Ads 468x60px

home

Friday 13 March 2015

911.අඟහරු මත ජනාවාස කිරීමේ Mars One ව්‍යාපෘතියට සහභාගිවන අවසන් 100 තෝරා ගැනේ.

අඟහරු මත ජනාවාස කිරීමේ Mars One ව්‍යාපෘතියට සහභාගිවන අවසන් 100 තෝරා ගැනේ.
Image result for The Mars 100 - Mars One Astronaut Selection Round Three
මෙම මෙහෙයුම සඳහා මිලියන කාලක් තරම් ඉතා විශාල පිරිසක් ඉල්ලුම් කර තිබෙන අතර වසර දෙකකට පසු අඟහරු ග්‍රහයා මත සදහටම ජීවත් වීමට ලැබෙන එම බලාපොරොත්තු සහගත අහස් ගවේෂකයන් 100 දෙනාගේ නම් ප්‍රසිද්ධියට පත් කොට තිබේ.

කලක පටන් දන්නා පරිදි පෘථිවිය මත මිනිසුන් සඳහා ජීවත් වීමට අවශ්‍ය ඉඩ ප්‍රමාණය සහ අනෙකුත් සම්පත් ප්‍රමාණය සීග්‍ර ජනගහන වර්ධනයත් සමඟ ක්ෂය වෙමින් පවතී. මේ සඳහා විවිධ පිළියම් ඉදිරිපත් කර ඇති අතර පාවෙන නගර ඉදිකිරීම ඉන් එකකි. නමුත් මේ සියල්ල අතර වඩා ජනප්‍රිය අදහස වන්නේ අඟහරු ග්‍රහයා වෙත පියාසර කිරීමයි.

බැලු බැල්මට මෙය විහිළුවක් සේ යමෙකුට පෙනුනත් මේ සියවස මැදදී මෙය කලහැකි දෙයක් බව විශ්වාස කරන පිරිසකුත් සිටි. ඒ අතර මීළඟ දශකය තුල රතු ග්‍රහයා වෙත මිනිසුන් ගෙනයාමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කර අවසානය. මෙය Mars One ලෙස හැඳින්වේ. මේ සඳහා අඟහරු ග්‍රහයා මත ජීවත් වීමට සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ක්‍රමයෙන් සිදු කෙරෙමින් පවතී.

2013 වසරේදී මේ ව්‍යාපෘතිය සඳහා අයදුම්පත් බාරගැනුණු අතර මේ සඳහා අපේක්ෂා සහගත අභ්‍යවකාශගාමින් 202,000 පමණ අයදුම් කර තිබුනේ මෙම සිහිනය යථාර්තයක් බවට පත් කරගැනීමට උපකාර වන අදහසිනි. මෙම ප්‍රමාණය පළමු වටයෙන් 1000කට අඩු කෙරුණු අතර පසුව 660කට අඩු කරන ලදී. ඉන් පසුව අන්තර්ජාලය ඔස්සේ පැවතී සම්මුඛ පරීක්ෂණය අවසානයේ මේ ප්‍රමාණය 100ක් දක්වා අඩු කර තිබේ.

තෙවන වටයෙන් තේරී පත් වුනු 100 දෙනාගේ කණ්ඩායමට කාන්තාවන් 50ක් සහ පිරිමි 50ක් ඇතුලත් වේ. මොවුන් වයස අවුරුදු 19 සිට 60 දක්වා වයස් පරතරයකට ඇතුලත් වේ. ඇමෙරිකානු ජාතිකයන් 39ක්, යුරෝපිකයන් 31ක්, ආසියානුවන් 16ක්, අප්‍රිකානුවන් 7ක් සහ ඕස්ට්‍රේලියන් ජාතිකයන් 7දෙනෙක් මේ කණ්ඩායමට ඇතුලත් වේ.

මෙම වාසනාවන්ත 100 දෙනා වෙන වෙනම තම හැකියාවන් හා සුදුසුකම් ඉදිරිපත් කර ඇති මුත් දැන් ඔවුන්ට පැවරී ඇත්තේ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ හැකියාව පෙන්වීමටයි. එම නිසා 4වන වටයේ අභියෝගය වන්නේ කණ්ඩායම් අභියෝගයක්. අඟහරු ග්‍රහයා මත මුහුණ දීමට සිදුවන විවිධ අභියෝග වලට මුහුණ දෙන ආකාරය පුහුණු කිරීම මෙහි අපේක්ෂාවයි. මෙහි අවසන් කණ්ඩායම Mars One හි සේවය කරන අජටාකාශගාමින් 24දෙනෙකුගෙන් සමන්විතයි. ඔවුන් 2025 වසර වන විට අඟහරු මත ජනාවාස ඇති කිරීමට දායක වෙයි.

අඟහරු වෙත ගමන මාස 7ක් ගන්න දීර්ග ගමනක් වන අතර මෙම චාරිකාවට පෙර සන්නිවේදන චන්ද්‍රිකා මගින් මිනිසුන් ජීවත් වන සහ කටයුතු කරන ප්‍රදේශ තීරණය කරනු ඇත.

ඔයාටත් හිතෙනවානම් අපිටත් යන්න තිබ්බනං හොඳයි කියලා දුක් වෙන්න එපා. නුදුරු අනාගතයේ දී ආයිත් පාරක් අයදුම්පත් කැදවයි ! එතකන් බලන් ඉන්න.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
 
-