ඔබත් වෙළඳපොලෙන් ප්ලාස්ටික් ඇසුරුම් සහිත ආහාර ද්‍රව්ය මිලදී ගන්නා විට මේ ගැනත් සැළකිලිමත් වන්න !!
ඔබ වෙළදපොලෙන් පානිය ජල බෝතල් හෝ අනෙකුත් බීම වර්ග අඩංගු ප්ලාස්ටික් බෝතල් මිලදී ගැනීමෙදී ඒවායේ යට පැත්තේ ත්‍රිකෝණයක් තුළ අංකයක් සටහන් කර තිබෙනු දැක තිබේද!! එමෙන්ම මෙවැනි අංකයක් ඔබ මිළදී ගන්නා අනෙකුත් බොහෝ ප්ලාස්ටික් ඇසුරුම් වල අඩංගු වන බව ඔබ දන්නවාද?
මෙම අංක වලින් එම ඇසුරුම නිෂ්පාදනය කර ඇති ප්ලාස්ටික් වර්ගය නිරූපනය කරයි. මෙම අංකය ප්‍රතිචක්‍රීකරණ සංකේතය ලෙස හැදින්වෙන අතර එක් එක් ආහාර වර්ගය අනුව ඇසුරුම සදහා යොදාගන්නා ප්ලාස්ටික් වර්ගය වෙනස් වෙයි.
මෙම වර්ගය නැවත භාවිතයට සුදුසු නැති අතර වතුර බෝතල හා අනෙකුත් බොහොමයක් ප්ලාස්ටික් බෝතල සෑදීම සදහා යොදා ගනු ලබයි.
High Density Polyethylene
කිරි හා ඇතැම් බීම ඇසුරුම් කරන බෝතල සෑදීමට යොදා ගනී.
Polyvinyl Chloride
පයිප්ප නිෂ්පාදනයෙදීත්, ඇතැම් විට ආහාර ඇසුරුම් කිරීමටත් යොදා ගන්නා අතර ආහාර ඇසුරුම් සඳහා සුදුසු නැත.
Low Density Polyethylene
ආහාර ඇසුරුම් සෑදීමට යොදා ගනී.
Polypropylene
මේවායින් බෝතල් මූඩි සාදන අතර ආහාර ඇසුරුම් සෑදීමටද යොදා ගනී.
Polystyrene
එක් වරක් පමණක් භාවිතයට ගන්නා ආහාර ඇසුරුම් සැකසීමට යොදා ගනී.