Ads 468x60px

home

Thursday 22 January 2015

829.Computer Hardware පාඩම 15(Part 02)Expansion Cards

Computer Hardware පාඩම 15(Part 02)
Expansion Cards



Computer Hardware පාඩමපාඩම් මාලාවේ පහලොස් වැනි ලිපිය තමයි අද ඔයාලට දෙන්නේ මුල් ලිපි දාහතරම​  ඔයාලා කියවන්න ඇතිනේ 
Expansion Cards පිළිබඳ පාඩම අතරමැදින් නතර කළා කියා ඔබලාට මතක ඇතැයි හිතනවා. එහෙනම් අද පාඩමේ ඉතිරි කොටස.

Modem Card


PCI Modem Card
අද ජාල ගත වෙන අයගෙන් වැඩිම ප්‍රතිශතයක් ඒ සඳහා යොදාගන්නේ Broadband සබඳතා. මේ සඳහා Router එකක් හෝ Dongle එකක්. එහෙත් දැනට වසර කීපයක් අතීතයට ගිය විට ඒ සඳහා භාවිතා කලේ Modem. Modem යනු modulator-demodulator යන්න කෙටියෙන් භාවිතා කරනා ආකාරයයි. මෙහි භාවිතය වන්නේ analog telephone signal digital codes වලට හැරවීම හා digital codes නැවත analog telephone signal වලට හැරවීමයි. මේවා විවිධ දත්ත හුවමාරු වේගයන් යටතේ නිපදවූ අතර වාර්ථා මෑත කාලීනව බහුලව භාවිතා වූයේ 28.8kbps සිට 56 kbps දක්වා ඒවායි. මේවායේ මූලික භාවිතය වූයේ අන්තර්ජාල සම්බන්ධතා ලබා ගැනීම හා Facsimile (FAX) සඳහා යොදාගැනීමයි. තවමත් Modem මගින් අන්තර්ජාල සේවා ලබාගන්න ස්ථාන ඇත. FAX සඳහා නම් තවමත් භාවිතා කරයි. මීට අමතරව මේ සඳහාම භාවිතා කරනා External Modem ඇත. එහෙත් මෙහි ඒ පිළිබඳ කථා කරන්නට බලාපොරොත්තු නොවෙමි. (රූපය බලන්න)

Network Card
මුල් කාලයේ පරිගනක වල මේවා මවු පුවරුවේ නොවූ අතර පසු කාලීනව Integrated Network Card දක්නට ලැබුනි. නමුත් සමහර මවු පුවරු වල තවමත් දක්නට නැත. පරිගනකය ජාලයක් හා සම්බන්ධ කිරීමට Network card එකක් භාවිතා කරයි. මේ සාමාන්‍ය භාවිතයට ගන්නා PCI Network card එකකි.

PCI Network card 
සර්වර් පරිගනක සඳහා නෙට්වර්ක් ඉන්ටර්ෆේසස් කීපයක් අවශ්‍ය වේ. ඒ සඳහා වැඩි දත්ත සම්ප්‍රේශණ වේගයක් සහිත පෝර්ට් ගණන වැඩි කාඩ් භාවිතා කරයි. ඒ එවන් කාඩ් එකකි.


දැන් රැහැන් රහිත පරිගනක ජාල බහුලය. ලැප්ටොප්, නෙට්බුක් පරිගනක වල Integrated wireless network තිබුනද ඩෙස්ක්ටොප් පරිගනක වයර්ලස් ජාලයකට සම්බන්ධ කිරීමට පහත ආකාරයේ නෙට්වර්ක් කාර්ඩ් භාවිතා කරයි.



අද කාලයේ පරිගනක සෑම විටම අන්තර්ජාලය හා සම්බන්ධවී පවතියි. මේ නිසා මේවා බොහොමයක ජාලය හා සම්බන්ධ වන සම්බන්ධතාවය ඇති කරගන්නේ Network card එක හරහාය. මීට අමතරව Integrated card එක යම් හේතුවක් නිසා ක්‍රියා නොකරන පරිගනක සඳහා මෙවැනි Network card එකක් අමතරව සම්බන්ධ කිරීමෙන් නැවත ජාලයක් හා සම්බන්ධ වීමට හැකියාව ඇත.

TV/Radio Card
මෙය පරිගනකයට අත්‍යාවශ්‍ය අංගයක් නොවුනත් බොහෝ දෙනෙක් පරිගනක වල භාවිතා කල උපාංගයකි. රූපවාහිනා නාලිකා නැරඹීමට හා රේඩියෝ සඳහා සවන් දීමට මේවා භාවිතා විය. එහෙත් දැන් බොහෝවිට ඇත්තේ External Combo Box නමින් හැඳින්වෙන මොනිටරය හා කෙලින්ම සම්බන්ධ කළ හැකි බාහිරව භාවිතා කරන ඒවාය. 


Capture Card.
වීඩියෝ එඩිටින් සඳහා මේවා බහුලව භාවිතා කරයි. TV කාර්ඩ් වලද කැප්චර් කිරීමේ හැකියාව ඇතත් කැප්චර් කාඩ් වෙනම ඇත. මේවා වෘත්තීය වීඩියෝ එඩිට් කරන්නන් බොහෝවිට භාවිතා කරයි. මේ නවීන කැප්චර් කාඩ් එකකි.

තවත් මෙවැනි කාඩ් වර්ග ගණනාවක් ඇතත් ඒ සියල්ල සාකච්චා කිරීම ලිපිය අනවශ්‍ය ලෙස දිගු කිරීමකි. එනිසා Expansion Card පිළිබඳ සාකච්ඡාව මෙයින් අවසන් කරනවා. 



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
 
-