්නනවා. ඔය දාල තියෙන Pic එකේ වගේ.
මේ Shortcut Click කරත් ඔයාලගෙ Pen එකේ තිබ්බ Folders Open වෙන්නෙ නෑ. Click කරාම වෙන්නෙ වයිරස් එක තව තවත් පැතිරෙන එක විතරයි.
මේ වයිරස් එකෙන් කරන්නෙ ඔයාගෙ Pen එකේ තිබුන Folder වල නමින් EXE Files ටිකක් හදනවා. මේ Files වයිරස් ආසාදිත ඒවා. ඒවා Click උනාම මේ වයිරස් එක පැතිරෙන එක තමා වෙන්නෙ. ඒ වගේ ම ඔයාලගෙ Folder වල නම් වලින්ම Shortcuts ටිකක් හදනවා. මේ Shortcut Click කරාම වෙන්නෙ අර වයිරස් අසාදිත Files ටික Run වෙන එකයි. ඊට පස්සෙ අර ඔයාගෙ Original Folders ටික පේන්නෙ නැති කරනවා(Hidden කරනවා) .
එතකොට ඔයා Pen එක Computer එකට ගහල Open කරාම පේන්නෙ එක්කො අර Shortcuts ටික. එහෙම නැත්නම් ඔයාගෙ Folders වල නමින් හදපු EXE ටික. මේ දෙකෙන් මොකක් Click කරත් වෙන්නෙ Virus එක පැතිරෙන එක.
ඉතින් මේ වයිරස් එකෙන් ඔයාගෙ Pen එකේ තිබුන Folders ටික බේරගන්න කරන්න තියෙන්නෙ ඒ Hide කරපු Folders ටික Unhide කරන එක. එහෙම නැත්නම් ඒ ටික බලාගන්න ක්‍රමයක් හොයා ගන්න එක.
හැබැයි ඉතින් මේ විදියට Hide කරන්න පුලුවන් windows වල විතරයි . ඒක නිස මේ Pen එක Linux වල, Ubuntu වගේ එකකට ගැහුවම ඔයාගෙ Folders ටික කිසිම වෙනසක් නැතිව පෙන්නනවා. ඒකෙන් ඔයාට අනවශ්‍ය shortcuts ටික මකල දාල වයිරස් ටිකත් මකල වයිරස් එකෙන් බේරෙන්න පුලුවන්. නමුත් මම දැන් කියන්න යන්නෙ Windows වල ඉදන්ම වැඩේ ගොඩ දාගන්න විදිය.
සාමන්‍යයෙන් Windows Computer එකක Folders හා Files Hide කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සාමන්‍ය විදියට Properties වලින් ගිහින් Hide this කියන එකට Tik එකක් දාල Hide කරන එක. තව ක්‍රමයක් තියෙනවා Hide Protected Operating System Files කියලා. මේ ක්‍රමේට තමයි Operating System එක Protected Files Hide කරලා තියෙන්නේ. ඒ වගේම මේ වයිරස් එක ඔයාගෙ Folders ටික Hide කරලා තියෙන්නෙත්. මේ විදියට Hide කරපු Folders බලාගන්න පුලුවන් අපිට මේ කියන Hide Protected Operating System Files එක Disable කරාම. ඒකට
______________________________________________________
Windows 7 නම්
Pen එක Open කරලා උඩම තියෙන
Organize-> Folder And Search Options

______________________________________________________
Windows XP නම්
Pen එක Open කරලා උඩම තියෙන
Tools->Folders Options

-> View Tab

ඒ වගේම Hide extensions for known file types-ON එකත් untik කරන්න.
ඊට පස්සෙ Apply කරලා OK කරන්න. දැන් ඔයාට ඔයාගෙ Folders ටික Hide වෙලා තියෙනවා බලාගන්න පුලුවන් වෙයි. ඔය පහල දාල තියෙන එක වගේ.
Hide Extensions for known file types-ON කියන එකත් untik කරපු නිස .exe කියන virus ටිකත් බලාගන්න පුලුවන් වෙයි. හැබැයි දැන් Operating System එක Hide කරපු Protected Files ටිකත් ඔයාට පේනව සමහර තැන් වල. විශේශෙන්ම ඔයාගෙ C drive එකේ. ඒව ඔයා මොනවා හරි වෙනසක් කරොත් එහෙම වෙන්නේ ඔයාට ආපහු computer එක On කරගන්නත් බැරි වෙන එක. ඒක නිස Pen එකේ ඇරෙන්න වෙන කිසිම තැනක තියෙන Folder , File එකකට මොකුත් නොකරන්න වගබලාගන්න.
සමහර වෙලාවට මේ වයිරස් එක දරුණුවටම ආසාදිත වෙලා තිබුනොත් ඔයාට මේ විදියට Unhide කරන්න දෙන්නෙ නෑ. අර tik එක අයින් කරලා OK කරද්දි ආපහු tik එක වැටෙනවා. ඒකට කරන පිලියම අපි වෙන ලිපියකින් බලමු. එතකන් Folders ටික ගොඩ දාගන්න ක්‍රමයක් කියන්නම්. Shortcut වල තියෙන්නෙ ඔයාගෙ Folders වල නම මනෙ. ඉතින් ඔයා Window එක උඩ තියෙන බාර් එකේ එකේ නම ගැහුවම ඒ Folder එක Open කරගන්න පුලුවන්. එහෙම නැත්නම් පොඩි Software එකකින් පුලුවන් ඔයාගෙ Hide කරපු Folders ටික ආපහු unhide කරගන්න.
ඔය පහල තියෙන Link එකෙන් පුලුවන් මේ මෘදුකාංගය නොමිලේ ම Download කරගන්න.
මේ මෘදුකාංගයෙන් අපිට Folder එකක් Hide කරන්නත් පුලුවන්. Hide කරපු එකක් Unhide කරන්නත් පුලුවන්. ඉතින් ඕන නම් මේක Folder Hider එකක් විදියටත් Use කරන්න පුලුවන්.


Yes කියන එක දෙකෙන්ම තෝරන්න
Folders ටික ගොඩ දාගත්තට පස්සෙ අර Shortcuts ටිකයි EXE s ටිකයි මකල දාන්න. තව Autorun.inf කියල එකකුත් ඇති. ඒකෙන් තමයි Pen එක ගහපු ගමන් වයිරස් එක run වෙන්නෙ. ඒකත් මකල දාන්න. ඊට පස්සෙ ගොඩ. හැබැයි ඉතින් හොදම වැඩේ තමයි අවශ්‍ය Files & Folders ටික අරගෙන Pen එක Format කරලම දාන එක.
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.