Ads 468x60px

home

Tuesday 27 April 2021

Partitions වලට ලේසියෙම්ම Icon එකක් හා නමක් යොදමු.


Partitions වලට ලේසියෙම්ම Icon එකක් හා නමක් යොදමු.





අදත් පොඩි ට්‍රික්ස් එකක් කියල දෙන්න තමා යන්නේ. සාමාන්‍යයෙන් අපේ hard disk partions වලට ඒක default icon එකක් එනවනේ. මේක ඔයාලට දැකල එපා වෙලත් ඇති. Propertice වලින් මේක වෙනස් කරගන්න පුළුවන් උනත් සමහර වෙලාවට වැඩ නොකර යනවා. මම එකට ලේසි විදියක් කියලා දෙන්නම්.

ඉස්සෙල්ලම ඔයාලට මොකක් හරි partition එකට දාගන්න ඕනි icon ඒක (මේක .ico file එකක් වෙන්න ඕනි) (icon ගන්න මෙතනින්)ඒ partition ඒක ඇතුලට copy කරගන්න (partition එකේ folder එකක් ඇතුලට නෙවේ). දැන් Notepad එකේ මෙහෙම ගහ ගන්න.

[Autorun]
icon={ICON_NAME}.ico
label="{PARTITION_NAME}"

දැන් ඒක Autorun.inf file එකක් විදියට (රුපය බලන්න) ඔයාල අර icon ඒක තියන තැනම save කරගන්න.



දැන් ඕනි නම් Autorun file එකයි icon එකයි දෙකම Hide කරලා දාලා computer ඒක restart කරන්න.


මේ ක්‍රමයෙන් හැම partition එකකට වගේම flash drive එකකට උනත් නමක් icon එකක් දාගන්න පුළුවන්. දිග නමක් උනත් වැඩ කරනවා.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-