Ads 468x60px

home

Monday 2 March 2015

898.කවුරුත් බලාපොරොත්තුවෙන් සිටි Samsung Galaxy s6 එළි දක්වයි

කවුරුත් බලාපොරොත්තුවෙන් සිටි Samsung Galaxy s6 එළි දක්වයි

Image result for Samsung Galaxy s6


සෑම වසරකම Samsung සමාගම විසින් Samsung Galaxy S ඛාණ්ඩයේ, ස්මාට් ජංගම දුරකථනයක් වෙලඳ පොළට නිකුත් කරනු ලබනවා. 2014 වසරේ දී එය Samsung Galaxy S5 ලෙසින්   නිකුත් කරනු ලැබුවා. 2015 වසරේදී එය Samsung Galaxy S6 ලෙසින් අද දිනයේ  බාර්සිලෝනා හිදී පවත්වනු ලබන ජංගම දුරකථන ලෝක සමුලුවේ වෙළඳ ප්‍රදර්ශණයේදී (Mobile World Congress) එළිදක්වනු ලබුවා. Samsung Galaxy S6 සමගින් Samsung Galaxy S6 edge දුරකථනයද එලි දක්වා තිබේ. එම දුරකතනයේ Note Edge දුරකතනයට සමාන ආකාරයෙන් දුරකතනයේ නැවුණු Display එකක් දැකගත හැකිවේ. S6 දුරකථනයේ විශේෂත්වය වන්නේ පෙර දුරකතනයේ තිබූ ලාභදායි පෙනුමට වඩා ඉහල නිමාවක් ලබාදීමයි. ඉදිරිපස මෙන්ම පිටුපසටද Gorilla corning Glass යොදා ඇති අතර දුරකථනය වටේ Metal Frame එකක් යොදා තිබේ. මෙමගින් ඇපල් අයි ෆෝන් වලට තරඟයක් දිය හැකි ආකාරයේ නිමාවක් Samsung s6 දුරකථනයට එක්වී තිබේ. 

මෙම ජංගම දුරකතනයේ විශේෂතා පහත වේ


  • 20MP ඉදිරිපස හා 5MP පිටුපස කැමරාව. (UHD Video Record)
  • S6 new fingerprint sensor
  • 1600 x 2560 4k Display & 554ppi density
  • Android Lollipop OS
  • 32, 64 හා 128GB ලෙස මාදිලි 3 කින් නිකුත් වීමට නියමිතයි.
  • 3GB RAM
  • Card Slot Upto 128GB
  • 4G LTE
  • Nano Sim
  • 5.2 inch Display
  • Water resistant up to 1 meter and 30 minutes
  •  

එකතුකර ඇති අලුත් අංග

  • Micro Sim වෙනුවට Nano Sim
  • 2GB RAM වෙනුවට 3GB RAM
  • Display Resolution එක වැඩිකිරීම සහ ppi වැඩිකිරීම. (432 සිට 554 දක්වා)
  • Corning Gorilla Glass 3 සිට 4 දක්වා. (මෙමගින් Display එකෙහි සිරීම් ඇතිවීම තවදුරටත් අඩුවේ)
  • 16MP Camera සිට 20MP Front camera හා 2MP සිට 5MP දක්වා පිටුපස කැමරාව.















දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
 
-