ඇඳුම් මැදිල්ල තමයි එපාවෙන වැඩේ

මෙය අන්තර්ජාලය ඇසුරෙන් උපුටාගැනිමක් වන අතර ලිපියේ රස්ඤතාවයට හානියක් නොකර ලිපිය ඉදිරිපත් කර ඇත.
දිනපතා අඳින ඇඳුම් ස්ත්‍රික්කයකින් මැදගැනීම, සමහර අයටනම් එපාම කරුපු වැඩක්. අද කාලයේ තිබෙන බොහොමයක් ඇඳුම්, මදින්නේ නැතිව අඳින්නත් පුළුවන්. නමුත් එවැනි ඇඳුම් අතරින්, පිරිමි අය අඳින කමිස සහ කලිසම් වලින් බොහොමයක්, නොමැද ඇන්දොත්, අවලස්සන පෙණුමක් එන බවත් රහසක් නෙවෙයි.



හොඳයි දැන් බහිමුකො මාතෘකාවට. හැබෑටම මොකද මේ ඇඳුම් මැදිල්ල මේ තරම් මහා පුරස්නයක් වෙලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් මහත්වරුනි, තමුන්නාන්සේලාගේ කම්මැලිකොමත් ටිකක් විතර (සමහරවිට හුඟක් විතර) බලපානවා ඔය ඇඳුම් මැදිල්ල මහා අවුලක් වීමට. හොඳයි ඔන්න අපි පටන්ගන්නයි යන්නේ ඇඳුම් මැදිල්ල. මොනවද සම්පූර්ණ කරගතයුතු ප්‍රධාන කරුණු. ප්‍රධානම කරුණ ඉතිං මදින්න ඇඳුම් තියෙන්නේ එපායැ. ඒ කෙහෙම්මල් නෙවෙයි ඇඳුම් නැත්නම් රෙද්දද මදින්නේ. අම්මපා රෙද්දත් මදිනවා නේන්නම්. හරි මෙන්න මේකයි රෙදි මැදීම සඳහා ඔබෙන් සමහර අය විවිධ ආකාරයේ මතුපිටවල් පාවිච්චි කරනවා. නමුත් නිර්දේශිත හොඳම ක්‍රමය තමයි රෙදි මැදීමේ මේසයක් Ironing Table පාවිච්චි කිරීම. ගන්නකොට නිකම් ගින්දර වගේ මේසයක් ගන්න ඈ.

ඉතිං ඔය කොහෙද බලන්නේ. මම කිව්වේ රෙදි මදින මේසය ගැන. හරියන්නෑ වැඩේ. මේ මේසේ අතෑරලා වෙන එකක් බලමු. ඇත්තටම මේ ඉහත රූපයේ තිබෙන ආකාරයේ රෙදි මදින මේස ඉතා අඩුමිලට ගන්න තියනවා. නමුත් එයින් බොහොමයක් කල්පැවතීම අතින් ඉතා දුර්වලයි. එමෙන්ම රෙදි මදිනවිට මේසය එහා මෙහා පැද්දෙනවානම් එය එතරම් සුදුසු නැහැ. දුර්වල යකඩ පයිප්ප රාමුවක් මත, යන්තම් අටවන ලද ලෑල්ලක් සහිත එවැනි මේස, කිසිදු වැදගැම්මක් නැහැ. මේ පහත තියන පින්තූරයේ තියනවා හොද මේසයක්. නමුත් ඇත්තම කියනවනම් සමහරු කරන්නේ ගෙදර ටයිල් පොලොව මත ඝන රෙද්දක් එලා ඒ මත තබාගෙන ඇඳුම් මැදීමයි. මෙහිදී අධික ලෙස උෂ්ණත්වය අපතේ යනවා. ඔබ සාමාන්‍ය මේසයක් මත තබා ඇඳුම් මදින්නේනම් මෙන්න මේ වැඩේ කර බලන්න. ඔබ දන්නවා නේද, ඇසුරුම් සඳහා ගන්න ඝන ඊයම් කොළ විශේෂයක් තිබෙනවා, එක පැත්තක් ඊයම් කොලය, අනික් පැත්ත දුඹුරු පාට තරමක් ඝන කඩදාසි. අන්න ඒ කොලයක් අරගෙන කඩදාසිය පැත්ත යටටත් ඊයම් කොලය පැත්ත උඩටත් සිටින සේ, එය මේසය මත එලා, ඉන්පසු තරමක් ඝන කපු රෙදි දෙකක් ඊයම් කොලය මත එලා, ඇඳුම් මැදීම කරන්න. එවිට උෂ්ණත්වය අපතේ යාම බොහෝ දුරට අවම වෙනවා. විදුලි බිල අඩුවෙනවා.

