Ads 468x60px

home

Tuesday 2 September 2014

579.SIM දාලා Call ගන්න පුළුවන් එකම අත් ඔරලෝසුව – Samsung Gear S

SIM දාලා Call ගන්න පුළුවන් එකම අත් ඔරලෝසුව – Samsung Gear S


Smart Watch වෙළඳපලේ ඉහළින්ම සිටින්නේ Samsung සමාගමයි. අද දින හඳුන්වාදෙන ලද නව Samsung Gear S ඔරලෝසුවත් සමඟ ඒ කාරණාව තවදුරටත් ඔප්පු වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ජංගම දුරකථනක් නොමැතිව වුවත් මේ ඔරලෝසුව භාවිත කරන්නට පුළුවන්. ඒ කියන්නේ ඔබට SMS, Notification ලබාගන්නටත් Calls ගන්නටත් කිසිදු ජංගම දුරකථනය අවශ්‍යතාවක් නැහැ.

 
වක්‍ර වූ අඟල් 2ක 360×480 resolution Super AMOLED තිරයත් මෙහි ඇති තවත් විශේෂත්වයක්. සරලවම කියනවා නම් Gear S කියන්නේ අතේ බඳින ජංගම දුරකථනයක්. මීට ප්‍රථම විවිධ සමාගම ගණනාවක් Smart අත් ඔරලෝසු නිකුත් කල නමුත් ඒවා ජංගම දුරකථනයක් සමඟ සම්බන්ධ කල යුතු වෙනවා. මීට අමතරව Bluetooth හා WiFi සම්බන්ධතාව ද මේ Gear S හි ඇතුලත්.

කුඩා 300mA බැටරියක් සහිත මේ අත් ඔරලෝසුවේ අභ්‍යන්තර මතකය 4GB වේ. තවද Dual Core 1.7 GHz ප්‍රොසෙසරයකින් හා 512MB Ram මතකයකින්ද IP67 දූවිලි හා ජල ප්‍රතිරෝධී පහසුකම් වලින්ද යුක්ත යි.


මීට පෙර නිකුත් වූ පැතලි තිරයට වඩා වෙනස් වක්‍ර තිරය නිසා වැලමිට වටේට එතුනු මේ අපූරූ ඔරලෝසුව ඔබේ අතට මනා පෙනුමක් ලැබෙන බවයි නිෂ්පාදකයින් පවසන්නේ. එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී වෙළඳපලට නිකුත් කිරීමට නියමිත Samsung Gear S හි මිල පිළිබඳවත් කිසිදු සඳහනක් නැහැ.



ලිපියේ සම්පුර්න අයිතිය : විමුක්ති ලියනගේ මහතා සතුවේ



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-