Ads 468x60px

home

Sunday 12 October 2014

637.සාර්ථක දවසක් වෙනුවෙන් උදෑසන කල හැකි දේවල් 5ක්... (5 THINGS YOU CAN DO TO MAKE YOUR DAY MORE SUCCESSFUL.)

සාර්ථක දවසක් වෙනුවෙන් උදෑසන කල හැකි දේවල් 5ක්... (5 THINGS YOU CAN DO TO MAKE YOUR DAY MORE SUCCESSFUL.)




01) හිරුට පෙර අවදිවන්න... (WAKE UP BEFORE SUN.)



ඔබ ඉර පෑයීමට පෙර එක් දිනක් අවදි වී බලන්න. වටපිටාව බොහෝ සුන්දරය. තවම බොහෝ දෙනෙක් අවදි වී නොමැත. ඔබට ඔබ අන් අයට වඩා විශේෂ බවත් ඔබ අන් අයට වඩා ඉදිරියෙන් බවත් දැනේවි. 

සාර්ථක උදෑසනක් සාර්ථක දවසක් ඔබට ප්‍රදානය කරනු ඇත.




02) විනාඩි 7ක් ව්‍යායාම කරන්න... (EXERCISE 7 MINUTES A DAY.)
ව්‍යායාම කිරීමට බොහෝ වේලා ගෙන ඔබේ දවසම වෙහෙසකර කර නොගෙන ඉතා සරල හා සැහැල්ලු ඔබට නිරන්තරයෙන් කළ හැකි ව්‍යායාම කිහිපයක් තෝරාගෙන සෑමදාම පුරුද්දක් ලෙස එම ව්‍යායාමය  කිරීම ආරම්භ කරන්න. 

වඩා සාර්ථක දවසක් උදෙසා ඔබගේ දවසින් විනාඩි 7ක් කැපකිරීමට පුරුදු වන්න.  


03) උදෑසන ආහාරය ඉතා වැදගත්... (BREAKFAST IS A MUST.)

හැකි සෑම විටම ස්වභාවික දෙයක් ආහාරයට ගැනීමට හුරුවන්න. නින්දෙන් පසු ඔබගේ සිරුරට ශක්තිය අවශ්‍යයි, එබැවින් පෝෂ්‍යදායී ආහාරයක් ගන්නා. සෑමදාම නිශ්චිත වේලාවකට අහාර ගැනීමට හුරුවෙන්න. උදෑසන ආහාරයට මස්, මාළු ගැනීමෙන් වලකින්න. පැහැදිලි මනසකින් යුක්තව අහාර ගන්න. 

කුස පිරෙන තරම් නොව, කුසට සැහැල්ලුවක් දැනෙන තරමට ආහාර ගෙන ශක්තිමත්ව දවසට මුහුණ දෙන්න.



04) විනාඩි 5ක් භාවනා කරන්න... (MEDITATE FOR FIVE MINUTES.)

දවසක් ඵලදායීව ගෙවීම හෝ දවස කිසිදු ඵලයක් නැතුව ගෙවා දැමීම සම්පූර්ණයෙන්ම් ඔබ සතුව පවතින කාර්යයකි. දවස සැලසුම් කිරීම තුලින් ඔබ සිතවාටත් වඩා ඵලදායී ලෙස ඔබේ දවස ගෙවීමට හැකි වනු ඇති. එනිසා විනාඩි 5ක් භාවනා කිරීම තුලින් ඔබේ දවස කෙසේ ගලායනවද යන වග තීරණය කිරීමට හා දිනය පුරාවට ඔබගේ හැගීම් පාලනය කර ගැනීමට ඔබට හැකිවේවී.

සාර්ථක දවසකට මූලාරම්භය වන්නේ ඔබගේ සිතිවිලිය. ශක්තිමත් සිතිවිලි ඉතා සාර්ථක දවසක් ඔබට ප්‍රදානය කරනු ඇති. 
  



05) දවසේ ඔබ කල යුතු යැයි සිතෙන දේවල් 3ක් තෝරගන්න...(SELECT THREE THINGS YOU SHOULD DO IN THE DAY.)

දවස ආරාම්භයේදීම ඔබ කල යුතු යැයි සිතෙන දේවල් තුනක් තෝරගෙන එය ඔබේ සටහන් පොතේ හෝ වෙනත් කොල කැබැල්ලක ලියා හෝ ඔබ ළඟම තියාගන්න. එය ඉටු කර ගැනීමට වෙහෙසෙන්න. දවස අවසානයේ ඔබ ආපසු හැරී බැලීමේදී ඔබ සිතූ කාර්යන් තුන ඔබට සාර්ථකව කර ගැනීමට හැකි වුනි නම් ඔබ සාර්ථක බව ඔබට දැනේවී. එය ඔබේ මානසික ශක්තිය සහ සිතේ ඇති තෘප්තිමත් බව වැඩි කරාවි.

දිනකට සාර්ථක වැඩ 3* මසකට දින 30= මසකට කෙරෙන සාර්ථක වැඩ ප්‍රමාණය 90.
වසරකට= 90*12=1080, ඔබේ සාර්ථකත්වය කවුරුන් නම් නවත්වන්නද.






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-