ඊළඟට සළකා බලන්න ඕනේ, ඔබ පාවිච්චි කරන ස්ත්‍රික්කය මොනවගේ එකක්ද කියන කරුණ.මම කලින් සඳහන් කළ ආකාරයට, අපි කුඩා කාලයේදී තිබුන ඝන කපු රෙදි බොහොමයක් ඉතා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙනවා. නමුත් වර්තමානයේදී කෘතීම කෙඳි මිශ්‍ර ඇඳුම් තමයි බහුලව තිබෙන්නේ. ඒ නිසා ඒ ඒ රෙද්දට අවශ්‍ය උෂ්ණත්වය කුමක්ද කියා සෑම නිමි ඇඳුමකම පාහේ සංකේතයකින් දක්වනවා. ඔබ බොහෝ දෙනෙක් එය දන්නවා. නැවත මතක් කිරීමක් ලෙස සඳහන් කරන්නම්. අපි බලමු සාමාන්‍යයෙන් සෑම ඇඳුමකම පාහේ තියන ලේබලයක්.

carelabelමේ ලේබලයේ උපදෙස් සියල්ල වචන වලින් විස්තර කර තිබෙනවාට අමතරව සංකේතත් යොදලා තිබෙනවා. නමුත් සමහර ඇඳුම් වල තිබෙන්නේ සංකේත පමණයි. මේ නිසා මා හිතුවා සංකේත පිලිබඳ සවිස්තර සටහනක් ඔබට දෙන්න. පින්තූරය වෙනම ගෙන බලන්න.
gar0800ස්ත්‍රික්කයේ උෂ්ණත්වය පිලිබඳ ඇති සංකේත වලින් කෙරෙන විස්තර ඇතුලත් පින්තූර දෙකක් මීළඟට පෙන්වන්නම්.

දැන් ඉතින් මේ ටික බලලා හාපෝ…………මේ මොන මගුලක්ද කියලා මේ පහල තියන පින්තූර වගේ වෙන්න එපා :D මේවා මහා විශාල සංකීර්ණ තොරතුරු නෙවෙයි.


හොඳයි. ඔන්න මෙතැන් සිට මම පින්තූර වලින්ම පියවරෙන් පියවර විස්තර කරනවා කොහොමද කමිසයක් සහ කලිසමක් මදින්නේ කියන එක. අපි මුලින්ම බලමු කොහොමද කමිසයක් මදින්නේ කියන එක. සමහරවිට ඔබ දීර්ඝ කාලයක් පුරුදුවී සිටින වෙනත් ක්‍රම ඇති. නමුත් මම කියන්නේ මම හමුදාවෙන් ඉගෙනගත් ක්‍රමයයි. මටනම් මේ ක්‍රමය හරි පහසුයි.






අපි ඉක්මනින්ම යමු නේද කලිසමක් මැදගන්න. උඩ කෑල්ල මැදලා යට කෑල්ල නොමැද අඳින්න බැහැනේ. එහෙම වුනොත් මෙන්න මෙහෙම කරගන්න තමයි වෙන්නේ

කලිසම මැදීමනම් කමිසය මැදීම තරම් සංකීර්ණ නැහැ. නමුත් කලිසමේ ඉදිරිපස තිබෙන ප්ලීට්ස් නිවැරදිව මැදගැනීමට නම් හොඳින් පැතලිව තබා ප්ලීට් එකේ නියමිත දිග පමණක් මැදිය යුතුයි. මෙන්න ඒ පිලිබඳ පින්තූර.





සදා ජය.....