Ads 468x60px

home

Wednesday 28 January 2015

841.චොකලට් ගැන

චොකලට් ගැන


චොකලට් කන්න අපි හැමෝම ආසයි. කුඩා දරුවන්ගේ ඉඳලා වැඩිහියන් දක්වාම කිසිඳු වයස් බේදයකින් තොරව අපිට මේ කැමැත්ත දැකගන්න පුළුවන්. ඉතින් අපි මේ කන චොකලට් ගැන යමක් දැනගන්න ඕගොල්ලෝ කැමති ඇතිනේ. බලන්න මේ දේවල් ගැන ඔබ අහල තියනවද කියල.

1. ඔබ දන්නවද චොකලට් එකක සුවඳින් ඔබගේ මනසට විවේකි සුවයක් ගෙනදෙන තරංග ඇති කර මානසික සුවයක් ගෙනදෙන බව.



2. ඇත්තටම බැලුවොත් ඔබ කන්න ආස කරන WHITE CHOCOLATE නැත්තම් සුදුපාට චොකලට් හරියටම බැලුවොත් චොකලට් විදියට සලකන්න බැරි බව ඔබ දන්නවද? ඒකට හේතුව තමයි එහි කොකෝවා (COCOA) අන්තර්ගත නොවීම.



3. චොකලට් රාත්තලක් හදන්න සාමාන්‍යයෙන් කොකෝවා ඇට 400ක් පමණ අවශ්‍ය වෙනවා.



4. 1941 දී M&MS චෝකලට් නිෂ්පාදනය කෙරුණේ යුධ සෙබළුන්ට දියනොවූ චොකලට් එකක රස බැලීමටයි.



5. සෑම තප්පරයකම ඇමෙරිකාව තුල පරිභෝජනය වන චොකලට් ප්‍රමාණය රාත්තල් 100කි.



6. ලෝකයේ මෙතෙක් සාදා ඇති විශාලම චොකලට් SLAB එක බරින් කිලෝග්‍රෑම් 5792ක් විය. රාත්තල් වලින් බැලුවොත් 12,770ක්. හිතාගන්න පුලුවන්ද SIZE එක.



7. සමහර රටවල චොකලට් තැවරු අලපෙති මිලදී ගන්න පුළුවන්.



8. DARK CHOCOLATE ඒ කියන්නේ ටිකක් තද දුඹුරු නැත්තම් කළු පැහැයට හුරු චොකලට් දිනපතා ආහාරයට ගන්නවානම් හදවත් රෝග ඇතිවීමේ අවධානම 1/3කින් අඩු කරගන්න පුළුවන්.



9. මේක අහල ඕනවට වඩා චොකලට් කන්න යන්න එපා මොකද සිරාවට තියන දත් ටිකට බැරි වෙලාහරි මොකක් හරි උනොත් එහෙම. චොකලට් වල බැක්ටීරියා නාශක ගුණයක් තියන හින්ද එමගින් දත් දිරායාම අඩු කරනවලු. හැම වර්ගයටම මෙය නොහැකිවුවත් DARK CHOCOLATE මෙම ලක්ෂණය පෙන්වයි.



10. 2013 දී බෙල්ජියම විසින් චෝකලට් රසැති මුද්දරයක් නිකුත් කරලා තියනවා. හැබැයි ඉතා සීමාසහිත ප්‍රමාණයක් තමයි නිකුත් කරලා තියෙන්නේ. මොකද මේක විශේෂ මුද්දරයක් නිසා.



11. රාත්තල් 22ක චොකලට් ප්‍රමාණයක් මිනිස් ශරීරයට ඉතා අහිතකර මාත්‍රාවක්. මැරෙන්න වුනත් පුළුවන්ලු.



12. සාමාන්‍ය චොකලට් ස්ලැබ් එකක කෘමි සත්ව කොටස් 8ක් පමණ තියනවා. කන්න ගියාම ඕව මතක් වෙනවද නේද.



13. අපි චොකලට් කන්න ආස වුනත් ගෙදර ඉන්න බල්ලන්ට පුසන්ට නම් වැරදිලාවත් චොකලට් දෙන්න යන්න එපා.ඒ මොකද කියනවනං එහි අඩංගු THEOBROMINE නම් රසායනික සංයෝගය ඔවුනට විෂ සහිත නිසා.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
 
-