Google 1 Gbps අන්තර්ජාල සේවය
ගූගල් සමාගම මින්පෙර හූස්ටන් නගරය ආශ්‍රිතව ආදර්ශ සේවාවක් ලෙසින් අන්තර්ජාල පහසුකම තම සේවාදායකයන්ට ලබා දුන්නේය. මෙම සේවාව වඩාත් පුළුල් කරමින් දැන් ටෙක්සාස් නගරය ආශ්‍රිතවද අන්තර්ජාල සේවාව ලබාදීම ආරම්භකර ඇත. මෙම සේවා ආකාර කිහිපයකින් ලබාදීම සිදු කරයි.
මින් පළමු වැන්න වන්නේ මූලික සැලසුමයි. මේ අනුව ජීවිත කාලයටම එකවර ගෙවනු ලබන ඩොලර් 300 ක මුදලින් දත්ත සීමා රහිත තත්පරයට මෙගාබිට් 5 ක භාගත වේගයක්ද තත්පරයට මෙගාබිට් 1 ක උඩුගත වේගයක්ද ලබාදේ. මාසික බිලපත් සහ වෙනත් කිසිම බිල්පතක් අයකිරීමක් නොමැත.
දෙවැනි සැලසුම අනුව ලබාදෙන වේගය තත්පරයට ගිගාබිට් එකකි. මෙහිද දත්ත සීමාවන් රහිත වේ. එමෙන්ම ගූගල් ක්ලවුඩ් ටෙරාබයිට් එකක දත්ත තැම්පත් කිරීමටද ඉඩකඩ ලබාදේ. මෙහි මාසික අයකිරීම ඩොලර් 70 කි. මෙහි සේවා සැපයුම සිදුකරන්නේ බයිබර් ඔප්ටික් කේබල ඔස්සේය.
තෙවැනි සැලසුම අනුව දෙවැනි සැලසුමෙහි සේවාවන්ට අමතරව රූපවාහිනී නාලිකා 150 ක් ලබාදෙන අතර පසුව බැලීම සදහා හෝ වෙනත් කාර්යක් සදහා එකවර රූපවාහිනී නාලික 8 ක් රෙකෝඩ් කිරීමටද අවස්ථාව ලබාදේ. මෙහි මාසික වාරිකය ඩොලර් 130 කි. මේවන විට මූලික සබධතා ලබාදීම බොහෝ දුරට සිදුවන අතර දෙවන තෙවන සබධතා ලබාදීම සිදු කරන්නේ නැත. 2015 වසර අවසන් වීමට පෙර ජාලය සම්පූර්ණ කිරීමට හැකිවනු ඇති බව Google සමාගම පවසයි.