නියපොතු වලින් කියන යම් රෝග ලක්ෂණ දැන ගනිමු.
ඇති වි තිබෙන බරපතල සෞඛ්‍යය ගැටළු පිලිබදව අනතුරු අගවා සිටිමේ සුවිශේෂි හැකියාවක් නියපොතු වලට තිබෙනවා. පළුදු සහිත නියපොතු, පැල්ලම් සහිත නියපොතු, අක්‍රමවත් බවකින් යුතු නියපොතු ඉතාමත් ඝනට පිහිටා ඇති නියපොතු සහා වර්ණයේ වෙනසක් ඇති නියපොතු මගින් පැවසෙන්නේ ඉතාමත් බරපතල අභ්‍යන්තර සෞඛ්‍යය ගැටළුවක් ඔබට ඇති බවයි.
(1) නියපොතු වර්ණය
ඔබගේ නියපොතු සුදු සහා රෝස වර්ණයෙන් යුක්තයි නම් එය සෞඛ්‍යය සම්පන්න තත්වයකි. වයසට පත්විමේ ලක්ෂණයක් වශයෙන් නියපොතු කළු වර්ණයෙන් යුත් අදුරු පැහැති ලප ඇති වෙන්නට පුළුයන් ඒවගේම. කළු පැහැති තිත්වලින් සමන්විත නියපොතු හර්දරෝග අවදානමක් පිලිබදව අනතුරු අගවාගෙන සිටිනවා වෙන්න පුළුවන්. රක්ත වර්ණ නියපොතු හදවත් ආසාදනයක් පිලිබදව පවසා සිටින සලකුනක් වෙන අතර කොළ පැහැති නියපොතු වලින් පැවසෙන්නේ ඔබට වැලදි ඇති බැක්ටිරියා ආසාදනයක් පිලිබදවයි.
(2) පළුදු සහිත නියපොතු
සෙරෝසියස් නැමැති චර්ම රෝගය නියපොතු වලින් ආරම්භ වෙන්නට ඉඩ තිබෙන බව හොදින් මතක තබා ගන්න. ඒ සඳහා සියයට 10ක පමණ අවස්තාවක් තිබෙනවා. විටමින් සි, ෆෝලික් ඇසිඩ් සහා ප්‍රෝටින් ඌනතාවය නිසාද ඔබේ නියපොතු වල පළුදු වි ඇති ස්භාවයක් හටගන්නට පුළුවන්.
(3) ඝන නියපොතු
නියපොතු ඝනට පිහිටා තිබිම ස්වාභාවික හෝ සමාන්‍ය තත්වයක් නම් නොවේ. ඔබේ නියපොතු ඉතාමත් ඝනව පිහිටා තිබෙනවානම් පෙනහළු ආශ්‍රිත යම් දෝෂයක් ඔබට තිබෙන්නට ඉඩ තිබෙනවා. ඒ වගේම ඔබේ ශරිරයේ රුධිර සංසරණය ක්‍රමවත්ව සිදුනොවිම නිසාද මෙවැනි තත්වයක් නියපොතු වල ඇතිවෙන්නට හැකියාව තිබෙනවා. රැළිගැසුණු ඝන නියපොතු විසින් යිස්ට් ආසාදන තත්වයක් ඔබට වැළදි ඇති බව පවසා සිටිනවා වෙන්නටද පුළුවන්.
(4) රැළිගැසුනු නියපොතු
මෙවැනි රැළිගැසුනු නියපොතු වලින් අගවා සිටින්නේ සෙරෝසියස් නැමැති චර්මරෝගය හෝ auto-immune රෝගි තත්වයක් ඔබට වැලදි තිබෙන බව වෙන්නට පුළුවන්. එවැනි රෝගි තත්වයක් හිසකෙස් වැටිම සඳහා හේතුවෙනවා.
(5) වකගැසි ඇති බොකුටු හැඩයේ නියපොතු
ඔබේ නියපොතු හැන්දක් මෙන් බොකුටු වි තියෙනවානම් ඉන් ඔබට ප්‍රකාශ කර සිටින්නේ යකඩ ඌනතාවයක් හෝ හදවත් දෝෂ්‍යක් වෙන්නට පුළුවන්.
මෙවැනි ආකාරයේ ලක්ෂණයන් ඔබේ නියපොතු වලින් දිස්වෙනවානම් කලබලයට පත් නොවි වෛද්‍යවරයෙකු හමු වි ඒ පිලිබදව පරික්ෂා කර බලන්න. මොකද අසාමාන්‍යය ස්වභාවයෙන් යුතු නියපොතු ඇති වි තිබෙන බරපතල රෝගි තත්වයන් පිලිබදව ප්‍රකාශ කරන සලකුණු විමට ඉඩ තිබෙනවා.
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට