Ads 468x60px

home

Friday 20 March 2015

920.බිහිරි පුද්ගලයන්ට තමන්ගේ දිවෙන් විවිධ ශබ්ද ඇසිය හැකි ආකාරයේ උපකරණයක්

බිහිරි පුද්ගලයන්ට තමන්ගේ දිවෙන් විවිධ ශබ්ද ඇසිය හැකි ආකාරයේ උපකරණයක්

Image result for Tongue Mapping Research at Colorado State University

කොලරාඩෝ සරසවියේ පර්යේෂකයන් පිරිසක් මිනිස් දිවවල් ඇසුරෙන් මේ දින වල පර්යේෂණ කටයුතු වල යෙදී සිටින්නේ ඔවුන් දැනට නිර්මාණය කරමින් පවතින උපකරණයෙන් මිනිස් දිවට විවිධ ශබ්ද හඳුනාගත හැකි ආකාරය පුහුණු කිරීම පිළිබඳවයි. මෙමගින් බිහිරි පුද්ගලයන් හට නව ප්‍රතිකර්ම ලබා දීමේ ක්‍රම බිහිවේ. වර්තමානයේ බිහිරි පුද්ගලයන් සඳහා වන එකම විසඳුම කර්ණ ශංඛය (cochlea) බද්ද කිරීම පමණයි. මෙවැනි උපකරණ මිලෙන් $100,000(රුපියල් 10,000,000+) ක් තරම් අධික වන අතරම ශල්‍යකර්මයකටද භාජනය වීමට සිදු වේ.

මේ සෑම දෙකටම විසඳුමක් ඉදිරිපත් කිරීමට කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ගේ උත්සාහයයි. මෙමගින්ද වර්තමානයේ පවතින ශල්‍යකර්මයට සමාන විසඳුමක් ලබා ගත හැකි බව ඔවුන්ගේ මතයයි. ඇසීම යථාතත්වයට පත් නොකෙරුනද, මොවුන්ගේ මෙම උපකරණය මගින් ශබ්ද තරංග , විවිධ රටා වල කම්පන තරංග වලට හරවා ඒවා දිවට දැනීමට සලස්වනවා. එමගින් ඔවුනට යම්කිසි ශබ්දයක් හෝ වචනයක් හදුනාගැනීමට ඉඩ සැලසෙනවා. මෙම උපකරණය Bluetooth සහිත කන් ඇබයකට සම්බන්ධ කර ඇති අතර එමගින් විවිධ ශබ්ධ තරංග ප්‍රොසෙසරයක් වෙත යවා යම් කිසි වචනයකට අදාළ කම්පන තරඟයක් නිපදවෙනවා. මෙම තරංගය අපේ කටේ සවිකර ඇති උපකරණ කොටසට සම්ප්‍රේෂණය වනවා. එම උපකරණය භාවිත කරන පුද්ගලයාගේ දිව මෙම උපකරණය තෙරපන විට කුඩා ඉලෙක්ට්‍රෝඩ මගින් විවිධ රටා වල සංඥා දිවට දැනෙන අතර එමගින් දිවේ ඇති ස්නායු උද්දීපනය වී මොලය වෙත සංඥා රැගෙන යාමක් සිද්ධ කරයි.

මෙම ක්‍රමයට එක වරම හුරුවීම තරමක් අපහසු නමුත් මාස කිහිපයක් ඇතුලත මෙම ක්‍රමයට දිව හා මොළය හැඩගැසුණු පසු මේ ක්‍රමය ශ්‍රව්‍යාබාධිතයන්ට ඉතා හොඳ විසඳුමක් වන බවට අපේක්ෂා කෙරේ.

මෙම නව ක්‍රමය ලාබදායි ක්‍රමයක් වන නිසා බොහෝ දෙනෙකුට මෙමගින් සෙත සැලසෙනු ඇත.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
 
-