Ads 468x60px

home

Thursday 11 December 2014

745.Google Search එකෙන් දාන්න පුළුවන් තවත් වැදගත් වැඩ කෑලි මෙන්න.

Google Search එකෙන් දාන්න පුළුවන් තවත් වැදගත් වැඩ කෑලි මෙන්න.


 ඔයාලට මතක ඇතිනේ මම කලිනුත් ඔයාලට ලිපියක් අරගෙන අවා Google Search එකෙන් අපිට ලබන්න පුළුවන් විනෝදාත්මක ක්‍රියාකාරකම් කීපයක් ගැන? මම හිතනවා ඔයාලා ඒ ලිපිය කියවන්න ඇති කියලා,

හරි ඒ ලිපියේ තිබුනේ විනෝදාත්මක ක්‍රියාවන් ගැන. එත් මම අද ඔයාලට ගෙන්න බලාපොරොත්තු වෙන්නේ Google Search එකෙන් අපිට කරගන්න පුළුවන් වැදගත් වෙන කරුණු කීපයක් ගැන. අපි හැමදේටම වගේ සහය පතන්නේ මෙන්න මේ Google Search එකෙන් නමුත් බලන්න ඔබ මම මේ කියන කරුණු දන්නවාද කියල,

01 Normal Calculator එකක් විදියටත්, Tip Calculator එකක් විදියටත් use කරන්න පුළුවන්.



ඕනෑම ගණිත කර්මයක් Google Search හි යොදා Enter කල විට ( Calculator මගින් විසඳිය හැකි ) Search results හි පළමු අංගය ලෙස ඔබට Google Calculator දිස්වේ.

02 චිත්‍රපට තිරගත වීම ඇරඹෙන දවස්.




ඕනෑම චිත්‍රපටයක නමක් යොදා එහි අගට Release date යයි යොදා Enter කල විට ඔබට Search results හි පළමු අංගය ලෙස එම චිත්‍රපටය තිරගතවීම ඇරඹෙන දිනය නිශ්චිතවම දැනගත හැකිය. 

03 Google Timer එකක් විදියට use කරන්නත් පුළුවන්.



මා Search හි යොදා ඇති ආකාරයට SET TIMER FOR යොදා ඔබට අවශ්‍ය කාලය ලබා දුන් විට එහිදී Search results හි පළමු අංගය ලෙස ඔබට ඔබ සකස් කල කාලයට අනුව Timer එකක් ඔවුන් විසින් ලබා දේ.

04 ඔබේ ප්‍රියතම සංගීත කණ්ඩායමේ ගීත මොනවාද? බලමුද? 



මා Search හි යොදා ඇති ආකාරයට Songs by යොදා ඔබට අවශ්‍ය සංගීත කණ්ඩායම ලබා දුන් විට, ඔවුන්ගේ ගීත, ජනප්‍රියතාවය අනුව පෙළගස්වා ඔබ වෙත ලබා දෙයි.

05 ඕනෑම මුදල් වර්ගයක්, රුපියල් හෝ තවත් ඕනෑම මුදලක් බවට හරවා බැලීමට.



ඕනෑම මුදලක් එහි ඒකකය සමග යෙදු විට අප ජිවත් වන රට උදාහරණයක් වශයෙන් අපට නම් එම අගය රුපියල් වලින් කොපමණක් දැයි පළමුව පෙන්වයි. ඔබට එම අගයම රුපියල් වලින් ඔබ්බට ගොස් වෙන මුදල් ඒකකයක් තුලින් බැලීමට අවශ්‍ය නම් , තවද අප පළමුව යෙදු අගය වෙනත් මුදල් ඒකකයකින් යොදා බැලීමට වැනි ක්‍රියාකාරකම් කිරීමට, ඔබට ලබා දී ඇති ගලාහැලෙන මෙනු හා මුදලේ වටිනාකම ඇතුලත් කිරීමට ලබා දී ඇති Boxes භාවිතා කර ඔබට එම හරවා බැලීම සිදුකරගත හැකිය.

06 ඔබේ ප්‍රියතම ලේඛකයා ලියපු පොත් ගැන දැනගන්න.



ඔබ Google Search හි Books by යොදා ඔබට අවශ්‍ය ලේඛකයාගේ නම සඳහන් කර search කිරීම මගින් ඔහු හෝ ඇය විසින් රචිත පොත් Google වෙතින් දැනගත හැකිය.

