icon
Leave a message

Ads 468x60px

home

Monday, 1 September 2014

575.Google සමාගමේ රහසිගත ව්‍යාපෘතියක තොරතුරු හෙළිවේ (වීඩියෝ සහිතයි)

Google සමාගමේ රහසිගත ව්‍යාපෘතියක තොරතුරු හෙළිවේ (වීඩියෝ සහිතයි)

Google සමාගමේ රහසිගත ව්‍යාපෘතියක තොරතුරු මේවන විට හෙළිවෙලා. Project Wing නමින් හඳුන්වන මේ ව්‍යාපෘතිය Drone යානා මඟින් භාණ්ඩ ප්‍රවාහණය කරන සේවාවක් සඳහායි.

මීට වසර දෙකකට පමණ ප්‍රථම ආරම්භ වූ මේ ව්‍යාපෘතියේ ප්‍රථම අත්හදා බැලීම පසුගිය දිනෙක ඕස්ට්‍රේලියාවේදී සිදු කෙරුනා. ඕස්ට්‍රේලියාව යනු මෙවැනි දුරස්ථ පාලක යානා සඳහා නීති රීති ලිහිල් රටකි.

මේ drone යානයට සාමාන්‍ය drone යානයකට වඩා ගුවන් යානයක පෙනුමකුයි ඇත්තේ. නියමිත ස්ථානයට ලඟාවූ පසු විශේෂ කේබලයක් මඟින් භාණ්ඩය පහලට වැටීමට සලස්වයි. භාණ්ඩය පොළවේ ස්පර්ශ වූ පසු කේබලය වෙන්ව නැවත drone යානය වෙතට යයි.

මීට ප්‍රථම මෙවැනි drone යානා මඟින් භාණ්ඩ හුවමාරුව සඳහා Amazon සමාගම ඇතුලු සමාගම් කිහිපයක්ම උත්සාහ දැරුවා. ඒ අනුව දවසක ඉහළ අහසේ වන drone යානා අනතුරු වුනත් දැකගන්නට පුළුවන් වෙන්නත් පුළුවන්.







ලිපියේ සම්පුර්න අයිතිය : විමුක්ති ලියනගේ මහතා සතුවේ


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-