icon
Leave a message

Ads 468x60px

home

Saturday, 6 December 2014

733.තේ කෝප්පයක් කොහොමද හරියටම හදන්නේ?


තේ කෝප්පයක් කොහොමද හරියටම හදන්නේ?


අපි ලංකිකයෝ තේ ගොඩක් බොනවා. හැබයි පුදුම දේ, අපිට වඩා තේ බොන රටවල් 53ක් තියනවා. ඒ ගොල්ලො අපිට වඩා තේ බිව්වත්, ගොඩක් දුරට ලංකික තේ තමයි බොනවා ඇත්තේ. ලෝකේ හතරවෙනි තේ එක්ස්පෝටර් අපි. ඉස්සල්ලාම ඉන්නේ චීනේ, ඉන්දියාව සහ කෙන්යා.

අපි තේ බොන්න පුරුදු වෙලා තියන විදි ගොඩක් තියනවා. හැබැයි තේ වල හරි රස ගන්න විදිහ විද්‍යාවක්. කොහොමද තේ කෝප්පයක් හදන හරිම විදිහ?


වතුර

වතුර උතුරනකොට රත් වෙලා වැඩී. 100°c වලට තේ දැම්මොත් රස එන කෑලි මැරිලා යනවා. ගොඩක් වෙලාවට 85°c විතර වතුර තමයි හරි යන්නේ.



තේ කොල.

තේ එන්නේ ‘කැමීලියා සෙනෙන්සිස්’ කියලා පැලයකින්. හරි වෙලාවට කඩපු දලු වලින් හදන තේ කොල තමයි හොඳම දේ. තේ බෑග්ස් වලට ගොඩක් වෙලාවට දාන්නේ ඉතුරු වෙලා තියන තේ දූවිලි. හොඳ තේ කොල පාවිච්චි කරලා තමයි ඇත්ත රස ගන්න පුලුවන්.




වෙලාව.

අපි ගොඩක්ම බොන්නේ ‘බ්ලැක් ටී’ නැත්නම් කලු තේ ජාතිය. සාමාන්‍ය ‘කලු’ ජාති තේ තත්පර 45ක් – විනාඩි 1ක් වතුරේ තියන්න ඕනි. කිරි දානවානම් විනාඩි 2ක් – 3ක් තියන්න ඕනී. මීට වඩා තිබ්බොත් රස හොඳ නැති වෙනවා.



තව කාරනා ටිකක්:

1. කිරි ඉස්සල්ල දාන්න එපා;

2. තේ බෑග් පාවිච්චි කරනවානම් බොනකොට කෝප්පේ ඇතුලේ බෑග් එක තියන්න එපා; සහ

3. තේ පෝච්චිය උනු වතුරෙන් හෝදලා වේලෙන්න තියන්න.

කොහොම උනත්, මොනවා කිව්වත්, ලංකික තේ ලෝකේ වටේම බොනවා. ඒක අපිට ආඩම්බරයක්!


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-