07 ඉර උදාවෙන වෙලාව දැනගන්නත් පුළුවන්.



ඔබටත් ඔබගේ රටට හිරු උදාවන වෙලාව දැන ගැනීමට අවශ්‍යයි නම් Google search හි Sunrise යන්න යොදා කුමන රටටද යන්න යොදා Search කල විට එය Google මගින් නිසැකවම සොයා දෙයි.

08 ගුවන් යානා විස්තර දැනගන්නත් පුළුවන්.



ඔබට ගුවන් යානා සම්බන්ධව විස්තර ගෙදර සිටම දන ගැනීමට නම් Flight යොදා පසුව ගුවන් යානාවේ නිල කේතය සඳහන් කර එය කුමන රටකට අයත්  Airways හෝ Airbus එකක්ද යයි සඳහන් කිරීමෙන් ඔබට එය පිළිබඳව තොරතුරු දැකගත හැකිය. තවද විශ්ෂයෙන් කියන්න ඕනි එම ගුවන් යානාව කිසිඳු රටකට පියාසර නොකරන ගුවන් යානයක් නම් මෙය දිස් නොවේ.

09 විවිධ සමාගම් සොයාගත් උදවිය ගැන දැන ගැනීමට.



Google search හි සමාගමක් ආරම්භ කල මුල් පුටු අයත් වී තිබු Founder සොයා ගැනීමට Founder යන්න යොදා ඊට ඉදිරියෙන් අදාළ සමගම යොදා Search කල විට සමාගම ආරම්භ කල තැනැත්තා පිළිබඳව දැන කියා ගත හැකිය.

10 recursion



Recursion යන්නෙන් අදහස් වන්නේ නැවත නැවතත් යන්නයි. එම නිසා ඔබ Google search හි නැවත නැවතත් Recursion යන්න නිවැරදි අයුරින් යොදා Search කලද ඔබ අදහස් කලේ Recursion යැයි දැයි නැවත නැවතත් අහයි. කරලම බලන්නකෝ.

11 Anagram



Anagram (පද පෙරළිය) Search කරොත් Google ඔයාට ඒ අකුරු වෙනස් කරලා වෙන වචනයක් suggest කරාවි. කරලම බල්ලන්කෝ

12 Festivus



Festivus යන්න Google search කරලම බලන්නකෝ එතකොට ඔයාලට පැත්තකින් ඇලුමිනියම් බාර් එකක් Google එකේ අය දෙයි. කරලම බලන්නකෝ.

13 වචනයක තේරුම , ඉතිහාසය දැනගමු.



වචනයක ඉතිහාසය එය හැදුන හැටි එහි තේරුම යන සියල්ලම දැන ගන්න තියෙනවනම් කොච්චර හොඳද නේද? Google search එකෙන් ඔයාලට එක හොයාගන්න එක Simple. කරන්න තියෙන්නේ ඔයාට මම අර කලින් සඳහන් කරපු තොරතුරු දන ගන්න අවශ්‍ය වචනය යොදලා ඊට පස්සේ etymology යන්න යොදලා Search කරලා බලන්නකෝ.

14 කන්න කෑම ජාතියක් තෝරගන්න බැරිද?



කන්නේ මොනවද? මොනවද මගේ ලෙඩ රෝග තත්වයන් නිසා කන්න හොඳ සහ කන්න හොඳ නැත්තේ මොන ආහාරයේද පෝෂණය වැඩි කියන දේ, දෙයක් කන්න ගියහම බොහෝ දෙනෙක් දෙපාරක් හිතන දෙයක්. ඕවා ගිහින් අපි කාගෙන් කියල අහන්නද? ඉතින් Google අපිට එකටත් පිලියමක් යොදා දීලා තියනවා, ඔයාලට කෑම වර්ග දෙකක් සංසන්දනය කරලා හොඳ කෑම ජාතිය තෝරාගන්න පුළුවන්, එකට ඔයාගේ කෑම ජාති දෙක අතර මැද්දට Vs දාලා Search කරන්න හොඳම දේ තෝරාගෙන කන්න.

15 Google in 1998




ඔයාලත් කැමතිද 1998 දී Google Search එක පරිගණක වල දිස්වෙච්ච ආකාරය බලන්න? එහෙනම් කරන්න තියෙන්නේ Google in 1998 කියල යොදලා Search කරන්න විතරයි හරිම Simple ඔයාලත් කරලම බලන්නකෝ.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-