Ads 468x60px

home

Friday 12 September 2014

601.SLT broadband router එක තනිවම configure කරගනිමු 2


SLT broadband router එක තනිවම configure කරගනිමු 2


 ADSL Router එකක් නිවැරදිව configure කරගන්නෙ කොහොමද කියන එක සහ ඒ ආශ්‍රිත විවිධ ගැටළු දෙවැනි ලිපියයි මේ ඉදිරිපත් කරන්නේ.ඵලමු ලිපිය මෙතනින් බලන්න​

අන්තර්ජාල සැකසුම්

මේ සඳහා මුලින්ම අපි router එකට ලොග් වෙන්න ඕනෙ. කරන්න තියෙන්නෙ හරිම පහසු දෙයක් . ඔයාගෙ web browser එක open කරලා address bar එකේ 192.168.1.1 කියලා type කරලා enter key එක press කරන්න.






දැන් ඔයාට ලැබෙයි මෙන්න මේ වගේ පොඩි pop-up window එකක්




User name සහ Password කියන දෙකටම admin කියලා type කරලා “Log In” කියන button එක click කරන්න. (මේ password එකට log වුනේ නැත්නම් ඔයාගෙ router එකේ password එක වෙනස් කරලා. එහෙම උනොත් router එක reset කරන්න වෙනවා. ඒක කරන විදිහ post එකේ අන්තිමට දාන්නම්. පහලට ගිහින් බලන්න.)

මේ විදිහට  User name සහ Password ලබාදුන්නට පස්සෙ ඔයාලට router එකට log වෙන්න පුළුවන්. එහෙම log උනාම ඔයාලට මුලින්ම මෙන්න මේ වගේ page එකක් දැකගන්න ලැබෙයි. මේ දර්ශනය වෙන්නෙ ඔයාලගෙ router එකේ විවිධ තොරතුරු. නමුත් ඒ හැම එකක් ගැනම මේ ලිපියෙන් කතාකරන්න ගියොත් ලිපිය ගොඩක් දිග වෙන නිසා Internet settings configure කරගන්න විදිහ විතරක් කියන්නම්. මුලින්ම රූප සටහනේ පෙන්වලා තියන විදිහට Interface Setup කියන setting එක click කරන්න.



                                          
දැන් ඔයාලට මෙන්න මේ විදිහට Interface setup page එක දැකගන්න පුළුවන් වෙයි.




        
මුලින්ම page එකේ දෙවනියට තියන Status කියන සැකසුම Activated කියන option එක තෝරන්න ඕනෙ.

ඊට පස්සෙ කහ පාටින් පෙන්වලා තියන විදිහට Servicename කියන තැනට ඔයාලගෙ අන්තර්ජාල සේවා සපයන ආයතනයේ නම ලබාදෙන්න ඕනෙ. Sri Lanka Telecom භාවිතා කරනවනම් slt කියලා type කරන්න.

Username සහ Password කියන තැන් වලට SLT එකෙන් ඔයාලට ලබාදුන්න Username එක සහ Password එක ලබාදෙන්න ඕනෙ. ඒක මතක නැත්නම් 1212 අංකයෙන් SLT පාරිභෝගික සේවයට දුරකතන ඇමතුමක් අරන් දුරකතන අංකය කියලා ඒකට අදාල Username සහ Password ලබාගන්න පුළුවන්. ඒ ලබාගත්තු Username සහ Password එක ඉහත රූපසටහනේ දක්වලා තියන විදිහට අදාල කොටු වලට යොදන්න.

අනිත් settings තියන විදිහටම තියන්න. ඒවා වෙනස් කරන්න යන්න එපා. දැන් මේ page එක පහලටම scroll කරලා page එකේ පහළ තියන save button එක click කරන්න.

ඔයා ලබාදුන්නු Username එක සහ Password එක නිවැරදි නම් තත්පර කිහිපයක් ඇතුලත router එකේ ඉදිරිපස තියන Internet කියන LED එක කොළපාට වෙන්න ඕනෙ. (එහෙම උනේ නැත්නම් ආයෙත් 1212 අංකයෙන් SLT එකට කතා කරලා කියන්න. බොහෝ විට ඔයා ලබාදුන්නු Username සහ Password එකේ තමා වැරැද්ද තියෙන්න පුළුවන්.)



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-